Watch Trailer

The Wind Rises (2013) | පෙම්වතිය අහිමි කල නව නිර්මාණය. [සිංහල උපසිරසි සමඟ]

මම අද ආවේ අති විශිෂ්ට ගණයේ ජපන් සිනමා කෘතියක් අරගෙනයි. මාව මේ චිත්‍රපටිය ගැන දැනුමත් කරලා, මේ චිත්‍රපටියට උපසිරසි කරන්න මට භාර දුන්න වාසල සොහොයුරාට මුලින්ම මගේ ස්තූතිය පුද කරනවා. මේ චිත්‍රපටිය ගැන කියනවනම්, මෙය ඔස්කාර් සම්මානයට පවා යෝජනා වූ චිත්‍රපටියක්. එමෙන්ම මෙම චිත්‍රපටිය තවත් සම්මාන බොහෝමයක් ද…

The Wind Rises

මම අද ආවේ අති විශිෂ්ට ගණයේ ජපන් සිනමා කෘතියක් අරගෙනයි. මාව මේ චිත්‍රපටිය ගැන දැනුමත් කරලා, මේ චිත්‍රපටියට උපසිරසි කරන්න මට භාර දුන්න වාසල සොහොයුරාට මුලින්ම මගේ ස්තූතිය පුද කරනවා. මේ චිත්‍රපටිය ගැන කියනවනම්, මෙය ඔස්කාර් සම්මානයට පවා යෝජනා වූ චිත්‍රපටියක්. එමෙන්ම මෙම චිත්‍රපටිය තවත් සම්මාන බොහෝමයක් දිනාගෙන තිබෙනවා. තවදුරටත්, මේ චිත්‍රපටියේ IMDB අගය දිහා බැලුවමත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මෙය කොතරම් විශිෂ්ට ගණයේ සලරුවක්ද කියලා. මේ සිනමා කෘතියට පදනම් වෙලා තියෙන්නේ මිට්සුබිෂි A5M සහ මිට්සුබිෂි A6M Zero යන ජපන් ගුවන් යානා වල නිර්මාපකයා වන ජිරෝ හොරිකෝෂිගේ ජීවන කතාවයි. සෑම දෙනාම නැරඹිය යුතු, ජීවිතයට ආදර්ශයක් ගත හැකි, අගනා චිත්‍රපටියක් ලෙස මේ චිත්‍රපටිය හැඳින්වීම නිවැරදියි.

මේ ලෝකය මෙතරම් සුන්දර වූවේත්, ලස්සන වූවේත්, සාම්ප්‍රදයිකත්වයෙන් මිදී වෙනස් ආකාරයට සිතූ මිනිසුන් නිසාවෙන් බව ඔබ මොහොතකට හෝ හිතුවාද? සියලු දෙනාම සම්ප්‍රදායික, ගතානුගතික ආකාරයට තම චින්තනය මෙහෙයවූවා නම්, දැන් ඔබ පාවිච්චි කරන පරිගණක යන්ත්‍රය, ඔබට එළිය දෙන විදුලි බුබුල මෙන්ම අපට බොහෝ ප්‍රොයෝජනවත් වන විදුලිය පවා අප අතර නොවන්නට තිබුණා නොවේද? එමෙන්ම මොහොතකට සිතන්න දැන් ඔබ පිවිස සිටින බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය පවා වෙනස් ආකාරයට සිතූ සුන්දර මිනිසෙකුගේ නිර්මාණයක් නොවේද? මේ ලොව මෙතරම් ලස්සන කිරීමට, සුන්දර කිරීමට, තම ජීවිතය කැප කළ එවැනි සුන්දර මිනිසෙකුගේ ජිවන කතාවයි මේ සලරුව මතින් දිග හැරෙන්නේ.තවත් එක් දෙයක් කියන්නම්, මෙම චිත්‍රපටිය නරඹන විට එහි 01:28:27 වන මොහාතේ සිට ඉදිරියට මඳක් අවධානයෙන් බලන්න. එවිට ඔබට වැටහේවි, තම සිහිනය සැබෑ කර ගැනීමට, මේ මිනිසාගේ තිබූ කැපවීම කොතරම්ද කියා. මෙම චිත්‍රපටිය සඳහා අන්තර්ජාලයේ තිබුණු ඉංග්‍රීසි උපසිරසි එතරම් හොඳ මට්ටමක නොවුණත්, මා හට හැකි අයුරින් එය සකස් කර ඔබේ රසවින්දනය සඳහා මෙය රැගෙන ආ බවද සඳහන් කර සිටිමි.

