ඔන්න ඉතින් මේ මම අරගෙන ආවේ 10 වෙනි කොටසේ සිංහල උපසිරැසිය. ඔයාලා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඇති කියලා හිතනවා. දැන් කතාව තවත් ගැටළුකාරී වෙන්නයි යන්නේ. ග්‍රනාඩා වලට ආව ගමන් ජින් වූ සහ එයාගේ ලේකම්ව පහරදීමකට ලක් වෙනවා. අවාසනාවට ජින් වූට වඩා ලොකු බරපතල පිරිසක් එක්ක සටන් කරන්න වෙන්නේ ජින් වූගේ ලේකම්ට. ඒ වෙල…

ඔන්න ඉතින් මේ මම අරගෙන ආවේ 10 වෙනි කොටසේ සිංහල උපසිරැසිය. ඔයාලා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඇති කියලා හිතනවා. දැන් කතාව තවත් ගැටළුකාරී වෙන්නයි යන්නේ. ග්‍රනාඩා වලට ආව ගමන් ජින් වූ සහ එයාගේ ලේකම්ව පහරදීමකට ලක් වෙනවා. අවාසනාවට ජින් වූට වඩා ලොකු බරපතල පිරිසක් එක්ක සටන් කරන්න වෙන්නේ ජින් වූගේ ලේකම්ට. ඒ වෙලාවේ එයා ජින් වූගේ උදව් ඉල්ලලා හිටියත් අවාසනාවට කෝච්චිය ඒ වෙලාවේම අද්දනවා. මඟ දුරක් යද්දී ජින් වූට ගේම් එකෙන් පණිවිඩයක් එනවා තමන්ගේ සඟයා අහිමි වුණා කියලා. ඇත්තටම මෙතැනදී වුණේ එයා මැරුණු එකද? එහෙමත් නැත්නම් ග්‍රනාඩා පහු කළ නිසා ගේම් එකෙන් දීපු උපදෙසක් වගේද? ඔය ප්‍රශ්න දෙක තමයි මම මුලින්ම කතාව බලද්දී මට ඇති වුණේ එහෙනම් අපි දැන් බලමු මීළඟ කොටස කොහොමද ආරම්භ වෙන්නේ කියලා.
ප්‍රේක්ෂකයන් වගේම තමන්ගේ සඟයා අහිමි වුණා කිව්වහම ජින් වූත් බය වෙනවා. වහාම ඊළඟ නැවතුමෙන් බහින ජින් වූ ඊළඟට කරන්නේ මඟහැරුණු තමන්ගේ සේවකයාව හොයන්න පටන් ගන්න එක. නමුත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න හම්බවෙන්නේ නැහැ. තමන්ගේ කම්පැනි එකට කතා කළහම ඔවුන් කියන්නේ සහයකයා ගේම් එකෙන් අයින් වී ඇති බව. නමුත් මේ පැටලිලි සහගත දේ තේරුම් ගන්න ජින් වූට බැරි වෙනවා. තමන්ගේ සඟයා නැති නිසාත් ගවේෂණයට තව ඉතුරු වෙලා තියෙන්නෙත් සුළු කාලයක් නිසා ජින් වූ තීරණය කරනවා දිගටම ගවේෂණයේ යෙදෙන්න. ගේම් එකෙන් ඔහුට උපදෙස් දෙනවා මලාගාවේ මංකොල්ලකරුවන් හමුවෙන්න. ඔයාලට මතකද මලාගාවේ මංකොල්ලකරුවන්? මුලින්ම ජින් වූට මෙයාලව හමුවෙනකොට මෙයාලත් එක්ක කතා කරන්න තරම් ලොකු ලෙවල් එකක නෙවෙයි ජින් වූ හිටියේ. ඉතින් මේ මංකොල්ලකරුවන් එක්ක ජින් වූ මොන වගේ දෙයක් කරයිද තමන්ගේ අරමුණ ඉටු කරගන්න? ඉතින් මේ කොටසත් නරඹන්නකෝ.
මීළඟ කොටසින් හමුවෙමු. සුබ දවසක්!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ගැලපෙන පිටපත පහේ(ඩොට්)ඉන් වෙබ් අඩවියෙන් ලබාගත හැක. (480p පිටපත)
ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
2,984 downloadsDownload Memories.of_.the_.Alhambra.S01E10.Baiscopelk.com_.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
4 comments
sachintha
TEP
Thanks for sub sis.Keep doing this. Good luck
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Memories of the Alhambra AKA Alhambeura Goongjeonui Chooeok [E10] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/2-1.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි