Watch Trailer

Memories of the Alhambra AKA Alhambeura Goongjeonui Chooeok [E11] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරසි]

මේ 11 වෙනි කොටස. 10 වෙනි කොටස බැලුවට පස්සේ මේ කොටසත් බලන්න ඔයාලා ආසාවෙන් ඇති කියලා හිතනවා. ජින් වූ දැනගන්නවා හැමදාම ළඟින් හිටපු එයාගේ ලේකම් මේ ගේම් එක ප්ලේ කරන්න ගිහින් මැරිලා ඉන්නවා කියලා. ඒක ඇත්තටම එයාට අදහගන්නත් බැරි වෙනවා. ඒ වගේමයි මේ නිසා ජින් වූ ගැන තියන විශ්වාසය එහෙම පිටින්ම කම්පැනිය අයින් ක…

මේ 11 වෙනි කොටස. 10 වෙනි කොටස බැලුවට පස්සේ මේ කොටසත් බලන්න ඔයාලා ආසාවෙන් ඇති කියලා හිතනවා. ජින් වූ දැනගන්නවා හැමදාම ළඟින් හිටපු එයාගේ ලේකම් මේ ගේම් එක ප්ලේ කරන්න ගිහින් මැරිලා ඉන්නවා කියලා. ඒක ඇත්තටම එයාට අදහගන්නත් බැරි වෙනවා. ඒ වගේමයි මේ නිසා ජින් වූ ගැන තියන විශ්වාසය එහෙම පිටින්ම කම්පැනිය අයින් කරනවා. ඒ වගේම ජින් වූ කම්පැනියේ තියන වගකීම් වලින් අයින් කරන්නත් එයාලා අදහස් කරගෙන ඉන්නවා. කොහොමහරි ජින් වූ, හී ජූගේ මල්ලිව හොයාගන්න සිදු කරපු ගවේෂණය අසමත් වෙනවා. ඒ වගේම ඒ ගවේෂණය අතරේදී මියයන්න ගිය එයාව බේරාගන්නෙත් හරිම වෙලාවට හී ජූ එයාව හොයාගන්න කියලා දුන්න කෝල් එකෙන්. ඊට පස්සේ හී ජූගේ යාළුවා ජින් වූව හොයාගන්නවා. තවත් සටන් කරමින් ජින් වූ ඊළඟට නවතින්නේ ගේම් එකේ ප්‍රශ්නයක් වුණ නිසයි.

ගේම් එකේ ප්‍රශ්නේ වෙන්නේ ප්ලේ කරන අතරතුරදී සම්බන්ධ කිරීමේ දෝෂයක් නිසා ගේම් එක දර්ශනය වීම නැවතීම. ඇත්තටම වෙලා තියෙන්නේ ජින් වූ ඉල්ලපු විදිහටම ආයතනයෙන් මේ ගේම් එකේ තියන වැරැද්ද හොයාගන්නකම් ගේම් එකේ සර්වර් ඔක්කොම වහලා දාපු එක. නමුත් ජින් වූට මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. එයා හිටියේ තවත් ලෙවල් අප් වෙලා ඉක්මණින් සී ජූ ව හොයාගන්න. ඉතින් ජින් වූ තමන්ගේ ආයතනයට එනවා. ඇවිත් කියන්නේ මේ ගේම් එකේ සර්වර්ස් නැවත පිහිටුවන්න කියලයි. ඔහුගේ මේ ඉල්ලීම නිසා ඇත්තටම සේවකයෝ අර්බුදයකට මුහුණ දෙනවා. කවුරු කියන විධානය අහන්නද පිළිපදින්නද කියලා එයාලට හිතාගන්න බැහැ. අවසානයේදී ආයතනයේ අධිපති මහාචාර්ය චා ගේ මැදිහත් වීමෙන් තමයි ඒ තත්ත්වය අවසන් වෙන්නේ.

ඉතින් ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා කතාව නරඹලාම බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් මීළඟ උපසිරැසියෙන් හමුවෙමු.

මීළඟ කොටසින් හමුවෙමු. සුබ දවසක්!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


 

Due to copyright issues, we no longer provide any torrent links.

ගැලපෙන පිටපත පහේ(ඩොට්)ඉන් වෙබ් අඩවියෙන් ලබාගත හැක. (480p පිටපත)

ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

3,142 downloadsDownload Memories.of_.the_.Alhambra.S01E11.Baiscopelk.com_.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


All BT1Next BT1

Subtitles

3,142 downloadsDownload Subtitles30 KB

5 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. TEP

    Thanks for sub sis.

  3. thanujamilandi

    thank you sub ekata... Jaya wewa!! BS!!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.