අපේ සහෝදර සමූහයේ එකමුතුවෙන් මටත් අවස්ථාවක් හිමිවූවා හේතු දහතුනක කතාවේ, දෙවන කතා සමයේ 12 වන කොටස ඔබ වෙත ගෙන එන්නට. කොහොමද මිත්‍රවරුනි ? “මිත්‍රත්වය සංකීර්ණයි” බව මතක් කරමින් අපි යමු කතාව පැත්තට. පළමු කතා සමය තුල හැනා බේකර්ගේ කෝණයෙන් ඇගේ ජීවිතයේ හැල හැප්පීම් ගෙන ආවා. එහිදී ඇය අසමත්ජාතීන්ගේ ගොදුරකට හස…

අපේ සහෝදර සමූහයේ එකමුතුවෙන් මටත් අවස්ථාවක් හිමිවූවා හේතු දහතුනක කතාවේ, දෙවන කතා සමයේ 12 වන කොටස ඔබ වෙත ගෙන එන්නට. කොහොමද මිත්‍රවරුනි ? “මිත්‍රත්වය සංකීර්ණයි” බව මතක් කරමින් අපි යමු කතාව පැත්තට.
පළමු කතා සමය තුල හැනා බේකර්ගේ කෝණයෙන් ඇගේ ජීවිතයේ හැල හැප්පීම් ගෙන ආවා. එහිදී ඇය අසමත්ජාතීන්ගේ ගොදුරකට හසුවු අහිංසකාවියකගේ චරිතයකට පන පෙව්වා.ඇයට ලිබර්ටි උසස් පාසලේදී හිරිහැර වුයේ නැහැදිච්ච කොල්ලොන්ගෙන් පමනක් නොවේ. පිලිවලින් පාසලේ පිරිමි ළමයිගෙන්, ගැහැණු ළමයිගෙන්,දෙකටම අතර මැද වූ අයවලුන්ගෙන් වගේම පාසලේ ගුරුවරුන්ගේ පවා ඇය හිරිහැරයට ලක් වුවා. ඒ බව සනාථ කරමින් හඬ පටි 13ක ඇති හේතු 13ක් ගෙන හැරපාමින් පළමු කතා සමය අවසන් වූවා. දෙවන කතා සමය ආරම්භ වන්නේ ඇගේ මරණයට හේතු වූ පුද්ගලයන්ට වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව සාක්ෂි ගොනු කර තැනු නඩුව ඇසීම ආරම්භයත් සමඟයි.කල් යනකොට කොයි දේත් කොහු වෙනවා යන කියමන සනාථ කරමින්, පළමු කතා සමයේ අහිංසකාවියක් වූ හැනා බේකර් අප සිතාගෙන සිටි තරම් අහිංසකාවියක් නොවන බවට බොහෝ තැන් වලදී මට මෙන්ම ඔබටත් පැහැදිලි ඇති. එසේ වන්නේ, දෙවන කතා සමයේදී හැනාගේ දෘෂ්ටිකෝණයෙන් මිදී හැනාව මේ තත්වයට වැටෙන තැනට පත්කල අයගේ කෝණයට කතාව මාරු වීමත් සමඟයි.
මේ වනවිට නඩුවේ සාක්ෂි ඇසීම අවසන් අදියරයට පැමිණ තිබෙනවා.නඩුවේ ආරම්භයේ පටන් සාක්ෂි දීම ගැන කෙටියෙන් මතක් කරනවානම්, ප්‍රථමයෙන් සාක්ෂිදීමට පැමිනෙන්නේ ටයිලර්. වචනයේ පරිසමාප්තයෙන් ගත්විට ඔහු නියම “අපතයෙක්” බවට නම් පැහැදිලියි.නමුත් ඔහු හැනා ගැන බොරු ගොතා තමන්ව බේරා ගන්නට උත්සහ නොකල සුලුතරයක් පමන වූ සාක්ෂිකරුවන් අතරට එක්වුවා.නිරතුරුවම අනුන්ගේ දේවල් තෙවන ඇසකින් බලන ඔහු හැනා ගැන තිබූ ඇල්ම ගැන සාක්ෂි දුන්නා. එමෙන්ම ලිබර්ටි උසස් පාසලේදී හැනාට හමුවු මුල්ම යහලුවාත් ටයිලර්මයි.
