The Water Horse (2007) Sinhala Subtitles | මුහුදු අශ්වයාගේ කතාව [සිංහල උපසිරැසි සමග]
දමිත් තරංග සොහොයුරාගේ ලිපිය…
මේ චිත්‍රපටයට පදනම් වෙලා තියෙන්නේ 1933 අවුරුද්දෙදි ස්කොට්ලන්තයේ Loch Ness නමින් හඳුන්වන විලේ දී දැකපු Loch Ness Monster(Nessie) නමින් හඳුන්වපු අද්භූත සත්වයා පිලිබඳවයි. මේ සතාගේ සැබෑ ජායාරූපයක් හොයාගන්න පුලුවන් අන්තර්ජාලයේ Nessie කියලා google සෙවුමක් කලොත්. මේ ජායාරූපය කොහොමද හැදුනේ කියන එකත් චිත්‍රපටයේ එක්තරා තැනක බොහොම අපූරුවට කියවෙනවා.කතාවේ එන පුංචි ලමයගේ නම ඇන්ගස්. ඇන්ගස්ගේ තාත්තා ලෝක යුද්ධ කාලේ නාවික හමුදාවට බැඳිලා ජර්මනියට විරුද්ධව සටන් කරමින් ඉන්නකොට මෙහෙයුමක් අතරදී මිය ගිහින්. ඒත් ඇන්ගස් හිතාගෙන ඉන්නේ කවද හරි තමන්ගේ තාත්තා ආයෙත් ගෙදර ඒවි කියලයි. ඇන්ගස් ස්කොට්ලන්තයේ තියෙන ලොච් නෙස් (Loch Ness) කියන විල ගාවට තමන්ගේ අම්මත් එක්ක හැමදම වගේ ඇවිදින්න යනවා. ඒ සිප්පි කටු අහුලන්න. එක දවසක් ඔහොම ඇවිදින්න යනකොට ගල් වැටි අස්සේ රැඳිලා තිබිල ටිකක් විතර අමුතු බිත්තරයක් දකින්න ලැබෙනවා. මෙයාට අවබෝධයක් නෑ ඒක බිත්තරයක්ද නැත්නම් වෙන මොකක්වත්ද කියලා. ඉතින් ඇන්ගස් කාටවත් නොකියාම ඒක අරන් ඇවිත් ගෙදර වැඩ කාමරයේ මේසය උඩින් තියනවා. ඒක මොකක් උනත් ඇතුල නිල් පාටයි.එහෙන් මෙහෙන් අතපත ගාලා වැඩේ අත හැරලා දානවා. එදාම රෑ ඇඳට වෙලා ඉද්දී ලොකු හුලඟක් එහෙම හමනවා. වැස්සකුත් වහිනවා. බලද්දී එක පාරටම ඇහැ යොමු වුනේ නිවසින් පිටත තියෙන තමන්ගේ වැඩ කාමරයේ දොර වෙතටයි. දොර හැරලා දාලා වගේ පෙනෙන හින්දා ඇන්ගස් දුවගෙන ගිහින් බලනවා. බලද්දී මේසය උඩ තිබුන බිත්තරය දැන් තියෙන්නේ බිම වැටිලා. බිත්තරේ කටු ටික කඩා ගෙන මොකෙක් හරි එලියට ගිහින්. ඇන්ගස් ඒ පා සටහන් ඔස්සේ ඇවිදගෙන ඉස්සරහට යද්දී මෙන්න ඉන්නවා පොඩි ලේන් පැටියෙක් විතර මහ අමුතු පෙනුමක් තියෙන සතෙක්. කාමරේ බඩු මුට්ටු සීසී කඩ ගිහින්. අම්මා වවපු එලවලු වගාව සම්පූර්ණයෙන් විනාශ කරලා දමලා. මේ සතා දවසකට අඩි 10ක් උස යන සතෙක් කියලා ඇන්ගස්ට අහන්න ලැබෙනවා. එච්චර ලොකු වෙන සතෙක් එක්ක ඇන්ගස් කොහොමද යාලු වෙන්නේ. අන්තිමේදී සතාට මොකක් වෙයිද? ටිකක් අවුල් සහගත ලමයෙක් කියලා අම්මත් හිතාගෙන හිටපු ඇන්ගස් ගැන අවසානයේදී අම්මා මොනවා හිතයිද? ඒ අතරෙදි තව කොච්චරක් නම් ප්‍රශ්නවලට ඇන්ගස් මුහුණ දෙයිද?
