Watch Trailer

Mumbai Diaries 26/11 [S01 : E01] Sinhala Subtitles | ලෙයින් තෙමී ගිය දවසක්..!! [සිංහල උපසිරැසි]

එදා රෑ.. කවුරුත් නිදාගත්තෙත් නෑ කාටවත් මුකුත් හිතාගන්නත් බැරිවුණා සිතුවිලි හිරවෙලා තිබ්බා ඇස් වල බය තිබ්බා හිතන්නවත් තේරුම්ගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ තත්පරයක් ගානේ පීඩනය වැඩිවුණා හතර වටින්ම මිනී කඳු ගොඩ ගැහුනා හැම හුස්මක්ම වටිනාකම දැනුනා ඒ රෑ කවදාවත් ඉවර වෙන්න නොතිබ්බ රැයක්.. හැමදේම විනාශ වෙන්න තිබ්…

එදා රෑ..
කවුරුත් නිදාගත්තෙත් නෑ
කාටවත් මුකුත් හිතාගන්නත් බැරිවුණා
සිතුවිලි හිරවෙලා තිබ්බා
ඇස් වල බය තිබ්බා
හිතන්නවත් තේරුම්ගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ
තත්පරයක් ගානේ පීඩනය වැඩිවුණා
හතර වටින්ම මිනී කඳු ගොඩ ගැහුනා
හැම හුස්මක්ම වටිනාකම දැනුනා
ඒ රෑ කවදාවත් ඉවර වෙන්න නොතිබ්බ රැයක්..
හැමදේම විනාශ වෙන්න තිබ්බ රැයක්
හැබැයි අපි එදා රෑ…
එතන හිටියා..

2008 අවුරුද්දේ නොවැම්බර් 26වෙනිදා. වටින් ගොඩින් කළුවර වැටීගෙන එනවා. මුම්බායි නගරය සුපුරුදු විදිහටම කලබලකාරියි. ඒ කලබකාරිත්වයත් අතේ දරාගෙනම දසත පැතිරෙන අඳුර මැදින් ලොකු බෑග් වගයක් එල්ලගත්තු කොල්ලෝ 10දෙනෙක් මහ පාරට එනවා. කවුරුත් ඔවුන් වෙනුවෙන් විශේෂ අවධානයක් දැක්වුවේ නෑ. මේ මුම්බායි නගරය, එතන විශේෂ අවධානයක් දක්වන්න දෙයක් තිබුණේ නෑ. කොල්ලෝ දහදෙනා රංචු ගැහීගෙන පාර මැදට ඇවිදින් එකිනෙකාට සුබ පතාගෙන වෙන් වුණා. දකින කෙනෙක්ට මිතුරන් කිහිපදෙනෙක් සාමාන්‍යයෙන් කරගන්න සමුගැනීමක් ඒක. ඒත් හරියට බැලුව නම් දකින්න තිබ්බ උන්ගේ මූණු වල තිබ්බ පීඩනය. ඒමූණු වල ලේ කඳුලක් තිබ්බේ නෑ. උන් හිටියේ ලේ පිපාසාවෙන්. දහදෙනා බෙදිලා එක එක පැති වලට ගේ උන්ගේ ලේ පිපාසාව සංසිඳුවන්න හිතාගෙන. අහිංසක මුම්බායි නගරය මේ මුකුත්ම නොදැන හැල්මේ තමන්ගේ කලබලකාරී ජීවන රටාව ගෙනයමින් හිටියා.

