ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 10 වැනි කොටස. හම්මේ ඉතින් මේ පාරනම් අසනීප තත්වයක් හේතුවෙන් වැඩට නොයා ගෙදර හිටපු නිසා මේ කොටහටනම් ටිකක් කලින් උපසිරැස දෙන්න පුළුවන් වුණා ඉතින් ඔන්න. ගිය සතිය ගැන මතක් කළොත්, ගිය සතියේ මුලිකයන් විරුද්ධාභාෂය කිරීමෙන් ඇතිවන කාලගුණ විපර්යාසය ඉතාමත් වැඩිවෙනවා. ඉතින් ජෝන්ස්, කෝල…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 10 වැනි කොටස. හම්මේ ඉතින් මේ පාරනම් අසනීප තත්වයක් හේතුවෙන් වැඩට නොයා ගෙදර හිටපු නිසා මේ කොටහටනම් ටිකක් කලින් උපසිරැස දෙන්න පුළුවන් වුණා ඉතින් ඔන්න.
ගිය සතිය ගැන මතක් කළොත්, ගිය සතියේ මුලිකයන් විරුද්ධාභාෂය කිරීමෙන් ඇතිවන කාලගුණ විපර්යාසය ඉතාමත් වැඩිවෙනවා. ඉතින් ජෝන්ස්, කෝල් ඇතුළු පිරිස සොයාගන්නවා 1944ත් 1975ත් අතර තවත් දරුණු විරුද්ධාභාෂයයක් සිදුවීම හේතුවෙන් තමයි මෙහෙම වෙන්නේ කියලා.ඉතින් කෝල් යනව මේ ගැන අහන්න ජෙනිෆර් ව හම්බෙන්න. නමුත් ඇයත් කියනවා මේ ගැන කිසිම දන්නෙ නැහැ කියල.ඒ වගේම ඇය කියනව මේ ගැන දන්නා එකම කෙනයි ඉන්නේ. ඒ උස මිනිහා කියලා. ඉතින් කෝල් යන්න සුදානම් වෙනවා 2016 ට උස මිනිගා හොයාගන්න.ඉතින් ඒ වගේම කට්ටියට ගිය සතියෙ දකින්න හම්බෙන්න ඇති කැසී සහ රැම්සේ එකතුවෙලා සාක්ෂිකරුට වැඩේදෙන්න කැසී දුටු ටයිටන් නම් ස්ථානය ගැන විස්තර හොයනවා. නමුත් ඔවුන්ට කිසිම විස්තරයක් හම්බෙන්නෙ නැහැ. ඒ වගේම ඔවුන්ට හැනා ගෙන් දැනගන්න ලැබෙනවා රැකවලා නමින් හදුන්වන පුද්ගලයෙක් ලග ඔවුන්ට අවශ්‍ය තොරතුරු තියෙන්න පුළුවන් කියලා. ඉතින් ඔවුන් දෙදෙනා සුදානම් වනවා රැකවලා ව හොයාගෙන යන්න. ඒ වගේම 2016 දී ජෙනිෆර් අලුත්ම පිස්සුවක් නටනවා. ඒ ඇය හයිනා නමින් කණ්ඩායමක් සාදාගෙන වදුරන්ගේ පරීක්ෂණාගාර විනාශකරනවා. ඉතින් කෝල් යනවා ජෙනිෆර් ව හම්බෙන්න 2016 ට. එතැනදී තමයි ඔවුන් දැනගන්නේ වෛරසය නිර්මාණය කළ පීටර්ස් හඩ්සන් විශ්ව විද්‍යාල රෝහලේ පිරිසිදු කරන්නෙකු ලෙස වැඩකරනවා කියලා. ඉතින් ඔහු ජෙනිෆර් හා හයිනා පිරිසත් සමග එහි ගිහින් ඔහුව