Watch Trailer

13 Reasons Why [S02 : E13] with Sinhala Subtitles | අපි හමුවුණු රාත්‍රියට, නැවත මා කැඳවාගෙන යන්න..! [සිංහල උපසිරැසි සමඟ]

ඔහොම චුට්ටක් ඉන්න. විනාඩියක් අරගෙන මේක කියවන්න. ජීවත් වෙන එක අමාරුයි. ප්‍රශ්න ආවම ඒක සෑහෙන අමාරුයි.. තනි වුණාම ඒක හිතා ගන්න බැරි තරම් බරයි. මිනිස්සු ඔයාගෙ අසරණකමින් අයුතු ප්‍රයෝජන ගන්නකොට ආත්මානුකම්පාවක් දැනේවි, ඔයා ආදරේ කරපු අය ඔයාගෙන් ඈත් වෙනකොට ඔයාට මැරෙන්න හිතෙයි. එහෙම හිතෙනවද? එහෙනම් මම මේ ලිය…

ඔහොම චුට්ටක් ඉන්න. විනාඩියක් අරගෙන මේක කියවන්න.

ජීවත් වෙන එක අමාරුයි. ප්‍රශ්න ආවම ඒක සෑහෙන අමාරුයි.. තනි වුණාම ඒක හිතා ගන්න බැරි තරම් බරයි. මිනිස්සු ඔයාගෙ අසරණකමින් අයුතු ප්‍රයෝජන ගන්නකොට ආත්මානුකම්පාවක් දැනේවි, ඔයා ආදරේ කරපු අය ඔයාගෙන් ඈත් වෙනකොට ඔයාට මැරෙන්න හිතෙයි. එහෙම හිතෙනවද? එහෙනම් මම මේ ලියන්නෙ ඔයාට. එක විනාඩියක් අරගෙන කියවන්න.

හැනා.. ලස්සන, බුද්ධිමත්, පිස්සු, ඉක්මනට කේන්ති ගන්න, ආදරණීය කෙනෙක්. හැබයි හැනා තමන්ගෙ ජීවිතෙන්ම පළි ගත්ත. ඒ ඇයි? ටිකක් හිතන්න. අපි අතරෙම හැනාල තව දහස් ගාණක් ඇති. මේ දැනුත් හැනා කෙනෙක්, හැනා වගේ තීරණ ගන්න හිතනව ඇති. ඔයා ඒ හැනාගෙ යාළුවනම්, ඔයා ඒ හැනාගෙ ආදරවන්තය නම්, ඔයා ඒ හැනාගෙ ගුරුවරය නම්, ඔයා ඒ හැනාගෙ දෙම්ව්පියො නම්, මේ ඒ හැනාට ඔයාගෙ උදව් ඕන වෙලාව. ලෝකෙ මිනිස්සු විවිධාකාරයි. හැබැයි ඒ හැම කෙනාම තමන්ගෙ අභ්‍යන්තර සිතිවිලි හෙළි කරන ක්‍රම තියෙනව. ඔයාට පුළුවන් නම් ඒ ආත්මයට එබිල බලන්න. ඒ ආත්මයේ සැරිසරන්න, ඒ ආත්මය කියවන්න, එහෙනම් ඔයාට පුළුවන් ඒ හැනාව නවත්තන්න. අමතක කරන්න එපා එයා යන්න ගියාම ආයෙ හැරීමක් නෑ.

ඔයා ඒ හැනා නම්, චුට්ටක් හිතන්න. ඔයා රිද්දගන්නෙ ඔයාට වුණාට, ඒකෙන් රිදෙන්නෙ ඔයාටම විතරක් නෙවෙයි. ඔයා මැරෙන්නෙ එක වතාවක් වුණාට, ඔයාට ආදරේ කරපු හැම ආදරණීයයෙක්ම දහස් වතාවක් මැරි මැරී උපදිනව.. ජීවිත කාලෙම විඳවනව. හැබැයි ඔයාට පුළුවන් ඒක නතර කරන්න. ඒකට කරන්න තියෙන්නෙ පුංචි වැඩයි. තව චුට්ටක් ඉවසන්න. උදව් ඕන වෙලාවට උදව් ඉල්ලන්නෙ පරාජිතයෙක් නෙවෙයි, හැබෑම වීරයෙක්. ඒ නිසා උදව් ඕන වෙලාවට තනියම තීරණ ගන්නෙ නැතුව උදව්වක් ගන්න. ඒකෙන් ඔයාට ජීවිත ගාණකට ජීවිත කාලයක් සැනසීම උදා කරන්න පුළුවන්. මම මීට වඩා කියන්න යන්නෙ නෑ.

13 Reasons Why…
Mr. පොටර්, මාර්කස්, කෝර්ටෙනි, සැක්, රයන්, ටයිලර්, ෂෙරී, බ්‍රයිස්, ඇලෙක්ස්, ජෙසිකා, ජස්ටින්, ටෝනි, ක්ලේ.. මේ තමයි ඒ හේතු.