ඉන්පසුව සාක්ෂි දීමට ගොඩවෙන්නේ කොර්ට්නි. ඇය හා හැනා අතර වූ පලහිලව්වට ටයිලර් සම්බන්ධ වන්නේ , ඔහුගේ සුපුරුදු අපත වැඩක් නිසාවෙන් බව ඔබට මතක ඇති.අමතක අයට මතක්කරනවා නම්, හැනාගේ හා කොර්ට්නි රහස් මෙහෙයුම වුයේ රෑට,රෑට හැනාගේ කාමරයට එඹිකම් පාන හොරාව අල්ලා ගැනීමයි. රහස් මෙහෙයුම දින දෙදෙනාටම හොඳටම වෙරි වී අවසන නතර වුයේ, හැනා හා කොර්ට්නිට ලෙස්බියන් ලේබල් එක වදිමිනි. ඒ ටයිලර් ගන්නා පින්තූර නිසාවෙනි. කෙසේ නමුත් අවසන එඹිකම් කල පුද්ගලයා ටයිලර් බව අදුනා ගැනීමට ඔවුන් සමත් වෙන්වා. සාක්ෂි දීමේදී පාසල උත්සහ කරන්නේ හැනා ලෙස්බියන් බව ඒ තුලින් ඔප්පු කරන්නයි.නමුත් කවුරුත් නොසිතූ පරිදි කොර්ට්නි මෙතෙක් කල් සඟවා සිටි රහස හැමෝටම එලි කරන්නේ හැනා කිසිවිටෙකත් එසේ නොවූවා මෙන්ම තමන් ලෙස්බියන් කෙනෙකුවී හැනාටත් ඒ සඳහා යම් පෙලඹවීමක් ඇති කෙරූ බව පිළිගනිමිනි.
අනතුරුව සාක්ෂි දීමට පැමිනෙන්නේ ජෙසිකා. මෙහිදී ජෙසිකා,ඇලෙක්ස් හා හැනා මිතුරු හවුල ගැන නීතීඥයන් ප්‍රශ්න කරන නමුත් හැනා තම මිතුරන්ට වෛර කල තරුනියක් බව ඔප්පු කර ගන්නට පාසල වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරියට හැකිවනවා.එසේ වන්නේ ඒ වන විට ජෙසිකා බිඳී ගිය තරුනියක් වීමයි. ඇයට සත්‍ය පවසන්නට අවශ්‍ය වුවත් ඒ තරම් ධෛර්යයක් ඇයට තිබුනේ නැත. එයින් හැනාගේ චරිතයට තවත් පැල්ලමක් පමනක් එකතු වනවා.
ඉන්පසුව සාක්ෂි දීමට උසාවියට පැමිනෙන්නේ මාකස්.ඔහු ටයිලර්ට වඩා දස ගුනයකින් වැඩි අපතයෙක් බවට හැමෝටම නොරහසකි. තම පියාගේ අඩිපාරේ යමින් තමන්ගේ අපතකම් වසා ගන්නට උපන් හපනෙකි. තම බලතල යොදා ගනිමින් පාසලේ කරනා සියලු ජඩ වැඩ ඉතා හොඳින් වසා ගැනීමට ඔහු සමත් වනවා. මාකස්ට වෙන්වූ හඬ පටියේ මොනදේ තිබුනත් ඒවා බොරු කරන්නට මාකස් ගේ බොරුවලට හැකියාව ලැබෙනවා.ඇයට පාසලේ නීතීඥවරියගෙන් උදව් ලැබුන බව නම් පැහැදිලියි. අනතුරුව රයන් සාක්ෂි දීමට පැමිනෙනවා. ඔහු හැනා සමඟ කවි සංගමයේදී මුන ගැසුනු කිසිවෙක් නොවුවෙකි. ඔහු හැනාට හිරිහැර වෙමින් පළවු කවි තිබූ, පාසලේ සඟරාවේ සංස්කාරක වරයායි. ඔහු එහි පලකල කවි, හැනාගේ අවසරයකින් තොරව පලවූවක් වුවත්,එම කවි ලියන්න හැනාට කියා දෙමින් උනන්දු කලේ ඔහුය. කතාවේ සාක්ෂි දීම මෙසේ ගලා යද්දී, හැනා කවි වලට එකතු කලේ “තම සිතේ තිබුන දේවල්” යන තර්කය ගෙන එමින් ඇය ලියූ වෙනත් කවි ගෙන, රයන් හරහා ඇයට කලු පැල්ලම් එක් කරන්නට පාසල වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරිය සමත් වනවා. බොහෝතැන් වලදී හැනාගේ හිතේ තිබුන දේවල් වලින් ඇය හොඳ කෙනෙකු නොවන බවට සාක්ෂි ලැබෙනවා. බලන අපිටත් එය පැහැදිලියි.