අල්ලගන්නවා. ඒ වෙනකොට ඔහු හොර රහසේම වෛරසයට ප්‍රතිකාරයක් සොයමින් තමයි කටයුතු කරන්නේ. කෝල් තීරණය කරනවා ඔහුව යොදාගෙන උස මිනිහාට උගුලක් අටවන්න. ඉතින් ඔහු මාධ්‍යට දැනුම් දෙනවා ඔහු ලවා මර්ක්රිජ් සමාගම කළ දරුණු වැඩ ගැන හෙළිදරව් කිරීමට මාධ්‍ය සාකච්චාවක් පවත්වනවා කියලා. ඒ වගේම 2044 දී කැසී හා රැම්සේ රැකවලා සොයාගෙන ඔහුගේ තැනට යනවා. ඒ වගේම රැකවලා ඔවුන්ව අල්ලා ගන්නවා. ඒ වගේම රැකවලා කියන්නේ සත්‍ය පමණක් බලාපොරොත්තු වන පුද්ගලයෙක්. ඉතින් ඔහු කැසීගෙන් හා රැම්සේගෙන් ප්‍රශ්න කරනවා ඔවුන් දෙන්නට දෙන්නා එකිනෙකාට වෛරකිරීමට හේතුව. ඉතින් ඒකට හේතුව කෝල් ගැන යමක් කියලා අපි හැමෝටම දන ගන්න හම්බෙනවා. ඒ වගේම 2016 ඔවුන් සිතන පරිදිම උස මිනිහා ඔවුන්ගේ ලනුව ගිලලා රෝහලට එනවා. එතනදී කෝල් සමග ජෙනිෆර් ගේ හයිනා කණ්ඩායම ඇතිකරගන්නා පරස්පර විරෝදී මතගැටුමක් නිසා එම කණ්ඩායම කෝල් හා ජෙනිෆර් නොමැතිව ඔවුන්ගේ තනි මතයට කටයුතු කරනවා. ඔය වගේ ඉතින් ලට පට සිදින් ගොඩක් ගිය සතියේ සිද්දවෙනවනේ. ඒ වගේම කෝල් හා ජෙනිෆර් උස මිනිහාව අල්ලාගෙන ඔවුන්ගේ මුලස්ථානයට අරගෙන ගිහින් ඔහුගෙන් ඊළග විරුද්ධාභාෂය ගැන අහනවා. ඒ ගැන කොහොම හරි කෝල් දැනගන්නවනේ ඉතින්. ඒ වගේම හයිනා පිරිස මාධ්‍ය හමුව පත්වනවා රෝහලේ. ඔවුන් සිතාගෙන හිටියත් උස මිනිහා ඔවුන්ගේ ඇමට අහුවුනා කියලා ඉතින් ඔවුන් සිතනවාට වඩා ඔහු දක්ෂ වෙනවා. ඔහු රෝහලේ බෝම්බයක් අටවලා එය පුපුරවා හරිනවා. ඒ වගේම උස මිනිහාගෙ ආරක්ෂකයා පැමිණිලා කෝල්ට හා ජෙනිෆර් ට බාධකිරීමක් කරනවා. ඒ අස්සේ කොහොම කොහොමහරි උස මිනිහා පැණගන්නවා. 2044 දී රැකවලා ගේ මාර්ගයෙන් කැසීට සහ රැම්සේට CIA රහස් ලියවිල්ලක් මගින් යම් තොරතුරු වගයක් ලැබෙනවා ටයිටන් ගැන. ඒ වගේම කෝල් 2016 න් නැවතත් 2044ට පිට වෙනවා. නමුත් ඔහු යම් කරදරයකට මුහුණ දීලා නැවත ඒ විගසම 2016 ට එනවා කියලා අපට පේනවා. අවසාන වශයෙන් මේ ටයිටන් නමින් හදුන්වන ස්ථානය හෝ දෙය උස මිනිහා ගේ නිර්මාණයක් කියලා දැනගැනීමට තරම් ඉගියක් අපිට දීලා තමයි ගිය සතියේ කොටස ඉවර වෙන්නෙ.
