ඔන්න එහෙනං හේතු 13 තවත් එපියක් අරගෙන මං ආවා..ඇත්තම කියනව නං මං මේක ඒ හැටි කැමැත්තකින් කරපු ටීවි සීරිස් එකක් නෙවේ ළහිරු සහෝගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා තමා ගත්තෙ.මේ වෙනකොට කතාව බලාගෙන යන ඔයාලටම තේරිල ඇති කලින් සීසන් 1 තරම් ගතියක් නැහැයි කියල. ගොඩක් අය මේක එන්න කලින් ඉදල අදහස් පවා දක්වලා තිබුණ යම් […

ඔන්න එහෙනං හේතු 13 තවත් එපියක් අරගෙන මං ආවා..ඇත්තම කියනව නං මං මේක ඒ හැටි කැමැත්තකින් කරපු ටීවි සීරිස් එකක් නෙවේ ළහිරු සහෝගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා තමා ගත්තෙ.මේ වෙනකොට කතාව බලාගෙන යන ඔයාලටම තේරිල ඇති කලින් සීසන් 1 තරම් ගතියක් නැහැයි කියල. ගොඩක් අය මේක එන්න කලින් ඉදල අදහස් පවා දක්වලා තිබුණ යම් යම් වෙබ් පිටුවල මේකෙන් වෙන්නෙ කතාවට හානියක්ය කියල. ඔව් ඒක ඇත්ත කතාවට හානියක් වුණා. හැබැයි මට හැඟෙන විදිහට කතාවෙ මහා ලොකුවට අනා ගෙන නෑ. එන්ටර්ටේනිං ගතිය ත්‍රිල් එක කලින් වගේම නැතත් යම් තරමකින් තියනව කියන්න පුළුවන්. ඒ වුණාට තාත්වික ගතිය එන්න එන්නම අඩු වෙන සේයාවක් පෙනී යනව. කොහොම වුණත් 13 රීසන් වයි බලන කතාවට ආදරය කරන සෑහෙන පිරිසක් තාමත් කතාව වටා එක් රොක් වී ඉන්නව. ඒ හැමෝම වෙනුවෙන් බයිස්කෝප් අපි මේ සීසන් එක දිගටම ගේනව.
කලින් කතාව ගැන මතක් කරගන්නව නං ගිය එපියෙදි මිස්ටර් පොටර්ගෙ පාපෝච්චාරණයෙන් ප්‍රකාශ වෙනව හැනා බ්‍රයිස් අතින් දූෂණය වීම පිළිබඳව එයා මුලින් දැනගත්තෙ හැනාගෙ මරණයෙන් පස්සෙ බවට..බ්‍රයිස් හැනාගෙ අම්මගෙන් සමාව ගන්නව හැනාගෙ මරණයට එයත් කොටස් කාරයෙක් වුණ එක ගැන. ඒවගේම ඔයාලට මතක ඇති ජස්ටින් එයාගෙ අම්මගෙ පෙම්වතාගෙන් සල්ලි හොරකං කරන්න ගිය වෙලාවෙ එයාට එයාගෙ අම්මව මුණගැහුන විත්තිය. මේ වෙලාවෙදි ජස්ටින් එයාගෙ අම්මට නොකිය කියනව එයා ඇය පැනල ගියේ සම්බන්ධකම් වලින් මිදෙන්න ඕන වෙලයි කියල. ඒ වගේම මේ අතර වාරයේ බ්‍රයිස් කාරය ක්ලේව ගිහිං හම්බවෙලා තර්ජනය කරනව. බ්‍රයිස් හිතුවෙ මාක්ස්ව බය කරලා ප්‍රසිද්ධියේ චෝදනා කරන්න සැලැස්සුවේ ක්ලේ කියල. පස්සෙ ක්ලේ පාසලේ ඇතුලෙදි මුහුණු බැඳගත්ත ළමයි 4 දෙනෙක්ගෙන් හොඳට ගුටි කනව. ක්ලේ ගිහිං හම්බවෙනව සයිරස්ව..හැන්දෑවට ඉස්කෝලෙ කැලෑ පත්තර ගහන්න යන්න ක්ලේට ආරාධනා කල කෙනාව. හම්බවෙලා එයාලත් එක්ක යනව හැන්දෑවෙ මේ වැඩේට. එතකොට තමා ක්ලේට බේස් බෝල් පිට්ටනියට යාබදව තියන ගබඩාවක් ඇතුලට ඇදෙන ළමයි කණ්ඩායමක් ඇහැ ගැටෙන්නෙ. ක්ලේට එකෙන්ම ඔළුවට එනව මේක වෙන්න ඕන ‘ක්ලබ් හවුස්’ එක කියල. ක්ලේ සනිකව ජස්ටින්ට කෙටි පණිවුඩයකින් එන්න කියනව. මේ අතර වාරයේ ඔලිවියා සාරාව කියන ගෑණු ළමයවයි එයාගෙ අම්මවයි සම්බන්ධ කරගෙන ඉල්ලනව පාපෝච්චාරණය කරන්න යන්න එපයි කියල උසාවියට. ඔන්න ඔහොමයි පසුගිය එපිය ගෙවීගෙන ගියෙ.
