Watch Trailer

The Sweeney (2012) | බල ඇණිය [සිංහල උපසිරැසි සමඟ]

[box]ඔන්න යාළුවනේ සෑහෙන්න දවසකින් තවත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා.. මගේ 50 වෙනි චිත්‍රපටියට සුභපැතුම් එක් කරපු හැමෝටම ස්තූතිවන්ත වෙන ගමන් 51 වෙනි උපසිරැසිය ගේන්නෙත් සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටියකට කියලත් කියන්නම ඕන. වෙන චිත්‍රපටි වලට වඩා මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි දාන…

The Sweeney 2012ඔන්න යාළුවනේ සෑහෙන්න දවසකින් තවත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා.. මගේ 50 වෙනි චිත්‍රපටියට සුභපැතුම් එක් කරපු හැමෝටම ස්තූතිවන්ත වෙන ගමන් 51 වෙනි උපසිරැසිය ගේන්නෙත් සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටියකට කියලත් කියන්නම ඕන. වෙන චිත්‍රපටි වලට වඩා මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි දාන එක එක්තරා විදිහක අභියෝගයක් උනා. ඒකට හේතුව තමයි මේ චිත්‍රපටියේ ඉංග්‍රීසි ව්‍යවාහාරය අමුතුම ආකාරයේ එකක් වීම. ඒ කියන්නේ ඔය අපේ විශ්වවිද්‍යාල වල තියෙන අමුතු භාෂාව වගේ භාෂා විලාශයකින් තමයි මේ චිත්‍රපටියේ දෙබස් බොහෝමයක් තියෙන්නේ. අන්තර්ජාලයෙන් තේරුම හොය හොයා දාන්න උන නිසා හිතුවට වඩා කාලයක් ගත උනා මේ චිත්‍රපටියට උපසිරැසි දාලා ඉවර කරන්න. මේ චිත්‍රපටියේ අපි දන්න කියන නළු නිලියන් දෙතුන්දෙනෙක්ම ඉන්නවා. ඉස්සර අපි ආසාවෙන් බලපු රොබින් හුඩ් කතා මාලාවේ විල් ස්කාලට්ගෙ චරිතය රඟ පෑ Ray Winstone තමයි මේකෙ ප්‍රධාන චරිතය වන ජැක් රේගන්ගේ චරිතය රඟ දක්වන්නේ. ඒ වගේම Homeland රූපවාහිණී කතා මාලාවේ සාජන්ට් බ්‍රෝඩිගෙ චරිතය රඟ දක්වන Damian Lewis සහ Harry Brown (2009) චිත්‍රපටියේ රඟපෑ Ben Drew නැමති සුපිරි නලුවාත් මෙහි රංගනයෙන් දායක වෙනවා. IMDb දර්ශකයේ 6.1/10ක ඇගයීමක් ලබාගෙන තියෙන මේ සුපිරි චිත්‍රපටිය සම්මාන දෙකකටත් නාම යෝජනා ලබපු චිත්‍රපටියක් කියලත් නොකියා බැහැ. බ්‍රිතාන්‍ය පවුම් මිලියන 3ක වියදමින් නිපදවලා තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරේ 338 වෙනි තැනට තියෙන සුපිරි ගණයේ චිත්‍රපටියක්.

