Watch Trailer

13 Reasons Why [S02 : E09] with Sinhala Subtitles | නැතිවුණු පිටුව [සිංහල උපසිරැසි සමඟ]

හත්වැනි කොටසෙ අවසානයේ ක්ලේ හඩපට සියල්ල අන්තර්ජාලයට නිකුත් කිරීමත් එක්කම අටවැනි කොටස නොහොත් මේ කොටසට පෙර කොටස තුලින් දකින්න ඇති ඇතිවුනු ආන්දෝලාත්මක තත්වය මොන විදිහටද පැතිරුනේ කියලා. පහුවදා ඉස්කෝලේ යන බ්‍රයිස්ටයි එයාගේ යාළුවන්ටයි ඉස්කෝලේ දොරින් ඇතුලට එද්දිම බ්‍රයිස් වගේම ක්ලේ එක්ක ඇති වූ සංවාදය ඇතුලත…

හත්වැනි කොටසෙ අවසානයේ ක්ලේ හඩපට සියල්ල අන්තර්ජාලයට නිකුත් කිරීමත් එක්කම අටවැනි කොටස නොහොත් මේ කොටසට පෙර කොටස තුලින් දකින්න ඇති ඇතිවුනු ආන්දෝලාත්මක තත්වය මොන විදිහටද පැතිරුනේ කියලා. පහුවදා ඉස්කෝලේ යන බ්‍රයිස්ටයි එයාගේ යාළුවන්ටයි ඉස්කෝලේ දොරින් ඇතුලට එද්දිම බ්‍රයිස් වගේම ක්ලේ එක්ක ඇති වූ සංවාදය ඇතුලත් හඩපටය ධාවනය වන බවක් දැනගන්න ලැබුණා. මේ නිසා දැන් මුළු උසස් පාසලේම ඉන්න ළමයි මේ හඩපට වලට ඇහුන්කන් දෙන්න  පටන් අරන්. ඒ මදිවට බ්‍රයිස්ගේ ලොකර් එකේ ලොකුවට”දූෂකයා” කියලා ස්ප්‍රේ කරලත් තිබුණා. බ්‍රයිස්ට කර කියාගන්න දෙයක් නැතුව හොදටම බය වෙලා හිටියෙ. එයා නම් හිතුවේ එයාගේ තාත්තට කතා කලාම ඔක්කොම හරියි කියලා. ඒ විතරක් ඈ සැක්ගේ ලොකර් එක ඇතුලෙත් හොද වැඩක් කරලා තිබුණේ. සැක් හිතුවේ ඒක ටයිලර් කරපු දෙයක් කියලා.

ජස්ටින් ආපහු ඉස්කොලේටත් ආවා. ඇවිත් බ්‍රයිස්ට තර්ජනය කලා. බ්‍රයිස් ඒකට ප්‍රතිප්‍රහාරයක් හැටියට ජස්ටින්ගේ පවුල ඇදලා අරන් සවුත්තුවට ලක් කරලා යන්න ගියා. කකුළුවා මෙට්ටේ තියන්න බැහැ කියලා කතාවක් අහලා ඇතිනේ. ඒ වගෙ තමයි ජස්ටින් කියන්නෙත් ගලේ ගහලා හෝදලා ගත්තත් පරණ පුරුදු එයාට අත්හරින්න බැහැ. මේ නිසාම ජස්ටින් ඉස්කෝලේ අදුරන කොල්ලෙක්ගෙන් හෙරොයින් අරන් ගිහින් ක්ලේගෙ ගෙදර ඉදන්ම ඒවා පාවිච්චි කරනවා. නිකන් නෙවෙයි වැඩියෙන් පාවිච්චියට අරගන්නේ. එයාගේ වෙලාවට තමයි ඇලෙක්ස් එහෙට ඇවිල්ලා බැරි බැරි ගාතෙම ජස්ටින්ව අනික් පැත්ත හරවලා උගුරේ හිරවෙලා තිබුණු වමනේ ටික එලියට අරගන්නේ.

