මේක මෙලොව තවමත් ජිවත්වන තවත් එක් මිනිසෙකුගේ “සත්‍ය කතාවක්”, ඔහු සාමාන්‍ය අයෙක් නොවේ, ශරීරයේ චලනය කළහැකි මාංශ පේශි කිහිපයක් පමණක් ඇති දෛවය පරාද කරමින් ජිවිතය ජයගත්, ලොවම පිළිගත් මහා බුද්ධිමතෙක්. බලමු මොහු කවුද කියා. කළු කුහර. කළු කුහරයක් කියන්නේ, අධික ගුරුත්ව ක්ෂේත්‍රයක් තියෙන අවකාශ ප්‍රදේශයක්. කොච්…

මේක මෙලොව තවමත් ජිවත්වන තවත් එක් මිනිසෙකුගේ “සත්‍ය කතාවක්”, ඔහු සාමාන්‍ය අයෙක් නොවේ, ශරීරයේ චලනය කළහැකි මාංශ පේශි කිහිපයක් පමණක් ඇති දෛවය පරාද කරමින් ජිවිතය ජයගත්, ලොවම පිළිගත් මහා බුද්ධිමතෙක්. බලමු මොහු කවුද කියා. කළු කුහර. කළු කුහරයක් කියන්නේ, අධික ගුරුත්ව ක්ෂේත්‍රයක් තියෙන අවකාශ ප්‍රදේශයක්. කොච්චරම ප්‍රබලද කිවුවොත් එතනට යන ආලෝකයවත් ආපහු එන්නේ නෑ ( ඔන්න යවනවා නම් බොලාගේ වදකාර කෙල්ලෝ ටික යවන්න හොදම තැන. දවසක ට්‍රිප් එකක යමන් කියල ඔතනට එක්කගෙන ගිහින් අතාරලා දාලා වරෙල්ලා. මුළු ජීවිතේම නිදහස්. 😛 :3) එහෙම තැනක් හොයාගන්න එකයි අවුල, ඉතින් මේ බ්ලැක් හෝල්ස්, එහෙමත් නැත්නම් කළු කුහර එක්කම බැඳිච්ච නමක් තමා ස්ටීෆන් හෝකින් කියන්නේ. ඒ ඔහු කළු කුහර සම්බන්දව ඔහු විසින් ඉදරිපත් කළ කරුණු නිසාවෙනි. ස්ටීෆන් හෝකින්, එහෙමත් නැත්නම් ස්ටීෆන් විලියම් හෝකින් කියන්නේ ඉංග්‍රීසි ජාතික භෞතික විදයාඥයෙක්. මොහු ඉපදුනේ වර්ෂ 1942 ජනවාරි 8 වෙනිදා එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් වල. “ඔහු හරියටම ඉපදුනේ මහා විදයාඥ ගැලීලියෝ මිය ගිහින් වසර 300ක් ගතවෙන දවසේ”. ස්ටීෆන් තමයි දරුවන් හතරදෙනෙකුගෙන් යුත් පවුලක ඉපදුනු වැඩිමහල්ම දරුවා වුනේ. මොහුගේ අම්මා සහ තාත්තා යන දෙදෙනාම ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන අධ්‍යාපනය ලබා තිබූ අතර ඔහුගේ පියා, ෆ්‍රෑන්ක් වෛද්‍ය පර්යේෂකයෙක් විය. කුඩා කාලයේ ඉඳලාම මේ හෝකින් විද්‍යාව සහ ගණිතයට ඉතාමත් ආශාවක් පෙන්වූවා. ඒ වගේම ඔහු ඒ සඳහා දක්ෂතාවයක්ද පෙන්වපු නිසා මෙයාට පාසලේ “අයින්ස්ටයින්” කියන හුරතල් නාමයකුත් පට බැඳුනා. මෙයාට ඕන වුනේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙ ගණිත අංශයෙන් උපාධියක් ලබාගන්න. නමුත් ඒ දවස් වල ඔක්ස්ෆර්ඩ් වල ගණිත උපාධියක් තිබ්බේ නැති නිසා ස්ටීවන් ඒ වෙනුවට භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාවව තෝරාගත්ත. ඔහු උපාධියෙන් පසුව ඔහුගේ PhD (ආචාර්ය උපාධිය) එක කිරීම සඳහා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුලත් වුණා.