ඔන්න එහෙනම් කථාව අවසානම කොටස් දෙකත් එක්ක තමා ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ..පළවෙනි කතා සමය මෙතනින් ඉවර වෙනවා කොහොමත් මේකෙ දෙවන කථාසමයක් ඒවි කියලාකිසිම බලාපොරොත්තුවක් නෑ. මොකද මේකෙ mangaka හදවත් රෝගෙකින් මැරිලා. 🙁 ඊටපස්සෙත් මේ කතාවෙ manga එක වෙන කෙනෙක්ගෙ අතින් ලියවෙනවා.ඒත් අතර්ජාලයේවත් කිසිම තැනක සදහනක්…

ඔන්න එහෙනම් කථාව අවසානම කොටස් දෙකත් එක්ක තමා ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ..පළවෙනි කතා සමය මෙතනින් ඉවර වෙනවා කොහොමත් මේකෙ දෙවන කථාසමයක් ඒවි කියලාකිසිම බලාපොරොත්තුවක් නෑ. මොකද මේකෙ mangaka හදවත් රෝගෙකින් මැරිලා. 🙁 ඊටපස්සෙත් මේ කතාවෙ manga එක වෙන කෙනෙක්ගෙ අතින් ලියවෙනවා.ඒත් අතර්ජාලයේවත් කිසිම තැනක සදහනක් නෑ මේකේ දෙවන කතා සමයක් ගැන. ඒත් හොඳ දේකුත් තියනවා. manga එක මීට වඩා ඉදිරියෙන් තියෙන්නේ.ඔයාලට ඕනෙ නම් ඇනිමෙ එක බලලා ඊළඟට මොකක්ද වෙන්නෙ කියලා කුතුහලය තියනවා නම් කොහෙන් හරි මේකෙ manga එක කියවන්න පුලුවන්. ඒත් අනාගතේ දවසක මේකෙ දෙවන කතාසමය එන්නත් බොහෝ දුරට ඉඩක් තියේවි. කොහොමත් ඒක කාලයට භාර ප්‍රශ්ණයක්.
කවදා හරි මේකේ දෙවනි කතාසමය announce කරනකම් බලාගෙන ඉමු.
එහෙනම් අවසාන වතාවට අපි ගිය කතාංගෙන් මොකද්ද උනේ කියලා බලමු….
තමන්ගෙ ජීවිත යාන්තමින් ගලවගෙන ටකාශි සහ සෙයිකො ඉදිරියට යනවා. ඊටත් වඩා අනිත් අයත් එක්කත් සහයෝගෙන් වැඩ කරන්න අවශ්‍යයි. දැන් අපි දන්නවා සෙයිකො කියන්නෙ ඇත්තටම මොනවගේත් කියලත් අනිත් කන්ඩායම් සාමාජිකයගෙ අතීත තොරතුරු සහා එයලගෙ පෞර්ශය ගැනත්. අපිට සෙයිකො ගෙ චරිතය ගැන පොඩි සැකයක් තිබුනා. සෙයිකො ඇත්තටම ලස්සන මතුපිටින් විතරද කියලා. ඒ ගැටලු දැන් නිරාකරණය වුනා කියලා මම දැන් හිතනවා. සෙට් එකම ටකගී ගෙ නිවසට යනවා. ඒක නොබිඳිය හැකි බලකොටුවක් වගේ. මෙතරම් කාලයක් ඇසුරු කරපු නැති තරම් විශාල මිනිසුන් කන්ඩායමක් එයාලට හමුවෙනවා.
එහෙනම් අවසාන කථාංග දෙකෙන් මොකක්ද වෙන්න යන්නෙ කියලා පොඩ්ඩක් දැනගමු….
ටකගී ලගෙ නිවසේ අවුල් ජාලයක් ඇති වෙනවා. තීරණ ගන්න නායකයෙක් ඕනෙ කරනවා. මේකට ගෞරවය, ආදරය, භක්තිය සහ දයාව පරීක්ෂාවට ලක් කරනවා. කන්ඩායමට අනපේක්ශිත විදිහට කෙනෙක්ගෙ නැවත පැමිණීමක් දැකගන්න ලැබෙනවා. ටකාශිට එයාගෙ මිතුරන් ආරක්ශා කරන්න වෙනවා. නැත්තන් මේ සියල්ලම නැති වී යාමේ අවධානමක් දරුණුවටම තියනවා.
තව දෙයක් තියනවා, මේකේ 12 වෙනි කථාංගයෙන් පස්සෙ විනාඩි 16ක විතර OAV කථාංගයක් තියනවා. ඒකටත් උපසිරැසිය දීලා තියෙන්නෙ. කතාවක් එක්ක ලොකූ සම්භන්දයක් නැති උනත් අනිවාරෙන්ම ඒකත් බලන්න. ඒකෙ අන්තිමට මේකේ දෙවනි කතාසමයක් තිබුනා නම් මොකද්ද වෙන්නෙ, කොහෙන්ද ඒක එහෙනම් පටන් ගන්නෙ කියලා පොඩි ඉඟි දෙනවා. අනිවා ඒකත් බලන්ඩල ඈ…
ඔන්න ඉතින් එහෙනම් කතාමාලාව අවසන්. අවසානයක් වෙනකම් මේ කතාමාලාව සමග රැඳිලා හිටපු හැමෝටම බොහෝම ස්තූතියි කියන ගමන් තවත් අලුත් කතාමාලාවකින් හමුවෙමු…
See ya !!
– ගඟුල් කාව්‍ය –
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ BD පිටපත සදහා අදාළ වේ.
1,491 downloadsDownload Highschool_of_the_Dead_11-_12.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- Action
- Drama
- Thriller
- Horror
- Adult
- Supernatural
- Crime
- Sci-Fi
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Family
- Anime
- #2010
- #Editor's Pick
- #Highschool of the Dead [S01 : E01 & E02] Sinhala Subtitles
- #Highschool of the Dead Sinhala Sub
- #Highschool of the Dead Sinhala Subtitles
- #Ken'yû Horiuchi
- #MaxxA
- #Offbeat
- #Reina Kondou
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Suzu Hirose
- #Wataru Takag
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
vihanga
ලංකන් weebs
අනිවාරෙන්ම try එකක් දෙන්නම්
Anonymous
Thanks jayawewa.....!
ලංකන් weebs
❤️
Ishan Madusha
බොහෝම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gg
me wage thawa monada series tiynne bro thanks sub ekta!!!
Advertisement


thanks ban sub ekata.cowboy bebop series ekata puluwannam sub dipalla kollo