True Detective [S02 : E06] | ඝාතන කුටිය. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ හයවෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ… වැළලී ගිය බෙන් කැස්පර් ඝාතනය පිළිබඳ දිස්ත්‍රික් නීතීඥවරිය රහසිගතව පරීක්ෂණයක් පවත්වන්න තීරණය කරනවා. ඒකට අපේ පරීක්ෂකවරු තුන්දෙනාවම තමයි සම්බන්ධ කරගන්නේ. වැල්කොරෝනම් මුලදි ටිකක් අකමැති වෙනවා. ඒත් දරුවගෙ අයිතිය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටිනවා කියලා නීතිපතිවරිය ලබා දෙන පොරොන්දුව නිසා ඔහු අන්තිමේදි මේ බෙන් කැස්පර් ඝාතනය සම්බන්ධයෙන් හොයන්න කැමැත්ත දෙනවා. පරීක්ෂක බෙසිරිඩීස් බෙන් කැස්පර් ගැන හොයන්න යන ගමන් අර අතුරුදහන් උණ ගෑනු ළමයා -වේරා ගැනත් හොයන්න උත්සාහ කරනවා. ඒ අතරේ අපේ පරීක්ෂවරුන්ට අතුරුදහන් උණ දියමන්ති වල ඡායාරූප වගයක් ලැබෙනවා. ඒ හෝඩුවාව පිටිපස්සේ හොයාගෙන යන වුඩ්රෆ්ට දැනගන්න ලැබෙනවා මේ දියමන්ති ගැන ඔවුන්ට කලින් ඩික්සන් දැනගෙන ඉදලා තියෙනවා කියලා. ඒ අතරේ වැල්කොරෝට දැනගන්න ලැබෙනවා තමන් මරා දැමුවේ තමන්ගෙ බිරිඳව දූෂණය කල ඇත්තම දූෂකයා නෙවෙයි කියලා. ඉතින් ඔහු කරන්නේ ඔහුට ඒ වැරදි ඔත්තුව දීපු ෆ්‍රෑන්ක් නැමති මැරවරයව හොයාගෙන යන එකයි.
ඉතිං යාළුවනේ. මෙවර කොටසත් අති සුපිරි විදිහට ගලාගෙන යනවා. වැල්කොරෝට වැරදි ඔත්තුවක් දීපු ෆ්‍රෑන්ක්ව ඝාතනය කිරීමේ අරමුණින් වැල්කොරෝ ෆ්‍රෑන්ක් හමුවට යනවා. ඒ අතරේ අර අතුරුදහන් උණ දියමන්ති ගැන හොයන්න වුඩ්රෆ් යනවා. මෙවර බෙසිරිඩීස් විසින් අනිත් පරීක්ෂකවරු දෙන්නටම වඩා අවදානම් වැඩකට අත ගහනවා. ඒ තමයි අර රහසිගතව පවත්වන සාදයකට ගණිකාවක් විදිහට වෙස් වලා ගෙන යන්න හදන එක. ඒකට ඇය උදව් ගන්නේ ඇගේ අක්කා වන ඇතීනාගෙන්. ඒ අතරේ වැල්කොරෝ තීරණය කරනවා තමන්ගෙ හිටපු බිරිඳගෙ සහ පුතාගෙ ජීවිත වලින් සදහටම ඈත් වෙන්න. ඒ අතරේ ෆ්‍රෑන්ක් විසින් ඉරීනා රුල්ෆෝ නැමති ගෑනු ළමයා ගැන හොයන්න උත්සාහ කරනවා. ඇය තමයි බෙන් කැස්පර් ඝාතනයෙන් පසු ඔහුගෙ ගෙදර තිබුණ බඩු උගස් කරපු කාන්තාව.
ඉතිං යාළුවනේ… වැල්කොරෝ විසින් ෆ්‍රෑන්ක්ව ඝාතනය කරාවිද? දියමන්ති වලට සිදු උණ දේ වුඩ්රෆ්ට හොයාගන්න පුළුවන් වේවිද? බෙසිරිඩීස් අර සාදයට ගිහින් මොනවා හොයාගනීවිද? ෆ්‍රෑන්ක්ට ඉරීනා රුල්ෆෝව හොයාගන්න පුළුවන් වේවිද? බෙන් කැස්පර් ඝාතනය සම්බන්ධයෙන් අළුත් යමක් හොයාගන්න අපේ පරීක්ෂකවරුන්ට හැකි වේවිද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!
SInhala Subtitles
-- Count 4110 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode>>
Thanks
Thanks ………………..good luck …………………….
නියමයි.thnx subවලට
Macho. Criminal Minds, CSI TV Series wala Sinhala Subtitle Dannako. Hugak Watinawa.
ඔබට බොහෝම ස්තතියි
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
……………………
#Hail_Hydra
”””””””””””””””””’
niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි දිනිඳු.ජය වේවා!
උපසිරසියිට තුති 🙂
පුලුවන්නම් දි ඔරිජිනල්ස් සීසන් 2 ඉවර කරන්නකෝ …..
තව කොටස් 2 යි තියෙන්නේ
—————————————————->
ස්තූති සහෝ!!!
ජය!!!
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tanks denakan hitiye
බොහොම ස්තුතියි අයියේ 🙂 තව කොටස් දෙකායි.. 😀 ජය වේවා !!
නියමයි දිනිදු අයියා!
ජය වෙව්!
තෑන්ක්ස් සහෝ!
ජයවේවා!
Thank you!
Thanks