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙ මෙයා එයාගේ PhD එක කරමින් ඉන්න අතරේ එයාගේ සෞඛ්‍ය දුර්වල වෙන්න ගත්තා. එයාගේ කතාව කතාව, ශරීරය දුර්වල වෙන්න ගත්තා. වෛද්‍යවරු පර්යේෂණ ගණනාවකට පස්සේ සොයාගත්තා ස්ටීවන් amyotrophic lateral sclerosis (ALS) (ඇමියෝට්රො ෆික් ලැටරල් ස්ක්ලෙරෝසිස්) කියන රෝගයෙන් පීඩා විඳින බව. සාමාන්‍යයෙන් මේ රෝගය හඳුන්වන්නේ motor neurone disease ( චාලක ස්නායු/නියුරෝන ආබාධය ) කියලයි. රෝගය ගැන පොඩ්ඩක් කියනවා නම් මේ රෝගයට හේතුවෙන සාධක මොනාද කියල 90-95% පමණ ප්‍රමාණයයක් සොයාගෙන නෑ. නමුත් ඉතිරි 5-10% අතර ප්‍රමාණය දෙමාපියන්ගේ ජානවලින් උරුම වන බව සොයාගෙන තිබෙනවා. මේ රෝගයේදී පේශී ක්ෂයවී යාම නිසා කතා කිරීමේ හැකියාව, ගිලීමේ හැකියාව , එමෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාවයද ඇති වෙනවා. මේ ලෙඩේට කිසිම බෙහෙතක් තාමත් නෑ. ඉතින් මේ ලෙඩේ ගැන ඔයාලට හිතාගන්න පුළුවන්නේ… ඒ වෙලාවේ දොස්තරලා කිවුවේ මෙයාට තව ජීවත් වෙන්න තියෙන්නේ අවුරුදු කිහිපයක් විතරයි කියලා. ඉතින් හෝකින් මේ රෝගයෙන් ශාරීරිකව මෙන්ම මානසිකවද කඩා වැටිලා ඉන්න වෙලාවේ මෙයා තීරණය කළා, මේ ජීවිතයේ මට ලඟා කරගන්න ඕන කරන හුගක් දේවල් තියෙනව කියලා. ඉතින් මෙයා කවරදාවවත් නැති විදීහට ඉතාමත් මහන්සියෙන් අධ්‍යාපන වැඩ කටයුතු කරන්න පටන් ගත්තා. එයාට මැරෙන්න කළින් එයාගේ PhD එක ගන්න එයාට ඕනවුණා. ඒ කාලයේදීම එයා ජේන් වයිල්ඩ් නම් ස්ටීවන්ගේ නංගිගේ යාලුවෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගත්තා. ඇත්තම කිවුවොත් එයාට රෝගය තියෙනව කියලා හොයාගන්න පෙර ඉඳලාම තමයි මේ සම්බන්ධය ඇතිවෙලා තිබුණේ. ඉතින් ඒ සම්බන්ධතාවය මල් පල දරමින් 1965 ජූලි 14 වෙනිදා මොවුන් දෙදෙනා විවාහ ජීවිතයට එක්වූවා. ඇය මොහුගේ දෛවය පරාද කරවීමේ ගමනට බොහෝ සෙයින් උපකාර වුවා. ඉතින් 1967 මැයි මාසයේදී මොවුන්ගේ මුල්ම දරුවා වන රොබර්ට්ද, 1970 දී දෙවන දරුවා වන ලුසීද, 1979දී තුන්වන දරුවා විදිහට ටිමොතිද මොවුන් දෙදෙනා දාව උපත ලැබුවා. කොහොමහරි මේ දෙන්නා 1991දී වෙන්වෙනවා.
