Watch Trailer

Theeya Velai Seiyyanum Kumaru (2013) | කෙල්ලෙක්ගෙ ආදරේ දිනාගන්න ඕනෙනම් ගින්දරමෙන් වැඩකරන්න [සිංහල උපසිරසි සමඟ]

මේ සැරේ අරගෙන ආවෙ 2013 වසරේ තිරගතවුනු සුපිරි දමිළ චිත්‍රපටයක්. මේ සදහා ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙන් 6.2 ලකුණු ප්‍රමාණයක් හිමිවෙලා තියනවා. Siddharth, Hansika Motwani, Samantha Ruth Prabhu, Santhanam වගේ සුපිරි නළුනිලි සෙට් එකක් තමයි රඟපාන්නෙ. ඒ වගේම කියන්න ඕනෙ මම කොච්චර ඉංග්‍රීසි සහ හින්දි චිත්‍රපට…

Theeya Velai Seiyyanum Kumaru (2013)

මේ සැරේ අරගෙන ආවෙ 2013 වසරේ තිරගතවුනු සුපිරි දමිළ චිත්‍රපටයක්. මේ සදහා ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙන් 6.2 ලකුණු ප්‍රමාණයක් හිමිවෙලා තියනවා. Siddharth, Hansika Motwani, Samantha Ruth Prabhu, Santhanam වගේ සුපිරි නළුනිලි සෙට් එකක් තමයි රඟපාන්නෙ. ඒ වගේම කියන්න ඕනෙ මම කොච්චර ඉංග්‍රීසි සහ හින්දි චිත්‍රපට වලට උපසිරැසි ලබා දුන්නත් දමිළ චිත්‍රපටයකට උපසිරැසි ලබාදෙන ප්‍රථම වතාවතමයි මේ.

මේක ඇවිල්ලා කොමඩි විදිහටයන ලස්සන ආදර කතාවක්. කතාවෙ නායකයා තමයි කුමාර්. මෙයාට පොඩිකාලෙ ඉදලම කෙල්ලො නිසා ඇතිවුනේ ප්‍රශ්න විතරයි. ඒක නිසා මෙයාට කෙල්ලො පේන්න බෑ. ඔන්න ඉතින් දවසක් කුමාර්ගෙ ඔෆිස් එකට සංජනා කියලා ලස්සන ගෑණු ළමයෙක් එනවා. ඉදලා ඉදලා කුම‍ාර්ගෙ හිතේ සංජනා ගැන ආදරයක් ඇතිවෙනවා. හැබයි ඉතින් කුමාර්ට කලින් ඒ ඔෆිස් එකේම ඉන්න ජෝර්ජ් කියලා හාදයෙක් ඉස්සර වෙනවා. ජෝර්ජ් කියන්නෙ කුමාර්ට වැඩිය ලස්සන, සල්ලි තියන, කා අතරත් ප්‍රසිද්ධ නළුවෙක් වගේ පොරක්. ලේසියෙන්ම වගේ ජෝර්ජ් සංජනා එක්ක යාළුවෙනවා. මේක කඩලා සංජනාව තමන්ගෙ කරගන්න ඕන වුනු කුමාර් ආදරය සම්බන්ධයෙන් උපදෙස් දෙන මොකියා කියලා පොරක්ව හමබවෙන්න යනවා. මේ මොකියා කියන්නෙ සල්මන් ඛාන්, දෝනි වගේ ඉන්දියාවෙ දැවන්ත චරිතවලට පවා උපදෙස්දෙන කෙනෙක්. මොකියා ඉස්සෙල්ලම කරන්නෙ ජෝරජ් එක්ක කරට කර තරඟකරන්න පුලුවන් විදිහට කුමාර්ව වෙනස්කරනවා. ආහ් කලින් කියන්න බැරිවුනානෙ කුමාර් කියන්නෙ තමන්ගෙ පාඩුවෙ වැඩක් කරගෙන ඉන්න කෙල්ලොගැන කිසිදෙයක් දන්නැති ඩයල් එකක් කියලා. ඉතින් මොකියා කුමාර්ව ජෝර්ජ් වගේ සල්ලි තියන පොරක් කරනවා. ඊටපස්සෙ එකඑක ජිල්මාට් වැඩදාලා ජෝර්ජ්ගෙ චරිතෙ හොද නෑ කියලා සංජනාට පෙන්නලා දීලා ඒ සම්බන්ධෙ කඩලා කුමාර්ට සංජනාව සෙට්කරලා දෙනවා. ඔන්න දැන් වැඩේ හරි. හැබැයි දැන් තමයි චිත්‍රපටියෙ නියම හරිය පටන්ගන්නෙ. මේ සංජනා කියන්නෙ කවුද? මොකියට සංජනාඑක්ක තියන සම්බන්ධෙ මොකක්ද කියලා  මොකියා වගේම අනිත්අයත් දැනගත්තට පස්සෙතමයි කාටකාටත් තරැ පේන්නෙ.

මේ චිත්‍රපටයට සබ් දාන්න හිතුනෙ ටීවීඑකේ යනවාදැකලා. ආයි නෑ පටන්ගත්තු වෙලාවෙ ඉදලා බොහොම රසවත්ව හා කුතුහලයෙනුයි කතාව ඉදිරියට ඇදෙන්නෙ. පහුගියකාලෙ දීපු චිත්‍රපටවලට නම් ක්මෙන්ට්ස්වල පොඩි අඩුවක් තිබුනා. ක්මෙන්ට්ස් නෑ කියලා සබ් දාන එකනම් නවත්තන්නෙ නෑ. නිදහස් වෙලාවක් ලැබුනුගමන් ආපහු සබ්එකක් කරලා එවන්නම්. එහෙනම් මං ගියා.ජය වේවා……!

