Watch Trailer

12 Monkeys [S02 : E12] with Sinhala Subtitles |මරණයේ හෝරාව. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 12 වැනි කොටස. ඉතින් තවත් එක් කොටසක් පමණයි දෙවන කතා මාලාවේ ඉතිරි වී තිබෙන්නේ. සතියක පොඩි නිමාඩුවකට පස්සේ තමයි ඉතින් 12 Monkeys 12 වැනි කොටස අරගෙන එන්නෙ ඉතින් ඔන්න. ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කරලම ඉන්නම්. 10 වැනි කොටස අවසන් වුණේ 1961 දී සිදුවන සිදුවීම නිසා කැසී, රැම්සේ හා Dr…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 12 වැනි කොටස. ඉතින් තවත් එක් කොටසක් පමණයි  දෙවන කතා මාලාවේ ඉතිරි වී තිබෙන්නේ. සතියක පොඩි නිමාඩුවකට පස්සේ තමයි ඉතින් 12 Monkeys 12 වැනි කොටස අරගෙන එන්නෙ ඉතින් ඔන්න.

ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කරලම ඉන්නම්. 10 වැනි කොටස අවසන් වුණේ 1961 දී සිදුවන සිදුවීම නිසා කැසී, රැම්සේ හා Dr. ඇඩ්ලර් යන තුන් දෙනාම හිර කිරීමට ලක් කිරීමෙන්. නමුත් පහසුකම ඇතුළතින් ඔවුන්ට උදව් ලැබෙන නිසා ඔවුන් එයින් මිදී පහසුකම හා යන්ත්‍රය අල්ලාගෙන ටයිටන් වෙතට ගොස් සාක්ෂිකරුව මරා දැමීමට කුමන්ත්‍රණය කරනවා. ඒ වගේම කුණාටුව ඔවුන්ගේ පහසුකමට දැඩි අලාභ හානි සිදුකරමින් තිබෙනවා. ඒ වගේම කැසිගේ යම් කථාබහක් නිසා කෝල් තේරුම් ගන්නවා ඔවුන් යන්ත්‍රය හා සම්බන්ධ කුමක් හෝ දෙයක් කරන බව. ඉතින් කෝල් යනවා රැම්සේව හම්බෙන්න. ඔහු පවසනව ඔවුන්ට යන්ත්‍රය ලබා දී ඉවත් වෙන්න කියල. නමුත් කෝල් නම් ඉතින් ඒ යෝජනාවට එකග වෙන්නෙ නැහැ. ඒ වගේම කෝල් යනවා ඩීකන් ගෙන් උදව් ලබා ගැනීමට. රැම්සේ සමග ඇති විරසකය නිසා ඔහු කෝල්ට උදව් කිරීමට කැමති වෙනවා. නමුත් කවුරුත් නොසිතන පරිදි වෛට්ලි ද රැම්සේට සහය දක්වන නිසා ඔවුන්ට කිසිම මහන්සියකින් තොරව පහසුකම යටත් කර ගැනීමට හැකි වෙනවා. නමුත් එතෙන්ට පැමිණෙන කෝල් Dr. ඇඩ්ලර්ට වෙඩි තැබීමට සුදානම් වෙනවා. එහෙත් කැසී එය ව්‍යර්ථ කරනවා. එහෙයින් Dr. ඇඩ්ලර්ගේ කකුලට පමණක් වෙඩි වැදී ඔහු බේරෙනව. කිරීමට කිසිම දෙයක් නැති තැන කෝල් පහසුකමෙන් පිටවී ජෙනිෆර් හා දියණියන් සොයා යනවා ඔවුන්ගෙන් උදව් ලබා ගැනීමට. ඉතින් අපි කවුරුත් දන්නා ලෙස ඇය කෝල්ට උදව් කිරීමට පිටත් වෙනව. ඉතින් ඩීකන්ගේ උදව්වෙන් ඔවුන් පහසුකමට ඇතුල් වී බලය නැවත ලබා ගන්නවා. නමුත් ඩීකන්ගේ මෝඩ ක්‍රියාවක් නිසා අපේ ජෙනිෆර්ට වෙඩි වදිනවා. ඉතින් ඒ වගේම දියණියන් පවසනවා ජෙනිෆර් මිය ගියහොත් පහසුකම තුල සිටින සියලු දෙනාම මරා දමන බව. ඒ වගේම කට්ටියට මතක ඇති කියල හිතනවා 5 වැනි කොටසෙදි ජෙනිෆර් සොයා ගන්නවා ඇය 2044 සැප්තැම්බර් 23 වැනිදා මිය යනවා කියල (උස මිනිහා ජෙනිෆර් හා කැසිව 2016 දී අල්ලා ගන්නා කොටසේදී). ඉතින් 11 වැනි කොටස කියන්නේ ඒ දිනය තමයි. ඉතින් ජෙනිෆර් දන්නවා ඇය එදින මිය යන බව. ඒ නිසා ඇය කෝල් ගෙන් ඉල්ලා සිටිනවා පහසුකමේ අයව බේරා ගැනීමට දියණියන්ට ගැළපෙන ජෙනිෆර්ව ගෙන්න කියල. ඉතින් කෝල් 2016 ට ගොස් (මතක ඇති කියල හිතනවා 9 වැනි කොටසේ අවසන් හරිය) 2016 ජෙනිෆර්ව 2043 ට රැගෙන එනවා. අනේ මන්දා මෙතන ඉදන් කොහොමද කතාව කියන්නේ ජෙනිෆර්ලා දෙන්නෙක් ඉන්නවා. මෙහෙම කියන්නම් මහළු ජෙනිෆර් තරුණ ජෙනිෆර්ගෙන් ඉල්ලා සිටිනවා දියණියන්ට නායකත්වය ලබා දෙන මෙන්. ඒ වගේම ඇයට යම් කිසි තීරණයක් ගැනීමට කියා කරුණු දෙකක් පවසා ඇය මිය යනවා. ඉතින් ඒ වගේම තරුණ ජෙනිෆර් අමාරුම කාර්යය කර ලෝකය බේරා ගැනීමට කෝල්ට සහය වීමට තීරණය කරනවා. ඉතින් ඇය හා ඇගේ දියණියන් සමග රැම්සේ ඇතුළු පිරිසට ටයිටන් වෙත යාමට ඇය මග පෙන්වීමට තීරණය කරනවා. ඒ වගේම විරුද්ධාභාෂය නතර කිරීමට කෝල් 1957 වෙත යනවා. නමුත් අවසානයේ කැසිත් කෝල්ට උදව් කිරීම සදහා 1957 වෙත යනවා. ඒ වගේම අවසානයේදී ඔවුන්ගේ පහසුකම, යන්ත්‍රය කුණාටුව නිසා විනාශ වෙනවා. ඒ වගේම ජෝන්ස් ද මිය යනවා.

