මුලින්ම කියන්න ඕනෙ මේක මගේ පළමු උපසිරැසි ගැන්වීම. ඒ නිසා අඩුපාඩු ගොඩක් තියෙන්න පුලුවන්. ඒ ගැන මුලින්ම සමාවෙන්න. අශේන් සහෝදරයා සහ චාමර සොයුරාමේ කථා මාලාවේ පළමු අදියරට උපසිරැසි ලබා දී තිබුනා. මම් හිතනවා ඔවුන් මගෙත් සමග අමනාප නොවෙයි කියලා මේ කථාමාලාවේ දෙවන අදියරට මම උපසිරැසි ගැන්වීම ගැන. SYFY නාලිකාව…

මුලින්ම කියන්න ඕනෙ මේක මගේ පළමු උපසිරැසි ගැන්වීම. ඒ නිසා අඩුපාඩු ගොඩක් තියෙන්න පුලුවන්. ඒ ගැන මුලින්ම සමාවෙන්න. අශේන් සහෝදරයා සහ චාමර සොයුරාමේ කථා මාලාවේ පළමු අදියරට උපසිරැසි ලබා දී තිබුනා. මම් හිතනවා ඔවුන් මගෙත් සමග අමනාප නොවෙයි කියලා මේ කථාමාලාවේ දෙවන අදියරට මම උපසිරැසි ගැන්වීම ගැන.
SYFY නාලිකාව මගින් මෙහි දෙවන කථාමාලාව නිල වශයෙන් පෙන්වනවා කියා තිබුනේ 2016 අප්‍රේල් මස 18 වැනිදා. නමුත් ඔවුන් එක් කොටසක් අප්‍රේල් මස 4 වැනිදා නිකුත් කර තිබුනා. මෙම කොටස “වදුරාගේ අවුරුද්ද” නමින් නම්කර තිබුනා. මෙම කොටසට IMDB අගය 7.5/10 පමණ ලැබී තිබෙනවා. ඔවුන් මෙම කථා මාලාවත් කොටස් 13 කින් සමන්විත යැයි දැනට ප්‍රකාශයට පත්කර තියනවා. පසුගිය කතා මාලාව අවසන් වූයේ කැසී හා රැම්සේ යන දෙදෙනාටම වෙඩි වෙදිලා. ඒ වගේම වදුරන් 12 දෙනා අනාගතයේ ඔවුන්ගේ කාල යන්ත්‍රය හා ඔවුන්ගේ ගොඩනැගිල්ල අල්ල ගන්නවා.කෝල්, කැසීව බේරාගැනීමට අනාගතය වෙත යවනවා. ඒ වගේම කෝල්, රැම්සේවත් අරගෙන ගොඩනැගිල්ලෙන් එළියට එනවා. අද කොටසෙදී වදුරන් 12 දෙනා ජෙනිෆර්ව අතීතයට යවනවා වෛරසය සමග. මේ කථාමාලාවෙදි මොකක් වෙයිද කියලා ඔයාලම බලලා තිර්ණය කරන්න. කෝල් ගේ හා රැම්සේගේ මිතුදමට කුමක් සිදුවේවිද, අනාගතයට යැවු කැසීට කුමක් සිදුවේවිද, කෝල්ට හැකිවේවිද ජෙනීෆර්ව නැවැත්වීමට.
මම මේ කොටසේ වැඩිය ලිව්වේ නැහැ. ඒකට අවුලක් නැහැනෙ නේද? ඊළග කොටසින් ඉක්මනින් හමුවෙමු. ඔයාල හැමෝටම සුබම සුබ සිංහල හිංදු අළුත් අවුරුද්දක් වේවා.
D5DC8AB5F8A0FC6063DCFF4AE5894578FFFCF96D ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,631 downloadsDownload 12.Monkeys.S02E01.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/pradeep.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
22 comments
Kulanjana Maduranga
Rasitha
tnx broo comment 1kata..........
Isuru
Thanks for sub ithuru kotas walata ikmanata sub denna
Ysa
එල මචන්.ඉක්මනට අාව ගමන් සබ් දෙන්ඩ බලපන් සහෝ...ජය වේවා෴
chamie
Thnx mchn
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Charith
Thanks bro! GOOD LUCK!!!!!!!!!!!!!!!!!!!!!!
කුහකයි ඒත් ඇත්තයි.
මේ සිංහල සබ් කෙළියෙන් උනේ.. මේවා තේරුම් ගන්න බැරුව හිටපු ගොන් හරක් මේවා බලන්න අරන් කන් පිරෙන්න කියවන්න ගත්තු එක. කොපිරයිට්ස් වයොලේෂන්වලට සයිට් එක රිපෝර්ට් කරන්න පුලුවන්ද බලන්න ඕනේ. බැරුව ඇති මම හිතන්නේ ඒක නම් කරන්න. මොකද ඔය ඕනෑ තරම් ඉංග්‍රීසි සබ් සයිට් තියෙන්නේ අවුලක් නැතුව. නමුත් පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. මේ ගොන් බයියොන්ට මොන ටීවී සීරියස්ද. ටීවි එක දාගෙන දෙකයි පණහෙ කසිකබල් නාට්ටියක් බලලා නිදාගන්නවා මිසක්.