කතාව පටන් ගන්නේ සන්නද්ධ මංකොල්ල කණ්ඩායමක් රත්තරං වගයක් හොරා ගන්න වෙලාවක පොලිසියේ විශේෂ බලඇණියක් මෙතනට කඩා වැදිලා ඒ මංකොල්ල කණ්ඩායම මැඩ පවත්වන සිද්ධියකින්. මේ බලඇණියේ ලොක්කා තමයි ජැක් රේගන් කියන්නේ. ඒ වගේම මේ මංකොල්ලය පිළිබඳව ඔත්තුව දෙන්නේ රේගන්ගෙ මිත්‍රයෙක් වන හැරී කියන වයසක පුද්ගලයෙක්. ඒ ඔත්තුව වෙනුවෙන් හැරීගෙ ගාස්තුව තමයි එතනින් හොරකම් කරපු රත්තරං කුට්ටි කිහිපයක්. ඉතින් සිද්ධිය අවසානයේදි එතන තිබුන රත්තරං කුට්ටි කිහිපයක් අඩු නිසා පොලිසියේ ලොක්කෝ රේගන්ගෙ බලඇණිය පස්සේ පන්නනවා. ඒ අතර රේගන්ට තවත් ඔත්තුවක් ලැබෙනවා ඒ නගරේ තියෙන බැංකුවක් මංකොල්ල කන්න යන එකක් ගැන. ඒත් ඔත්තුවේ හැටියට මංකොල්ලකාරයෝ ඇත්තටම මංකොල්ල කන්නේ ඒ බැංකුව නෙවෙයි. ඒ නගරේ තියෙන වෙනත් ආභරණ සාප්පුවක්. මේ මංකොල්ලය අතරෙදි ඒ සාප්පුවේ හිටිය ගෑනු ලමයෙක් මංකොල්ලකාරයන්ගෙ වෙඩි පාරක් නිසා මිය යනවා. රේගන් සහ ඔහුගෙ කණ්ඩායම මේ මිනීමරු මංකොල්ලකාරයන් හොයාගන්න සෑහෙන්න උත්සාහ කරනවා. ඒ හොරකම කරලා තියෙන ආකාරය මීට පෙර ඒ විදිහට හොරකම් කරපු සිදුවීම් එක්ක සසඳලා බලලා ෆ්‍රැන්සිස් ඇලන් කියන කම්බ හොරෙක්ව කොහොම හරි අත්අඩංගුවට ගන්නවා. ඒත් අන්තිමේදි ඒ හොරකමට ඇලන් සම්බන්ධයි කියලා ඔප්පු කරගන්න බැරි වීම නිසා රේගන්ට ඇලන්ව නිදහස් කරන්න වෙනවා. ඊට පස්සෙ තමයි හොඳම සිද්ධිය වෙන්නේ. එ අර කලින් ඔත්තුවේ විදිහටම ඒ කියපු බැංකුව මංකොල්ල කනවා. බැංකුවේ අනතුරු සංඥාව නාද වීම නිසා රේගන් තමන්ගෙ බලඇණියත් අරගෙන ක්ෂණිකව බැංකුවට යනවා. ඊට පස්සෙ…. ඒ ටික නම් කියන්නෙ නැහැ.

මේ මංකොල්ල කෑම් වලට ඇලන් සම්බන්ධයිද? රේගන්ට සහ ඔහුගෙ බලඇණියට මේ මංකොල්ලකාර මිණිමරුවන් අල්ලගන්න ලැබේවිද? රේගන්ට කවුද සහය දක්වන්නේ? ඒ වගේම රේගන්ට කැපිලි දාන්නෙ කවුද? හැරිගෙ ඔත්තුව වරදින්නේ ඇයි? බැංකුව මංකොල්ල කන්න හිටිය මංකොල්ලකාරයෝ ඇයි මුලින්ම ආභරණ සාප්පුවක් මංකොල්ල කාලා එතන හිටිය අහිංසක ගෑනු ලමයෙක්ව මරන්නේ? කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ..

The Sweeney (2012) on IMDb

 

 

360 MB (480p) කොපිය මෙතනින් බාගන්න 2170bfd385aae082b84f1dc62165ce7a93693a6f 900 MB (720p) කොපිය මෙතනින් බාගන්න 680dc68c4a8b5661ed935191247ea18bf99310a8 1.7 GB (1080p) කොපිය මෙතනින් බාගන්න 3a392391a3d514e9214170576705d3c86426bec6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,868 downloadsDownload The.Sweeney.2012.zip122 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

3,868 downloadsDownload Subtitles122 KB

67 comments

  1. Rashmika

    thanks lot saho!!

  2. lk

    patta machan

  3. ganidu

    තෑන්ක්ස් වේවා!!!

  4. naleen

    maxaaa saho :)

  5. quik

    thanks

  6. elakiri

    එලම කිරි මචං සුපිරි ෆිල්ම් එකක් වගේ,, උබ දෙන ඒවා කොහොමත් පට්ටම තමා....

    1. දිනිඳු සම්පත්

      එලකිරි ;)

  7. amilatk

    jayen jaya !!!!

  8. tharanga

    ලොවෙත් නෑ පට්ට පතුරු හොදේ :)

  9. wow

    wow... maru :D

  10. Nilanka

    elakiri macho.jaya weewa!!!!

