Watch Trailer

Snowpiercer [S03 : E01] Sinhala Subtitles | කෝච්චි දෙකක් කතා දෙකක්. [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනෙ, ඉතින් ඔන්න මං පොරොන්දු උනා වගේම 2022 වර්ෂයෙ ජනවාරි 24 දින TNT නෙට්වර්ක් ඔස්සේ විකාශය වීම ආරම්භ උන Snowpiercer 3 වෙනි කතා සමයට සිංහල උපසිරැසි ගේන්න තමයි පටන් ගන්න හදන්නෙ. 😎 මුලින්ම අපි පෙර කතා සමයන්ගෙ වෙච්ච දේවල් මතක් කරන් ඉමු. පළමුවන කතා සමය කතාවෙ මුලින්ම අපි දකින්නෙ මිනිස්සුගෙ වැඩ…

කොහොමද යාලුවනෙ, ඉතින් ඔන්න මං පොරොන්දු උනා වගේම 2022 වර්ෂයෙ ජනවාරි 24 දින TNT නෙට්වර්ක් ඔස්සේ විකාශය වීම ආරම්භ උන Snowpiercer 3 වෙනි කතා සමයට සිංහල උපසිරැසි ගේන්න තමයි පටන් ගන්න හදන්නෙ. 😎 මුලින්ම අපි පෙර කතා සමයන්ගෙ වෙච්ච දේවල් මතක් කරන් ඉමු.

පළමුවන කතා සමය
කතාවෙ මුලින්ම අපි දකින්නෙ මිනිස්සුගෙ වැඩ හින්දම සීතලෙන් ගල් වෙච්ච ලෝකයක්.මේ ලෝකයේ ජීවය සීමා වෙලා තියෙන්නෙ ස්නෝපියර්සර් කියල සදාකාලික එන්ජිමක් මඟින් ක්‍රියාත්මක වෙන කෝච්චියකට.ඉතින් මේ කෝච්චිය හදල තියෙන්නෙ විල්ෆර්ඩ් කියල ශ්‍රේෂ්ට ඉංජිනේරුවෙක් විසින්.ඔන්න ඔය අතරෙ ටේල් එකේ නායක ලේටන්ව මිනී මැරුම් ටිකක් විසදන්න කියල අප්ට්‍රේන් එකට අරන් යනව.ඉතින් ඔතනදි තමයි ඔක්කොම වෙනස් වෙන්නෙ.ඒකියන්නෙ ලේටන් දැනගන්නව කෝච්චියෙ විල්ෆර්ඩ් කියල කෙනෙක් නෑ කියල.ඕක දැනගත්තයින් පස්සෙ ලේටන් තමන්ගෙ මිනිස්සුන්ට ඒකියන්නෙ ටේල් එකට සහ මුළු කෝච්චියටම සාදාරණයක් ගේන්න කෝච්චියෙ කැරැල්ලක් පටන් ගන්නව.ඔන්න ඔතනින් මෙලනිගෙ පාලනය නැති වෙලා කෝච්චියෙ පාලනය ලේටන්ට හිමි වෙනව.

දෙවෙනි කතා සමය
ලේටන් බලය අල්ලගත්ත විතරයි ඔන්න යාළුවෙක් ආවා.ඒ වෙන කවුරුත් නෙවෙයි ශ්‍රේෂ්ට විල්ෆර්ඩ්.ඒත් අන්තිමට බලන් ගියාම මිනිහගෙ එච්චර හොදක් නෑ.මිනිහ බිග් ඇලිස් කෝච්චිය ස්නෝපියසරයට සම්බන්ධ කරගෙන සදා ගමනකට යනව.ඔය අතරෙ මෙලනි හොයාගන්නව හිම වැටෙනව.ඒ කියන්නෙ ලෝකය ආයෙත් උණුසුම් වෙනව කියන එක.ඒත් ඒක තහවුරු කරගන්න මෙලනිට කෝච්චියෙන් එලියෙ මාසයක් ගත කරල දේශගුණ මොඩලයක් හදාගන්න වෙනව.ඔන්න ඔය අතරෙ කෝච්චියෙ බල පෙරළියක් වෙනව.ඉතින් ඒ නිසා මෙලනිට කෝච්චියට ආපහු නගින්න වෙන්නෙ නෑ. ඒත් ලේටන් කෝච්චියෙ J සම්බන්ධකයෙන් වෙනම කෝච්චියක් හදාගෙන ගමන් කරනව.ඒත් ඒ වෙනකොටත් දත්ත ටික ඉතුරු කරල මෙලනි යන්න ගිහින්.😣

හරි දැන් තුන්වෙනි කතා සමය තමයි මේ කතා මාලාවෙ සුවිශේෂීම කතා සමය වෙන්න යන්නෙ.මොකද අපි Announcement trailer එකේ දැක්ක වගේ නිව් ඊඩන් හොයාගන්න එක තමයි ලේටන් මේ කතා සමයෙ කරන්න යන්නෙ.අපි එහෙනම් අද ඉදන් ඒක ලේටන්ට ඒක කරගන්න පුලුවන් වෙයිද කියල බලමු. 🤗

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,316 downloadsDownload Snowpiercer-S03-E01.zip1.9 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

2,316 downloadsDownload Subtitles1.9 MB

10 comments

  1. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  2. Bimsara Yashan(ඔලිව)

    මේ සීසන් එකටත් උපසිරැසි ගෙනාවට බොහොම ස්තූතියි සංජන. ජයවේවා!

  3. චින්තක

    අම්මෝ... බොහොම ස්තූතියි. කාලයක් ඉදන් බයිස්කෝප් එකෙන් ඉල්ලපු සබ් එකක්. අනේ පුලුවන්නම් westworld, umbrella academy, handmaid tale කියන ඒවටත් සබ් දෙන්න බලන්න

  4. Kasun Gayantha

    sub eke font size eka change karala reupload karanwada bro. aswen sub enakan balan hitiya series ekak. moniter eken bagayak withara sub eka watenawa ekai. digatama sub denna bro.jaya wewa :D

    1. Bimsara Yashan(ඔලිව)

      Media Player Classic හරි PotPlayer ට්‍රයි කරල බලන්න.

  5. thilina

    adooo thx bn ubata pin pin

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Anonymous

    MX player ekata sub wada naha.

  8. Anonymous

    sub eka english waling play wenne

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.