Theeya Velai Seiyyanum Kumaru (2013) on IMDb

 

 

900 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

1D9A644F937AA9DDE9011E209D83C127BB643353 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,008 downloadsDownload Theeya-Velai-Seiyyanum-Kumaru-2013.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,008 downloadsDownload Subtitles68 KB

57 comments

  1. Chamoud Dayanpriya

    Niyamai ne.......sub 1 denakan hitiye....tnQ yalu

  2. Chamoud Dayanpriya

    onna mama 01

  3. තරිඳු දිල්ශාන්

    කමෙන්ට් නෑ කියල සබ් දෙන එක නවත්තන්න එපා සහෝ......
    ඔබට ජය....!

  4. Sisira Hegoda

    Thanks.

  5. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ලක්ෂාන් සහෝ..
    මොක්ද සද්ද නැත්තෙ කියල බැලුවෙ.
    පට්‍ට් එකක් ගෙනත් තියෙන්නෙ.
    ඊලග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. චාරුක ලක්ෂිත

    ඔන්න මමත් බා ගත්තා....

  8. Yenu

    Thank you Brother...........

  9. yasasa lakmintha

    පට්ට කතාවක් වගේ. උපසිරසට තුති..! ජය වෙවා සහෝ.. :) :)

  10. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍මාත්‍ ‍මේ‍ක‍ට ‍ක‍රන්‍‍න ‍හි‍ටි‍යේ, ‍
    න‍මුත්‍ ‍වෙ‍ලා‍වක්‍ ‍ලැ‍බු‍නෙ ‍නෑ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!!!

  11. Givantha Arshakularathne

    Thank you.

  12. chamara buddhika

    sub dunnata thanks..........

  13. Chamika

    Race Gurram Subtitle Please

  14. Kulanjana Maduranga

    patta banadayak..........tamil nm aniewa balanawa.subata thanks LAKSHAN saho.comment adu una kyla salenn epa.digatama sub denn.jaya wewa..........

  15. වරුණ රංගජිත් (වරූ)

    කෙල්ලෙක්ගෙ ආදරේ දිනාගන්න ඕනෙනම් ගින්දරමෙන් වැඩකරන්න
    හ්ම එහෙමද.....
    ඔන්න ගත්තා එහෙනම්

  16. amila-kandy

    ela ela theligu flm....sub 1 ta thak youuu... :D

  17. deanuwan

    maru filuma aaa onna bava,thanx

  18. me

    Thanks

  19. Aditha Praween

    නියමයි !
    නියම චිත්‍රපටියක් !
    ජය පතනවා !
    :D

  20. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  21. “චූටී මල්ලි”

    "ක්මෙන්ට්ස් නෑ කියලා සබ් දාන එකනම් නවත්තන්නෙ නෑ."

    උඩ තියෙන අදහසට නම් මන් ගරු කරනවා මචෝ
    මේක බලන්න හිතයි
    සබට තුති
    ඔබට ජය.........

  22. Kalana

    Nice... Good Work Bro....

  23. Thiwanka

    එළ සහෝ................

  24. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි, ජයවේවා.

  25. nishshanka ruwan

    ස්තුතියි :)

  26. රොයිලි

    බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. somebody

    direct link eka ta sub eka galapenne naha ne machan

  28. නලින්

    ස්තුතියි ලක්ෂාන් සහෝ!

    ජය වේවා.

  29. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  30. ෂෙහාන් [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  31. DNTDS

    Sub 1ta Thanks ...

  32. nandana

    a... mara film aka full fun thanks macho.......!

  33. Naween

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ඔබට ජය ...!

  34. T.C.Sampath

    Super godak theligu film balanna asay eka hinda banawa onna thanks saho obata jaya.

  35. samiya

    elaaaaaa mama nam aasa mewage ewata thama banz fatta ah

  36. Sanjaya

    උපසිරසට බොහොම ස්තුතියි වගේම බොහෝම පිං සහෝ.........

  37. Akila

    patta machannnnnnn

  38. Pradeep

    Thanks Macho sabata
    tamil nam ithin aniwa balimak thama.

    1. Anonymous

      Film aka download kara ganna puluwan link akak nadda

  39. Thiwa

    එල එල සහෝ..
    ඕන් ගත්තා එහෙනම්...
    ජය වේවා!!!

  40. jayani chathupraba

    thank you lakshan

  41. සඳුන් තාරක

    thanks macho

  42. Thiwanka

    thankz saho.... elz

  43. Rukshan

    නියම සබ් එක අයියේ දිගටම මේවගේ සබ් කරමු.ජයෙන් ජය!ෆිල්ම් එකත් හොදයි.

  44. Menu

    :D :D Thank you!

  45. AppLe SpiDee

    Thank you wewaaaa....!

  46. Kalindu

    Tnx

  47. madhawa

    thanks macho... :D

  48. Daz

    Thank you brother!

  49. Raji

    Ela....!

  50. Tharaka

    Ela machan. Keepi it up....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.