අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBox-office HitsFeatured ArticlesMaxxASinhala Subtitleඅසංක ප්‍රදීප් රණතුංගඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේපවුලේ සැමටබලන්නවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිෆැන්ටසි

War for the Planet of the Apes (2017) with Sinhala Subtitles | වානර යුද්ධය [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 175 votes.
Please wait...

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මම මගේ එකසිය දහවන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. එත් ඉතින් කලින් කිව්වා වගේ සුපිරි වීරයෙක් ඉන්න එකක් නම් නෙවි. මේ චිත්‍රපටයේ හොඳ කොපි එකක් හදිසියේ ආවේ. ඉතින් හදිසියේම සබ් එක කරලා දෙනවා ඔයාලට. එත් ඉතින් එක්තරා විදියක සුපිරි වීරයෙක් තමා මේ කතාවේ ඉන්නෙත්.  ප්ලෑනට් ඔෆ් ද ඒප්ස් එහෙම නැත්නම් වානරයන්ගේ ලෝකය කියන්නේ 1968 ඉඳන් චිත්‍රපට ලෝකය තුල දක්නට තිබෙන කතාවක්. ඒ කියන්නේ මේ කතාවන්ට අදාළ පළමු චිත්‍රපටය එළිදැක්වෙන්නේ Planet of the Apes නමින් 1968 වර්ෂයේ දී. ප්‍රංශ ගත් කතුවරයෙක් වෙන Pierre Boulle විසින් රචිත Planet of the Apes or Monkey Planet කියන විද්‍යාප්‍රබන්ධ නව කතාව තමා මේ චිත්‍රපට මාලාවට යොදා ගන්නේ. මෙම චිත්‍රපටය කොච්චර ජනප්‍රිය උනාද කියනවා නම් ඊට පස්සේ තවත් චිත්‍රපට හතරක් නිර්මාණය වෙනවා එකිනෙක සම්බන්දව  Beneath the Planet of the Apes (1970), Escape from the Planet of the Apes (1971), Conquest of the Planet of the Apes (1972)Battle for the Planet of the Apes (1973) කියල.

ඊටපස්සේ මේ ආශ්‍රයෙන්ම රුපවාහිනී කතාමාලාවක් සහ ඇනිමේෂන්  ඒ කියන්නේ කාටුන් සිරිස් එකක් පවා නිර්මාණය වෙනවා. ඊළඟ චිත්‍රපටය අපට දක්නට ලැබෙන්නේ 2001 වර්ෂයේදී. ඒ තමා 20th Century Fox සමාගම ටින් බ්‍රටන් ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කරනා ලද Planet of the Apes (2001) චිත්‍රපටය. එත් දැන් මේ මම ඔයාලට දෙන චිත්‍රපටයත් ඇතුලත් රි බුට් චිත්‍රපට මාලාව නැතිනම් නව නිර්මාණය ලෙස ඉදිරිපත්වෙන චිත්‍රපට මාලාව ආරම්භ වෙන්නේ Rise of the Planet of the Apes (2011) කියන චිත්‍රපටය එක්ක. ඊළඟට එන්නේ එකේම ඊළඟ කොටස Dawn of the Planet of the Apes (2014). ඊළඟට තමා මම මේ දැන් ඔයාලට උපසිරසි ලබාදෙන War for the Planet of the Apes (2017) චිත්‍රපටය පැමිණෙන්නේ. මම මේ ලිස්ට් එකම කිව්වේ අර එක්දහස් නවසිය හැත්තෑ ගණන් වල චිත්‍රපට නොබැලුවත් මේ 2001 පටන් ගන්නා චිත්‍රපට මාලාව බලන්න වෙනවා ඔයාලට. නැත්නම් මේ කතාව අන්ඩර දෙමළ වගේ වේවි. මොකද ඒ චිත්‍රපට වලට සම්බන්දයි මේකත්. ඒවගේම මේ චිත්‍රපටය අවසන් වෙන්නේ තව කොටසක් එන්න පුළුවන් කියන තැනින්.

