ඔන්න සතියකට පස්සෙ උද්‍යෝගීමත් Demon Slayer Season 3 Episode 2 හි සිංහල උපසිරැසිය එක්කයි මම ඔයාලා හමුවට එන්නේ. මුලින්ම හොඳ වර්ණනාවක් ගෙනාවත් එක්ක පළවෙනි කොටස මේ වෙනකොට හැමෝම නරඹලා ඇති කියල විශ්වාස කරනවා. අපි දැන් කලින් කොටසේ සිද්ධ වුනු දේවල් කෙටියෙන් මතක් කර ගනිමු.✌️ Season 2 හි ඉහළ නිළයේ හයවෙනි යක්…

ඔන්න සතියකට පස්සෙ උද්‍යෝගීමත් Demon Slayer Season 3 Episode 2 හි සිංහල උපසිරැසිය එක්කයි මම ඔයාලා හමුවට එන්නේ. මුලින්ම හොඳ වර්ණනාවක් ගෙනාවත් එක්ක පළවෙනි කොටස මේ වෙනකොට හැමෝම නරඹලා ඇති කියල විශ්වාස කරනවා. අපි දැන් කලින් කොටසේ සිද්ධ වුනු දේවල් කෙටියෙන් මතක් කර ගනිමු.✌️
Season 2 හි ඉහළ නිළයේ හයවෙනි යක්ෂයා එක්ක සිද්ධවුනු විනාශකාරී භයානක සටනින් තුවාල ලබපු තන්ජිරෝ ඇතුළු කණ්ඩායම මාස ගණනක් තිස්සේ සුවය ලබමින් ඉන්නවා. තන්ජිරෝට කලින් සුවය ලබපු සෙනිට්සු සහ ඉනොසුකේ දෙන්නාට වෙන වෙනම මෙහෙයුම් පැවරිලා ඒ දෙන්නම ඒ වෙනුවෙන් පිටත් වෙලා යනවා. හැබැයි ඉතින් මේ සටනින් වුනු තුවාල නිසාම තන්ජිරෝට තමන්ගෙ යක්ෂ නාශක ගමනේ අසිපත් පුහුණුව ආයෙත් පටන් ගන්න සිද්ධ වෙනවා. ඒ මදිවට ආයෙත් පාරක් අන්තිම සටනෙදි තන්ජිරෝ තමන්ගෙ අසිපත කඩා ගත්තු නිසා දැන් අසිපතකුත් නෑ. සටනින් පස්සෙ මාස ගානක් ගත වුනත් තාමත් අලුත් අසිපතක් ඇවිත් නෑ. මේ නිසා තන්ජිරෝ තීරණය කරනවා එයාගෙ අසිපත් සාදන්නා වෙන “හගනෙසුකා” ව හොයාගෙන අසිපත් සාදන්නාගේ ගම්මානයට යන්න. සැඟවුණු ගම්මානයක් විදිහට තියෙන මේකට යන්න තියෙන්නෙත් හරිම අමුතු විදිහකට.
කොහොමහරි අසිපත් සාදන්නාගේ ගමට ගියායින් පස්සෙ තන්ජිරෝට ඒ ගමේ ප්‍රධානියා, ලව් හෂිරා (Love Hashira) සහ වින්ඩ් හෂිරා (Wind Hashira) ගේ මල්ලි වෙන ගෙන්යා ෂිනසුගවා මුණ ගැහෙනවා වගේම ගමට ප්‍රසිද්ධ උණුදිය උල්පත්වලින් නාගන්නත් ඉඩ ලැබෙනවා.
ඒ අතරෙ තවත් තැනක, හරියටම කිව්වොත් Infinity Castle එකේදි ඉහළ නිළයේ යක්ෂයින්ගේ හමුව සිද්ධ වෙනවා. යක්ෂ ප්‍රධානී කිබුට්සුජි මුසාන්ගේ ප්‍රධානත්වයෙන් සිද්ධ වෙන මේ හමුවත් සුපුරුදු විදිහටම හොඳ විදිහට පටන් අරන් හොඳ විදිහට ඉවර වුනේ නෑ. ඒ අතරෙ ඉහළ නිළයන් අතරෙ සීතල යුද්ධයකුත් පැතිරෙනවා. මීට කලින් කවදාවත් Demon Slayer ෆෑන්ස්ලට දකින්න නොලැබුනු වගේම දකින්න බලාපොරොත්තුවෙන් හිටපු ඉහළ නිළයේ යක්ෂයින් හැමෝගෙම මුහුණු දැකගන්න පහුගිය පළවෙනි කොටසෙදි ඉඩ ප්‍රස්තාව ලැබුනා. ඇත්තටම හුඟ දෙනෙක් බලන් හිටිය මුහුණ වුනු ඉහළ පළවෙනියා කොකුෂිබෝ (Upper Rank One:Kokushibo) ගේ මුහුණ දකින්න ලැබුනු එක හැමෝගෙම ලොකු hype එකක් වුනා කියල කිව්වොත් මම හිතන්නෙ මම වැරදි නෑ.🔥
යක්ෂාධිපති මුසාන්, ඉහළ පස්වෙනියා වෙන ගියොක්කො (Upper Rank Five:Gyokko) ට රාජකාරියක් පවරනවා. ඉතින් ගියොක්කො ඉහළ හතරවෙනියා වෙන හන්ටෙන්ගු (Upper Rank Four:Hantengu) එක්ක යම් කිසි තැනකට පිටත් වෙනවා. ඒ අතරෙ අසිපත් සාදන්නාගේ ගමේදි අහම්බෙන් වගේ තන්ජිරෝට මිස්ට් හෂිරා (Mist Hashira) ව දකින්න ලැබෙනවා. ඒත් එක්කම තවත් කෙනෙක් හෂිරා ළඟ හිටගෙනත් ඉන්නවා. නිකන් තන්ජිරෝ හීනෙන් දැකපු කෙනා වගේම කෙනෙක්. ඒ කවුද? අද කොටස එතැන් පටන් දිග හැරෙනවා. බලන්නකො එහෙනම් මොකද වෙන්නෙ කියලා.