මේ රෝගය කෙතරම් දරුණු වුනත් නූතන විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව නිසා ස්ටීව්න්ට ඵලදායී ජීවිතයක් ගතකරන්න පුළුවන්කම ලැබුණා. නමුත් ඔහුට ඇවිදීම සඳහා රෝද පුටුවක් භාවිතා කිරීමට සිදු වූවා. ඒ වගේම ස්ටීවන්ට කතා කිරීමේ හැකියාවද කාලයක් යද්දී අහිමිවෙලා ගියා. ඉතින් ස්ටීවන්ට සන්නිවේදන කටයුතු කරගන්න සිද්ද වුනේ ස්පර්ශක පුවරුවක් (ටච් පෑඩ්), පරිගණකයක් සහ කටහඬ උත්පාදනය කරන උපකරණයක් ආධාරයෙන්. ඉතින් මේ තත්ත්වයෙන් හිටපු හෝකින් තමන්ගේ කාලයෙන් වැඩි හරියක් ගතකලේ කළු කුහර සහ අවකාශය හා කාලය ගැන පර්යේෂණ පවත්වමින්. ඔහු ඒ පිළිබඳව විවිධ වැදගත් දේවල් ලිවීම මගින් සාපේක්ෂතාවය සහ කළු කුහර පිළිබඳව කැපී පෙනෙන ප්‍රවීණයෙක් බවට පත් වුණා. ඔහුගේ හුඟක්ම ජනප්‍රිය සොයා ගැනීම වුනේ කළු කුහර යම් විකිරණ පිටකරන බව විදහා දැක්වීමයි. මේ කළු කුහර වලින් නිකුත්වන විකිරණ හැදින්වුයේ “හෝකින් විකිරණ” ලෙසයි. ස්ටීවන් පොත් ලියන්න හුඟක් ආස කළා. 1988දී ස්ටීවන් A brief History in Time කියන පොත් ප්‍රකාශනයට පත් කළා. මේ පොතෙන් ඔහු සාමාන්‍ය කියවන්නෙකුට වුවද කියවා අවබෝධ කරගන්න පුළුවන් විදිහට මහා පිපුරුම් වාදය (Big Bang Theory) සහ කළු කුහර සම්බන්ධයෙන් භාවිතා කරන නූතන දේවල් පිළිබඳව විස්තර කළා. මේ පොත පිටපත් මිලියන ගණනක් විකිණෙමින් ඉතාමත් ජනප්‍රියත්වයට පත් වුණා. එමෙන්ම ඔහු විසින් On the Shoulder of Giants සහ The Universe in a Nutshell වැනි පොත්ද රචනා කළා. “ඒ වගේම මොහුට එංගලන්තයේ මහරැජින විසින් පිරිනමන ලද නයිට් පදවියද ප්‍රතික්ෂේප කළා. මොහු අද වනවිටත් ජීවත්ව සිටිනව, වයස අවුරුදු 72ක් වන මොහු අදටත් සෑම දෙයක්ම පිලිබඳ වූ සිද්දාන්තය සොයමින් සිටිනවා.. එදා සෙනෙහසින් බැඳී හුන් ජේන් අදත් මොහුගේ මිතුරියක් ලෙස තවමත් ලඟින් හිදිනව..(ජේන් කරපු දේ සාධාරණද නැද්ද කියල හිතාගන්න ටිකක් අමාරුයි, ඔයාලටත් ෆිල්ම් එක බලද්දී තේරේවි ඒ සිදුවීමේ සාධාරණ දෙපැත්තක් වගේම අසාධාරණ තනි පැත්තක් තියනව කියල) ඒ වගේම මේ සිනමාපටයේ ස්ටිෆන්ගේ චරිතයට දායක වෙච්ච Eddie Redmayne පසුගිය Golden Globe සම්මාන උළෙලේ Drama ඝනයට අයත් වන සිනමාපට අතරේ හොඳම නළුවාට හිමි සම්මානයට හිමිකම් කිවුවා. ඒ වගේම මෙවර ඔස්කා සම්මාන උළෙලටත් සම්මාන සඳහා මේක නිර්දේශ වෙලා තියනව. බොහෝවිට මට කරන්න පුළුවන් වෙන අවසාන උපසිරස මේක වෙන්න පුළුවන්, ඉදිරියේදී කාලය පිලිබඳ ගැටළුවක් මතුවෙනව, ඉතින්.. ඉරණමට ඉඩ නොදී ලොවක් ජයගත් ධෛර්යමත් මිනිසෙකුගේ සැබෑ ජිවිත කතාව බලන්න කෙරෙන ආරාධනයයි මේ…! ඔබ සැමට ජයෙන් ජයම වේවා….!!
ලිපිය – සමන් ප්‍රසාද් (පූසා)

“ අපි හැමෝම එකිනෙකාට වෙනස්, ජීවිතය නරක විදියට ඔබට පෙනෙන්න පුළුවනි, නමුත් ඔබට කළහැකි දෙයක් හැම විටම පවතිනව, බලාපොරොත්තු ඉෂ්ටකරගන්න, ජීවිතය තිබෙන-තුරු, එතැන බලාපොරොත්තු පවතිනව” ~ ස්ටීෆන් විලියම් හෝකින්.