ප්ලෑනට් ඔෆ් ද ඒප්ස් කියන කතාව නොදන්නා අයට සරලවම කතාව තේරුම් ගන්න කියනවා නම්. හිතන්න මේ ලෝකේ අපේ තැන වානරයෝ ඒ කියන්නේ ඔය වදුරෝ, ගොරිල්ලෝ, චිම්පන්සි ගත්තොත් ඒවගේම එයාලගේ තැන අපි ගත්තොත් මොකද වෙන්නේ කියල. ඇත්තටම මේ කතාමාලාවේ සරල අදහස ඒක තමා. මිට පෙර චිත්‍රපට දෙකේ කොහොමද වානරයන්ගේ තැන මිනිස්සුට ලැබෙන්නෙත් මිනිස්සුන්ගේ තැන වානරයන්ට ලැබෙන්නෙත් කියල පෙන්නුම් කරනවා. ඔයාල දන්නවා මිනිසුන් වෙනුවට විද්‍යාත්මක පරීක්ෂණය වලට යොදාගන්නේ වඳුරෝ කියල. ඉතින් මෙහෙම පරීක්ෂණයක් කරනවා විශේෂ වයිරසයක් ගැන වඳුරන් යොදාගෙන. එකෙන් අවසානයේ වෙන්නේ එමගින් වානරයන්ට සුපිරි බුද්ධියක් ලැබීම සහ සිමියන් උන ලෙස ලෝකේ පැතිරීගෙන යන මෙම වයිරස් අසාදනයෙන් මිනිස්සු මිලියන ගණනක් මැරිලා යන එක. ඊටපස්සේ කෝබා කියන වානරයා විසින් එයාට වෙච්ච හිරිහැර වෙනුවෙන් මිනිස්සුන්ට විරුද්දව සටන පටන් ගන්නවා. ඒකට සීසර් කියල වානරයෙක් විරුද්දවෙලා කෝබා මරල දානවා. ඔන්න ඕක තමා මෙතෙක් කතාව ගැන සරලවම කියනවා නම්.

මේ චිත්‍රපටය පටන් ගන්නේ එතනින්. කෝබා මරල දැම්මත් මිනිසුන් වානරයන්ට විරුද්ධව යුද වදිනවා. ඒ හේතුව හින්ද සීසර්ට සිද්ද වෙනවා වානරයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කරන්න. මේ හේතුව හින්ද සීසර් මරාදැමීම අනිවාර්ය වෙනවා මිනිසුන්ට. ඒ අතරේ සිමියන් උණෙන් බේරුන මිනිසුන්ට අලුත් රෝගයක් වැළඳෙනවා.ඒ තමා ගොළු වීම සහ බුද්ධිය නැති වීම. ඒකියන්නේ සරලවම වානරයන්ට කතා කිරීම සහ බුද්ධිය වගේ මිනිස් ගුණ ලැබෙන අතරේ මිනිසුන් ගෙන් එම හැකියාවන් ඉවත් වෙනවා. ඉතින් ඊට විරුද්දව හමුදා කර්නල් කෙනෙක් ගෙනයන සටන සහ සීසර් ඊට මුහුණ දෙන ආකාරය තමා මේ චිත්‍රපටයේ පෙන්වන්නේ. ඉතින් මින්සුන් කවුද සතුන් කවුද කියල හරියටම මේ චිත්‍රපයට බලනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඉතින් IMDb අගය 7.8 වෙච්ච මෙම සුපිරිම චිත්‍රපටය දැන් බයිස්කෝප් වෙබ් අඩවියෙන් සිංහල උපසිරසි සහිතව බලන්න අවස්ථාව.

මම ඊළඟට අරන් එන්නේ අර කලින් කිව්ව සුපිරි විරයෙන් ගැන මම මම කලින් දුන්න චිත්‍රපටයේ දෙවැන්න. ඉතින් එකත් අරගෙන එන්නම් කියන ගමන් සමුගන්නම්.

බුදු සරණයි…!

War for the Planet of the Apes (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා යාවත්කාලින කර ඇත.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/08/AsankaGAP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

116 thoughts on “War for the Planet of the Apes (2017) with Sinhala Subtitles | වානර යුද්ධය [සිංහල උපසිරසි සමඟ]

    • Sanupa Ranmeth

      ඒක හැදුවා සහෝ. දැන් සබ් එක ඩවුන්ලෝඩ් වෙනව.

      Reply
  • Me sub eka download karanna beh

    Reply
    • Sanupa Ranmeth

      ඒක හැදුවා සහෝ. දැන් සබ් එක ඩවුන්ලෝඩ් වෙනව.

