නෙට්ෆ්ලික්ස් එකෙන් අලුතෙන්ම නිකුත් කරපු හින්දි කතාමාලාව සමඟයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ප්‍රවීණ ජනප්‍රිය නිළි මධුරි ඩික්සිත් ප්‍රධාන චරිතය රඟ දක්වන ෆේම් ගේම් කතාමාලාවේ කොටස් 3ක් මේ වෙද්දි ඔයාලා බලලා ඇතිනේ. මේ අරන් එන්නේ 4වෙනි කොටස. IMDb අගය 7.1ක් ලෙස සටහන් කරගත්තු මේ කතාමාලාව Drama ගණයට වැටෙන ගුණාත…

නෙට්ෆ්ලික්ස් එකෙන් අලුතෙන්ම නිකුත් කරපු හින්දි කතාමාලාව සමඟයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ප්‍රවීණ ජනප්‍රිය නිළි මධුරි ඩික්සිත් ප්‍රධාන චරිතය රඟ දක්වන ෆේම් ගේම් කතාමාලාවේ කොටස් 3ක් මේ වෙද්දි ඔයාලා බලලා ඇතිනේ. මේ අරන් එන්නේ 4වෙනි කොටස. IMDb අගය 7.1ක් ලෙස සටහන් කරගත්තු මේ කතාමාලාව Drama ගණයට වැටෙන ගුණාත්මක තත්ත්වයෙන් හොඳ නිර්මාණයක් කියලා කියන්නම ඕන.

පසුගිය කොටසෙදි ඔයාලා දැක්කනේ අනාමිකා ආනන්ද් කියන ජනප්‍රිය නිළියගේ හදිසි අතුරුදන් වීම ගැන සහකාර පොලිස් කොමසාරිස් පරීක්ෂණ පවත්වන විදිහ. පවුලේ අයගෙන් ගත්තම අනාමිකාගේ අම්මාගේ සහ අනාමිකාගේ සැමියාගේ හැසිරීම සැකසහිත බවක් පේන්න තිබ්බා. ඒ වගේම අනාමිකාගේ අතුරුදහන් වීමත් ඔවුන්ට වගේ වගක් තිබුණේ නෑ. අනාමිකාගේ පුතාට තමන්ගේ තාත්තා ගැන සැකයක් තිබුණා. ඔය අතරේ දෝණි අර කිව්ව අමුතු රසිකයා එක්ක එකතු වෙලා වෙනම හුටපටයක්.

පහුගිය මතකයන් අපිට මුණගස්සපු දර්ශන අතරේ අනාමිකා සහ මනීෂ්ගේ කතාව ගැන ලොකු ලොකු ඉඟි දුන්නා. මනීෂ්ගේ දුව, මනීෂ්ගේ හිටපු බිරිඳ, ඒ වගේම මනීෂ් පීඩා විඳින ලෙඩේ ගැනත් ඔයාලා දැනගන්න ඇති. ඒ වගේම අනාමිකාගේ කසාද ජීවිතය, දරුවෝ නොවෙන්න එකම අපායක් බවත් පේන්න ඇති. අනාමිකාට තමන්ගේ සැමියා කෙරෙහි ලෙන්ගතුකමක් නැති පාටයි. ඒකට හේතුව උනේ එයාගේ පරණ ආදරේද? මේ හැමදේම තාමත් අපිට රහසක්.
තවත් විශේෂ සිදුවීම් අතරේ අවීගේ අමුතු ගමන සහ අනාමිකාට එයාගේ අම්මගෙන් සහ සැමියාගෙන් සිද්ධ වුණු ද්‍රෝහීකමත් දකින්න ඇති. දුකෙන් හිටපු අනාමිකා කෙලින්ම ගියේ මනීෂ් ගාවට.

අදත් බලමු 4වෙනි කොටස එහෙනම්…

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

1,707 downloadsDownload TFG-S01-E04.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

1,707 downloadsDownload Subtitles22 KB

6 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Kushan

    Sub akta thanks

  3. Anonymous

    Thanks for sub
    The great indian murder series ekath denna

  4. sahangayantha

    thanks a lot saho sub ekata

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Mano

    Godak sthuthi.. Jaya wewa!