මේ චිත්‍රපටය රූගත කරලා තියෙන්නේ ස්කොට්ලන්තයේ තියෙන Loch Ness කියන කිලෝමීටර් 37ක් දුරට පැතිරුණු අති විශාල මෙන්ම අති රමණීය විල කේන්ද්‍ර කරගෙනයි. චිත්‍රපටයේ පසුතල නොසෑහෙන්න ලස්සනයි. ඒ වගේම මේ චිත්‍රපටයට මෙන්ම විශේෂයෙන්ම මුහුදු අශ්වයා විදිහට නිරූපණය කරන කෘසෝ නම් සත්වයාට Visual effects (VFX) නිර්මාණය කරලා තියෙන්නේ නවසීලන්තයේ Weta Digital කියන ආයතනයයි. මේ ආයතනයම තමයි The Lord of the Rings(2001,2002,2003), Avatar (2009) , Dawn of the Planet of the Apes (2014), War for the Planet of the Apes (2017), Guardians of the Galaxy Vol. 2 (2017), Maze Runner: The Death Cure (2018), Rampage (2018), Pete’s Dragon (2016),The Jungle Book (2016) වගේ චිත්‍රපටවලට VFX නිර්මාණයෙන් දායක වෙලා තියෙන්නෙත්. ඉතින් එතකොට අමුතුවෙන් කියන්න උවමනා නෑනේ මේ චිත්‍රපටය ටිකක් පරණ වුනත් විෂුවල් ඉෆෙක්ට්ස් නිර්මාණය කොච්චර නම් සුපිරි වෙන්න පුලුවන්ද කියලා. The Water Horse (2007) කියන්නේ පුරා පැය දෙකකට ආසන්න ධාවන කාලයක් තියෙන චිත්‍රපටයක්. ඒ වගේම IMDb දර්ශකයේ 6.5ක අගයක් ලබා ගන්නටත්, Rotten Tomatoes දර්ශකයේ 74% අගයක රැඳෙන්නටත් සමත්වීම තුලම හිතාගන්න පුලුවන්නේ ඉතාමත් ආකර්ශණීය කතාවක් මේ චිත්‍රපටය තුල ගලා යනවා කියන එක. ඉතින් වයස් භේද නැතුව රසවිඳින්න පුලුවන් මුහුදු අශ්වයාගේ කතාව බලන්න හැමෝටම ආරාධනා කරනවා.
චාමික විදුරංග සොහොයුරාගේ පෙර පළවූ ලිපිය…
බයිස්කෝප් අඩවියේ පලවන මේ ලිපිය මගේ පලවෙනි ලිපියයි.මාත් හරි ආසාවෙන් තමයි මේ ලිපිය ඔයාලට ලබා දෙන්නේ.ඔන්න යාලුවනේ මේක නම් පට්ට ෆිල්ම් එකක් කිව්වොත් මම නිවැරදියි කියල හිතනවා.මොකද කිව්වොත් මම දන්නා විදියට මේක තමයි 2007 වසරේ හොදම ළමා චිත්‍රපටය.හරි හරි …දැන් බලමුකෝ මේකේ මොකක්ද වෙන්නේ කියල.