අද එපියෙදි ටෝනි යනව උසාවියට පාපෝච්චාරණ කරන්න. පාපෝච්චාරණයෙදි ටෝනි ඇහුවත් කියන්නෙ නෑ හැනා එයා ගාව ටේප් ටික දාලා ගියෙ එයා හැනාට උදව්වකින් ණය නිසා කියන වගක්. ඒවගේම සාරත් එනව උසාවියට එයාගෙ පාපෝච්චාරණය කරන්න. ඇවිල්ල කියනව හැනා තවත් ගෑණු ළමයි දෙන්නෙක් එක්ක එක්කහු වෙලා එයාට කරපු කරදර වගයක් ගැන..ඔයිට වඩා මං කියන්න යන්නේ නෑ අද එපිය ගැන. හැනාගෙ තවත් එක අඳුරු පැත්තක් අද කතාවෙන් එළිදරව් වෙනව කීවොත් නිවැරදියි. ඔයාලම අරං බලන්න. ඊළඟ එපිය අරගෙන දොන් ලියෝ අල්මේදා පෙරෙරා සහෝ ඒවි. මං ගියා ජය වේවා..!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,628 downloadsDownload 13-Reasons-Why-S02E10-2.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අචින්ත උදයංග
Subtitles
27 comments
ලහිරු ප්‍රසාද්
winodana
thanks sub ekata
Hard Rock
thanx machan
Prasad pk
Super machan. ThanKs
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට. අර කිව්වත් වගේ කතාව එහෙම් පිටින්ම වෙනස් උනා. හැනා වටේ ගෙතිලා තියෙන කතාව හැනාව එපා වෙන තැනටම ගෙන්ල්ලා තියෙන්නේ. පලවෙනි සීසන් එකේ තිබ්බ ආසාවට තාම බලනවා!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජ්යම වේවා...!!roshantharu
Thanks machan sub ekata.ikmnata dena ekanm patta
sankalpatest
thanks machan sub ekata
Chami.S
Thanks..
Good Luck..Kavishka Ransara
ela
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවාThamanna
එලම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
jeewantha
මේ ක්‍රමයට සබ් දෙන එක සාර්ථකයි. සබ් ප්‍රමාදයක් නැතුව හම්බවෙනවානේ. සබ් එක අප්‍රමාදව ලබා දීම වෙනුවනේ ස්තුතියි.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kahdeshan
මේ විදියට දිගටම සබ් දෙන්න මචං.සබ් බලන අපිටයි සබ් දෙන ඔයාලටයි දෙගොල්ලන්ටම ලේසියි .. ස්තූතීයි Episodes 10ටම !
D.Chamara
bohoma sthuthi sahooo jaya
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්.....
තව කොටස් 3යි....SanjulaJeter
tq
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Stranger
thanks
Sudheera Kasun
Niyamai Thanks bro...!
Shashmithakausith
Tnx very much 4 sub broh.
Ayesh Prashan
Thank You
AsithaDilruwan
Ela saho thanks
Pavith Wijesooriya
සබ් එකට ගොඩක් ස්තූතියි....
Advertisement

කවුද යකෝ "දොන් ලියෝ අල්මේදා පෙරෙරා".
එනිවේ සබට තුති. ළහිරු නෙවෙ බොල ලහිරු.