පියාණෙනි, ඔබ මේ වන විට බොහෝ ව්‍යාකූල වී ඇති. ටියාල්හාව මහා දෙවොලට රැගෙන ගියා, එමෙන්ම ධවල කූට කන්දේ හදවත් ඔබ වෙත පැමිණිලා. ඔබ දැන් කුමක්ද සිදු කරන්නේ? ඔබ සතුරෙකුට මෙන් සලකන්නේ කාටද? ඔබ තවමත්, ඉගුටුවෙකු වීමේ කරුණ පිළිබඳ ලැජ්ජා වෙනවාද? දැනට, කටකතා රස විඳින්න. කම්පනය වෙමින් පවතින සියල්ල අවසානයට පැමිණීම…

පියාණෙනි,
ඔබ මේ වන විට බොහෝ ව්‍යාකූල වී ඇති.
ටියාල්හාව මහා දෙවොලට රැගෙන ගියා,
එමෙන්ම ධවල කූට කන්දේ හදවත් ඔබ වෙත පැමිණිලා.
ඔබ දැන් කුමක්ද සිදු කරන්නේ?
ඔබ සතුරෙකුට මෙන් සලකන්නේ කාටද?
ඔබ තවමත්,
ඉගුටුවෙකු වීමේ කරුණ පිළිබඳ ලැජ්ජා වෙනවාද?
දැනට,
කටකතා රස විඳින්න.
කම්පනය වෙමින් පවතින සියල්ල
අවසානයට පැමිණීමට එක්වේවි.

ටාන්‍යා සායාගේ සේවිකාව වශයෙන් සායාට පක්ෂපාතී බව පෙන්වමින් බලය ලබා ගත හැකි මාර්ග පිළිබඳව ඉගෙන ගන්නවා. මේ අතරේදී ඉයුන්සම් සහ දල්සේ සමඟ වහල් සේවය වෙත ගෙන යන ලද ටෝඩේ ඉයුන්සම් හට චෝදනා කරමින් සිය දිවි නසාගන්නවා. මේ අතර ටාගොන් හට තම බලය පෙන්වීම උදෙසා ආසා රොන් මිනිසුන්ව උමතුවට පත් කර එයට හේතුව කෝපයට පත්වූ නීන්තාල් සහ ඉගුටු ආත්ම බව සඳහන් කරනවා. එම ආත්ම සැනසීමට නම් ටාගොන් හට පූජාවක් කිරීමට සිදු වෙනවා මෙන්ම ඔහුට එහිදී ආසා රොන් හට දණ නැමීමටත් සිදු වෙනවා. සායා සමඟ සිටින ටාන්‍යා සියළුම කටයුතු වලදී ඔහු පසුපසින් සිටින නිසා ඇයට සායා සමඟ යම් පූජාවකට යාමට සිදු වෙනවා. ධවල කූට කන්දේ හදවත් නම් එම සංවිධානයෙන් ආසා සින්ගේ සත්‍ය වූ ධර්මය අදහන බව පැවසෙනවා මෙන්ම ඔවුන් වහාන් ගෝත්‍රකයන්ගේ මුහුණු සැරසීමේ ක්‍රමය භාවිතයට ගන්නවා. ඔවුන් පවසන්නේ අරාමුන් හේසුල්ලා ඉගුටුවෙකු බවයි. මේ වන විට මුබෙක් පිළිබඳව සැක සහිතව පසුවන ටාගොන් ඔහුව පරීක්ෂා කිරීම උදෙසා ඔහුව අල්ලා ගන්නා නිසාවෙන් තමන් දන්නා දෙයක් හෙළිකර ටාගොන්ගේ විශ්වාසය දිනාගැනීමට මුබෙක්ට සිදු වෙනවා. එහිදී ආසා සින්ගේ බ්යොල්දයාව හෙවත් ඇගේ පූජනීය භාණ්ඩය ටාගොන් වෙත ලබා දෙන මුබෙක් ආසා සින්ගේ ඍජු උරුමකාරිය ටාන්‍යා බව පවසනවා. මේ අතරම ටාන්‍යාත් එය සොයාගන්නවා.

මේ වන විට ටාන්‍යාට අවශ්‍ය නම් බලය වෙත ය‍ාමේ මාර්ගය විවෘත වී පැවතියත් ඇය තවමත් ඒ පිළිබඳ සිතමින් පසුවෙනවා. නමුත් ටාගොන් තමා දැනගත් සත්‍ය හේතුවෙන් ආසා රොන්ව ඉවත් කිරීමට හැකි බව දැන ඒ පිළිබඳ ක්‍රියාත්මක වෙනවා. ඔහු ආසා රොන්ට විරුද්ධව සිදු කරන්නේ කුමක්ද? ටාන්‍යා අවසානයේ ටාගොන් හට සත්‍ය පවසාවිද? සායා ටාන්‍යා පිළිබඳ දැනගනීවිද? ඉයුන්සම්ව රැගෙන යන්නේ කුමන ස්ථානයකටද? ඔහු සිදු කරන්නේ කුමක්ද? මේ අතර ධවල කූට කන්දේ හදවත් වලට මුහුණ දීමට සිදු වන්නේ කුමන ආකාරයේ වාතාවරණයකටද? පූජකවරයෙක්ව මරා දැමුවේ කවුරුන්ද? ටාන්යාට මුබෙක්ව මුණ ගැසේවිද? මේ වන විට ආර්ත්දල් වෙත පැමිණ තිබෙන නීන්තාල්වරුන් මිනිසුන් හමුවට පැමිණේවිද?

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,709 downloadsDownload Arthdal.Chronicles.S01E10.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

2,709 downloadsDownload Subtitles37 KB

10 comments

  1. Prabod

    ගොඩක් ස්තුතියි

  2. Anonymous

    thankuuuu !!!!

  3. Dhanush Narangoda

    ඉක්මනින් සබ් ටික දෙනවට තැන්ක්ස් බං... ඉතුරු ටිකත් ඉක්මනින් දියන් වස්තුවේ

  4. U.S.R Vidanaarachchi

    What's wrong with secretary kim eke subtitle dennko

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  7. nadeera3d

    video 1 thama upload karala nane... Buth Sub 1ta Thanks

  8. Ishan Madusha

    ස්තූතියි

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Nilush Angana

    Sub ekata thanx