      Reply
  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • මොළ කකුලුස්

    Thanks for subtitles….අඩුපාඩු නම් නැ…නියමෙට කරල තියනව…

    Reply
  • chinthaka_priyadrshana

    thank u very very much bro………………..

    Reply
  • tharindu19971117

    Thanks bro…..

    Reply
  • Ela machan thankx for the comments….

    Reply
  • Meke 1 GB walata wada adu copy ekak nedda mcnlaaa

    Reply
  • Saranga Liyanagama

    Thanks bro…

    Reply
  • බොහොම ස්තූතියි අසංක අයියේ උපසිරැසියට…
    ෆිලුම නම් දූතයෙක් මාර්ගයෙන් හම්බවුනා. 😛
    කමෙන්ටුවක් දාලා යන්නයි අවේ..
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • supiri film ekak , thanks saho sub ekata

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසියට. ☺☺☺
    අනිවාර්යෙන් බලන ෆිලුමක් මේක.
    ජය වේවා..!!

    Reply
  • ආසිරි ප්‍රියන්ත

    හම්මේ, සුපිරියක්, මේකා නොවැ අරං ඇවිත් තියෙන්නේ, ඔන්න බලන්නයි යන්නේ. තැන්ක්ස් සබ් එකට ඈ.
    ජයවේවා!!

    Reply
  • විදුෂාන් සජිත්

    🙂 උපසිරසියට ගොඩාක් ස්තුතියි! 🙂 ජය වේවා!…

    Reply
  • Isuru Upendra

    සබ් එකට ගොඩක් ස්තූතියි!!

    Reply
  • Thanks !!!!!!!!!!!!!!

    Reply
  • Nirodhauthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya …..

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි

    Reply
  • BR Update enakm mai balan hitiye
    mam kohomath supiri film wala honda copy ekak enakm balan innawa
    SUB EKATA Thanks saho.

    Reply
  • BR update eka enakanma iwasagena hitiya. tnx macho sub 1ta. jaya wewa

    Reply
  • ස්තූතියි සහෝදරයා

    Reply
  • දසිත චාමික

    උපසිරැසියට බොහොම ස්තූතියි අයියේ ජය

    Reply
  • thanks Rana….
    obawa thawa upsirskin amathannam…………

    Reply
  • mahesh jayawardhane

    thank thank thank verry much aurudu ganak bala hitiya me movie eka enakam

    Reply
  • LSM HUSKAA

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!

    Reply
  • ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.බොහොම ස්තූතියි
    ජය වේවා!

    Reply
  • ප්‍රදීප්

    අප්ඩේට් එකට තුති

    Reply
  • Blu-Ray eka enakam balagena hitiya sahoo bohoam stuthi sahoooo

    Reply
  • Blue Rey eka update karanna

    Reply
  • BR update eka naddoooo

    Reply
  • Thisal Lakpura

    ස්තූතියි!

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!

    Reply
  • ඉෂාන්

    tnx machan.ela kiri

    Reply
  • Harsha Priyanath

    sub akata thank. all the best

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ෆටිටයි සහො..බෝම ස්තුතීයි අපට මෙික දුන්නට.එලමා…

    Reply
  • Planet of the ape anthima film ekada me ?

    Reply
  • Viraj Harsha

    Thanks sub ekta..jaya wewa.. “Star Trek Discovery” tv series ekatath sub denna..

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

    Reply
  • Amal Prasad

    jayawewaa sahoo!!!!!!!!!!!!!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…

    Reply
  • Lasantha Chandimal

    Niyamai..godak pin….wish u all the best..

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • thanks sub ekata.good luck

    Reply
  • කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 වසරවල දමිළ ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • Good work friend, Thanks!

    Reply
  • දමිත්

    බොහොම ස්තුතියි සහෝ සුපිරි චිත්‍රපටයකට සබ් දුන්නට.
    ජයෙන් ජය.

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • C. R. ජයලත්

    Niyamai Asanka Aiya Jaya Wewa!!!!!

    Reply
  • Praneeth priyadarshana

    Tks saho

    Reply
  • Gathsara Umesh Kumara

    “Asanka ayya” bohooooom sthuthiyi..ayge sub wl thyne qlty ek gn api okkooml dnawa hodt..bhom sthuthiyi…

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!

    Reply
  • උපසිරැසියට ස්තුතියි සහෝ!!

