අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Trigger (2022) Sinhala Subtitles | ඇවිලවීම [සිංහල උපසිරසි]

Rating: 9.2/10. From 26 votes.
Please wait...

එක කැළේක…
තමන් කවුද කියල දන්නෙ නැති පූසෙක්…
තමන් සිංහයෙක්, කොටියෙක් කියල විශ්වාස කරල අහංකාර විදියට හැසිරුණාම…
සිංහයෙක් ඉන්න කැළේක…
සිංහයා බළල් පවුලට අයිති වුණා කියල පූසට…
කොටියෙක්වත් සිංහයෙක්වත් වෙන්න බෑ
දැන්වත් උඹට තේරුණා කියල හිතන්නෙ
පූසා කවුද ? සිංහයා කවුද කියල…

ආයුබෝවන් යාළුවනේ, Kuruthi Aattam (2022) එකට පස්සෙ Atharvaa ගේ අලුත්ම චිත්‍රපටයට උපසිරැසිය අරගෙන මම ආවා. 2023 සැප්තැම්බර් මස 23 වන දින තිරගතවීම ආරම්භ කරන ලද පැය 2 කුත් විනාඩි 17ක් පුරාවට දිවෙන IMDb අගය 8.4ක් අරගෙන තියෙන Drama, Action ගණයට අයත් චිත්‍රපටයක්. Sam Anton ගේ අධ්‍යක්ෂණයක් යටතේ Atharvaaට අමතරව Tanya Ravichandran, Rahul Dev Shetty, Arun Pandian, Azhagam Perumal යන අය සෙසු චරිත වලින් දායක වෙනවා.

හැමෝටම මගේ තාත්තා පිස්සෙක් වගේ
පරාජිත පොලිස් කාරයෙක් වගෙයි බලන්නෙ
දවසක මගේ තාත්තා දිනයි
මම එයාව දිනවන්න තියනවා

ප්‍රභාකරන් පොලිස් මෙහෙයුමකදි කරන ලද අණ කඩ කිරීමක් හේතුවෙන් එයින් නෙරපා හරිනු ලබනවා. පසුව පොලිස් කොමසාරිස්වරයාගේ නියෝග යටතේ තමිල්නාඩු පොලිස් දෙපාර්තමේන්තුවේ (T.N.P.D) රහස් අංශයේ නිළධාරියෙකු විදියට සේවය කරන්න පත් කරනව. එයාලගෙ පොලිස් ස්ථානය විදියට තියෙන්නෙ පරණ හෝටලයක් ඇතුලේ. එතන ඉදන් ඒ ප්‍රදේශයේ ඕනම පොලිස් ස්ථානයක වෙන දේවල් අහන්න දකින්න පුලුවන්. ප්‍රභාකරන්ගෙ අයියයි නෑනටයි දරුවෝ නැති නිසා අනාත නිවාසයකින් දරුවෙක් අරගෙන හදාගන්න කියල ප්‍රභා යෝජනා කරනවා. එයා දන්න කෙනෙක්ගෙ අනාත නිවාසයක් ගැන කියල එහෙට ගියාට පස්සෙ නිෂා කියල ගැහැණු ළමයෙක්ට තමයි එයාලගෙ අයියගෙයි නෑනගෙයි හිත ගියේ. නමුත් ගැටලුවකට තිබුණේ නිෂාව කලින් අරගෙන හදාගත්ත දෙමාපියෝ එයාලට ආපහු නිෂා ඕනෙ කියන නිසා නීතිමය ප්‍රශ්නයක් තිබුණ එකයි. ඔය අතරේ ප්‍රභාගේ රහස් සේවයට ළමයි පැහැරගන්න මාෆියාවක් ගැන වාර්තා වෙනවා. ඒ ගැන හොයන්න වෙහෙසෙන අතරේ ප්‍රභාගෙ අයියයි නෑනයි අරගන්න කියල බලාපොරොත්තුවෙන් හිටිය නිෂාවත් පැහැර ගැනීමකට ලක්වෙනවා. මේ අවුරුදු 21 විතර මේ පැහැරගැනීම් කරපු මහ මොලකරුවා කොහොමද මෙච්චර කාලයක් මේව කරල තියෙන්නෙ ? නගරේ ප්‍රසිද්ධ තැනක සී.සී.ටී.වී. කැමරාවලට පේන්න එක පැහැර ගැනීමක් කරල පොලීසියේ මුළු අවධානම ඒ වෙතට යොමු කරල ඊට වඩා පැහැරගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, ආයුධ ජාවාරම් වගේ දේවල් කරන එකයි මොවුන්ගෙ වැඩේ වෙන්නෙ. ඉතින් නිෂාව හොයාගෙන ප්‍රභා ජාවාරම් කාරයන්ගෙ පස්සෙන් පන්නන ගන්නව එයාලගෙ රහස් ඔත්තු සේවාවේ සහයත් ඇතුව. ඉතින් ඔය තමයි කතාවේ මූලාරම්භය වෙන්නෙ, නමුත් මේක පටන් ගන්නෙ 1993 සිද්ධි දාමයක් එක්ක, ඒ ප්‍රභාගේ තාත්තා පොලිස් නිළධාරියෙක්ව සිටියදි හටගන්න සිදුවීමකින්. එහෙනම් මගේ යාළුවනේ ඉතුරු ටික ඔයාලට බාර කරල මම යනව. හැමෝටම තෙරුවන් සරණයි.



 

 

 

Due to copyright issues,
we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Tamil HQ HD පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

37 thoughts on “Trigger (2022) Sinhala Subtitles | ඇවිලවීම [සිංහල උපසිරසි]

  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි !

    Reply
  • Thanks brother
    Keep it up

    Reply
  • Thank you brother

    Reply
  • ජය වේවා

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • බොහෝම ස්තුතියි ❤ සබ් එකට…
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි

    Reply
  • තෑන්ක්ස් සබ් එකට

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Windows 11 walata me subtitles wada karanne nadda?

    Reply
  • ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    Reply
  • රොම්බ නන්‍රි කොම්ලෝ

    Reply
  • ස්තූතියි ඔෂධ අයියේ!

    Reply
  • බොහොම ස්තුතියි ගුනාත්මක සබ් දෙනවට සහෝ
    අර ගුනෙරු එකේ දෙකයි පනහේ සබ් වගේ නැතුව

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

    Reply
  • Thanks brother

    Reply
  • බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • karthikya 2 ekata ai sub naththe

    Reply
    • eka karana gaman inne sahodharaya ape kenek.. ikmanata dei

      Reply
  • Bro laal singh chaddha ekata sub eka denna ko

    Reply
    • eka ape kenek karana gaman sahodaraya.. ikmanata dei

      Reply
  • Bro laal singh chaddha ekata sub eka dennako

    Reply
  • Thanks bro sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *