Watch Trailer

Legion [S02 : E10] with Sinhala Subtitles | කාන්තාරය මැද විරසක වී [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටස ගැන මතක් කරනවානම්.. පසුගිය කොටස වැඩි හරියක්ම පෙන්නුම් කරන්න උත්සහ කලේ මෙලනි ගැනයි. අපිට දැනගන්න ලැබුණානේ මෙලනිව එයාගේ මහත්තයා ඇවිල්ලා දුමාරයෙන් ඇහැරවලා ගත්තට පස්සෙ එයා තමයි මානසික පරපෝෂිතයාගේ අලුත්ම ධාරකයා වුනේ කියලා. හැබැයි මෙලනි තමන්ගේ ජීවිතේ හුගක් බාධක සහිත ප්‍රශ්ණ ගොඩකට මුහුණ දෙන ගම…

පසුගිය කොටස ගැන මතක් කරනවානම්..

පසුගිය කොටස වැඩි හරියක්ම පෙන්නුම් කරන්න උත්සහ කලේ මෙලනි ගැනයි. අපිට දැනගන්න ලැබුණානේ මෙලනිව එයාගේ මහත්තයා ඇවිල්ලා දුමාරයෙන් ඇහැරවලා ගත්තට පස්සෙ එයා තමයි මානසික පරපෝෂිතයාගේ අලුත්ම ධාරකයා වුනේ කියලා. හැබැයි මෙලනි තමන්ගේ ජීවිතේ හුගක් බාධක සහිත ප්‍රශ්ණ ගොඩකට මුහුණ දෙන ගමන් හිටියේ. ඒ නිසා පොඩි සැකයක් ඇතිකරගන්න පුලුවන් එයා ඒ තරම් ඉක්මණටම පරපෝෂිතයාගේ පැත්තට හැරුණේ ඇයි කියලා. ඒවගේම මේ කොටස් මේ කතාමාලාවේදි මගහැරලා තිබුණා. කතාව ආරම්භය ඉදන්ම ගන්නවනම් අවුරුද්දක කාල පරතරයක් මගහැරීමට ලක් වෙලා තිබුණා. මම අදහස් කරන්නේ කෑලි කපලා කියන එක නෙවෙයි. සමහර සිද්දීන් පෙළගස්වන විදිහ ගැනයි. මේ නිසාම තමයි පසුගිය කොටස පැය 13 කට පෙර කියලා පටන් ගත්තේ. එතනදී තමයි දකින්න ලැබුණේ ඔලිවර් තමන්ගේ නෝනාගේ මනසේ පාලනය අරගත්තෙ කොහොමද කියලා. මෙලනි වැඩි හරියක්ම ආශා කරන තමන්ගේ තරුණ අවධියේ මුහුණුවරක් මානසික සම්බන්ධ වුනු රජාධානියක සැප සේ කාලය ගත කරන බව පෙන්නලා තමයි එයාගේ මනස පාලනයට අරගත්තෙ. කොටින්ම මෙලනිට ෆරූක් එක්ක පවා කතා කරන්න ලැබුණා. නමුත් මෙලනිට ඒක තේරුම් ගන්නවත් බැරි වෙන්නම එයා මත්වෙලා හිටියෙ.

කෑරි වගේම කේරි දෙන්නා වෙනමම අවධානයකට ලක් වුණා වගේම තමයි අපිට දැනගන්න ලැබුණා ලෙනීගෙ මනස ඒමිගේ පවතින මනස නිසා හොල්මන් කරන්න පටන් අරන් කියලා. හැබැයි මේ හොල්මන් කිරිල්ල ෆරූක්ගේ මිනිය තියෙන තැනට ලගාවෙන්න මග පෙන්වීමක් කරලා කතාවට තියෙන කැමැත්ත වැඩි කිරීමක් තමයි වෙලා තියෙන්නේ. පහුගිය කොටසේ අවසානයට ලගාවෙනවත් එක්කම ලෙනීට ඒමිගේ හොල්මන් කරන මනසින් දැනුම් දුන්නා ඩේවිඩ්ට එයාගේ උදව් ඕන වගේම ලෙනී යන්න ඕන ලිනෝර් වලට කියලා. එදා හෝල් එකේදී ඩේවිඩ් කෑරීට බාරදුන්න කරතව්‍ය මොකක්ද කියලා කෑරි වගේම කේරි දෙන්නම දැක්ක නිසා මේ දෙන්නා ආයුධයක් අරගෙන වාහනේ නැගලා යන්න ගියා. පස්සේ මේ දෙන්නා ආයුධය තිබ්බ කේස් එක කාර් එකේ ට්‍රාන්ක් එකේ දාලා ලග තිබුණු අවන්හලකට වෙලා බලන් හිටියා මොකද වෙන්නේ කියලා. එතකොටම තමයි ලෙනී ඇවිල්ලා ඒ කාර් එකට නැගලා අතුරුදහන් වුනේ. එයා කෙලින්ම කඩාගෙන පාත්වුණේ කාන්තාරය දිහාවටයි.මෙතනින් පස්සෙ ඩේවිඩ්ව හොයාගෙන එයාට උදව් කරන එක ලෙනීට බාරයි. ඒ වගේම තමයි ඔලිවර්ගේ මානසික පාලනයට නතු වූ මෙලනි, ඔලිවර්ට වෙච්ච හැමදේම කිව්වා. හැබැයි එයා දන්නෙත් ඩේවිඩ් තනියම ආව බවක් විතරයි.

අද කොටසින්…

ඔන්න අද ආයෙමත් ඩේවිඩ්, සිඩ්නි දෙන්නා දිහාවට කතාව ගලාගෙන යන්නයි හදන්නේ. ඔයාලට මතක ඇතිනේ මේ දෙන්නා කානතාරේ හිටියෙ කියලා. මේ දෙන්නට කුඩාරම ඇතුලෙම නින්දත් ගිහින්. සිඩ්නි සුපුරුදු පරිදි ඩේවිඩ් ගැන කල්පනා කර කරා තමයි ඉන්නේ. මේ අතරේ සිඩ්නි දකිනවා පොලව යටට යන්න හදපු මේ දෙන්නගේ කුඩාරම ලගම තියෙන ලොකු වලක්. වල ගාවට යන සිඩ්නිට ලොකු අකරතැබ්බයකටත් මුහුණ දෙන්න වෙනවා. එයා අතුරුදහන්වුනු බව ඇහැරුනාට පස්සෙ දැනගන්න ඩේවිඩ් එයාව හොයන්නගන්නවා. හැබැයි තවත් කෙනෙක්ගේ වැඩ නිසා මේ හෙවිල්ල සිඩ්නි දකින්නේ වැරදි විදිහට. මේ අතරේ කණ්ඩායමේ හැම කෙනෙක්ම එනවා මේ දෙන්නව හොයාගෙන. 

එහෙනම් ඉතින් බලලම ඉන්නකො මොකද වෙන්නේ කියලා. හරිනම් මේ කතාමාලාව අවසන් වෙන්න තිබුණේ මේ කොටසින්. නමුත් මේ කතාමාලාවට තවත් වැඩිපුර කොටසක් එකතු වුනු බවක් පහුගිය මාසයේදී දැනුම් දීලා තිබුණා. එහෙනම් ඉතින් ඒ අවසාන කොටසත් අරන් ලබන සතියෙ මුණගැහෙන්නම්. ජයෙන් ජය!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,263 downloadsDownload Legion-S02E10.zip17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,263 downloadsDownload Subtitles17 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. dakan

    ummmmaaaa.... thank you bn. ada dawasata 5 parakata wada awaa me sub awada balanna...

  4. Kasun A.

    upasiresiyata thuthi chamara saho.jaya!

  5. Udara Damith Dissanayaka

    කදිමයි පුතා ඊලග කොටහෙන් මුණ ගැහෙමු
    හොග් හොග් හූ

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්.....
    තව එක කොටසයි....
    අද Sense 8 අන්තිම ඒ[ඉ දෙක එනවා...එකටත් සබ් දෙමු...

  9. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  10. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  11. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.