    Reply
  • pattaaa.. ikmanata hoda copy 1k upload karanna

    Reply
  • තිසර නියෝ

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • සමිත් නිරොෂන්

    Thank you very much for the sub

    Reply
  • kelum chathuganga abeysekara

    thanks

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • නිරෝෂ්

    බොහොම ස්තුතියි අසංක සහෝ.ජයවේවා!

    Reply
  • Withanage Priyantha Dayakeerthi

    අසංක ප්‍රදීප් සොයුර,
    මෙහි පැරණි ෆිල්ම් එකනම් නරඹලා තිබෙනවා, ඒ අනුව මෙම සිනමාපටයත් අනිවාර්යයෙන්ම හොඳ ඇති. ඔබේ වෙහෙසින් නිමවූ සිංහල උපසිරසියට මාගේ ස්තුතිය!

    Reply
  • Udara Damith B/K

    මේකේ හොද කොපියක් එනකල් අනිත් ටික බලනවා \
    ස්තුතියි
    අර පහල සනිදු කිව්වා වගේ ස්කොපියන් එකට පුළුවන් කට හරි ටිකක් පරක්කු වෙලා හරි දෙන්ඩ

    Reply
  • සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති අයියේ°|•|•|•|
    අයියා ඇඩ්මින් කෙනෙක් නිසා පොඩි ඉල්ලීමක් තියේ.. ස්කෝපියන් එකට සබ් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. දෙවෙනි එපියත් අද ආවා. අනික ගොඩ දෙනෙක් බලන කතාවක්. කලින් සීසන් එකෙත් ගොඩක් අතපසුවීමන් උන සීරිස් එකක්.මං හිතන්නේ බයිස්කෝප් එකේ ඒ තරම් කිසිම සිරිස් එකක් අවුල් වෙලා නෑ සබ් දෙන්න. මේක චෝදනාවක් නෙමෙයි. ඉල්ලීමක් විතරයි. පුලුවන්නම් සලකා බලන්න.. මේ ෆිල්ම් සිරිස් එකත් බලලා නෑ නේ. මුල ඉදන්ම බලන්න ඔනී. බී.ආර් ආව ගමන් අප්ඩේට් එකක් දාන්න අයියේ. ජය වේවා!
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

    Reply
    • Scorpion mala jarawak ne bn… Aprade time eka ekata spend karana.
      Uba wena TV series ekak balapan machan.

      Reply
      • සනිඳු ලක්ඛිත

        මං උබට නෙමෙයි මචන් කියුවේ. ස්කෝපියන් එකට වඩා හොද සිරිස් තියේ. හැබැයි ස්කෝපියන් කියන්නේ බයිස්කෝප් එකෙ 2000+ ඩවුන්ලෝඩ්ස් තියෙන සිරිස් එකක්..ඊටත් වඩා අඩුවෙන් ඩවුන්ලෝඩ් තියෙන සිරිස් වලට සබ් දීලා තියේ. අනික ස්කෝපියන් එක බලන්නේ විද්‍යාවක් ගැන දන්න එවුන් විතරයි. උබ මචං අනුන්ගෙ රෙදි හෝදන්නේ නැතුව සබ් එක අරගෙන තෑන්ක්ස් කියල හරි කමෙන්ට් එකක් දාගෙන පලයන්. සබ් දෙනවද නැද්ද කියලා ඇඩ්මින්ලා තීරනය කරයි. ඉල්ලීමක් කරන්න ඕනි කෙනෙක්ට පුලුවන්! අපිට ඕනි ඒවටයි අපි අපේ වෙලාව වැය කරන්නේ. නැතුව මේ උබට ඕනි ඒවට නෙමෙයි.

        Reply
        • Oya indian unge scientific rase man kyan na ithn. Uba widyawa godak dannawada bn?man hithanne 8 pass wlawath nathuwa athi ubanam

          Reply
  • කවිඳු නුවන් දේශික

    උපසිරැසියට ස්තුතියි සහෝ!!

    Reply
  • Ela bro supirinee. Thank u sub ekata…

    Reply
  • Nirodhauthpala

    Huta asankaya neh elama bro bro eanakan maga balan innava sub eakata thx digatama denna labeva keya hadavatinma partana karanava bro obata jaya

    Reply
  • uadaya saman

    ela machoo.enakan balan hitiye meka.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *