ඔබ නිසා, මාව සිරකර තැබුණා. මට සැඟවෙන්නට සිදුවන්නේ ඇයි කියා නොදැන, මට කිසිවෙකු මුණ ගැසෙන්නට නොහැකි ඇයි කියා නොදැන, මම අනුභව කළා, කියෙව්වා, ඇන්දා පැළඳුවා, ඔබ මට දෙන ඕනෑම දෙයක්. සතෙක් වගේ! මම ඇත්තටම කවුද කියා, මට සොයාගන්න සිදුවුණා… අඳුරු ගුහාවක් ඇතුළේ මා විසින්ම. තමන් ආසා සින්ගේ උරුමකරු බව දැනගත්තත් ට…

ඔබ නිසා,
මාව සිරකර තැබුණා.
මට සැඟවෙන්නට සිදුවන්නේ ඇයි කියා නොදැන,
මට කිසිවෙකු මුණ ගැසෙන්නට නොහැකි ඇයි කියා නොදැන,
මම අනුභව කළා,
කියෙව්වා,
ඇන්දා පැළඳුවා,
ඔබ මට දෙන ඕනෑම දෙයක්.
සතෙක් වගේ!
මම ඇත්තටම කවුද කියා,
මට සොයාගන්න සිදුවුණා…
අඳුරු ගුහාවක් ඇතුළේ මා විසින්ම.

තමන් ආසා සින්ගේ උරුමකරු බව දැනගත්තත් ටාන්‍යා එය ටාගොන්ට පවසන්නේ නැහැ. නමුත් ටාගොන් ආසා රොන්ට විරුද්ධව ක්‍රියාත්මක වීම අරඹන්නේ ඩේකන් සෙබළුන් තිදෙනෙක් ලවා ආසා රොන් විසින් උමතු බවට පත් කළ පුද්ගලයින් මරා දැමීමෙනුයි. කෝපයට පත් වූ ආත්ම සැනසීමට ආසා රොන්ට නොහැකි වූ බවට මෙයින් ජනයා බියපත් වෙනවා මෙන්ම ඔවුන් ආසා රොන්, ආසා සින්ගේ ඍජු උරුමකරුවෙකු නොවන බවට කටකතා පැතිරෙනවා. මේ අතර සායා ටාන්‍යාගෙන් තමා නොදන්නා දෙය කුමක්දැයි විමසනවා. අවසානයේ ටාන්‍යා ඔහුට තමන් ආසා සින්ගෙන් ඍජුව පැවත එන උරුමකාරිය බවට හෙළි කරනවා. එයින් පසු සායා ටාන්‍යා සමඟ එක්සත් වෙනවා මෙන්ම බලය ලබා ගැනීමට මාර්ගය හෙළි කරගන්නට ක්‍රියාත්මක වන්නේ පූජකයෙක් මරා දමා ධවල කූට කන්දේ හදවත් නම් සංවිධානය පිළිබඳ මිනිසුන් අතරට ගෙන යාමෙනුයි. මෙම සංවිධානය වහාම තහනම් වෙනවා මෙන්ම මෙයට සම්බන්ධ මිනිසුන් හට දැඩි දඬුවම් ලැබෙනවා. මේ අතර ඉයුන්සම්ව වහල් සේවකයෙක් ලෙසින් ඩොල්ඩම්බුල්හි පිහිටි පතල් වෙත ගෙන ගොස් තිබෙනවා මෙන්ම ඔහු තමාගේ නම සහ බලාපො‍රොත්තු අතහැර දමා එහි මිනිසුන්ට යටත් වෙනවා. අවසානයේදී මේ වන විට ආර්ත්දල් වෙත පැමිණ තිබෙන නියන්තාල් වරුන් නන්බ්යොල් සහ හාරිම් අසලදී මුබෙක්ට මුණ ගැසෙනවා.

මේ වන විට ටාන්‍යා කවුදැයි හඳුනාගන්නා චේ ඉයුන් අවසානයේ ටාන්‍යාව මුණ ගැසෙනවා. ඉයුන්සම් මිය නොගිය වග ටාන්‍යාට දැනගන්නට ලැබේවිද?නියන්තාල්වරුන් ආර්ත්දල් වෙත ආවේ කුමක් සඳහාද? ධවල කූට කන්දේ හදවත් සංවිධානය සමඟ සායා කරන්නට යන්නේ කුමක්ද? ඔහුට එය සාර්ථක කරගන්නට හැකි වේවිද? මහා දෙවොල විසින් අත් අඩංගුවට ගෙන යන ටියාල්හාට කිරීමට සිදුවන්නේ කුමක්ද? ඇය තමාගේ ගැළවීම වෙනුවෙන් ටාගොන්ට ද්‍රෝහී වේවිද? ඇය ටාගොන් හට දී තිබූ පොරොන්දුව රකීවිද? ටාන්‍යාට අවසානයේ කුමක් සිදුවේවිද? ඉයුන්සම් අත්හැර දමා තිබූ බලාපොරොත්තූන් නැවතත් ඇති කර ගනීවිද?

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,764 downloadsDownload Arthdal.Chronicles.S01E11.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

2,764 downloadsDownload Subtitles40 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. esalapramuditha

    Somthing in the rain series ekkt sub dnn,plz
    plz

  3. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Nilush Angana

    Sub ekata thanx