ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 11 වැනි කොටස. අනේ මන්ද කොහෙන් කියලා පටන් ගන්නද කියලා. එහෙනම් ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කරලම ඉන්නම්. ගිය සතියෙනම් කෝල් දැන ගත්තා ලගම අය තමයි විශ්වාස කරන්නම බැරි කියලා. ගිය සතියේට කලින් සතියේ (9 වැනි කොටසේ දී) කෝල් සොයා ගන්නවා ඊළග විරුද්ධාභාෂය සිදුවන්නේ 1957 කියලා. ඒ වගේම ක…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 11 වැනි කොටස. අනේ මන්ද කොහෙන් කියලා පටන් ගන්නද කියලා. එහෙනම් ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කරලම ඉන්නම්. ගිය සතියෙනම් කෝල් දැන ගත්තා ලගම අය තමයි විශ්වාස කරන්නම බැරි කියලා.
ගිය සතියේට කලින් සතියේ (9 වැනි කොටසේ දී) කෝල් සොයා ගන්නවා ඊළග විරුද්ධාභාෂය සිදුවන්නේ 1957 කියලා. ඒ වගේම කැසී හා රැම්සේ සොයා ගන්නවා ටයිටන් ගැන විස්තරයක් දන ගන්න පුළුවන් කියා 1961 සිටින Dr. ඇල්බර්ට් ක්‍රිස්ච්නර් නම් කෙනෙක් ගෙන්. ඒ වගේම ජෝන්ස් සොයා ගන්නවා තවත් දින 5 ක වගේ කාලයක් තුලදී කුණාටුව ඔවුන්ගේ පහසුකමට කඩා වදිනවා කියලා. ඉතින් ඒ වගේම කෝල්, ජෝන්ස් හා කැසී, රැම්සේ අතර පොඩි ගට්ටනයක් ඇතිවෙනවා ඔවුන් යාමට අවශ්‍ය 1957 ටද නැතිනම් 1961 ටද කියලා. නමුත් අවසානයේ අකමැත්තෙන් උවද කැසී හා රැම්සේ කැමති වෙනවා 1957 යන්න. ඒ වගේම අපි කවුරුත් දන්නවා ඔවුන්ගේ කීරි ගැසීම් සදහා කාලය ගණනය කරන්නේ Dr.ඇඩ්ලර් කියලා. ඉතින් කැසී හා රැම්සේ Dr. ඇඩ්ලර් ගේ උදව්වෙන් කාටත් හොරා කෝල් සමග යනවා 1961කට. නමුත් අවාසනාවකට කෝල් මෙය දන ගනිද්දී පරක්කු වැඩි වෙනවා. ඔවුන් දෙදෙනා කෝල්ව සිහි නැතිකර අපි කවුරුත් දන්නා එමර්සන් හොටලේයේ ඔහුව අතහැර දමා ජර්මනියට යනවා Dr. ඇල්බර්ට් ක්‍රිස්ච්නර් ව සොයාගෙන. ඒ වගේම කොල්ගේ සියලු මුදලුත් පැහැරගෙන. ඉතින් කෝල් අවසානයේ ඔහුගේ FBI මිතුරා වන ගේල් ගෙන් උදව් ලබා ගන්නවා ජර්මනියට යන්න. ඒ වගේම CIA වාර්තාවේ සාදාගන් පරිදි කැසී හා රැම්සේ Dr. ඇල්බර්ට් ක්‍රිස්ච්නර්ව සොයා ගන්නවා බැලේ රංග ශාලාවකදී. නමුත් Dr. ක්‍රිස්ච්නර් පසුපස මොසාඩ් සංවිධානයෙනුත් පන්නනව. කැසී හා රැම්සේ කොහොම හරි රංග ශාලාවෙන් පිටතට Dr. ක්‍රිස්ච්නර්ව ගෙන්නගෙන ඔහුව අල්ලගන්නවා. නමුත් මොසාඩ් අය ඇවිත් ඒ තුන් දෙනාම අල්ලාගෙන ඔවුන්ගේ යම් ස්ථානයකට රැගෙන යනවා.ඉන් පසු ඔවුන් කැසීගෙන් හා රැම්සේගෙන් ප්‍රශ්න කරනවා. නමුත් එතෙන්ට කෝල් සහ ගේල් පැමිණ ඔවුන්ව බේරාගන්නවා. ඒ වගේම කෝල්ට CIA සංශෝධනය නොකළ වාර්තාව හමුවෙනවා. එහි සදහන් පරිදි ටයිටන් නම් ස්ථානය ගැන එහි සදහන් වන්නේ කැසී හා රැම්සේ ඒ ගැන පවසන නිසායි. ඒ වගේම කැසී Dr. ක්‍රිස්ච්නර් ගෙන් ටයිටන් ගැන ප්‍රශ්න කරනවා. ඔහු ඒ ගැනනම් දන්නෙ නැහැ. නමුත් ඔහු වැදගත් තොරතුරක් හෙළි කරනවා. එනම් සාක්ෂි කරුගේ ඉල්ලීම පරිදි ජාන තාක්ෂණයෙන් ඕනෑම දෙයකට ඔරොත්තු දෙන පරිදි මිනිසුන් නිර්මාණය කිරීමක් ගැන. ඒ වගේම කෝල් සොයාගන්නවා ඒ ලෙස තමයි පණිවිඩකරුවන් (Messengers) 12 දෙනා නිර්මාණය කරලා තියෙන්නෙ කියලා. ඒ වගේම Dr. ක්‍රිස්ච්නර් පවසනවා බටහිර ජර්මනියේ ඔහුගේ පරීක්ෂණාගාරයේ නියැදියක් තිබෙන බව. ඉතින් කට්ටිය තීරණය කරනවා එහි ගොස් නියැදිය විනාශකරන්න. ඒ යන අතර මගදී නොසිතන ලෙස ගේල් මියයනවා. ඔවුන් පරීක්ෂණාගාරය තුල දී 1944 පණිවිඩ කාරිය හා ඇයගේ පිරිස සමග ගැටුමක් ඇතිවෙනවා. ඒ වගේම අනාගතයේ (2044) ජෝන්ස් සොයාගන්නවා Dr. ඇඩ්ලර් ඔවුන්ව යවා තිබෙන්නේ 1961 ට බව. ඉතින් ඇය ඔවුන්ව ආපසු ගෙන ඒමට කට යුතු කරනවා. ඔවුන්ට සාක්ෂිකරු විසින් අදින ලද එක් එක් අයගේ චක්‍රය ගැන විස්තරයක් ඇති සිතියමක් වැනි නිර්මාණයක් Dr. ඇල්බර්ට් ක්‍රිස්ච්නර් පෙන්න්වනවා. ඒ වගේම පරීක්ෂණාගාරය තුල දී වෙඩි වැදීමෙන් Dr. ඇල්බර්ට් ක්‍රිස්ච්නර් මිය යනවා. රැම්සේ අවසන් මොහොතේදී ටයිටන් පිහිටි ස්ථානය සොයාගන්නවා. ඒ වගේම පණිවිඩකාරිය නියදියත් රැගෙන එතනින් පළා යනවා. ඒ එක්කම අපිට දැනගන්න ලැබෙනවා ඒ නියැදිය වෙන කවුරුත් නෙමේ අපි හැමෝම දන්නා ඔලිවියා බව. ඉතින් අනාගතයට ගිය කෝල් කැසීව හා රැම්සේව හිර කරන්න කියනවා. ඒ එක්කම කුණාටුව ඔවුන්ගේ පහසුකමට කඩාවදිනවා. එතනින් තමයි ඉතින් ගිය සතියේ කතාව ඉවර වෙන්නේ.
අද කොටස ගැන පොඩ්ඩක් කියන්නම්. රැම්සේ, කැසී හා Dr. ඇඩ්ලර් එකතු වී කුමන්ත්‍රණය කරනවා පහසුකම හා යන්ත්‍රය අල්ලා ගෙන එයින් ටයිටන් වෙත ගමන් කර සාක්ෂිකරුව මරණයට පත්කිරීමට. ඒ වගේම ජෝන්ස් උත්සහ කරනවා කෝල් ව 1957 ට යවා එහි සිටින මුලිකයාව සොයාගෙන මෙම විරුද්ධාභාෂය නිමා කිරීමට. ඉතින් කවුරු සාර්ථක වෙයිද? බලලමතීරණය කරන්න.
හප්පා තව පොඩ්ඩෙන් අමතක වෙනවා. 12 Monkeys S02 කාලසටහනේ පෙන්වා ඇති පරිදි ආයේ 12 වැනි කොටස පෙන්වන්නේ ජූලි මාසේ 11 වැනිදා. ඒ කියන්නේ ලබන සතියේ පොඩි විවේකයක් ගන්නවා. ඒත් කියන්න බැහැ ඉතින්. මොකක් හරි වෙලා ඒ කොටස 4 වැනිදා පෙන්නුවොත් මම එයට උපසිරැස ලබාදෙන්න කටයුතු කරන්නම්. ඉතින් ඊළග කොටසින් හමුවෙමු.
ඔබ සැමට සුබ දවසක්…………!!!
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.
825 downloadsDownload 12.Monkeys.S02E11.Baiscopelk.com_.rar22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/RasithaPradeep.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
16 comments
නිලන්ත
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
෴ජය වේවා෴මධුකප්රිය පෙරේරා
බොහොමත්ම ස්තුතියි සහෝ උපසිරසියට..
sanath indika
thx saho
chamika
thank you
lahirulg
bohoma sthuthi saho.....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
කවීන් ලහිරු
සබ් එකට ස්තූතියි සහෝ
rex
thnx bro....
Anush
උත්කෘෂ්ටයි සහෝ.. සබට තුති!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasitha Chathuranga
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයThisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(chinthaka.max4
thanks machan
Uniya
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