පසුගියක් කොටස පටන් ගත්තෙම නඩුවකින්. ඔව් හැනාගෙ සියදිවිනසා ගැනීම සම්බන්ධයෙන් දැන් ලිබර්ටි උසස් පාසලේ කිහිප දෙනෙක්ටම උත්තර බදින්න වෙලා තියෙනවා. ඉතිං අපිට මුල්ම කොටසින් දකින්න ලැබුනෙ ටයිලර්ගෙ සාක්ෂි ලබා දීම. හැනාගෙ මරනයට මෙයත් එක හේතුවක් විදිහට තමයි අපි දන්නෙ, මොකද පලවෙනි කතා සමයෙ මතක ඇති හැනා ටයිලර්…

පසුගියක් කොටස පටන් ගත්තෙම නඩුවකින්. ඔව් හැනාගෙ සියදිවිනසා ගැනීම සම්බන්ධයෙන් දැන් ලිබර්ටි උසස් පාසලේ කිහිප දෙනෙක්ටම උත්තර බදින්න වෙලා තියෙනවා. ඉතිං අපිට මුල්ම කොටසින් දකින්න ලැබුනෙ ටයිලර්ගෙ සාක්ෂි ලබා දීම. හැනාගෙ මරනයට මෙයත් එක හේතුවක් විදිහට තමයි අපි දන්නෙ, මොකද පලවෙනි කතා සමයෙ මතක ඇති හැනා ටයිලර් වෙනුවෙනුත් ටේප් එකක් වෙන් කලා. ඉතිං දැං ඒ ටේප් වෙන් උන හැම කෙනෙක්ම වගේ තමන් වැරදියි, තමන් හැනාට ලොකු අසාධාරණයක් කලා කියලා තේරුම් අරන්, ඒත් වැඩක් තියෙනවද? ලිබර්ටි උසස් පාසලෙ සුරංගනාවිය තමන්ගෙ ජීවිතෙන් සමු අරන් ඉවරයි. මේ සමු ගැනීම විවිධ අයට විවිධ විදිහට බලපානවා. මෙවර කතා මාලාව තුලින් ඒ කරුණ හොදාකාරවම පැහැදිලි කරලා පෙන්වනවා. මතක ඇති පළවෙනි කොටසෙ ටයිලර් තමන් කරපු දේවල් එකින් එක වමාරන්න ගන්නවා, මේ කරුණුත් එක්ක හැනාගෙ චරිතයට ඇතිවෙලා තියෙන හානිය ටිකෙන් ටික නැතිවෙලා යනවා. ඒත් අම්මෙක්ට තාත්තෙක්ට උවෙකුත්, ඇතැමෙක්ට සහෝදරියකුත්, තවත් කෙනෙක්ට යෙහෙළියකුත් නැති වී අවසන්.
මතක ඇති ටයිලර් සාක්ෂි ලබා දීමෙදි තමන් කරපු දේවල් පාපෝච්චාරණය කරනවත් එක්ක තවත් දෙයක් එළියට ඇදිලා ආවා. ඒ හැනා කාත් එක්කද චැට් කරනවා දැක්කයි කියන කතාව. හැබැයි මේක නිකන්ම චැට් එකක් නෙවෙයි, මේක සෙක්ස් චැට් එකක් කියලයි ටයිලර් උසාවියට කියන්නෙ. ඔන්න දැන් අපිට තවත් ප්‍රශ්නාර්ථයක් ?? මේ කොටසින් ඉතුරු කරනවා. ඇත්තටම කා එක්කද හැනා මේ චැට් කලේ?? ඒක ප්‍රශ්නයක්, හැමෝටම ප්‍රශ්නයක්?