රයන්ට අනතුරුව සාක්ෂි දීමට පැමිනෙන්නන් සැක්.අහෝ සැක් !!! කතාවම කනපිට හරවන්නට සැක්ගේ සාක්ෂි දීම සමත්වනවා. සැක් හා හැනා අතර වූ බොහෝ දේවල් සත්‍ය බව පැහැදිලියි. සැක් හා හැනා ඇසුර ක්ලේට දැඩි කම්පනයක් ගෙන ආවා.එමෙන්ම හැනාගේ දෙමාපියන්ටත්. කිසිවෙක් කෙදිනක නොසිතූ බොහෝ දේ ඔවුන් අතර සිදුවී හමාරයි.එය සැක් සාක්ෂි දීමේදී නොපැවසුවානම් කිසිවෙක් අදටත් එය විශ්වාස නොකරනු ඇත. නමුත් මෙය හැනාගේ පාර්ශ්වයට නඩුවේදී බරපතල අවාසියක්. ඉන් අනතුරුව සාක්ෂි දීමට එන්නේ අහිංසකාවියගේ අවංක ආදරවන්තයායි. නමින් ක්ලේ ජෙන්සන්. ඔහු සිතාසිටි ආකාරයෙන් හැනාට සාධාරණයක් ඉෂ්ට කරන්නට ඔහුත් අසමත් වනවා. විත්තියේ නීතීඥවරිය හමුවේ අසරණ වන්නට ක්ලේට සිදුවනවා. එය අවසන ඔහු සියලු හඬපටි අන්තර්ජාලයට නිකුත් කරනවා.හැන්ගි හැංගි බැඳි සෙල්ලම් අවසන් වන්නේ මෙතැන් පටන් ය.
ඉන්පසුව සාක්ෂි දීමට සිදුවන්නේ හැනාගේ දෙමාපියන්ටයි. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් තම දරුවා වෙනුවෙන් හරි හමන් සාධාරණයක් ඉෂ්ට කරන්නට ලැබෙන්නේ නැහැ. විත්තියේ නීතීඥවරිය ඔවුන්ටද අවස්ථාවක් ලබාදෙන්නේ නැහැ. ඔවුන්ගේ වෙන්වීම හා මින් පෙර මානසික ගැටලු සඳහා ප්‍රතිකාර ගැනීම නඩුවට බලපෑම් එල්ල කරනවා. ඊළඟ නඩුවාරයේ සාක්ෂි දීමට ඉදිරිපත් වන්නට වන්නේ ලිබර්ටි උසස් පාසලේ සන්නිවේදන ගුරුවරියකට හා උපදේශකයකු වන මිස්ටර්.පෝටර් ටයි.හැනා නිර්නාමිකව පංතියේදී ඉදිරිපත් කල ලියුම ගැන ගුරුවරියගෙන් ප්‍රශ්න නගන අතර, පෝටර් ගෙන් හැනා සියදිවි නසාගත් දින වූ සිදුවීම් ගැන ප්‍රශ්න නගනවා. සන්නිවේදන ගුරුතුමිය හැනා වෙනුවෙන් පෙනී නොසිටියත් තමන් කල වරදේ තරම වටහා ගෙන සිටින පෝටර් හැනා වෙනුවෙන් තම කාර්‍යභාරය ඉෂ්ට නොකල බවට පිලිගන්නවා.එමෙන්ම හැනාව බ්‍රයිස් විසින් දූෂණය කල බවට පෝටර් උසාවිය ඉදිරියේ අනුමාන කරනවා. තම පව් සෝදා ගැනීමට පෝටර් දැන් පමා වැඩිබව ඔහු පිළිගන්නවා.
