Watch Trailer

Kal Ho Naa Ho (2003) | හෙට දිනක් නොවේ නම්… [සිංහල උපසිරැසි සමඟ]

“ජීවිතය සෑම මොහොතකම වෙනස් වෙමින් පවතී.. විටෙක අඳුරු වන එය තවත් විටෙක ආලෝකමත්. මේ හැම මොහොතකම, ජීවිතය සතුටින් විඳගන්න. අද පවතින මේ සියලුම දේ හෙට දිනයේ නැති විය හැකියි. දුක, සතුට, සිනහව, කඳුල.. ඔබ, මම පවා එහෙමයි” ‘සෝනු නිගම්’ ගේ සොඳුරු හඬින් ගැයෙන ‘kal ho na ho’ ගීතය අහල නැති කෙනෙක් ඉන්නවනම්, ඒ ඉතාමත…

Kal Ho Naa Ho (2003)“ජීවිතය සෑම මොහොතකම වෙනස් වෙමින් පවතී.. විටෙක අඳුරු වන එය තවත් විටෙක ආලෝකමත්. මේ හැම මොහොතකම, ජීවිතය සතුටින් විඳගන්න. අද පවතින මේ සියලුම දේ හෙට දිනයේ නැති විය හැකියි. දුක, සතුට, සිනහව, කඳුල.. ඔබ, මම පවා එහෙමයි”

‘සෝනු නිගම්’ ගේ සොඳුරු හඬින් ගැයෙන ‘kal ho na ho’ ගීතය අහල නැති කෙනෙක් ඉන්නවනම්, ඒ ඉතාමත් කලාතුරකින්.. ඒ ලස්සන ගීතය තේමා වුනු සංවේදී සිනමා සිත්තම තමයි මේ. කිසිම තර්කයක් නැතුව අති විශිෂ්ඨ නිර්මාණයක් කියල කියන්න පුළුවන්. ටිකක් විතර පරණයි තමා, නමුත් බොහෝමයක් ප්‍රේක්ෂකයින්ගේ දෙනෙත් තෙත් කර වීමට සමත් වුනු සංවේදී සිනමා පටයක්. IMDB අගය ගැන සඳහන් කරනවනම් 7.7ක් තරම් ඉහල අගයක් දරන්න පුළුවන් වෙලා තියනවා. මෙහි කතාව ලියල තියෙන්නෙ Niranjan Iyengar විසින්. නිෂ්පාදනය Yash Johar සහ Karan Johar අතින් සිදුවෙලා තිබෙන අතර අධ්‍යක්ෂනය සිදු කර තිබෙන්නේ Nikhil Advani විසින්.

මේ කතාව විස්තර කරන්නේ ‘නේනා කැත්‍රීන් කපූර්’… ඇගේ ජීවිතේ ඇය අඩුවෙන්ම ලබපු දේ තමා සතුට සහ සිනහව. ඒ ජීවිතයේ සතුටක් කියල දෙයක් නැති තරම්. ඇගේ පියා මිය ගිහින්, ඒ නිසා පවුලෙම බර වැටෙන්නෙ ඇගේ අම්මා ‘ජෙනිෆර්’ මත. ජෙනිෆර්ට ආර්ථික ප්‍රශ්ණ මදිවට පවුල ඇතුලෙ තවත් ප්‍රශ්ණ. ඔවුන්ගේ පවුල නිරතුරුවම අසතුටින් ඉන්නෙ. නේනාට ඉන්නව හොඳම යාලුවෙක්. ඔහු තමා ‘රෝහිත්’, නේනා ටිකක් හරි සැනසීමෙන් ඉන්නවනම් ඉන්නෙ ඔහු නිසා. මේ අතරේ නේනාගේ අසල්වැසි නිවසට එනවා බොහොම විනෝද කාමී, මිත්‍රශීලී පුද්ගලයෙක්. ඔහුගෙ නම ‘අමන් මාතූර්’ නිතරම සතුටින් ඉන්න උත්සාහ කරන ඔහු අන් අයවත් සතුටු කරන, අන් අයට යමක් කර දී සතුටු වන ලස්සන පුද්ගලයෙක්. නේනාගේ දුකින් පිරුණු ලෝකය වෙනස් කිරීමට අමන් සමත් වෙනවා.. ඇයට සිනහසෙන්න උගන්වනවා, ජීවත් වෙන්න උගන්වනවා, ඇගේ පවුල තුල සතුට ඇති කරවනවා… නේනාට විතරක් නෙමෙයි, අහල පහල හැමෝටම සතුට උදා කරවන්නේ අමන්. ඉන් පසු.. නේනා අමන්ට ආදරය කරන්න පටන් ගන්නවා. ඒ අතරෙ රෝහිත් නේනාට ආදරය කරනවා… නමුත් අමන් ඇගේ ආදරේ පිළිගන්නෙ නෑ. ඒ ඇයි? කියන ප්‍රශ්ණය මම ඉතුරු කරනවා.

කතාව පිළිබඳ බොහොම කෙටි සාරාංශයක් තමා දුන්නෙ. මීට වඩා යමක් කියනවා කියන්නෙ මේ සිනමා කෘතිය නොබලපු අයගේ වින්දනයට බාධා කරනවා කියන එකයි. නමුත් බලපු අය දන්නව ඇති මේ සිනමා නිර්මාණය කෙතරම් උසස් නිර්මාණයක්ද කියලා. ‘නේනා කැත්‍රීන් කපූර්’ ලෙස රංගනයෙන් දායක වන්නේ Preity Zinta, ඇගේ රංගනය ඉතාමත් සාර්ථකයි. ‘රෝහිත් පටෙල්’ ලෙස Saif Ali Khan රංගනය ඉදිරිඉපත් කරනවා. ඔහුත් තම චරිතය නියමාකාරයෙන් ඉදිරිපත් කරනවා. ‘අමන් මාතූර්’ ලෙස Shah Rukh Khan තම රංගනය අති විෂිශ්ඨ ආකාරයෙන් ඉදිරිපත් කරනවා. shah rukh
බොලිවුඩයේ ඉන්න විෂිශ්ඨම රංගන ශිල්පියා කියන්නෙ ඇයි? කියල ප්‍රශ්ණ‍‍යක් අහනවනම්, ඒකට මේ සිනමා සිත්තම හොඳ පිළිතුරක් දෙයි. මෙහි එක් ගීතයක සුළු කොටසකට සුරූපී නිළි ‘කාජල්’ සහ ‘රාණි මුඛර්ජී’ ද දායක වෙනවා.

“දුක් විඳින මිනිසුන්ගේ දුක් කඳුළු පිසලා, ඔවුන් කරා සතුට ගෙන ඒමට දෙවියන් වහන්සේ විසින් සුර දූතයන් එවනු ලබයි. නේනා කැත්‍රීන් කපූර්ගේ ජීවිතයට පැමිණි එවන් සුරදූතයෙක් පිලිබඳ කතාවයි මේ…”

අවසාන වශයෙන් ඔබ අප මෙසේ මුණගස්වන ‘විකියා’ සහ ‘වාසල’ සොයුරන් දෙදෙනාට ස්තුතිය පලකරමින් මම නවතිනවා.

Kal Ho Naa Ho (2003) on IMDb

 

 

3,245 downloadsDownload Kal.Ho_.Naa_.Ho_.2003.zip252 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමික සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles

3,245 downloadsDownload Subtitles252 KB

86 comments

  1. shann

    මැක්සා නේ මචෝ

  2. ranga

    asama kathwak thxz

  3. ositha

    elakiri hindi film aka meyka

  4. fd

    bohoma pin

  5. dilan

    pattama story akak aye balanwa

  6. kalinga

    සුපිරිම හින්දි එකක් තමා මේක

  7. eraNga

    bohoma thanks sahota

  8. chalitha

    bohoma pin

  9. hh

    ade maru aye balanwa machan

  10. quik

    thanks

  11. sds

    supirimala lipiyath niyameta liyala

  12. Harsha Lahiru

    නියමයි සහො පට්ට හින්දි බයිස්කෝප් එකකට සබ් දිලා තියෙන්නෙ ජයවේවා

  13. tharanga

    අනිවා බලන්න ඕනේ ලිස්ට් එකට දා ගත්තා සහෝ දිගටම සබ් දෙන්න

  14. ccnp

    Thanks

  15. dumindu

    niyamai.........thanks thanks.....
    yeh jawani hai deewani ekath translate karannako....please....

  16. vee

    maxxa

  17. රෙහාන් චානක

    Meekata sub kawruth karala nee kiwwamath pudumai mata.. echaram lassana story ekak.. Thank you bro

  18. jana

    bohoma thuthi machna

  19. sisitha

    සුපිරි මචන්...
    මේක බයිස්කෝප් එකේ තිබ්බ ලොකු අඩුවක්..
    අනික නාමික කරපු,
    pyaar kiya toh darnaa kyaa...
    ඒකත් පස්ට.......
    මේකටත් තුති.