මම කලින්ම කිව්වා මේ සිද්දිය කෙනාගෙන් කෙනාට බලපාන විදිහ වෙනස් කියලා. මොකද මේ හේතුව නිසා ඇලෙක්ස් දැනටමත් තමන්ට තුවාල කරගෙන ඉවරයි. ඇලෙක්ස් කාලයක් කෝමා තත්ත්වයක ඉදලා තියෙනවා එයා තමන්ට කර ගත්ත දෙයක් නිසාවෙන්. එයා ලියුමකුත් ලියනවා ඒ දේ කරගන්න කලින්. කවුද මේවට වගකිව යුත්තෙ. හැනාද? එහෙමත් නැත්තනම් හැනාට කෙනෙහිලිකම් කල ඈයොද? වෙනත් පිරිසක්ද? කොහොම නමුත් ඇලෙක් දැං හැරමිටියකින් පාසලට එන්නෙ. ඒ වගේම එයාගෙ උදව්වට සැක් ලගින්න ඉන්නවා. මේකටත් හේතුවක් තියෙනවද?
කාලෙකට පස්සෙ ජෙසිකා සහා ඇලෙක්ස් පාසලට එනවා, හැමෝම ඒ අය දිහා මුතුවෙන් බලන්නෙ. ඔයාලට හේතුව කීම අනවශ්‍යයි කියලා හිතනවා. ජෙසිකා තමන් හැනාට කල දේවල් නිසා සහා බ්‍රයිස් නිසා තමන්ට වුන දේවල් හේතුවෙන් පීඩා විදිනවා. ජෙසිකටත් සාක්ෂි ලබා දීමට වාරයක් එනවා, හැබැයි කවුරුහරි කෙනෙක් ජෙසිකා සාක්ෂි දෙනවට බයෙන් ඉන්නවා, ඒ කවුරු වෙන්න ඇතිද?? ඔන්න තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. ජෙසිකට තර්ජනය කරලා එයාගෙ දොරකඩ බෝනික්කෙක් එල්ලලා යනවා. ඇත්තෙන්ම තර්ජනයක් ඒත් කවුද මේ බ්‍රයිස්ද?හ් එහෙම නැත්නම් හැනාගෙ අම්මද? වෙන කෙනෙක්ද? තාමත් නොදනි.
තවත් ප්‍රශ්නයක් අපිට පසුගිය කොටසෙදි මතුවුනා, ඒ තමයි හැනාගෙ ටේප් වැඩේට උදව් කල ටෝනි පිළිබඳව. ඔව් ටෝනි මේ ටේප් වැඩෙන් නිදහස් වුනත් එයා ලඟ තවමත් අපි කවුරුත් නොදන්න රහසක් ඉතිරි වී තියෙනවා, ඒ මොකක්ද? ඕන්න ප්‍රශ්නයක්?? මෙහෙම හිතෙන්න හේතුවත් අපි දැක්කා, අන්තිම විනාඩි කිහිපයෙ ටෝනි මොනාහරි ලියුම් වගයක් පුච්චලා දානවා. ඇත්තටම ටෝනි ලග රහසක් තියෙනවද? මොකක්ද එයා රකින රහස? නොදනි.
මං තවමත් කතා නොකල අපේ කතාවෙ ප්‍රධානම චරිතය, ක්ලේ ජෙන්සන්. ක්ලේට මේක බලපාලා තියෙන්නෙ කොහොමද? මතක ඇති හැනා ක්ලේ වෙනුවෙනුත් ටේප් එකක් වෙන් කරලා තිබුනා. හැබැයි ක්ලේට හැනා දොසක් කිව්වෙ නැ. කොහොම නමුත් ක්ලේ සාක්ෂි ලබා දීමෙන් නිදහස් වෙලා තියෙනවා. හබැයි ක්ලේ මේක අමතක කරලා නැ. ක්ලේ මේවා අමතක කරන්න ලොකු උත්සහයක් අරන් තියෙන බව අපිට දැනගන්න පුළුවන් වුනා. ක්ලේ දැන් වැඩි හරියක් කාලෙ ගත කරන්නෙ ස්කයි එක්ක. ක්ලේ ස්කයි එක්ක ශාරිරිකව හිටියත් මෙයාගෙ හිත තියෙන්නෙ හැනා ගාව. ඇත්තම කිව්වොත් ක්ලේට හැනාව හොල්මනක් වගේ පේනවා, එයා එක්ක කතා කරනවා. ඔය තමා ක්ලේගෙ ජීවිතේ දැං.