  11. Bandula

    niyamama film akak meyka. aniawa aye sub akka balanwa. thxz

  12. shann

    දිනිදු දෙන්න පට්ට ෆිල්ම්ස් :) ජය

  13. ccnp

    Thanks

  14. Ashan ravihansa

    ela ela machan denakam unne pattama ekak sub ekata sub ekata godak thankz macho

  15. උදාර

    අඩේ මේක මම බෑවා ලගදී.. නියමයි දැන් සබ් එක්කම බලන්න ඇහැකි. තුති

  16. ositha

    supirima film aka jaya! :P

  17. chami

    thnxxxxxxxxxxxxxx

  18. kalinga

    බොහොම පින් පට්ට නළුවෙක් නේ ඉන්නේ. සුපිරි ඇති

  19. Amila`

    එළකිරි හොදේ මාත් ගන්නවා

  20. ajith

    “දිනිඳු සම්පත්” obage weda mama agayakaranawa ..obata sada wasana :D

    1. දිනිඳු සම්පත්

      Thanks ajith saho

  21. lasidu

    ගින්දර ෆිල්ම් එක.

    බොහොම පින් සහෝට

  22. කැළුම්

    අනිවා බලනවා. මැක්සා ෆිල්ම් එකක් වගේ පික් එක දැක්ක ගමන් පේනවා..

  23. zumo man

    elazz thnxzzz

  24. dj

    digatama subs denna

  25. “චූටී මල්ලි”

    සුපිරි පහරක් වගේ
    එල එල සබට තුති
    තව දෙන්න සහෝ ලස්සන ඒවාට
    ඔබට ජය.........

  26. jeewantha

    download 23%......

    thx

  27. isuru

    my rating 10/ 7.9 very good film

  28. g-a-n-d-u

    ඔය දීලා තියෙන්න නියම බයිස්කෝප් එකක්.ස්තූතී

  29. uda

    මේක හරියන්නෙ නෑ බොලව්!

    මේවා දැනගන්ඩත් කලින් මම හිතින් ප්ලෑන් කරලා තියෙන කතාවලට සමාන ඒවාම මුන් හදන්නේ කොහොමද?

    දැන් එකක් දෙකක් නෙමෙයි, කිහිපවාරයක්ම මම හිතන දේට ආසන්න දේවල් මේ විදිහට බටහිර රටවලින් ෆිල්ම් ගහලා සබ් එක්කම සයිට් එකෙනුත් දුන්නා. අයියෝ මේ වගේ රටක ඉපදෙන්ඩ වුණ කරුමේ තමයි. මෙයිට කිට්ටු අදහසක් මා ගාව තියෙනවා දැන් සෑහෙන කාලයක් තිස්සේ. ඒ වුණත් මේවා බලලා ඒවාට එද්දි කොපි කළා කියයි. කමක් නෑ අපි බලමුකෝ... මටත් දවසක් එන්නෙ නැතැයි. මම ඒ දවස හොයාගෙනහරි යනවා. චෝදනා ලැබුවත් කමක් නෑ, මට ඕනි දේ කරලා නැද්ද?

    ජයවේවා සහෝ...
    දිගටම ගේන්ඩ මෙහෙව් එව්වා. මට ලොවෙත් වටිනවා මචන් ;)

    1. දිනිඳු සම්පත්

      ඇත්තටම උදා සහෝ මොකක්ද ප්ලෑන් කරේ?

    2. uda

      ප්ලෑන් කළේ මංකොල්ලයක් බන්! :P
      කොහෙද මේ එංගලන්තෙ සිනමාකාරයො ඒ හා සමාන කතාවක් හදලානෙ...
      දැන් ඉතින් මට මංකොල්ලකන්ඩ වෙන්නෙ නෑ. :( ප්ලෑන ටිකක් වෙනස් කරලා ගන්ඩ වෙනවා. දුක තමා!

    3. ශාන් විමුක්ති [වීමා] 〠

      උදා අපරාධ කාරයෙක් වෙන්ටද තනන්නෙ අප්පේ...? :o
      ඇහැකිනම් සයිඩ් සප් එහෙකට මටත් කතා කොරහන්
      මටත් කෝඩෙ මේ දවස්වල ෆාස්ට් 5 බැලුවායින් පස්සෙන් පහු බැංකුවක් කඩන්නමයි හිත :P

  30. jack

    පට්ට මචන්. බොහෝම ස්තුතියි මචෝ සබ් එකට

  31. දිනුක මධුශාන්

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට! ඉදිරියටත් තව මේ වගේ ඒවා ගේන්න හොඳේ.. ජය වේවා!