උපසිරැසිය ගැන පහලින් ඔයාගෙ comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා.තව සතියකින් Demon Slayer Season 3 Episode 3 වලින් මුණගැහෙමු.
ලංකන් Weebs වෙනුවෙන් – ඉසුරු සංදීප
Episode Name : Yoriichi Type Zero
Air Date : 2023.04.16
Runtime : 24 min.
IMDB Rating : 7.5
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
8,761 downloadsDownload Demon.Slayer.Kimetsu.no_.Yaiba_.S03E02.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2021
- #2023
- #Akiyuki Shinbo
- #Demon Slayer
- #Demon Slayer S03 Sinhala Sub
- #Demon Slayer S03E01 Sinhala Sub
- #Demon Slayer S03E01 Sinhala Subtitles
- #Demon Slayer Season 03 Sinhala sub
- #Demon Slayer Sinhala Sub
- #Editor's Pick
- #Hitoshi Ône
- #Kimetsu no Yaiba
- #Mamoru Miyano
- #Masaki Suda
- #MaxxA
- #Mugen Train Arc
- #Nobuyuki Takeuchi
- #Offbeat
- #Season 3
- #Shunji Iwai
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Suzu Hirose
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
25 comments
Pavith Wijesooriya
ලංකන්weebs
කොමෙන්ටුවට බොහොම ස්තූතියි මල්ලි. ❤️
Deshan
Aot final part ekt sub ek gennko
Dasun
Sub eka deela sahena kalne, english walin serch kalata pennane na. sinhalen serh karala sub eka ganna..
Tharindu
Sub akata thanks .digatama anime walata sub ona supiriyak tamai
ලංකන්weebs
තව අපේ ටීම් එකේ අය සබ් ගහනවා. දිගටම අපිත් එක්ක රැදී ඉන්න.ස්තූතියි
Dilshan buddika
Supiri
ලංකන්weebs
Thank You
Anonymous
supiri
ලංකන්weebs
Thank You
Sanjeewa Sandaruwan
virous ekakda file eka extrak karama move karanna delte karanna aduma tharamae wada karanneth nane
ලංකන් Weebs
සබ් එකේ අවුලක් නෑ සහෝ.
amira
jujutsu kaisen demuda
ලංකන් Weebs
දැනට ආපු ඔක්කොම දීල තියෙන්නෙ.වෙබ් සයිට් එකේ ජපන් ඇනිමේෂන් කැටගරියේ search කරන්න.
ජූලි මාසෙ Season 2 එනවා.
kasuni
puluwnam release wecha passe dawasema dennko bro thanks sub ekata <3
ලංකන් Weebs
පුලුවන් ඉක්මනින් තමයි අපි දෙන්නෙ.
ස්තූතියි.❤️
Iresh
e3 sub plz
ලංකන් Weebs
Plz කියල ඉල්ලන්න දෙයක් නෑ. ඔක්කොම ඉස්සරහට දෙනවා.
Shashindu
thanks oyala anime wlta sub denwta.digma krgen ymu.ep 3 eket ikmnt denna..
Shashindu
thanks oyala anime wlta sub denwta.digma krgen ymu.ep 3 eket ikmnt denna..
Tharindu
Ep 3 akatath sub ikmanata denna
Akila Dilhara
Thanks Brother...
Anonymous
Thanks for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහෝම ස්තූතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![ඩීමන් ස්ලේයර් [S03 : E02] Sinhala Subtitles | නැවතත් සටන් පුහුණුවට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/DMNSlR-S03-a.jpg)



සබට බොහොම ස්තූතියි ඉසුරු අයියේ... ❤️