ඇඩ්මින්වරයෙකුට වැරදීමකින් එකම උපසිරැසිය අපගේ උපසිරසිකරුවන් දෙදෙනෙකු වෙත බාර දී ඇති බැවින් ඔවුන් දෙදෙනාගේම මහන්සිය අගයනු පිණිස ඔවුන් දෙදෙනාගේම උපසිරැසි සහ ලිපි ඔබ වෙත ලබා දී ඇත. දිනිඳු සම්පත් සොයුරාගේ ලිපිය ඉතිං යාළුවනේ ඔන්න කානිවල් රෝ කතා මාලාවේ දෙවෙනි කතා සමයේ හත් වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාල…

ඇඩ්මින්වරයෙකුට වැරදීමකින් එකම උපසිරැසිය අපගේ උපසිරසිකරුවන් දෙදෙනෙකු වෙත බාර දී ඇති බැවින් ඔවුන් දෙදෙනාගේම මහන්සිය අගයනු පිණිස ඔවුන් දෙදෙනාගේම උපසිරැසි සහ ලිපි ඔබ වෙත ලබා දී ඇත.
දිනිඳු සම්පත් සොයුරාගේ ලිපිය
ඉතිං යාළුවනේ ඔන්න කානිවල් රෝ කතා මාලාවේ දෙවෙනි කතා සමයේ හත් වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. 7.4/10 ක IMDb අගයක් ලබාගෙන තියෙන මේ කොටසට තාමත් කුණු තක්කාලි අගයක් නම් ලැබිලා නෑ. 2023 මාර්තු 10 වෙනිදා මේ කොටස නිකුත් වෙලා තියෙන අතර විනාඩි 56ක කාලයක් තිර ගත වෙනවා. ඒ වගේම “Kindred” හෙවත් “එකම වර්ගයට අයත්” කියන තේමාව ඔස්සේ තමයි මේ කතාව දිව යන්නෙ.
කතාව ගැනත් ටිකක් කියන්නම්. ඔයාලට මතක ඇතිනේ ස්පාරාස් කියන සත්වයා විසින් බර්ග් වලට සෑහෙන්න විනාශයක් සිදු කළා. මේ ස්පාරාස් සිදු කරපු විනාශය ගැන පයිලෝ ගෙ හෘද සාක්ෂිය තමන්ට ම දොස් පවරනවා. ඔහු තාමත් වරදකාරී හැඟීමකින් පෙළෙනවා. ඔයාලා දන්නවනේ පයිලෝ ට ඕන උනේ මිනිස්සුයි අනිත් හැම වර්ගයකම අයයි සාමකාමී ව එකට ජීවත් වෙන්න කියලා. මේ අතරේ විඥේට් තමන්ගෙ මිතුරිය වන ටර්මලයින් සමග රෝ එකෙන් පැනලා යන්න එක එක විදිහේ ක්‍රම වලට උත්සාහ කරනවා. ටර්මලයින් දැකපු දෘෂ්ඨියේ හැටියට ස්පාරාස් තමන්ව මරා දමනවා. ඒ නිසා විඥේට් උත්සාහ කරන්නෙ ඒ දේ වෙන්න කලින් ටර්මලයින් එක්කගෙන රෝ එකෙන් පැනලා යන්නයි. ඒ සම්බන්ධයෙන් විඥේට් උදව් ගන්න යන්නේ බෝස් ගයිඩෝස් ගෙන්.
නැවතත් විවිධ වර්ගයේ පුද්ගලයින් අතර සාමය උදා කිරීමට තියෙන අවස්ථාවක් විදිහට මේ ස්පාරාස් ගෙ ගැටළුව පයිලෝ දකිනවා. ස්පාරාස් ආව තැනින්ම ආපහු යවන්න තමයි පයිලෝ සැලසුම් කරන්නෙ. ඒ සම්බන්ධයෙන් විස්තර ලබාගන්න පයිලෝ කෙනෙක්ව මුණගැහෙන්න යනවා. ඒකට පොලිසියෙන් පයිලෝ ට උදව් ලැබෙනවා. ඉතිං… විඥේට් රෝ එකෙන් පැනලා යන්න දරන උත්සාහය සාර්ථක වේවිද? බෝස් ගයිඩෝස් විඥේට් ට උදව් කරාවිද? ටර්මලයින් දැකපු දෘෂ්ඨිය සැබෑවක් වේවිද? ස්පාරාස් ව ආපහු යවන විදිහ ගැන විස්තර ලබාගන්න පයිලෝ කාව ද හමුවෙන්න යන්නෙ? ඒ හමුවීම සාර්ථක වේවිද? කියලා කතාව බලලම දැන ගන්න. හැමෝටම ජය වේවා!