415 MB (DVDSCR) කොපිය මෙතනින් බාගන්න
760 MB (DVDSCR) කොපිය මෙතනින් බාගන්න
870 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
CEA05B1F45E70A8094FFFF840C08884E0081D1BD1.85 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
236F0D62C2DCFDDEFFA383D7F93BD21EECA63FB9
7,515 downloadsDownload The-Theory-of-Everything-20142.zip199 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
93 comments
Chamal
Chamal
adooo mamane 1ka
ela elaආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි මචං වීමා..
කෝ බං උඹ දෙනවයි කිව්වට තාම ටොරෙන්ට් එක දුන්නේ නැහැ නේ..
මෙතනින් එකක් ගන්නෙයි..
අනිවා මේ වගේ ෆිල්ම් නම් අතාරින්නෙම නැහැ..
කොහොමවෙතත් නොතේරුණු දෙයක් තමයි
"බොහෝවිට මට කරන්න පුළුවන් වෙන අවසාන උපසිරස මේක වෙන්න පුළුවන්, ඉදිරියේදී කාලය පිලිබඳ ගැටළුවක් මතුවෙනව,"
මෙන්න මේ ලියපු දේ..
මේක උඹ ලියපු දෙයක්ද? නැත්නම් සමන් ලියපු එකක්ද?
සමන් ලිව්වා නම් මේක සබ් කළේ සමන්ද?
නැත්නම් සමන් කරන්න ඉඳලා ඒ වුනාට කරන්න බැරි වෙලා උඹ මේක කරලා සමන් දෙන්න උන්නු ලිපියද මේ?
පහදලා දීපං බං?ජය වේවා!!!
බ්ලැක් පැන්තර්
:v :v :v ආසිරි අයියාටත් තියෙන ප්‍රශ්න නේ...
ලිපිය මම ලියුවාට ඒ කොටස මම ලීවේ නැත... :D ...
විමා තව පැහැදිලි කොලයි... :D
Rakitharanathunga
onna ada mama eka..
Sub ekata thanks aiye...Rakitharanathunga
Aiyo deka neda
Awlak ne..
Fun eka kewa
Thanu
Thanku saho, ela wedak...
නලින්
මනරම් ලිපියත් අඟනා උපසිරසියත් ස්ටීෆන් විලියම් හෝකින්ගේ කථා වස්තුව සුපිරි විදිහටම ගෙන්න වැයම් කරපු අපේ සෙහොයුරන් දෙදෙනාට ගොඩක් ස්තුතියි.
අනිවා බැලිය යුතුම කථාවක්..
ජය වේවා! එළස්ස්!!
nj
එල එල කවුරුවත් සබ් දාන එකක් නෑ කියල හිතන් හිටියෙ. ස්තුතියි
ලසා
thnkz bro.
Sampath
latta lotta balanawata wada balanna hoda film ekak. but me wage film balana aya aduy. dukay e gena. thankuuuu sub walata.........
D.chamar
niyamai sahoo aniwa ballan oni kathawak thanks
අසිත
ශාන් විමුක්ති ඇයි තවත් අපිට සබ් දෙන්නේ නැද්ද?මෙතෙක් දීපු සබක් සබක් ගානේ ඔයාලට හුගක් පින්.ජය වේවා!!
SaDuN dAnUsHkA (ධනූ)
පට්ටයි විමා උඹ නම්
මාර ඉක්මනින් කරලා
ගේට්ටුවට ආවට පස්සේ වෙන්න ඇති
පටන් ගන්න ඇත්තේ
බොහොම ස්තුතියි...........!thisal
එල එල අනිවා බැමක් බන් තැන්ක්ස් සබට
බ්ලැක් පැන්තර්
අනේ යකෝ.... බොලා දෙන්නට දාන්න වෙන නමක් තිබ්බෙම නෑ නේ...
වරකෝ උඹලා දෙන්නා... යකෝ ඔක්කොටම කලින් Panther කියන එකේ තේරුම දැනගනින්...
Panther = දිවියා...
සමීරයෝ, විමෝ ඔන්න බොලා දෙන්නට තමා කියන්නෙ... හොඳට පාඩම් කරගනින් මේ වචනේ තේරුම ඈ... -_-
නෙද්දකින් බොලා නම්.
අවුලක් නෑ.
සබට තුති...
අපි නොදන්නවයෑ විමාටත් එදා වැදිච්ච මඩ තොගේ හැටි...
ඉස්සරහට තව තව හොඳ ෆොටෝස් එන්න තියෙනවා නොවැ...