අපි දැන් මේ සලරුවේ කතාව දෙසට මදක් හැරෙමු. ජිරෝ කියන්නේ කුඩා කළ සිටම ගුවන් යානයක් නිර්මාණය කිරීමට සිහින මැවූ අයෙක්. කෙසේ හෝ ඔහු ගුවන් යානා නිර්මාණය පිළිබඳ හදාරා, ජපානයට ගුවන් යානයක් නිර්මාණය කිරීමට වෙහෙසෙනවා. ඔහු මේ සිහිනය සැබෑ කර ගැනීමට වෙහෙසෙන අතර, ඔහුට පෙම්වතියක්ද මුණ ගැසෙනවා. ඉන් පසු මේ දිරිය මිනිසාගේ ගුවන් යානයක් නිර්මාණය කීරීම සඳහා යන ගමන ගලා යන්නේ සුන්දර ආදර කතාවක්ද සමඟයි. නමුත් චිත්‍රපටිය අවසානයේදී ඔබ බලන්න, ඔහු ජයගන්නේ තමාගේ ප්‍රේමයද, නැත්නම් තමාගේ සිහිනයද කියා. මෙවැනි අපිරිමිත කැපකිරීම් කරමින්, මේ ලෝකය සුන්දර මෙන්ම සුවපහසු කිරීමට වෙහෙසුණු මිනිසුන්ට මගේ ගෞරවය පුද කරමින් ඔබෙන් සමුගන්නම්. මතක ඇතුව කොමෙන්ට් එකකුත් දාලා යන්න. ඔබට ජය.

The Wind Rises (2013) on IMDb

 

 

889 MB කොපිය මෙතනින් බාගන්න

f795da5634a3b09315ccd536f97ffb3f498d0a58 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,728 downloadsDownload The.Wind_.Rises_.2013.baiscopelk.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/IsharaV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර වෙත්තසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉෂාර වෙත්තසිංහ

Subtitles

1,728 downloadsDownload Subtitles35 KB

62 comments

  1. Chanaka

    ගොඩක් ස්තූතියි සහෝ මේක තෝරගත්තට

  2. shani

    thanks.
    mama nam godak asai me wage katha walata.

  3. නලින්

    ස්තුතියි ඉෂාර සහෝ!

    ජය වේවා!

  4. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  5. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  6. දිලුම් රන්දික

    මමත් ඔන්න ගත්තෝ.......ජය වේවා...

  7. Sami

    Thanx bro ..... :)

  8. milinda

    yalu ogollange me wade gindara.puluwannam ben 10 mula idan collection ekama danna legend of korra eke ithiri tika denna godak kal yaida?

  9. Givantha Arshakularathne

    Thank you.

  10. ජයනි

    Thank youuuuuuuuuuuu :)

  11. වරුණ රංගජිත් (වරූ)

    නියමයි හොඳේ...
    Thank you.

  12. Thimira

    Studio Ghibli මීට පෙර නිකුත් කරපු චිත්‍රපටි වලටත් උපසිරැසි දෙනවනම් වටිනවා. විශේෂයෙන් the grave of the fireflies, My Neighbor Totoro, whisper of the heart වගේ Studio Ghibli චිත්‍රපටි වලට. මේ උපසිරැසියට ස්තුතියි !!!!

  13. Kulanjana Maduranga

    pattai ahhhhhhhhhhh.hoda therimak.subata thanks ISHARA saho...keep it up.jaya wewa.....

  14. me

    Thanks

  15. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය................

  16. Lasiru

    Thanx...!!!

  17. ප්‍රදිප්

    බෝහෝම ස්තුතියි සහෝ.

  18. GLOBAL

    Thanks Saho...

  19. shashi

    Thank You Brother,,,,,,,,,,,,

  20. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි.....සහෝ

  21. somebody

    niyamaii ...aniwa balanawa.. sub tnxx sahoo

  22. Emi

    Million Thanks.....! :)

  23. LD

    බොහෝම ස්තූතියි…..සහෝ

  24. රොයිලි

    බොහොම ස්තූතියි ඉෂාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. nishshanka ruwan

    ස්තුතියි :)

  26. venuka

    thank machan mama hithanawa me film eka niyama ati kiyala
    japan film godak ewa lassanaine.

  27. Asitha

    Hayao Miyazaki ge nam aye ahanna deyak na,meka eyage aluthma film eka.Thanks.jaya wewa..!