මේ චිත්‍රපටයට පාදක කර ගන්නේ අහිංසක,ඒ වගේම අත්භූත සත්වයෙක් පිළිබඳවයි.ඒ තමයි අද වෙන කොට පුරාවෘර්ථයක් වට පත්වෙලා තියෙන “වෝටර් හෝර්ස්” කියන සත්වයයි. මේකේ වෙන්නේ “ඇන්ගස්” කියල පුංචි ළමයෙක් ඉන්නව.මෙයාගේ තාත්ත යුධ හමුදාවේ තමයි සේවය කරන්නේ.ඉතින් ඇන්ගස්ටත් එයාගේ තාත්ත නැතුව පාලුවක් දැනෙන වෙලාවට එය අම්මත් එක්ක මුහුදු වෙරළට යනවා.ඉතින් දවසක් මෙයා මුහුදු වෙරලට ගිහින් එයාගේ ප්‍රියතම විනෝදාංශය වන සිප්පිකටු අහුලන කොට මේ පුරාවෘර්ථයක් බවට පත් වෙලා තියෙන අපූරු සතාගේ බිත්තරයක් හම්බෙනවා.එත් එයා දන්නේ නෑ මේක මොකක්ද කියල.එත් ඉතින් මේක අමුතුම දෙයක් හින්ද එයා ඒක ගෙදර ගෙනියනවා.ගෙදර ගෙනිහින් බලද්දී තමයි මෙයා මේ සත්වයා ගැන දැන ගන්නේ . පස්සේ මෙයාගේ හොදම යාළුවා බවට පත් වෙන්නෙත් මේ අපූරු සතායි.ඉතින් ඔහොම ඉන්නකොට දවසක් මේ සතා අන්ගස්ලගේ ගෙදර පොකුණේ ඉන්න සේරම මාළු ටික කාල ඉතාම විශාල වෙනවා…..ඇති ඇති..මම ඉතින් මේ කතාවේ සේරම කිව්වොත් මේ ෆිල්ම් එකෙන් වැඩක් නැති වෙනවනේ..ඔයාලම බලන්නකෝ එහෙනම්…
මේක මගේ පලවෙනි ලිපිය හින්ද මගේ මේ ලිපිය ගැන ඔයාලගේ අදහසත් කමෙන්ටුවක් විදියට දාල යනවනම් මම හරිම කැමතියි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
2113 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-02-17
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Supiri kathawa
podikale TV eKEN bluwe (Hiru TV)
tv eke giye “දිය තුරඟා” kiyla
lipiya dkka hinda comment ek dan giya
passe dwsk ayeth blnna ona.
Goood LUck!
දමිත්, ස්තුතියි!
හරිම අපූරුයි. කදිම චිත්‍රපටයකට ඔබින සබ්ස් එක්ක බලන්නට වාසනාව දුන්නාට ගොඩාක් ස්තුතියි!!
thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි
Thanks
නියමයි සහෝ.බොහොම ස්තූතියි
………….උපසිරැසියට බොහොම ස්තුතියි …………..
Weta Digital kiyanne Peter Jackson ge company eka.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thanks මචන්………
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
me film 1ta sinhala sub denna puluwannam loku udawwak!
thanks
lassanai kiyala ahala thibba.sahoth kiyanawa nam api balamu. onna bewa.
Very Nice movie chamika bro, Thanks a lot
ලස්සන චිත්‍රපටියක් වගේ…
Thank you very much !
ඔන්න මාත් දැම්මා…. මටත් හිතෙනවා පටීට එකක් කියලා……
Thanks… මචන්…………..
ලස්සන ෆිල්ම් එකක් වගේ..
ස්තූතියි මේ ගැන කිව්වට.
thanks bro
ane kollo thawa kaekka hari set wela sub ekath dunnam thama mare maru
බොහොම ස්තුතියි සහෝ. ඒවගේම පළමු පොස්ට් එකට මගෙන් සුබ පැතුම්. ජය වේවා සහො..මමත් සිංහල උපසිරසත් එක්ක පරණ ෆිල්ම් එකක් දෙන්න අදහසක් තියෙනවා. මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තමා හදලා තියෙන්නේ .ටිකක් වෙනස් පැත්තකට බර නිර්මාණයක් . බයිස්කෝප්වල මෙවැනි ෆිල්ම් එකක් උපසිරසත් සමග දැක්කෙනැ.වැඩේ අවසන් වෙන්න ඔන්න මෙන්න ඉක්මනටම දෙන්නමි. ජය වේවා.( විකියා සහෝ ඔබව contact කරන්න විදිහක් කියනවද… ? සහෝ ඔයා නිසයි මටත් උපසිරස යොදන්න පෙලබුනේ. )
meeka nam maxxama kathawak, lama kathawakata eha giya kathawak
ela kiri ela kiri. mama me film eka balannamai hitiye. thanks dunnata. onna math banna damma. sinhala sub ekath thibunanam thawath hodai. eth kamak naha. film eka dunnata thank you very much.