*************************************************************************************
යුරාන් ධනුක සොයුරාගේ ලිපිය
හැමෝටම සුබ දවසක් වේවා, ඔන්න ආපහු සැරයක් Carnival Row කතා මාලාවේ කොටසකට දායක වෙන්න අවස්ථාව ලැබුනා. කලින් කොටස් වගේම මේකත් විමා සහෝ තමයි භාර දුන්නේ. අවසාන කතා සමය නිසා සෑම කොටසක්ම කුතුහලයෙන් පිරිලා තියෙන බව ඔයාලා දන්නවනේ. ඉතුරි කොටස් තුනත් ඉක්මනටම ඔයාලට ලැබෙයි. එහෙනම් වැඩි කතා නැතුව අද කොටස පැත්තට යමු.
ඇග්‍රයෙස්ගේ අනුකම්පාව නිසා එස්රගේ පණ බේරුනත් ඉමොජින්නම් එස්‍රත් එක්ක යක්ෂ කේන්තියෙන් ඉන්නේ. ඒ වගේම ඇග්‍රයස් එහෙන් පැනගන්න ක්‍රමයකුත් ලෑස්ති කරන් හිටියත් දැන් එස්‍රත් ඉන්න නිසා ඒක ලේසි වෙන්නේ නෑ. මේ අස්සේ චාන්සලර්තුමාව ඝාතනය කරපු එකට මිනිසුන්ට කේන්ති ගිහින් ෆේ ජනතාවත් තවත් වෛර බැඳගෙන ලොකු කාලගෝට්ටියක් ඇතිවෙන්න මුල පුරනවා. ඉතිං මේක නතර කරන්න ඕන නිසා කොහොමහරි චාන්සලර්වරයගේ මිනීමරුවව හොයාගන්න පයිලෝ කැමති වෙනවා. වින්යෙට්, ටෝර්මලින් දෙන්නත් නැවක නැගලා කොහේට හරි පැනලා යන්න ක්‍රමයක් හොයන්න ගිහින් කරදරේක වැටෙන විදියත් ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් සිදුවීම් කීපයකුත් අද කතාවේ සිද්ධ වෙනවා. එහෙනම් ශාන් විමුක්ති සහෝට නැවතත් ස්තූති වෙන ගමන් මම ගිහින් එන්නම්. තවත් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු. ජයවේවා !!!
අද කතාංගයේ නම – “Kindred”
කතා රචනය – Sam Ernst
අධ්‍යයක්ෂනය – Andy Goddard
විකාශය වූ දිනය – 2023 මාර්තු 10
IMDb අගය – 7.4
මීළඟ කතාංගය – “Facta Non Verba”
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
2,430 downloadsDownload Carnival.Row_.S02E07-Updated.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට සහ “දිනිඳු සම්පත් ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
- #2019
- #2023
- #Andrew Gower
- #Cara Delevingne
- #Carnival Row S02 Sinhala subtitles
- #Carnival Row Season 2 Sinhala subtitles
- #Carnival Row Sinhala sub
- #Carnival Row Sinhala subtitles
- #David Gyasi
- #Editor's Pick
- #MaxxA
- #Orlando Bloom
- #Simon McBurney
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #Tamzin Merchant
- #දිනිඳු සම්පත්
- #යුරාන් ධනුක
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
13 comments
sachintha
kavindu srimal
sthuthi..
chinthaka.max4
thankx machan
kavii
thanks machoooo. thawa episodes 3i thiyenne ekath ikmannatama dennaaaaa....
Anonymous
bro ituru episode 3tath sub denako
Dewadithya
Thanks for Sub!
Ransilu
Thanks brother subtitles walata. Ethuru Episode tikatath ikmanata dennako.. Plzz..
Abishek
අඩේ මචන් ඊලග episode 03 ටත් ඉක්මනට දෙනවද .....
DMT SANJEEWA
Thanks for subs .Next episode walata sub denne nedda
Sakida Ravith
Thanks Bro!! Anith Episode 3 Ta Subtitles Nadda
Lakshan Gunathilake
Anith 3na denne naddo.plzz
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සිංහල උපසිරැසියට ස්තූතියි
අවසාන කොටසෙන් නැවත හමු වෙමු
ජය