මීලඟ වාරය එලඹෙන්නේ මෙතෙක් කතාවේ දුෂ්ටයාට පන පොවන බ්‍රයිස්ටයි. සුපුරුදු පරිදි තම දේශපාලන හා මුදල් භාවිත කර හරි අපුරුවට බ්‍රයිස් ගැටලු වලින් පැන ගොස්, ජූරිය ගොනාට අන්දවනවා. වැඩි යමක් උසාවිය පැත්තෙන් නොලැබුනත් ක්ලේ ට “Club House” තුලින් වාසියක් අත්වන්වා.
අද කොටසින්,
මෙතෙක් කතාවේ නඩුවාර වල සාක්ෂි ඇසීම මෙසේ සටහන් වෙද්දී, අවසාන වශයෙන් අද නඩුව වෙනුවෙන් සාක්ෂි ලබා දීමට ජස්ටින් පෝලි සාක්ෂි කූඩුවට ගොඩවනවා. අද ජස්ටින්ගේ පැත්තෙන් කතාව කියවෙන්නට නියමිතයි. හැනා, ජෙසිකා ඔහුගේ ජීවිතයක් එක්ක බැදුන ආකාරය, ඔහු අද සාක්ෂි දීමෙන් තහවුරු කරනවා.
අද කොටසේ මාතෘකාව වන්නේ “පෝලරොයිඩ්ස් පෙට්ටිය” ඒ ගැන කිසිවක් නොපවසා කුතුහලය එලෙසම ඉතිරිකරන්න මං කැමතියි.
මෙතෙක් ලද සාක්ෂි ඔස්සේ අද තීන්දුව ලැබෙන්නටයි නියමිත. මෙතෙක් සාක්ෂි දීම් කෙටියෙන් පැහැදිලි කලේ, ඔයාලට නඩුවේ ලද සාක්ෂි ගැන සංසන්දනක් කර තීන්දුව ගැන අදහසක් ලබාගන්න පහසු වන්නටයි. අද සාක්ෂි ඇසීම තීරණාත්මක බව ඔබත් මාත් හොඳාකාරවම දන්නවා. මේ හැමදෙයක්ම බ්‍රයිස් වෙතට හරවන්න පුලුවන් යතුර තියෙන්නේ ජස්ටින් හා ජෙසිකා අතයි.
එහෙනම් අද තීන්දුව කුමක් වේවිද? ඇත්තටම හැනා අහිංසකාවියක් ද? ඇයට යුක්තිය ඉටුවේවිද? අනෙක් පසින්, ජෙසිකා ට වූ අතවරයට ජස්ටින්ට යුක්තිය ඉටුකර දිය හැකි වේවිද? අද කතාව බලලා තීරණය කරමු උසාවි තීන්දුවෙන්, සැම අපේක්ෂා කල සාධාරණය ඉෂ්ට වේවිද යන වග. ගිහින් එන්නම්.🚩 හැමෝටම ජය…!!! 😉✌
“මිත්‍රත්වය යනු කැපකිරීමකි.”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,609 downloadsDownload 13-Reasons-Why-S02E12.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/Tharindu-Perera-e1527865296947.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
තරිඳු ගමගේ
Subtitles
28 comments
උදයංග සම්පත් හතරසිංහ
Hard Rock
ela thnax machan
sankalpatest
thanks sub ekata
Thamanna
එලම කොරම තඩම
roshantharu
Thnks machan sub ekata.anthima ekath dapan
Nadun Prakash
Thank U saho sub ekata..❤✌✌
thilinaw
jayawewa.... e.13 link eka wada nahani
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයUdara Damith Dissanayaka
බොහොම ස්තූතියි........45555
Suranjan
Thanks machan.......jayawewa.......!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
visalmaxi
Thanks bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්.....
තව එක කොටසයි ඉතුරු...Chami.S
Thanks..
Good Luck..භාෂිත් උඩවත්ත
බෝම තුති....
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවාwinodana
thanks sub ekata
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!D.Chamara
bohoma sthuthi sahoo
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Stranger
thanks
Sudheera Kasun
Thanks bro
Shashmithakausith
Tnx for the sub. ජය වෙවා.
Ayesh Prashan
Thank You
AsithaDilruwan
Ela saho thanks
Pavith Wijesooriya
උපසිරසියට ගොඩක් ස්තූතියි....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Good Job dude...!