ඒවගේම ගිය කොටසෙදි තමයි හැනාගේ අම්මයි තාත්තයි සාක්ෂි දුන්නේ. ඒ වෙලාවේදී තමයි හැනාගේ තාත්තගේ කටින්ම කියවෙන්නේ තමන්ට වෙනින් ගෑණු කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබුණා කියලා හැනා දැනන් හිටියා කියලා. ඔයාලට මතක ඇතිනේ හැනාගේ තාත්තා වෙනින් ගෑනු කෙනෙක්ව සිපගන්නවා හැනා ඈත තියා වුනත් දැක්කා කියලා. මාකස් හැනාව රවට්ටන් එයාගේ කලව අල්ලපු එකටම සම්පුර්ණ ටේප් එකක් වෙන් කරලා තිබුණා නම්, සැක් හැනාටත් වඩා තමන්ගේ ලොකු කරන් දැගලුවා කියලා එයාටත් වෙනමම ටේප් එකක් තිබ්බා නම්  එච්චර දෙයක් කරපු හැනා ඇයි තමන්ගේ තාත්තා ගැන ටේප් එකක් නොතිබ්බේ කියලා ප්‍රශ්ණයක්. මොකද අත්දැකීමෙන් අත්විදලා නැති වුනත් තමන්ගේ අම්මා හො තාත්තා වෙනත් ඇසුරක් හොරෙන් පවත්වන් යනවා කියලා ඇස් දෙකටම අහු වුණාම මොන තරම් දුකක්, වේදනාවක් දැනෙනවද කියලා බලන් ඉන්න අපිට කියන්න අමාරුයි. කොහොම නමුත් හැනාගේ තාත්තට හැමදේම උසාවියෙදි වමාරන්න වුණා.

පරම්පරාගත මානසික රෝග නිසා හැනාගේ අම්මා විතරක් මානසික චිකිත්සකවරයෙක් මුණ ගැහුණු එකටත්, හැනා ගැන හොයලා බලලා එයාගේ ප්‍රශ්නේ ගැනත් හොයලා එයාව මානසික චිකිත්සකවරයෙක් වෙතට යොමු නොකරපු එකට හැනාගේ අම්මට වැරදිකරු වෙන්න වුණා සොන්යාගේ ප්‍රශ්ණ කිරීමේදී. ඒ කාරණාවල නම් ඇත්තක් නැත්තේම නැහැ. ඒ නිසා ඉතින් ඉස්කොලෙටම වරද පටවන්නත් අමාරුයි. ස්කයිගේ හදිසි රෝගාතුර වීම නිසා එයා ඉන්නේ ඈත තියෙන මානසිකව සෞඛ්‍ය සේවය සපයන තැනක. ක්ලේ එයාව බලන්නත් ගියා. හිටියට වඩා නම් දැන් ස්කයි එහෙ හොදින් ඉන්නවා වගෙ කියලා පෙනුණේ එයාලට ලැබිලා තියෙන ප්‍රතිකාරත් එක්කම. ඒවගේම ස්කයි ආයෙමත් හිටිය දිහාවට එන්නේ නැති බවකුත් දැනගන්නට ලැබුණා.

අද කොටස ගැන කියනවනම්, මේ කොටස පාදක වෙලා තියෙන්නේ හැනා උදව් ඉල්ලන් ආවත් සංවේදී බවින් පිරිලා ඉතිරිලා හිටිය ගුරු උපදේශක දෙපලගේ සාක්ෂි දීම ගැනයි. විශේෂයෙන්ම මේ කොටස සම්බන්ධ වෙන්නේ කෙවින් පෝටර් වෙතට. එයා උසාවියට මොන තරම් බොරු කරනවද, බොරු කියනවද කියලා අද කොටස බලන ඔයාලට දැනගන්න ලැබේවි. ඒ විතරක් නෙවෙයි හැනාගේ හඩපට අන්තර්ජාලයට නිකුත් කලේ ක්ලේ කියලා කට්ටිය දැනගත්තට පස්සේ මොනවයින් මොන දේවල් වලට ක්ලේට මුහුණ දෙන්න වෙයිද කියලා බලලම ඉන්නකෝ එහෙනම්.

එහනෙම් ඉතින් ගිහින් එන්නම්. ජයෙන් ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,572 downloadsDownload 13-Reasons-Why-S02E09.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

7,572 downloadsDownload Subtitles36 KB

25 comments

  1. kuku98

    Thanx bro

  2. Hard Rock

    thanx bro

  3. sankalpatest

    thanks machan

  4. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  6. Lahiru Chinthaka

    Thanks bro

  7. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි.
    ජය වේවා..

    ඉතුරු ටිකත් ඉක්මනට දීලා දාන්න..

  8. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  9. Raazrinaz

    Sub ekata thanx bro......

  10. Chami.S

    Thanks..
    Good Luck..

  11. sean.teylor

    adooo patta!!! anith tikath dapan machoo suppaaaaaaaa

  12. Kavishka Ransara

    ela

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  14. D.Chamara

    bohoma sthuthi sahoo

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. roshantharu

    Thanks saho sub ekataiikmanta denawatai.

  17. Ash_CH

    pattai...thuthi bro..

  18. SanjulaJeter

    tq

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Stranger

    thanks

  21. Ayesh Prashan

    Thank You

  22. Ruwish

    උපසිරැසියට බොහොම ස්තූතියි

  23. AsithaDilruwan

    Ela saho thanks

  24. madawaththa

    Tnx Brother..

  25. Pavith Wijesooriya

    උපසිරසියට ගොඩාක් ස්තූතියි....