Watch Trailer

Duty After School (2023-) [S01: E05] Sinhala Subtitles | කෙදිනක හෝ අපි ගෙදර යාවිද? [සිංහල උපසිරැසි]

ඔන්න ඉතින් කිව්ව වගේම ඉක්මනට පස්වෙනි කොටසත් අරන් ආවා. 2021 අගෝස්තු මාසයේ රූගත කිරීම් ආරම්භ කරලා 2023 පෙබරවාරි මාසයේ තමා Duty After School කතාමාලාවේ Cast Line Up එකයි Release Date එකයි දැනුම් දුන්නේ. එහෙම මාර්තු 31 වෙනිදා TVING හරහා මුදාහැරුණු Duty After School අතිශය සාර්ථකත්වයක් ළගා කරගන්න සමත් වෙන…

ඔන්න ඉතින් කිව්ව වගේම ඉක්මනට පස්වෙනි කොටසත් අරන් ආවා. 2021 අගෝස්තු මාසයේ රූගත කිරීම් ආරම්භ කරලා 2023 පෙබරවාරි මාසයේ තමා Duty After School කතාමාලාවේ Cast Line Up එකයි Release Date එකයි දැනුම් දුන්නේ. එහෙම මාර්තු 31 වෙනිදා TVING හරහා මුදාහැරුණු Duty After School අතිශය සාර්ථකත්වයක් ළගා කරගන්න සමත් වෙනවා. IMDB දර්ශකයේ 7.7 ක අගයක්ද MyDramaList දර්ශකයේ 8.7 ක් වගේ ඉහල අගයක් ගන්න Duty After School සමත් වෙනවා. මේ සතියේ ඒ කියන්නේ 21 වෙනිදා දෙවෙනි පාර්ට් එක රීලීස් වෙනවා, ඒ එපිසෝඩ් හතරට පුළුවන් ඉක්මනට අපි උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් පස්වෙනි කොටස දිහාවට යං.

-පස්වෙනි කථාංගය-
අද කොටස පටන් ගන්නේ ලුතිනන් ලී එක්ක ළමයි ටික අනිත් අයව හොයන්න එන එකෙන්. ඉතින් කොහොමහරි එයාලව හොයාගන්න ලුතිනන් ලීට පුළුවන් වෙනවා. දැන් ඉතින් ආයේ කදවුරට යනවා. කදවුරට ගියාම හැමදවසකම ළමයින්ට පුහුණු අභ්‍යාස ලැබෙනවා. ඉතින් ඔහොම ටික දවසක් යද්දි නරක ආරංචියක් එනවා. ඒ තමා ලුතිනන් ලීගේ කණ්ඩායමට ස්ෆියර්ස් විනාශ කිරීමේ මෙහෙයුමකට ඊට පස්සේ දවසේ උදේම යන්න වෙනවා කියන එක. හැබැයි ඒ මෙහෙයුම සාර්ථක වුනොත් ගෙදර යන්නත් පුළුවන් වෙනවා. ඉතින් දැන් මේක අහපු ළමයින් හොදටම බය වුනා. මෙහෙයුමට යන්න කලින් කැමැත්තක් ලියන්න දෙන එකෙන් එයාලගේ බය තවත් වැඩි වෙනවා. කැමැත්තක් ලියන්න දෙනවා කියන්නේ අනිවාරෙන්ම අපිට මැරෙන්න වෙනවා ඔහොම එක එක දේවල් හිතට එනවා. රෑ නින්ද යන්නෙවත් නෑ. ළමයි රෑට හරියටවත් කාලා නෑ කියලා ආරංචි වුන ලුතිනන් ලී ළමයි එක්ක කෑම හදලා කාලා හොදට විනෝද වෙනවා. ඔන්න ඉතින් දැන් මෙහෙයුමට යන්නයි ලෑස්තිය. ලුතිනන් ලී ළමයින්ව කණ්ඩායම් වලට බෙදලා චෝ යන්ග් ශින්ටයි, කිම් යූ ජන්ග්ටයි ස්ෆියර් ට්‍රැකර් දෙකක් දෙනවා. ට්‍රැකර් එක බලන් යද්දි ස්ෆියර්ස් එකපාර ගොඩක් හම්බෙනවා. ස්ෆියර්ස් විනාශ කිරීමේ මෙහෙයුම සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? සාර්ථක වුනොත් කිව්ව වගේම ළමයින්ට ගෙදර යන්න පුළුවන් වේවිද?

එහෙනම් මන් තවත් කියන්න යන්නේ නෑ. හයවෙනි කොටස බිම්සර සහෝදරයා අරන් ඒවි. එහෙනම් 21 වෙනිදා නිකුත් වෙන දෙවෙනි පාර්ට් එකෙන් හම්බෙමු. හැමෝටම සුභ දවසක්!

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,928 downloadsDownload Duty-After-School-E05.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-01-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Next BT1

All BT1Next BT1

Subtitles

2,928 downloadsDownload Subtitles31 KB

8 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    Glory nm patta
    Mekath blnna ona
    Thanks sub okkkotma

  3. Umesh

    Ara *****eketh උ*** kyla kenek korean sub deno
    Sub melo rahak na
    Lipiyeth kisima wistharayak na hariyata

  4. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ

  5. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Anton priyahantha

    Thank you!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.