  20. dushman

    meka kalekata kalin beluwa
    eath ayth balanawa sahooo
    thanks saho mewani 1 sub eakka arn awata

  21. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි නාමිකයෝ...කියලම වැඩක් නැහැ...
    ඔයා ගින්දර වැඩක් කරලා තියෙන්නේ...
    අනික ඔයා ෆිල්ම් එක ගැන ලස්සනටම ලියලා තියෙනවා...
    මේකේ තියෙන සින්දු සේරම ලස්සනයි වගේම ඒවා නාහපු කෙනෙක්නම් නැතිව ඇති....
    තව, මේකේ සංගීතය shankar ishaan loy යන තුන්දෙනා කරපු,කොච්චර ලස්සනද කියනවනම්...සංගීතයට වෙනම ඇඩෙනවා...
    ආයෙත් සැරයක් නියමයි කොල්ලෝ... මේ කරපු දේට...
    ජයම වේවා!!!

    " අද දිනයේ..
    අද, තව එක සතුටක් බෙදා ගන්න..
    අද, තව එක් ප්‍රාර්ථනාවක් කරන්න..
    අද, තව එක් කදුලක් පිසදාගන්න..
    අද, තව එක් ජීවිතයක් ජීවත් වන්න..
    අද, තව එක් සිහිනයක් දකින්න..
    අද දිනයේම.....
    කවුරුන්ද දන්නේ..
    හෙට දිනයක් තිබේවිද? නොතෙබෙවිද? කියා"..

    1. namika

      බොහොම තුති සහෝ!
      ලස්සන පද වැල් ටිකක්නේ..
      කොහෙන්ද හොයාගත්තේ?

  22. නලින්

    ස්තුතියි සදරුවන් සහෝ.. මේ කොච්චාර බැලුවත් එපා වෙන්නේ නැති බයිස්කෝප් එකක් තමයි අද මේ විදිහට සිංහල සබ් එක්ක ගේනෙල්ලා තියෙන්නේ..
    බොහෝම ස්තුතියි සහෝ

    ජය වේවා!

  23. indunil

    මම බලපු ලස්සනම film එක 1 මේක.තවමත් කැමතිම මේකට තමයි

  24. #ChalinduDeshan (කිනා)

    මචං මේ චිත්‍රපටිය ගැනනම් කතා කරල වැඩක් නෑ. සිරාම චිත්‍රපටියක් බං. ස්තූතියි සබ් දුන්න එකට.

    මම මේ කියන හන්ද ටිකක් සලකලා බලහං.
    නරකද ශාරුක් ඛාන් ඉන්න අශෝකා චිත්‍රපටියට සබ් දුන්නොත්.

    ජයවේවා!

    1. Asheka

      ow...ekanam hoda adahasak machan...e wagema hamoma balanna ona film ekak...

  25. Asheka

    patta machan...

  26. “චූටී මල්ලි”

    මං කැමතිම නළුවා මචන් ශාරුක්
    එයාගෙ තැන ගන්න තව කාලාන්තරයකට
    හොද නළුවෙක් බිහිවෙන එකක් නෑ
    හරියට ලන්කාවෙ ජෝතිපාල වගෙ,
    ඇමෙරිකාවෙ මයිකල් ජැක්සන් වගෙ
    ඒ අයගෙ තැනට ලංවෙන්න අනික් උන්ට හිතන්නත් බෑ
    මෙයත් එහෙමයි
    මට ෆිල්ම් එකෙ පිංතුරෙ දැක්කම මන් මේක බලලා අඩපු හැටි මතක් වෙනවා, අනේ මන්දා මොකක් නිසා එහෙම වෙනවද කියලා හැබයි එහෙම වෙනවා
    මාරයි... වීර් සරා බලලත් ඒකමයි උනෙ
    ජබ් තක් හේ ජාන්, කබි අල්විදා නා කෙහෙනා ඒවටත් එහෙමයි
    අනික මේකෙ සිංදු ටික, කල් හෝ නා හෝ කියන ගිතය ගැයිම නිසා සෝනුට
    ෆිල්ම්ෆෙයාර් සම්මානය පවා ලැබුනා
    ඉතින් මෙහෙම එකකට සබ් දුන්න එකනම් පට්ට
    ආයිත් බලනවා, මට මතක හැටියට ලයින් 2000ක් වගෙ තියෙ
    පිං මචන් හොදේ
    ඔබට ජය............