ඔන්න ඔහොම තමයි ඉතින් ගිය සතියේ කතාව අවසන් වුණේ. ඒ වගේම ගිය සතියේ යම් අපහැදිලි තැන් කිහිපයක් ම තිබුණා කියලා මම නම් සිතනවා. අවසානයේ, 12 Monkeys කතා මාලාවේ ප්‍රධාන චරිත කිහිපයකට සිදුවන දේ ගිය සතියේ හරියටම පෙන්වන්නේ නැහැ කියලයි මගෙනම් හැගීම. ඒ Dr. ඇඩ්ලර්, ඩීකන් හා වෛට්ලි යන තුන් දෙනාට කුමක්ද වෙන්නෙ කියල ගිය සතියේ කොටසින් පෙන්වන්නේ නැහැ. නමුත් අද කොටසෙන් නම් බලාගන්න පුළුවන් ඔවුන්ට කුමක්ද වෙන්නෙ කියල. ඒ වගේම මම හිතනවා කට්ටිය සෑහෙන්න කුතුහලයෙන් ඉන්නේ කියලා අද කොටස ගැන. ඉතින් ඒ කුතුහලය එහෙම්මම තියෙන්න දෙන්නම්. අද කොටස ගැනනම් මම මොකුත්ම කියන්න යන්නෙ නැහැ ඔන්න. එහෙනම් ලබන සතියේ 12 Monkeys දෙවන කථා මාලාවේ අවසාන කොටසින් හමුවෙමු.

අවසාන වශයෙන් පොඩි දෙයක් කියන්න තියනවා. අද කොටසේ අවසන් විනාඩි 2ක 3න 18+ අය බලනවනම් තමයි වඩා හොද. 18 ට අඩු අය බලනව එහෙම නෙමේ ඔන්න. 😀 :p

ඔබ සැමට සුබ දවසක්………… !!!

 

 

12 Monkeys (2014– ) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා වලංගු වේ.

864 downloadsDownload 12.Monkeys.S02E12.baiscopelk.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/RasithaPradeep.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

            

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles

864 downloadsDownload Subtitles26 KB

17 comments

  1. නිලුපුල් මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි සහෝ..

  2. කවීන් ලහිරු

    සබ් එකට ස්තූතියි සහෝ
    ෴ජය වේවා෴

  3. sanath indika

    THX BROOO

  4. chamika

    thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  5. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ අන්තිම එපියෙන් හමු වෙමු
    ජය වේවා

  6. උදාර දිල්ශාන්

    …………………
    සිංහල උපසිරැසියට ස්තූතියි
    ………………..

  7. ඩිලාන් හසිත

    තව 1 කයි ඉක්මනට සබ් දෙමු කොල්ලෝ ඉවසන්න බෑ…
    #එලස්

  8. මිතුල් ලක්ශිත

    බොහොම ස්තූතියි බ්‍රෝ,. එළම සබ් එකට

  9. කනිශ්ක ලක්මාල්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  10. මලිත් සංදීප

    එලමකිරි මචං අන්තීම එකත් ඉක්මනටම දෙන්ඩෝ

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. නවින් නිසල්

    එලම :)

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Hasitha Chathuranga

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  15. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(

  16. chinthaka.max4

    thanks machan

  17. Uniya

    Thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.