මට මේ කතා මාලාවේ අවසාන කතාංගයට බාර වෙන්න හේතුව වුණේ ශාන් විමුක්ති. ශාන් ගොඩක් ස්තූතියි මට අවසාන කතාංගය ලබා දුන්නට. හැමෝම දන්නව වගේ මේ කතා මාලාව සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. ඉතිං මේ වෙලාවෙ 13 Reasons Why සඳහා උපසිරැසිකරණයේ යෙදුණු බයිස්කෝප් සහෝදරයන් සියලු දෙනාවම මම ලෙංගතුව සිහිපත් කරනවා. මගේ උපසිරැසිකරණයේ මෙතෙක් මම උපසිරැසි ගන්වපු ලස්සනම සහ සංවේදීම කතාංගය මේක. මේකෙ පරිවර්තනය වුණු හැම වචනයක් පුරාම මට ලොකු වේදනාවක් දැණුන. ඒ හැනා නිසා. හැනාට ආදරේ කරපු ක්ලේ නිසා. හැනාගෙ දෙමව්පියො නිසා. තව බොහෝ හේතු කාරණා නිසා. කාලයේ පස්සට යන්න පුළුවන් වුණා නම් හැමෝම තම තමන්ගෙ නොදුටු වැරදි හදා ගනීවි. හැනා තාමත් ජීවත් වේවි. ඒත් කිසි දෙයක් ආයෙ එහෙම පරණ තත්වෙට එන්නෙ නෑ. පරණ කතා ගැන මම කිසි දෙයක් කියන්නෙ නෑ. කියන්න ඕනෙත් නෑ. මේතෙක් බැලුවනම් හැමෝම දැන් හැමදේම දන්නව. නොබලපු කවුරුහරි ඉන්නව නම්. ආන්නදයට එහා ගියපු බුද්ධියට ආමන්ත්‍රණය කරන්න ඕනෙ නම්. මුල් කතා සමයෙන් පටන් අරන් මේ වෙනකං එන්න.

අද කතාවෙන්…
පටන් ගන්නෙ බ්‍රයිස්ගෙ නඩුවෙන්. එතනදි ජෙසිකා උසාවියට කට උත්තරයක් දෙනව. හැබැයි විනිසුරුතුමා බ්‍රයිස්ට දෙන දඬුවම ප්‍රමාණවත් ද? බැලුවට පස්සෙ ඔයාටම තීරණයක් ගන්න පුළුවන් වේවි ඒ ගැන. නඩුවෙ වැඩ සියල්ල අවසාන වුණාට පස්සෙ හැනාගෙ දෙම්ව්පියො තීරණය කරනව හැනා දෙනුවෙන් දේව මෙහෙයක් පවත්වන්න. එතනදි මට නම් මුළු ලෝකෙම එකපාර කඩාගෙන වැටෙනව වගේ තමයි දැණුනෙ. ඒ ඇයි කියල මං කියන්නෙ නෑ. ඒක ඔයාගෙ හදවතින්ම විඳල බලන්න.

“I am not the only traveler..
Who has not repaid his debt..
I’ve been searching for a trail to follow again..
Take me back to the night we met..”

හැනා තමන්ගෙ මරණයට හේතු නොවුණු හේතු 13ක් ඇගේ පරිගණකයේ සටහන් කරල තිබුණ. “හෙල්මට්” ඇතුළු කරුණු 13ක්. හැනාගෙ මරණය බොහෝ දෙනෙකුගෙ ජීවිත කණපිට පෙරළන්න සමත් වුණා කියල අද ඔයාලට බලාගන්න පුළුවන්. ඒ අතරෙ ටයිලර් නිසා කතාව ලොකු පෙරළියකට ලක් වෙනව. ටයිලර් තවත් මහා ඛේදවාචකයක් ආරම්භ කරාවිද? කොහොමහරි ටයිලර් නිසා කතාව තුන්වන කතා සමයක් දක්වා ගමන් කරාවි කියල හිතන්න පුළුවන්. මෙතෙක් විකාශය වුණු දෙවැනි කතා සමයේ ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගෙන තියෙන්නෙ මේ කතාංගය. ඒ IMDb අගය 9.2ක් වගේ දැවැන්‍ත අගයකට ඔසවා තබමින්. එහෙනම් මේ කෙටි ජීවිත කාලය සැහැල්ලුවෙන් ගත කරන්න. එකිනෙකාට උපකාර කරන්න. එකිනෙකා ගැන හොයා බලන්න.. එකිනෙකාට ආදරය කරන්න. එහෙනම් ආයෙත් උපසිරැසියකින් හමුවෙමු!

“I think I have made myself very clear..
But no one’s coming forward to stop me.
Some of you care,
None of you cared enough..
Neither did I. And I’m sorry.
So.. It’s the end of tape 13.
There’s nothing more to say.”
-Hanna-

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,023 downloadsDownload 13-Reasons-Why-S02-E13.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Udayanga-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.       

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

8,023 downloadsDownload Subtitles37 KB

50 comments

  1. Chami.S

    Thanks..
    Good Luck..

