බයිස්කෝප් වෙතින් සිංහල උපසිරැසි ලබාගන්නා ඔබ සැමට මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. මොකද memories of the alhambra කොරියානු කතා මාලාව තමයි මේ වසරේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒ වගේම මේ කතා මාලාව කරන්න එකතු වෙන්න කියලා මට ආරාධනා කරපු බේනුක මල්ලිටත් මම ස්තූතිවන්ත වෙනවා මේ වගේ ලස…

බයිස්කෝප් වෙතින් සිංහල උපසිරැසි ලබාගන්නා ඔබ සැමට මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. මොකද memories of the alhambra කොරියානු කතා මාලාව තමයි මේ වසරේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒ වගේම මේ කතා මාලාව කරන්න එකතු වෙන්න කියලා මට ආරාධනා කරපු බේනුක මල්ලිටත් මම ස්තූතිවන්ත වෙනවා මේ වගේ ලස්සන කතාවක් කරන්න මට කතා කළාට. ඉතින් මේ වෙනකොට කතාවේ කොටස් 8ක් ඔයාලා නරඹලා ඇතිනේ. ඔයාලටත් තේරෙනවා ඇති මේක අනෙක් කොරියානු කතා වලට වඩා ටිකක් වෙනස්ම ආකාරයක කතාවක් හිතාගන්න අමාරු දේවල් වෙන කතාවක් කියලා. සමහරු හිතනවා ඇති මේ වගේ දේවල් ඉදිරි අනාගතයේදී වෙන්නත් බැරි නැහැ කියලා. කොහොම වුණත් දිගටම මේ ලස්සන කතාවත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
මේ 9 වෙනි කොටස. මේ කොටස ආරම්භයේදීම හී ජූ තමන්ගේ මල්ලිව හොයාගන්න ආයෙමත් ස්පාඤ්ඤයට යන්න ප්ලේන් එකට නැගලා ඉන්නකොට තමයි ජින් වූගෙන් කෝල් එකක් එන්නේ. ඒ එයාට දැන්මම ස්පාඤ්ඤ ගමන නවත්තලා ගෙදරට එන්න කියන්න. හිතලා බලන්න සෑහෙන්න වියදම් කරගෙන තමන්ගේ මල්ලිව හොයන්න ආපහු තමන් කළින් හිටපු රටකට යන අක්කා කෙනෙක්ට මේ වගේ එක පාරටම යන්න කිව්වහම හිතෙන දේ. ඒත් ජින් වූ නිකන්ම මොකුත් කියන්නේ නැහැ කියලා දන්න හී ජූ, අකමැත්තෙන් වුණත් ජින් වූට අවනත වෙලා ගමන නොයා ඉන්නවා. ඒ ජින් වූ තමන්ගේ මල්ලිව ස්ථිරවම හොයාගන්නවා කියලා කියපු නිසයි. මේ අතරේදී හී ජූගේ නංගි ඉන්නේ ජින් වූගේ ඔෆිස් එකේ. ඒ දෙන්නා දැන් ගොඩක් හිතවත් වෙලා. නංගි හිතන්නේ එයාගේ අක්කයි ජින් වූගෙයි අතර සම්බන්ධයක් තියෙයි කියලා. ඉතින් මේ සේරම දේවල් එක්ක තවත් බැරෑරුම් දේවල් සිද්ධ වෙන මේ කතාව නරඹන්න ආයෙමත් ඔයාලට ආරාධනා කරනවා කතාවේ සියල්ලම කියන්න බැරි නිසා.
මෙතන ඉඳන් කතාව අවසානය දක්වා උපසිරැසි අරගෙන එන්නේ මම තමයි. එහෙනම් මීළඟ උපසිරැසියෙන් හමුවෙමු. සුබ දවසක් වේවා!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ගැලපෙන පිටපත පහේ(ඩොට්)ඉන් වෙබ් අඩවියෙන් ලබාගත හැක. (480p පිටපත)
ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
3,162 downloadsDownload Memories.of_.the_.Alhambra.S01E09.Baiscopelk.com_.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
5 comments
TEP
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
thanujamilandi
Thank you sub ekata... Jaya wewa!! BS!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Advertisement
![Memories of the Alhambra AKA Alhambeura Goongjeonui Chooeok [E09] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/1-1.jpg)


Thanks for sub sis