The Family Man, Farzi, Suzhal, Paatal Lok වගේ සුපිරි ඉන්දියන් කතාමාලා රැසක් දායාද කරපු ඇමසෝන් ප්‍රයිම් වෙතින් එලි දක්වපු තවත් සුපිරි කතාමාලාවක් තමා අපි මේ දවස් වල බලාගෙන යන්නේ. Crime|Drama|Mystery ගණයට අයිති වෙන මේ Dahaad කතාමාලාවට IMDb අගය 7.4ක් ලෙසත් සටහන් වෙලා තියෙනවා. මේ කතාමාලාව පුරා එක හුස්මට…

The Family Man, Farzi, Suzhal, Paatal Lok වගේ සුපිරි ඉන්දියන් කතාමාලා රැසක් දායාද කරපු ඇමසෝන් ප්‍රයිම් වෙතින් එලි දක්වපු තවත් සුපිරි කතාමාලාවක් තමා අපි මේ දවස් වල බලාගෙන යන්නේ. Crime|Drama|Mystery ගණයට අයිති වෙන මේ Dahaad කතාමාලාවට IMDb අගය 7.4ක් ලෙසත් සටහන් වෙලා තියෙනවා. මේ කතාමාලාව පුරා එක හුස්මට කුතුහලයෙන් බලාගෙන යන්න පුළුවන් කොටස් 8ක් අඩංගු වෙලා තියෙනවා. රංගනයෙන් Sonakshi Sinha, Vijay Verma, Gulshan Devaiah, Sohum Shah ඇතුළු පිරිසක් එක්කහු වෙනවා. අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නේ Reema Kagti, Zoya Akhtar, Farhan Akhtar වගේ සුපිරිම සෙට් එකක්. ඒ නිසා Dahaad මගහැරගන්න හිතන්නවත් එපා. ඉතින් කුතුහලයෙන් ඉතිරුණු කොටස් දෙකක් බලාගෙන එන්න ඇති මේ වෙනකම්. දැන් අරන් එන්නේ තුන්වෙනි කොටස. මේ වෙනකම් මොනවද සිද්ධ වුණේ කියලා බලමු.
මන්ඩාවා පොලිස් ස්ථානයට හාදයෙක් දුවගෙන එන්නේ තමන්ගේ පැනල ගියපු නංගි ගැන පැමිණිල්ලක් කරන්න. ප්‍රේමවන්තයා එක්ක පැනලා ගියපු සිද්ධියක් නිසාත්, ආපු හාදයා අඩුකුලයක කෙනෙක් නිසාත් පොලිසියේ කවුරුත් මේ ගැන වැඩිය මහන්සි වෙන්නේ නැහැ. කොහොම කොහොමහරි කැරකිලා උප පරීක්ෂක අංජලී භාටිට මේ සිද්ධිය ගැන හොයන්න බාර වෙනවා. ඔය අතරම තමයි රාජස්ථානයේ තවත් ප්‍රදේශයක පොදු වැසිකිළියක තිබිලා තරුණියකගේ මළසිරුරක් හම්බවෙන්නේ. කෙල්ල සියදිවි නහගෙන. සයනයිඩ් කාලයි මැරිලා තියෙන්නේ. සිද්ධි ගලපාගෙන යද්දි තමන්ට ආපු පැමිණිල්ලේ ඉන්න තරුණියයි මේ තරුණියයි දෙන්නම එක්කෙනෙක් කියලා අංජලී ඇතුළු පිරිස හොයාගන්නවා. එතකොට කෝ මෙයා පැනලා ගියපු හාදයා? මිනිහට මොකද වුණේ? ඒ ගැන හොයාගෙන හොයාගෙන යද්දි මියගියපු තරුණියගේ දුරකථන ඇමතුම් වාර්තා බැලුවම එක නොම්බරයක් ගැන මෙයාලගේ අවධානය වැඩියෙන් යොමු වෙනවා. ඒ නොම්බරයත් තරුණියකට අයිති නොම්බරයත්. ඉතින් ලිපිනය අනංමනං හොයාගෙන ඒ තරුණියගේ ගෙදෙට්ටත් ගියාම තමා දැනගන්නේ එයාත් මාස ගාණක ඉඳන් අතුරුදහන් වෙලා කියලා. නොහිතන විදිහට මේ සිද්ධි ටික ඇදි ඇදි ගිහින් මේ වෙද්දි තරුණියන් 16 දෙනෙකු අතුරුදහන් වෙච්ච කතන්දරයකට අංජලී පය ගහනවා. ඔවුන් අතුරුදහන් වෙලා විතරක් නෙමේ ඊටත් දින කීපයකට පස්සේ එයාලගේ මල සිරුරු පොදු වැසිකිලි වලින් හම්බවෙනවා. සුපුරුදු විදිහට ඔවුන් සයනයිඩ් කාලා සියදිවිහානි කරගෙන. ඒත් එයාලා පැනලා ගියපු හාදයා ගැන කිසිම හෝඩුවාවක් තිබුණේ නැහැ. කවුරුත් ඔහු ගැන දැනගෙන හිටියෙත් නැහැ.
මේ අතර ලතා කියන තරුණිය හිටියේ දෙගිඩියාවෙන්. තමන් පණ වගේ ආදරේ කරන කාර්තික්ව ගෙදරින් බලෙන් බන්දලා දෙන්න යන නිසාත් ඒත් එක්කම කාර්තික් තමන්ට කරපු යෝජනාව නිසාත් තමා ලතා මෙහෙම තීරණයක් ගන්න බැරිව හිටියේ. අන්තිමේදී එයා හිත හදාගත්තා කාර්තික් එක්ක පැනලා යන්න. මෙච්චර බාධක තියෙද්දිත් කාර්තික් තමන්ව අතාරින්නෙ නැත්තේ තමන් වෙනුවෙන් මොන තරම් ආදරයක් හිතේ ඇති නිසාද කියලා හිතෙද්දි ලතාට ලොකු සතුටකුත් දැනුනා. ඉතින් එයා බෑග් ටික අස් කරගෙන රෑ බෝවෙනකම් හිටියේ හැමෝම නිදාගන්න යනකම්. රෑ බෝවුනා. ලතා හෙමීට පාරට වැටුණා. ඈත කොනේ කාර්තික් හිටියා වාහනේ තියාගෙන. ඒ ඇස් වල තිබ්බ ප්‍රේමනීය බැල්ම.. හෙට ඉඳන් තමන්ගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලෙන්න යන බව ලතාට දැනුනා. ඒ අතර කාර්තික් තමන්ගේ අලුත්ම බිල්ල වාහනයට නංවාගෙන ඈතට රිය පදවන්න පටන් ගත්තා.
අද එතන ඉඳන්…

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,009 downloadsDownload Dahaad-2023-S01EP03.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
9 comments
මයුර
whoami
thnaks bro sub ekata
Sanjeewa Malith
Subtitles akata ❤❤ thank u
Anonymous
GOOD WORK..
PLS IF U CAN SEND SUBTITLE SO QUICK..Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Anonymous
Thanks jayawewa....!
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Lakindu
මේ වගේ ක්‍රයිම් වෙබ් සීරීස්වවලට පට්ටම ආසයි..ස්තුති කරලා මදි..පුළුවන් නම් සුෂ්මිතා සෙන් ගේ ආර්යා සීසන් 2 සබ් දෙන්න..ජය වේවා.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dahaad [S01 : E03] Sinhala Subtitles | දුරකථනයේ පලහිලව්ව..!! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/05/Daahad-2023.jpg)

සබට බොහොමත්ම තුති මචෝ..