26/11 නැත්තම් 2008 නොවැම්බර් 26වෙනිදා සිද්ධ වුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව ගැන නොදන්නා කෙනෙක් නම් නැතුව ඇති. කාලීන තොරතුරු පස්සෙන් නොයන කෙනෙක් වුණත් ඉන්දියන් සිනමා නිර්මාණ රස විඳින කෙනෙක් නම් කිහිපවතාවක්ම මේ ප්‍රහාර මාලාව ගැන නොයෙකුත් නිර්මාණ ඔබේ දෑසේ සවනේ ගැටෙන්න ඇති. මේ නොවැම්බර් 26 වෙනිදා ඉඳන් නොවැම්බර් 29 වෙනිදා කියන දවස් 4ක කාලයක් ඇතුලත මුම්බායි නගරයේ විවිධ තැන්වල ත්‍රස්ත ප්‍රහාරයන් 12ක් ක්‍රියාත්මක වුණා. කිසිම දෙයක් නොදන්නා අහිංසකයෝ අවම වශයෙන් 174ක් තමන්ගේ ජීවිත වලට සමු දුන්නා. 300කට අධික තුවාල ලැබීම් වාර්තා වුණා. නොවැම්බර් 26 මහ කාලකන්ණි දවසක් විදිහට ලෙයින් ඉතිහාසගත වෙද්දි කොහෙහරි කාලකන්නි අන්තවාදී ටිකක් ජයපැන් බොන්න ඇති. හරියට ලාංකික අපි 2019 අප්‍රේල් 21වෙනිදා මුහුණ දුන් සිද්ධියේදි වගේම.

ඔබ හිතන්නේ හැබෑම යුද්ධය වෙන්න ඇත්තේ කොහේ කියලද? ත්‍රස්තවාදීන් සහ පොලිස්/හමුදා නිලධාරින් අතර විතරක්ම කියලද? නැහැ, එහෙම හිතෙනවා නම් ඒක පට්ට වැරදියි. අපේ හමුදා/පොලිස් නිලධාරීන්ට සමගාමී යුද්ධයක් රෝහලක් ඇතුලෙත් සිද්ධ වෙනවා. කිසිම විදිහකින් අවතක්සේරු කරන්න බැරි අති දරුණු විදිහේ යුද්ධයක්. ත්‍රස්ත ප්‍රහාර වලට විතරක් සීමා නොවුණු යුද්ධ වලට රෝහල් දවස් ගණන් මුහුණ දෙනවා. ඔබ මා මුහුණ දීලා ඉන්න මේ වසංගත තත්වයම පොඩ්ඩකට උදාහරණයට ගන්න. මේ සුව විරුවෝ කරන යුද්ධය කිසිම විදිහකින් සුළුපටු නැහැ. ඒ නිසා හැබෑම යුද්ධයක් රෝහලක් ඇතුලෙත් සිද්ධ වෙනවා. ඒකත් යුධපිටියක්.

විවිධ නිර්මාණ වලින් අපි 26/11 ප්‍රහාර වල අත්දැකීම විඳගත්තානේ. ඒත් වැදගත්ම භූමිකාවක් මග ඇරිලා නම්? ඔව්.. එදා මුම්බායි රෝහල් කොහොමද තියෙන්න ඇත්තේ? එතන යුද්ධය කොහොම වෙන්න ඇත්ද? ඒ ශාපලත් දවසේ රෝහලක සිද්ධ වෙච්ච ඒ ඇඟ හිරිවට්ටන අත්දැකීම් සමුදාය වෙබ් කතාමාලාවක් විදිහට අපි වෙතට ඇවිල්ලා තියෙනවා. ඔව්, එහෙම අරන් ඇවිත් තියෙන්නේ කවුද? වෙන කවුරුත් නෙමේ, හින්දි සීරීස් කියපු ගමන් අපේ ඔලුවට එන Breathe, The Family Man, Inside Edge, Mirzapur, Paatal Lok, Panchayat වගේ ජනප්‍රිය නිර්මාණ එලි දක්වපු ඇමසෝන් ප්‍රයිම් වෙතින්. කිසිම සැකයක් නැහැ අදින් පස්සේ ඔය උඩ කියපු ලැයිස්තුවට මුම්බායි ඩයරීස් නිතරඟයෙන්ම ඇතුලත් වෙනවා ඇති. ඒ මොකද කිව්වොත් මේ වෙද්දීත් අති විශාල ප්‍රේක්ෂක ප්‍රසාදයක් මේ කතාමාලාව ලබා ගනිමින් තියෙන නිසා. ප්‍රේක්ෂකයන්ගේ විතරක් නෙමේ විචාරකයන්ගේ පවා පැසසුමට ලක්වෙමින් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 13,000කට අධික මනාප සංඛ්‍යාවකින් 8.7ක දැවැන්ත අගයක් අත් කරගෙන තියෙන මේ නිර්මාණය අධ්‍යක්ෂණය වෙලා තියෙන්නේ D- Day, Batla House, Kal Ho Naa Ho වගේ අපේ හිත් ඇදගත් සිනමා නිර්මාණ අරගෙන ආපු නිඛිල් අද්වානි විසින්. එතකොට රංගනය : හැමදාමත් වගේ තමන්ගේ තාත්වික රංගනය අපි වෙතට ගෙනල්ලා අතාරින කොන්කොනා ෂර්මා, මෝහිත් රෛනා, ශ්‍රෙයා ඇතුළු දන්න නොදන්නා ලොකු පිරිසක් විසින් මේ අඳුරු කතාමාලාව එලිය කරනවා.