එතකොට බොට දෙන්නම්කෝ විමෝ... ලෑස්තිවෙලා හිටහං ඈ ... :P#YasmikaSH
හප්පට සිරි පැන්තරයාගේ චරිතය මුලුමනින්ම ඝාතනය කොරලා නෙව..! හැබැයි දිවියා කියන නමට වඩා පූසා කියන නමේ තියෙනවා පොඩි මඩ ගැහිල්ලක් :D
උඹත් එහෙනම් විමාටත් ප්‍රසිද්ධියේ මඩ ගහන්න ලෑස්ති වෙයන්.. ලව් හුටපටය පටලවාගෙන..
ශාන් විමුක්ති (විමා)
උබලද.... :/
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)thushari
බොහොම ස්තුතියි...!
තරුෂ දිනුජය
තෑන්ක්ස් සහෝ සිංහල සබට
ඊළඟ සබ් එකෙන් හමුවෙමු
ඔයාට ජය...පුබුදු දිල්රංග
එල එල එල ෆිල්ම් එකක්නේ විමා.මේ පුලුවන්නම් අලුත් දෙමල ෆිල්ම් ටිකකුයි තෙලිගු ෆිල්ම් ටිකකුයි දාන්න පුලුවන්ද........
yasasa lakmintha
ජයවේවා!!!
shanuka gunasekara
loke jeewath wena minissu atharin asamanya minissu gana me widihata hoyala diga lipiyak dapu ekata shan sahodarayata bokkenma thanks karanawa.sub ekatath sthutiy.baiscope ekata jaya!!!!!
Laksh!tha
Thanks Bro...!!!
Rajitha
thanks bro..
සමීර චතුරංග
නියමයි විමා.
මේ වගේ ෆිලුමක් කලොත් උඹම තමයි. ( දැන් නම් උඹේ ජිවන සහකාරියත් ඉන්නවා උඹේ ගොඩේම)
ගොඩක් බාගත කරගන්නේ නැහැ වගේම වැඩියෙන් කමෙන්ට් වැටෙන්නෙත් නැහැ කියලා
දැන දැනම මේ කරන වැඩේ නම් නියමයි.
උඹ සබ් දෙන films වලට සබ් කරන්න අඩවියේ ඉන්නේ අතලොස්සයි.
එහෙම එකේ මේක මගේ අවසාන එක වෙන්න පුළුවන් කියන්න නම්
ලෑස්ති වෙන්න එපා.
(ඔහොම කිව්වට අපි දන්නවනේ සබක් නොකර ඉන්නකොට තියෙන අමාරුව)
එහෙනම් ජය වේවා අපේ උන්නැහේට...
වෙලාවක් ලැබුණු ගමන් බලන්නම්කෝ...thilan
එල නියමයි සබ් එකට තැන්කු......
Kulanjana Maduranga
pattai...me wge filumak dena 1kama loku deyak.....Great work.subata thanks VIMA saho.digatama sub demu.jaya wewa....
lipiyath patteta liyala thiyanawa.ekatath thanksssss....Mihan
adoo thanks machan su ekata !!! jaya weewaa !!
niyama film ekak.me
Thanks
නිරෝෂ්
ස්තුතියි විමා.සබ් දෙනකම් බලන් හිටියෙ.ජය වේවා !
#YasmikaSH
එළ ෆිලුමක්.. මම දන්නේ නෑනේ බොලේ කළු පූසාට මෙහෙම විචාරයක් දෙන්න පුළුවන් කියලා..
කොහොම වුණත් විමා තෝරගත්තොත් තෝරගන්නේ මේ විදිහේ චිත්‍රපටියක්මනේ..
මතකයි ඉතින් අර the best of me දිල කරගත්ත හරියක තරම :) :Dහොඳයි ඉතිං මේ වගේ සබ් තවත් කරමු කියලයි කියන්න තියෙන්නේ ඒනං.. ඔන්න ගත්තා..
ජය වේව.............!!ගයාන් රූකාන්ත
LOL :P පැන්තර් ඉවරයි,ඕවා ඔකුන්ගේ කුමන්ත්‍රණ පැන්තරයෝ
කොහොම උනත් මම ඉතාමත් සතුටු වෙනවා අනිත්ම ලයින් 8 දවසක් වැනි"ඉතාමත්"
කෙටි කලකින් අවසන් කරගන්න ලැබීම ගැන,විමා සබ් කරපු එකක් නොබලා තියෙනවා ඇයි
සබට බොහොම තුති විමෝ ජය!!Gihan
hoda film ekak wenna ati
meke sub enakan balan idiya
thank yoou very muchප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
සහෝ මේක නම් අනිවාම බලන කතාවක්.