ෆිල්ම් නම් කමක් නෑ. ඔය කොරියන්, හින්දි මගුල් ඒත් කමක් නෑ. ඒත් ඒ කාලෙ ඉඳං අපේ සීමිත ක්‍රවුඩ් එකක් එන්ජෝයි කරපු, මේ සීරියස් දාන්න ගත්තු එක හෙණ ගහන අපරාධයක්. අනික හිරු ටීවී එක. ඒකෙත් යනවලු දැන් හඬ කවලම. සිංහලට හඬ කවලා ? දෙය්යනේ.. :( මොන කරුමයක්ද. අපේ ගොඩයොන්ට කෝපි කඩේ බලලා පාන් වාටියක් හපලා නිදාගන්න තියෙන එක නැති කරනවා.
මටත් මළ වදේ මේ අවුරුද්දට ආපු හැත්ත ප්‍රිසන් බ්‍රේක් දාලා දෙන්න කියලා. හාඩ්කෝඩ් කරලා දෙන්නලු උන්ට ගමේ ගිහින් බලන්න. පෙන් එකකුත් අරන් ඇවිත්. මොන කරුමයක්ද මන්දා. බෑ කියන්නත් බෑ. කොළඹ ලොකු පාට් කියලානේ ඊට පස්සේ කියවන්නේ.
මොක උනත් සබ් හදන උන්ව නම් ඇප්‍රීෂියේට් කරන්න ඕනේ ඩවුන් කරන උන්. මමත් වන්ටයිම් ඔෆීෂියල් වැඩකට අහුවෙලා සබ් වගයක් කරන්න උනා ලේසි නැහැ වැඩේ. ටයිම් මැප් කරකර, ගගහා බලලා ආයේ අහනකොට ආයේ වෙනස් කරන්න හිතෙනවා, මොකද තේරුම හරියට එන්න ඕනේ නිසා. ටයිම් මැපින් මැනුවල් කරන්න උනාම.. හරිම අමාරු වැඩක්. රට ඉන්න අයට ඩොනේට් බට්න් එකක් දාලා පේපෑල් හරහා ඩොනේට් කරන්නත්, ලෝකල් විසිටර්ස්ලට ඔය ඊසි කෑෂ් වගේ මෙත්ඩ් ටිකක් හැදුවානම් හරි කන්ට්‍රිබියුටර්ස්ලාට සාධාරණයක් කරන්න. මේ වැඩේට ඒ මිනිස්සු පුද්ගලික කාලයයි, ධනයයි, ශ්‍රමයයි වැය කරන නිසා.
මම නම් ආසා නෑ මේ වැඩේට. එපා වෙලා ඉන්නේ. මොන කරුමයක්ද මන්දා. ප්‍රිසන් බ්‍රේක් මම 2007 ඉඳන් බැලුවෙ. මුන්ගෙ වෙලාවටද මගේ කරුමෙටද කියන්න දන්නේ නෑ.. ඒවයි මේ උඹලා කරලා සබ්ටයිට්ල්ස් ටිකයි මරුවට සින්ක් වෙනවා. :/ සින්ක් අවුට් නම් අතඇරලා දාන්න තිබ්බා හරියන්නේ නෑ කියලා.. ඒකත් ඉතින්.. මගේ වෙලාවම තමයි.
සමීර කරුණාරත්න
අපිට සල්ලි අද තියෙයි හෙට නැති වෙයි නමුත් කවදාවත් අපේම උන්ට ඔහොම කරන්න හොඳ නැහැ ඕකයි බන් අපි හැමදාම එකම තැන, ලෝකේ අනික් හැමෝම ඉස්සරහට යනකොටත්. අනික ඉතින් සුද්දා ගෙනාව පාන් කාලාන් ඉදාගන්න හොඳ නම් අපේ උන්ට උන්ගේ කතාවක් බැලුවහම මක් වෙනවද මම අහන්නේ....
Ravindu Deshapriya
Umbe kuhaka kamada, buddiyen adu bawada manda meka nam...umba wage gunamaku porakata kohomatawath ba kisima deyak sambandayen ehema seemawak panawanna..umbata ape minissu tv series balana eka allanne neththam ihin paw kiyala hithenawa umba gana..eka amuthuma manasika prashnayak bn..sirawatama...anika me site eka kawadawath nawathinneth na..ubata thama awula neda ethakota? Monaa karannada? Ape minussu thawa thawath tv series balanna ganiyi..umba akamathi unath.
Amila
Thanks mchn...!
Anush
Ade supirinee
Thanks wewa!!මධුකප්‍රිය පෙරේරා
පළමු උත්සහයට සුබපැතුම් සහෝ..
අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු..
අතරමග නොනවත්වා මේක දුන්නොත් ඒ ඇති..
ඔබට ජය..Prasad Randunu
Thank you Bother.......
රොයිලි
බොහොම ස්තූතියි රසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pruthuvi shivanga
thnx saho sub eka aulak na ela digatama karagena yamu
rumesh
12 monkeys S2 E2 awa sub eka dannako
thank sahoRasitha
puluwan taram ekmanta dennam saho
දිල්ශාන් සචින්ත(සචී)
සබට තුති සහෝ...ඉදිරියටම යමු....
kumara
Thanks Bro !!!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(chinthaka.max4
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks RASITHA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Suba Aluth Awruddak Wewa......