  32. I-Prasad Prematunge

    ඔන්න බානවෝ.... සුබ පැතුම් සහෝ දිගටම යමු..

  33. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පට සිරි මොන කතාද>>>. දිනිදු සහෝ දුන්නනම්....බ්‍රොඩි ඉන්නවනම් තවත් එල ඇති...ආයේ පොරනම් නියමම නළුවෙක්...අනික ඔය දීපු ඩයි හාර්ඩ් එක, එලටම තිබ්බා...කාලෙකින් එලම ඇක්ෂන් ෆිල්ම් එකක් බැලුවේ ඒක තමයි.....ගින්දර සහෝ...
    මේකත් අනිවා බලනවා...මොකද බ්‍රොඩි ඉන්නවා කිව නිසා...

    1. දිනිඳු සම්පත්

      බ්‍රෝඩියා මේකෙ එච්චරම වැඩ දාන්නෙ නෑ මචං. ඌ දිහා බලනකොටත් මට මල පනිනවා. කොච්චර හොඳ චරිතයක් රඟපෑවත් මට ඌව පේන්නේ දෙපිටකාට්ටුවෙක් වගේ.. ;)

    2. ශාන් විමුක්ති [වීමා] 〠

      ඔව් බන් දිනිදුවො ඒකනම් හැබෑව
      රොයිලිය අපිට කරපු දේ බලහන්කො ඉතින් :o
      අපිට දැන් බ්‍රෝඩිව පේන්නෙම රුවිතෙටනෙ
      කොයි තරම් හොද වෙන්න හැදුවත් කපටි බ්‍රෝඩියවමයිබ් පේන්නෙ මටත්

  34. isuru

    'could with a chance of meatballs' sinhala sub aka danna puluwanda.

  35. Danuka

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….

  36. indika

    patta... thnx machoo...!!!

  37. kkg

    ඔන්න අයියේ ස්තූතිය හද පුරෝල

  38. dev

    patta katawak wage...
    bohoma stuti saho.... .

  39. Chathuranga

    thnks a lot... :D

  40. mindika

    Thanks !!!!!!!!!!!!!

  41. nalaka

    patta fillm ekak wagei..thank u sahoo...jaya wewa..

  42. නලින්

    නියමයි දිනුදු සහෝ..
    50න් පස්සේ නිවාඩු ගිහින් ඇවිල්ලා හොයා ගෙන ඇවිල්ලා තියෙන්නේ
    නියම මුවි එකක්
    ඔන්න මාත් ගන්නවා

    ජය වේවා!!

  43. S H E N A L

    pattazzzzzzzzzzzzzz..........yalu..............thanku..........

  44. sura

    supiri machan,50 ta suba pathum

  45. කැලුම් ගුණසේකර

    ස්තුතියි දිනිදු සහෝ. චිත්‍රපටය නම් මා ලග තිබුන වගේ මතකයි. ඒ නිසා උපසිරැසිය විතරක් ගන්නවා.

  46. indika perera

    thank's

  47. සංජිව

    ela saho niyamai

  48. ශාන් විමුක්ති [වීමා] 〠

    නිවාඩුපාඩුවේ පනහ ගැහුව වගේම නිවාඩුවක් අරගෙන පනස් එක්වැන්නත ගෙනත් තියෙන්නෙ එහෙනම් ;)
    උපසිරසට බොහොම තුති කොල්ලෝ... (දරු දෙන්නෙක්ගෙම පියෙක් උනත් තමත් අපිට දිනිදු කොල්ලම තමා ඉතින් :D )
    අනිව බලන ලැවිස්තුවට දාගත්ත එහෙනම්
    වෙලාවක් හම්බවෙච්ච හැටියෙන්ම අනිවා බැලීමට පොරොන්දුවෙමි
    ජය හොදේ
    පනස් දෙවැනට කොච්චර කල් යාවිද ? :P

  49. dilan

    thanks

  50. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි දිනිඳු.......

Load more comments