බොහෝම ස්තුතියි උපසිරැසිය දුන්නට.
මේ කතාව ගැන දැනගත්තේත් උඹ දුන්නාම තමා.හැබැයි මේක අන්තිම උපසිරැසිය වෙයි කියන එක නම් මට ශුවර් නෑ.
උඹ තව උපසිරැසි ගහනවා කියලා නම් මට ශුවර්.
උපසිරැසියකින් 50 පන්නපු එකෙකුට කවදාවත් උපසිරැසි නොගහා ඉන්න හිත දෙන්නේ නෑ :)ආයු- බෝ -වේවා !!!
sajeevi
thanks
චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..namika
vima bohoma sthuthiyi machn me film ekata. meka baluwama godak watina yamak jiwithayata ekathu karaganna puluwan wei kiyala hithenawa. lipiya kiyeuwama therenawa bohoma watina kiyana filumak kiyala.. bohoma sthuthiyi machn subtitle ekata..!
Tharindu
Thank you very much saho....!!!!
saman
machan meke sub eka hariyata set wennene..sub eka pennuwath parakku wela pennanne..kohomada hariyata set karaganneeee
ශාන් විමුක්ති (විමා)
KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.saman
vima.....thankas brother... da hari..meke sub dunnata..godak lassana film ekak...
Jack
නියමයි මචෝ.
පට්ටම ස්ටෝරියක් වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ලිපියත් එලටම තියනවා.anura
Aniwa banawa.....stuti wewa........meke lipiyanan niyamai aaaaaas....mn dakka hodama lipuyak...hayawewa ehenan.........
රොයිලි
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
මාත් බලන්න හිතන් ඉන්නෙ
හොද කොපි ආවාම
ඇයි බන් නවත්තන්න හදන්නෙ
අරයා එපා කිව්වද? :D
සබට තුති
ඔබට ජය..........Pasan Jaywickrama
super explanation thank u
Amil
A brief History in Time
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
හොද කොපියක් ආපු ගමන් බලන්න තමයි හිතන් ඉන්නෙ.
තව සබ් කරමු කාලෙ හොයාහෙන.
ජය වේවා. !සඳුන් ආර් විමලවීර
හෝව් හෝව්.නවත්තන්න නම් එපා හොදේ......
නියම වැඩක් සහෝ.....
ජය වේවා.!Hasala
patta film 1. methumata me lede hadune nathnam, thawa monawa hoya ganida?
Deex
machan idak thiyana welawata
biscope.lk amathaka karanna epa.
good luck
come again................................................
dinesh
supiri macho
අසිත
මෙන්න නියම ෆිල්ම්.මේ වගේ ඒවාට ඕනනේ සබ් දෙන්න.ඇයි ගොඩක් දෙනා තෝරලා බේරලා සබ් කරන්නේ නැත්තේ.IMDB TOP 250 න් කරපු නැති ෆිල්ම් එකක් හොයල සබ් කරන්නේ නැත්තේ.අපරාදේ ඔයාලගේ වටිනා කාලය කව්රුත් අසාවෙන් බලන හොද ෆිල්ම් එකක් කරන්න යොදවන්නේ නැත්තේ.ඒක ලොකු පිනක්.කෙනෙක්ට පිනවීමට දායක වෙනවා කියන එක.මම දන්නවා දැන් මට බනින්න නම් ඕන තරඟ අය ඉදිවී.මම ලගකදී ඉදල baiscope එකේ දැක්ක දෙයක් තමා ඔහේ දෙන්නන් වාලේ සබ් කරනවා.අපිට මේවා බලන් ඉන්න බෑ මොකද අපිට තියෙන්නේ මේක විතරක් නිසා.මේක පවත්වා ගෙන යන ඉහල අයගේ අවදානය මේ වෙත යොමු වේවා!
අසිත
bluray ආවත් හරි පටස් ගාලා update කලා මෙන්න කොල්ලෝ.වැඩ සුපිරියි ආ...ජයෙන් ජය වේවා!!
eranga
good ma yaga filme yalata mama godak kamathi
Kalhara
ලස්සන ෆිල්ම් 1ක්....බෝහම ස්තුතියි සහෝ....................
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

ammata sri fatta