  2. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..ඒ වගේම කතා මාලාව පුරාවටම උපසිරස කරපු හැමෝටම ස්තූති..ඊලග සීසන් එකටත් මේ වගේම සබ් ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා..ජය වේවා..බුදුසරණයි..!

  3. Thamanna

    තැම්කූ බන් උබලගෙ වෙලාව වියදන් කරලා මේ වගෙ වැඩ කරන එකට❤️❤️

  4. භාෂිත් උඩවත්ත

    බෝම ස්තූතියි හැමෝටම මේක ඉවරකරපු එක ගැන.... ❤❤❤❤
    ජය... :!:

  5. kushani sanjula

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  6. losaka

    Thank u Bro

  7. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා..

  8. sankalpatest

    thanks bro

  9. winodana

    thanks mcn

  10. ERANDA MALITH

    Thank u mco sub ekta.
    Puluwan kenek Ash vs evil dead season 3 subtitle tika karala denawanm ptta.

  11. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    Season 3 එකට renew කරලා තිබ්බ ඊයේ....
    කවුරු හරි Cloak & Dagger එකට සබ් දෙන්නකෝ...

  12. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  13. D.Chamara

    bohoma sthuthi sahoo

  14. Raazrinaz

    Thank you mchn
    Reverdale ekatath sub dennako ehema

  15. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. jeewantha

    අපගේ රසාස්වාදය වෙනුවෙන් සාමූහිකව කිසිදු ප්‍රමාදයකින් තොරව කොටසින් කොටස විස්තරාත්මක ලිපියක් සමග සබ් ගෙන ඒම වෙනුවෙන් මාගේ හෘද්‍යාංගම ස්තුතිය.

  18. roshantharu

    Well done machan.ubalage wade suppa sarthakai.thank you machan

  19. Suranjan

    Thanks machan.......jayawewa........!

  20. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  21. Stranger

    thanks

  22. Sudheera Kasun

    Thanks Yalu... Keep it up...

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. buddikakb

    ස්තූතී මචන්...

  25. Kavishkapraween

    Thnx bn sub valata

  26. Shashmithakausith

    Tnx very much brother, 4 this sub. ජය වේවා.

  27. daypal

    කතා මාලාව පුරාවටම උපසිරස කරපු හැමෝටම හෘද්‍යාංගම ස්තුතිය පුද කරමි.

  28. Toin

    Bohoma stutuiiii....

  29. Thushanadtd

    Thankx for subtitles ❤️❤️❤️❤️
    Great work

  30. Ayesh Prashan

    Thank You

  31. Nuwan

    සීසන් දෙකටම සබ් දුන්නු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි....

  32. sujithj

    Ela machn. Thnks Sub dunna hamotama. pattama kathawak eka digata okkama baluwa.

  33. melinda

    කතා මාලාව පුරාවටම උපසිරස කරපු හැමෝටම ස්තුතිය පුද කරමි.

  34. dilshan1000

    season 01, 02 dekama beluwa bro.. biscope eka neththn me wage kathawak kawadawath nobalanna thibuna.. season 01 02 walta sub karapu hemotama bohoma isthuthiy. 03 nath ei kiyala hithenawa awa gaman sub demu. all the best..

  35. Ruwish

    බොහොම ස්තූතියි කතාසමයටම උපසිරැසි ගැන්නූවාට

  36. AsithaDilruwan

    Ela saho thanks

  37. ishan-madusanka

    එල වැඩක්...

  38. Chamodvishwantha

    බොහොම ස්තූතියි .ජය වේවා!

  39. Mahesh ruwan

    bohoma sthuthi

  40. charith wijekoon

    13 Reasons Why season 3 ekata ikmanata sub dennako....

  41. sujithj

    Season 03 sub 1 nadda machn?

  42. Lahiru Chinthaka

    Season 3 සබ් දාන්නෙ නැද්ද?

  43. nikilasilva

    Please upload 13 reasons why season 3 subtitle Bro

  44. bathiya_ishan

    13 reasons why s3 sub ikmanata denna bro, dan msekta wdi

  45. Peramunugama

    Season 3 ekata sub denna plz!!

  46. kavi1225

    season 3 sub ikmanata dennako
    dan season 4 ennath lagai

  47. lisandu kularathne

    Se3 sub oneh

  48. sachinweerrasinghe

    Season 3 ikmanata denna ilaga season eka ennath lagai

  49. Pavith Wijesooriya

    ගොඩක් ස්තූතියි උපසිරසියට.මේක නම් පට්ටම කතාවක්.තනිකරම පාඩමක්.මේ වගේ කතා තමා බලන්න ඕනේත්.සම්පූර්ණ සීසන් එකටම සබ් ලබා දුන්න බයිස්කෝප් කණ්ඩායමට ගොඩක් ස්තූතියි.ඉදිරියටත් මේ වගේ අපූරු කතා සදහා උපසිරසි ලබා දෙන්න...ජය...!!!❤️

  50. thilina

    bille elish ge sinduwa yaddi e feeling suriyatama danuna patta dukak enne

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.