අද කොටස ගැන යමක් කියනවා නම්, ගිය සතියේ කෝල් සොයා ගන්නවා ඊළග විරුද්ධාභාෂය සිදුවන්නේ 1957 කියලා. ඒ වගේම කැසී හා රැම්සේ සොයා ගන්නවා ටයිටන් ගැන විස්තරයක් දන ගන්න පුළුවන් කියා 1961 සිටින Dr. ඇල්බර්ට් ක්‍රිස්ච්නර් නම් කෙනෙක් ගෙන්. ඒ වගේම ඔවුන් සොයා ගන්නවා තවත් දින 5 ක වගේ කාලයක් තුලදී කුණාටුව ඔවුන්ගේ පහසුකමට කඩා වදිනවා කියලා. ඉතින් ඒ වගේම කෝල්, ජෝන්ස් හා කැසී, රැම්සේ අතර පොඩි ගට්ටනයක් ඇතිවෙනවා ඔවුන් යාමට අවශ්‍ය 1957 ටද නැතිනම් 1961 ටද කියලා. නමුත් අවසානයේ අකමැත්තෙන් උවද කැසී හා රැම්සේ කැමති වෙනවා 1957 යන්න. ඒ වගේම අපි කවුරුත් දන්නවා ඔවුන්ගේ කීරි ගැසීම් සදහා කාලය ගණනය කරන්නේ Dr.ඇඩ්ලර් කියලා. ඉතින් කැසී හා රැම්සේ Dr. ඇඩ්ලර් ගේ උදව්වෙන් කාටත් හොරා කෝල් සමග යනවා 1961කට. නමුත් අවාසනාවකට කෝල් මෙය දන ගනිද්දී පරක්කු වැඩි වෙනවා. ඔවුන් දෙදෙනා කෝල්ව සිහි නැතිකර අපි කවුරුත් දන්නා එමර්සන් හොටලේයේ ඔහුව අතහැර දමා ජර්මනියට යනවා Dr. ඇල්බර්ට් ක්‍රිස්ච්නර් ව සොයාගෙන. ඒ වගේම කොල්ගේ සියලු මුදලුත් පැහැරගෙන. ඉතින් කෝල් අවසානයේ ඔහුගේ FBI මිතුරා වන ගේල් ගෙන් (1944 සිද්ධිය මතක ඇති කියලා හිතනවා) උදව් ලබා ගන්නවා ජර්මනියට යන්න. ඉතින් දැනටමත් අද කොටස ගැන කීව වැඩිද මන්ද. ඉතින් කැසීට හා රැම්සේට Dr. ඇල්බර්ට් ක්‍රිස්ච්නර් ව සොයා ගැනීමට හැකිවෙයිද, ටයිටන් ගැන ඔවුන්ට සොයා ගැනීමට හැකි වෙයිද, ඔවුන් මුහුණ දෙන කරදර මොනවාද, ඒ වගේම කෝල්ට මොකද වෙන්නේ, අනාගතයේ පහසුකමට මොකද වෙන්නේ කියලා මේ කොටස බලලම තීරණය කරන්න කියල ඉල්ලනව.
ඒ වගේම මම නම් හිතනවා අද කෝල් මුහුණ දෙන සිදුවීම හා අද කොටස ඉවර වෙන විදිහට ඉදිරියට ඔහු තනිවම මෙහෙයුම කරා වී කියලා. අපි බලමු ඉතින්. ඉතිරි කොටස් කිහිපයටත් (මම හිතන විදිහට තව කොටස් 3 යි) ඉක්මණින්ම උපසිරැසි ලබාදෙන්න උත්සහ කරන්නම්. ඊළග කොටසින් හමු වෙමු.
සියලු දෙනාටම සුබ දවසක්………..!!!
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.
790 downloadsDownload 12.Monkeys.S02E10.Baiscopelk.com_.rar24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/RasithaPradeep.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
13 comments
chamika
Anush
එළකිරි සහෝ.... අපි ආසාවෙන් බලනවා
සබට බොහොම ස්තුති සහෝlahirulg
thanx saho....ela a.....
DDT
උපසිරැසියට බොහොමත්ම ස්තූතියි!
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
ඊලග එපියෙන් හමු වෙමු
ජය වේවාKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Danushka
download link ekak denno....................
Danushka
Plz......meike video download karanna torrent link ekak denawada kawuruhari...............
රොයිලි
බොහොම ස්තූතියි රසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasitha Chathuranga
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයThisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(chinthaka.max4
thanks machan
Advertisement

niyamai sahoooooo