ක්ලේට පාසලෙ තමන්ගෙ ලොකර් එකේ තිබිලා පොටෝ එකක් හම්බවෙනවා. ඒකෙ පිටිපස්සෙ රතු පාටින් ලියලා තියෙනවා. ඒ තමයි, “හැනා නෙවෙයි එකම කෙනා වුනේ”. ඔන්න තවත් ප්‍රශ්නයක් මතුවුනා?? මොකක්ද මේකෙ තේරුම, හැනා විතරක් නෙවෙ නම් අයෙ කවුද?? කවුද මේක ක්ලේගෙ ලොකර් එකේ තිබ්බෙ?? මෙදා පාර කතාංගයත් පලමු සමයට දෙවනි නැ. තනිකරම ප්‍රශ්න කෝටිකයක්. ඉතිං අපි කොටසින් කොටස මේ ප්‍රශ්න ලිහා ගනිමු.
දෙවනි කොටසෙ සාක්ෂි ලබා දෙන්න ලැබිලා තියෙන්නෙ කෝර්ට්නිට. මෙයා මොනවද උසාවිය ඉදිර්යෙ හෙලි කරන්න යන්නෙ. ඒක මම කියන්න අවශ්‍යය නැ, ඔයාලා දන්නවා මුල් සීසන් එකේ හැනා සහා කෝර්ට්නි අතර සිද්දවුන දේ. ඉතිං අපි බලමු මෙදා පාර මොන වගේ රහස්ක් එළිවේවිද, හැනාගෙ පලුදු වූ චරිතය පිළිවෙළක් වෙන්න දෙයක් කෝර්ට්නි කියයිද කියලා. එහෙනම් 13 Reasons Why එක්ක තිබුන මගේ පලහිලව්ව මෙතනින් ඉවර වෙනවා. ඉතුරු කොටස් ටිකත් අපෙ තවත් සහෝදරයො කිහිප දෙනෙක් ඔයාලට අරගෙන එයි. අපි බලාපොරොත්තු වෙමු, ඕඩියෝ වලින් පටන් ගත්ත කතාව වීඩියෝ දක්වා නොයා පික් වලින් ඉවරයක් වේවා කියලා.
ජය වේවා!
සත්‍යය කෙදිනකවත් සඟවා තැබිය නොහැක.
එය කොයි මොහොතක හෝ එළිවෙනු නියතයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,142 downloadsDownload 13-Reasons-Why-S02-E02.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
32 comments
danumadu
farcry919
thankz.... bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
ජයkasunrandika
godak thanks bro..
mano3989
thankz sub ekata. episode 13 download karagena sub enakan balan inne
Kavinda Buddhika
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
Zimmba
Thanks ..
anith tikath one ikamanataKemalHS
ස්තුතියි සහෝදරයා
ඉකමනටම ගේමු අනිත් ටිකත්Hesh
ඉංග්ලිෂ් සබ් එකත් එක්ක එපි 7 වෙනකන් බැලුව දැන් ආයේ මුල ඉඳන් බලනවා සිංහල සබ් එක්ක. තෑන්ක්ස් සබ් එකට. <3
roshantharu
Thanks brother
D.Chamara
bohoma sthuthi sahoo
Suranjan
Thanks machan.......jayawewa.......!
tharindu gunarathna
thanks
Lasa_Sadaru
ela tnq bro
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවාDineth Sachiranga
උපසිරැසියට බොහෙම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!wathsalawickramasinghe
Thank you very much
භාෂිත් උඩවත්ත
බෝම ස්තූතියි සහෝ... :!:
imesh era
The sahodaraya
Chami.S
Thanks..
AsithaDilruwan
ela ela saho thanks
Stranger
thanks
Viraj
sub ekata thanks saho. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SanjulaJeter
thanks
Ayesh Prashan
Thank You
Sacho
Thanks brother maruwtm karl thiyenw.digatam yamu
madawaththa
Tnx Brother..
Azula
Subtitles tika hodatama thiyenawa... eth bn download karanakota "next episode" button ek hariyata wedakarane ne.. poddk eka hadapan kollo
Good luck bois...Pavith Wijesooriya
උපසිරසියට ස්තූතියි....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela machan..