බොහොම ස්තුතියි සහෝ. ඒවගේම පළමු පොස්ට් එකට මගෙන් සුබ පැතුම්. දෙවැනි එක සිංහල සබ් එක්කම දෙන්න උත්සහ කරන්න. ජය වේවා.
ඊලග එක සිංහලෙන් ගොඩදාමු සහෝ…..බොහෝම ස්තූතියි…!
ඔන්න මාත් බානව.මේ වගේ ෆිල්ම් වල මාර ගතියක් තියෙනව.සිංහල නැති උනාට කමක් නෑ.නොදන්න ඉංග්‍රීසියෙනුත් පොඩ්ඩක් බලමුකො.ජයවේවා චාමික විදුරංග සහෝ.බොහෝ………….ම ස්තූතියි…!
මේක මටත් බලන්න බැරි උන හොද බයිස්කෝප් එකක්..
දැන්වත් බලන්න ඕනේ.
ජයෙන් ජය~!
ලස්සන චිත්‍රපටියක් වගේ……..
නියමයි…….
බොහෝම ස්තුතියි ලිපියට….
ස්තූතියි චාමික සහෝ මේ වගේ අපිට බලන්න අතපසු වෙච්ච හොද චිත්‍රපටයක තොරතුරු අපිත් එක්ක බෙදා ගැනීම ගැන.
ලගදීම සිංහල උපසිරැසියක් සමගම චිත්‍රපටයක් ලබාදේවි කියල බලාපොරොත්තු වෙනවා… 🙂
නියමයිනේ.පලමු උප සිරැසියට ස්තූතියි.දිගටම උප සිරැසි දෙන්න බලන්න.අපි වගේ අයට නැත්තං ඉතිං තේරෙන එකක් යෑ.
පළමුවෙනි උත්සායට සුබ පැතුම් යාලුවා. සිංහල සබ් එක්කත් ෆිල්ම් එකක් දෙන්න. මේක මං බලපු මැක්සා ෆිල්ම් එකක්. කාලිංග කිව්ව වගේ මේ වගේ ඒවත් සතියට එක දෙකක් හරි දෙන්න පුලුවන් නම් හොදයි. අපිත් ඉංග්‍රීසි අකුරක් හරි ඉගෙන ගත්තේ මේව බලලා තමයි.
එළනේ මේක හුගක් තැන් වල මම දැකලා තිබුනා ඒත් බලන්න නම් බැරි වුනා…ඔන්න පලමු ලිපියට සුබ පැතුම්
අද ඉංග්‍රීසි සබ් එක්ක බලනවා එහෙනම් 🙂
එල නියමාආආආඅයි! මම මේවගේ ෆිල්ම් වලට මාර ආසයි! දැන්ම බානවා!
ela ela “චාමික විදුරංග” සොහොයුරාta jaya sri
ආ… තව දෙයක් කියන්න අමතක වුනානේ.. උදා කිව්ව වගේ සිංහල උපසිරැසියක් දෙන්නත් ට්‍රයි එකක් දෙමු නේද චාමික…. සුබ පතනවා!
meka beluwada koheda.. tnX!~
Meka balala tiyenawa hoda katawak…
බොහොම ස්තුතියි සාහෝ බලන්න වටින ෆිල්ම් එකක්…
elakiri machan.. sub dunnanam patta thama
මෙහෙම ඉංග්‍රීසි උපසිරසත් එක්කත් දෙන්න සතියට 1 කක් 2 කක් විතර..මොකද කඩ්ඩ හදා ගන්නත් එපාය
බොහොම තුති පළමු ලිපියට සහෝ
මේක බැලුවද මන්දා…
මතක නෑනේ…
කෝ ඉම්මු පොඩ්ඩක් මතක් කරලා බලන්න;
ම්ම්ම්!!! ම්හුම් මතක නෑ.
එහෙනම් ඉතිං මොකෝ කරන්නේ…
වෙන මොනව කරන්නද?
ගන්නවා 🙂
අහා, කොල්ලගේ මුල්ම එක නේද?
හුරුවෙන්න වගේ සිංහල වැඩකටත් අත දාමුද?
අනිවා සිංහලත් දෙයි කියලා අපි බලං ඉන්නවා.
ජය!
ela ela sub daanna unanduwa ati wewaaaaaaaaaa……….
ela ela..thnxxxx