    1. namika

      ඇත්ත චූටියෝ, ශාරුක්ට අභියෝග කරන්න නම් කවුරුත් නෑ.
      මටත් පොඩි කාලේ මාර විදිහට වැදුන එකක් නිසා ගෙනාවේ.
      සින්දුත් ඔක්කොම ලස්සනයි, ඔක්කොටම සබ දාල ඇති.
      අදහසට ස්තුතියි!

    2. namika

      ලයින් 2000ක් නෙමෙයි, 2548යි!

  27. vernie

    maru

  28. roshan

    can you upload "madras caffe" Hindi movie .... plzz ..

  29. Menu

    Thank you bro :)

  30. UNKOWN

    mekata sub dunnata godak pin ..mama deparak thunparak witara comments walin me film akata sub denna kiyala elluwa...ath oya thamai aka etu kare....godaak pin meka mage jiwitetath godak sambandha film akak...

  31. ශාන් විමුක්ති [වීමා] 〠

    බොහොම ස්තූතියි නාමික සහෝ උපසිරසියට
    පරන උනත් ආයෙ සුපිරිම ‍ෆිල්ම් එකක් බන්
    අනිවා බාගෙන බලනව.

  32. සoජය

    ආසාවෙන් බලන්න පුලුවන් නියම ෆිල්ම් 1ක්.අන්තිමටනම් දුක හිතෙනව.සින්හල සබ් එක්ක තව සැරයක්බලන්න පුළුවන්.බොහොම ස්තුතියි සබ් එකට.

  33. lakshitha viraj

    maru maru

  34. jack

    Elakiri macho

  35. diinu

    කාලෙකට පස්සේ ආයෙමත් බලන්න පුලුවන් සුපිරි සිනමා සිත්තමක් නේ මේ දිලා තියෙන්නේ.බොහොම ස්තුතියි සහෝ.

  36. රොයිලි

    බොහොම ස්තූතියි නාමික සහෝ සිංහල උපසිරැසියට. ලස්සනම චිත්‍රපටියක් නොවැ. ජය෴෴ :P :P

    1. Sayu

      මේක YTS.MX එකේ සබ් එකට update කරන්න පුළුවන්ද මේ torrent එකේ seeds නෑ dead torrent එකක් ඒක නිසා බාන්න බෑ

  37. mudiya / මුදියා

    මේ වගේ ලස්සන ෆිල්ම් එකකට සබ් දෙන එකනම් ලොකු දෙයක්.මේ ෆිල්ම් එක බැලුවට ආයෙත් පාරක් බලන්න තියෙනව නම් කියල හිතුන වාර අනන්තයි.කබි කුෂි කබි ගම් එකත් අන්න ඒ වගේ එකක්.පුළුවන් නම් ඒකටත් සබ් කරපං මචං.(දැනටමත් දීලද දන්නෙ නෑ)නියම වැඩක් නාමිකයො.ජයවේවා.බොහෝ............................................ම ස්තූතියි...!

  38. e

    thanks machan

  39. ආදරණීය කොල්ලා

    “නාමික සඳරුවන්” උඹ නම් දෙයියෙක් මචං... තව තව මේ වගේ පට්ට ෆිල්ම් වලට සබ් දියන් මචං...මේක බලලා එදත් ඇඩුවා උඹ සිංහල සබ් දීලා ආයෙත් බලලා ආයෙත් ඇඩුනා.. පට්ටම පට්ටයි.. ජය වේවා මචං.. තව තව පට්ට සබ් දාන්න ශක්තිය ධෛර්්‍යය ලැබේවා......

  40. Chami.S

    Good work..
    Thanks...!

  41. නිශා

    නියමයි මචං මේවගේ පරණ ෆිල්ම්ස් තව තවත් හොද කොලිට්යි හොයලා දන්නා හොදවැඩක් ස්තුති හැමෝටම...

  42. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  43. sameera

    thanks i like this movie

  44. sameera

    thanks

  45. charlie

    aith balanna download kara.jaya wewa

  46. sweety

    oyata puluwnda shahruk khange "darr" film ekata subtitles denna. eka godak lassana film ekak.

  47. sameera

    ela ela

  48. Rajitha Abeysinghe

    thanks machan

  49. Rajitha Abeysinghe

    thanks

  50. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.