පසුගිය සැප්තැම්බර් 9වෙනිදා කලඑලි බැස්ස මේ කතාමාලාවට කොටස් 8ක් අන්තර්ගතයි. බලන ඔබට සහතික කරලම කියන්නම් එකම එක මිනිත්තුවක් කම්මැලිකමක් දැනෙන එකක් නෑ. ඒ වගේමයි බැරි වෙලා හෝ එක කොටසක් බැලුවොත් අනිත් එක නොබලා නොඉන්න තරම් අසරණකමකුත් දැනෙයි. ඒ තරම් උද්වේගකර විදිහට තමා එක කොටසක් අවසාන වෙන්නේ. ඒ නිසා මේ අත්දැකීම මග ඇරගන්න එපා, ගෙදරට වෙලා මේක බලාගෙන ඉන්න කියලයි උදක්ම ඉල්ලා සිටින්නේ. ඉතින් අපේ මේ මෙහෙයුමට ශසිත්, සිසිත, සුභාෂිනී, දහරා කියන පිරිස එකතු වුණා. වෛද්‍ය විද්‍යාව සම්බන්ධ වචන ටිකක් වැඩිපුර තියෙන නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා. කොටස් 8ක් පුරා මේක රසවිඳින්න, කුතුහලයෙන් මිරිකෙන්න, සංවේදී වෙන්න කියලා ආරාධනා කරන ගමන්, මේක මග ඇරගැනීම කියන අපරාධේ කරගන්න එපා කියන අනතුරු ඇඟවීම ආදරයෙන් කරන ගමන් අපි සමුගන්නවා.

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,775 downloadsDownload MD-S03-E01.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

3,775 downloadsDownload Subtitles33 KB

23 comments

  1. Anonymous

    නියමයි මයුර සහෝ
    කාලෙකින් හින්දි සීරීස් එකක්
    ඉතුරුවත් ඉක්මනින් දෙමු

  2. Kushan

    Sub akta thanks

  3. ram

    thanks saho

  4. Hasitha

    Niyamai baiscope
    Hindi web series dena eka nm nwatwanna epa

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Anonymous

    Thanks

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. DILmin

    Sub ekata thanks! Maestro (2021) film ekatath sub denna

  9. Anonymous

    බලාපොරොත්තු වුන සීරීස් එකක් බොහොම ස්තුතී මයුර සහෝ ඇතුලු අනිත් ඔක්කොටම

  10. Anonymous

    thnks

  11. V.P

    සිංහල උපසිරසියට ස්තුතියි

  12. Lakshitha

    සිංහල උපසිරසියට ස්තුතියි ..ජයෙන් ජයම වේවා .!!

  13. Sachith

    Thanks bokka❤️

  14. Anonymous

    Patta

  15. Anonymous

    සුපිරියක් වගේ,ඔක්කොම දුන්නම බලනෝ,ස්තුතියි බයිස්කෝප් සෙට් එකටම.

  16. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  17. Rajitha

    උපසිරසියට බෝම තුති

  18. Anonymous

    Thanks guyz

  19. Chandima Prasad

    Thanks Sub Ekata.

  20. රංගික සිනෙත් කාරියවසම්

    ජය වේවා .නියම වැඩක්

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. sahangayantha

    thanks a lot sub ekata

  23. Chathuranga

    Season 2 eketh sub oneee