Tabbar එහෙමත් නැත්තම් පවුල කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න පටන් ගත්තේ Sonyliv ඔස්සේ. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව ගැන කෙටියෙන් කිව්වොත් කුතුහලයෙන් බලලා ඉවර කරන්න පුළුවන්, Drishyam සිනමාපටය වගේ කතාවක් දිවෙන ජාතියේ එකක්. ප්‍රේක්ෂක විචාරක දැඩි ආකර්ෂණයක් මේ කතාමාලා…

Tabbar එහෙමත් නැත්තම් පවුල කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න පටන් ගත්තේ Sonyliv ඔස්සේ. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව ගැන කෙටියෙන් කිව්වොත් කුතුහලයෙන් බලලා ඉවර කරන්න පුළුවන්, Drishyam සිනමාපටය වගේ කතාවක් දිවෙන ජාතියේ එකක්. ප්‍රේක්ෂක විචාරක දැඩි ආකර්ෂණයක් මේ කතාමාලාව දිනාගත්තා. ඉතින් පසුගිය දවසේ ඉඳන් තේරෙන සිංහලෙන් ඔයාලත් මේක බලන්න පටන්ගත්තනේ. මේ වෙනකම් බලාගෙන ආපු අයට නම් කුතුහලයෙ නිමක් නැතුව ඇති. කාටත් කියලා ඔන්න ගෙනාව ඊළඟ කොටසත්. පොඩ්ඩක් මතක් කරගමු කලින් කොටස.
සිද්ධ වෙච්ච දෙයින් වැඩියෙන්ම චංචල වෙලා හිටියේ සර්ගුන් අම්මා. හැබැයි එදා උදේ ඉඳන් සර්ගුන් හිටියේ හරිම සැහැල්ලුවෙන්. ගේ පින්තාරු කරන වැඩේ ගැන බලන ගමන්ම ගේ පිරිසිදු කරලා හැමෝටම කෑමත් හදලා, අහල පහළටත් බෙදලා පවුලේ අය එක්ක කෑම කෑවේ හරිම සතුටින්. ඒත් ඕම්කාර්ට තේරුණා මේ වැඩි සතුටින් පෙන්නුම් කරන්නේ සර්ගුන්ගේ හිත ඇතුලේ තියෙන පීඩනය කියලා. ඔය අතරේ ඔයාලා දන්නවනේ මහජන්ගේ දුව පලක් එක්ක හැපීගේ සම්බන්ධයක් යනවයි කියලා. ගෙදර ආවත් හරි සිද්ධ වෙච්ච දේවල් එක්ක හැපීට පලක්ව හරියට හම්බෙන්නවත් බැරි වුණා. ඉතින් කාලෙකට පස්සේ සිද්ධ වෙච්ච මේ හමුවීමේදී හැපීගෙන් පලක්ට තෑග්ගක් හම්බවෙනවා. හැබැයි එතන සිදුවීම අහවර වෙන්නේ හැපීගේ දෙලොව රත් කරලා. පලක්ට තෑගී දුන්නු එයාර් බඩ් දෙකෙන් එකයි තිබුණේ. අනික කොහෙහරි වැටිලා. හැමතැනම හොයලා හොයලා බැරිම තැන හැපී තේරුම් ගත්තා ඉතුරු එයාර් බඩ් එක කොතනද වැටෙන්න ඇත්තේ කියලා. ඔව්, ඒ පාලම උඩ. ඊයේ රෑ තාත්තා එක්ක මහීප්ව ගඟෙන් පල්ලෙහට දාන්න ගිය වෙලේ වැටෙන්න ඇත්තේ.
මේ සිද්ධිය ගැන කවුරුත් කිසිම දෙයක් දැනනොගන්න තිබ්බා, කොහෙවත් ඉන්න එකෙක්ගේ හෙල්මට් එකක් නැති නොවුණා නම්. මතකනේ ලකී සීසීටීවී දර්ශන වලින් දැක්ක දේ? බලමු ඉතුරු ටික..
පස්වෙනි කොටසත් අරන් ඉක්මනටම එන්නම්.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
1,719 downloadsDownload Tabbar-S01-E04.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
8 comments
Naveen Mbr
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Udara Madhusanka
අනේ මට මේකේ ෆිල්ම් එක හොයාගන්න බැහැනේ... මොකේද ඒක තියෙන්නේ.?
Achintha Udayanga
Baiscopedownloads eke balanna
Kushan
Sub akta thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Sahan Gayantha
thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Tabbar [S01 : E04] Sinhala Subtitles | මාරයා සමඟ සටන ඇරඹේ [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/09/Tabbar-S02.jpg)



උපසිරැසියට ස්තූතියි සහෝ!