  28. Viduranga

    Wenas Kathawak wage. honda therimak. godak Sthuthi.

  29. ඉෂාර වෙත්තසිංහ

    comment කළ ඔබ සැමදෙනාටම ස්තුතියි.
    @ thimira ඒ සමහර ෆිල්ම්ස් වලට ඉදිරියේදී සබ් දෙන්න පොඩි බලාපොරොත්තුවක් තියෙනවා......

  30. Chamindu

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  31. sahan

    thank you!!!!!!!!!!!!!!!

  32. kanchana

    oya kiyana widiyatanam balannama hithenawa, balamu neda ehenam

  33. Asitha

    Mara Lassana kathawak kauruth balanno...............

  34. ඉෂාර වෙත්තසිංහ

    මෙතෙක් අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි...........
    @ Asitha ෆිල්ම් එක බලලත් තව comment එකක් දාල වගේ,
    එකට බොහොම ස්තුතියි සහෝ

    1. අසිත

      elaz bro

  35. channa

    නියමයි , මේ වගේ අර්ථවත් කතා තවත් ගේනවට ස්තුතියි, මේ කාටුන් චිත්‍රපටි අනික්වට වඩා හොදයි

  36. Anuradha

    Thama baluwe na machan..download karanagaman..btw thank you..

  37. Mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!

  38. ඉෂාර වෙත්තසිංහ

    මෙතෙක් අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි………

  39. Kasun

    ela

    1. ඉෂාර වෙත්තසිංහ

      ස්තුතියි කසුන් සහෝ...........................

  40. Shan Vimukthi

    බොහෝමත්ම ස්තුතියි සහෝ උපසිරසියට
    දැන් බලන්නයි හදන්නේ
    මේක මම උපසිරසි කරන්නම් කියල හිතන් උන්නු එකක්
    ඒත් ඔයා ඉස්සරවෙලා නොවැ
    බොහොම අගෙයි
    මේ වගේ වටිනා නිර්මාණ තව තවත් අරන් එන්න ලැබේවා!

    1. ඉෂාර වෙත්තසිංහ

      හා එහෙමද සහෝ...................
      ගොඩක් ස්තුතියි.................
      තව දෙයක් කියන්න තියෙනවා...............
      මම කලින් දවසක Before Sunrise ෆිල්ම් එකට සබ් කරන්න බලනකොට,
      ඔයා ඒකට සබ් කරලා තිබුනා......
      ඊට පස්සේ මම ඒක අරන් බැලුවා................
      ඒක ඔයා සබ් කරලා තියෙනවා සුපිරියි...............
      ඇයි සහෝ ඒකෙ 2වෙනි කොටස Before Sunset ෆිල්ම් එක සබ් කරේ නැත්තේ?
      ඔබට ජය.

  41. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  42. Sanjaya

    Boho Pin Saho.......

  43. Supun J

    සිනමා කෘතිය අගනා බව ඔබේ කෙටි රසවත් විචාරය තුලින්ම පෙනේ හැමෝම තුල චමත්කර දේ දැකීමට බොහෝ ආශාවක් තියෙනවා නමුත් එවන් චමත්කාර දේවල් නිර්මාණය කරන්නට සැමටම ජවය නැත්තේය . ඔබට ජය !!

  44. ඉෂාර වෙත්තසිංහ

    දිමුතු, Sanjaya සහ Supun J අදහස් දැක්වුවාට ගොඩක් ස්තුතියි.
    Supun J සහෝ ඔයා කිව්ව කථාව නම් සම්පුර්ණ ඇත්ත.

  45. දිල්ෂාන් කාලිංග (ඩිලා)

    එල එල....
    මේ වගේ එකක් මගහැරලා කොහොමද...
    ඔන්න ගත්තා එහෙනම්.
    බොහොම ස්තුතියි සහෝ සබට....

  46. ඉෂාර වෙත්තසිංහ

    ස්තුතියි දිල්ෂාන් කාලිංග (ඩිලා) සහෝ...............

  47. Mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!

    1. ඉෂාර වෙත්තසිංහ

      thank you Mindika සහෝ..........

  48. Naween

    උපසිරැසි දුන්නට බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න.ඔබට ජයෙන් ජය....!!!

    1. ඉෂාර වෙත්තසිංහ

      ස්තුතියි Naween සහෝ……………

  49. Gihan Chamara

    me wage wishista nirmana wala sub denawata godak pin
    thank you very much

  50. Isuru Dimantha

    බොහොම ස්තූතියි උපසිරැසියට

Load more comments