Watch Trailer

13 Reasons Why [S03 : E01] Sinhala Subtitles | කවුද බ්‍රයිස් වෝකර්ව මැරුවේ? [සිංහල උපසිරැසි සමඟ]

“13 Reasons Why තුන්වෙනි කතා සමය වෙත සාදරයෙන් පිළිගනිමු! ඔයා කතාව බැලුව නම්, අද කාලේ තරුණ අය මුහුණ දෙන සැබෑම ප්‍රශ්න කිහිපයක් අපේ කතාවෙන් අපි නිරුපනය කරනව කියල ඔයා දන්නව. අපි කතාව කියන්නේ අයුතු බැන වැදීම්, රැග් කිරීම්, ලිංගික අඩන්තේට්ටම්, ප්‍රචණ්ඩ ක්‍රියාවන් සහ සියදිවි නසා ගැනීම් ගැන. ඔයාගේ ජිවිතේ…

“13 Reasons Why තුන්වෙනි කතා සමය වෙත සාදරයෙන් පිළිගනිමු! ඔයා කතාව බැලුව නම්, අද කාලේ තරුණ අය මුහුණ දෙන සැබෑම ප්‍රශ්න කිහිපයක් අපේ කතාවෙන් අපි නිරුපනය කරනව කියල ඔයා දන්නව. අපි කතාව කියන්නේ අයුතු බැන වැදීම්, රැග් කිරීම්, ලිංගික අඩන්තේට්ටම්, ප්‍රචණ්ඩ ක්‍රියාවන් සහ සියදිවි නසා ගැනීම් ගැන. ඔයාගේ ජිවිතේ මේ ප්‍රශ්න තියෙනව නම්, මේ කතා මාලාව ඔයාට ගැලපෙන්නේ නැතිවෙයි. එහෙම නැත්නම් ඔයා තනියම මේක නොබැලුවොත් හොඳයි.ඉතිං, අම්මල එක්ක බලන්න, ඔයාගේ පවුලේ අය හරි යාලුවෝ එක්ක හරි. ඊට පස්සේ ඔයා දකින දේ ගැන කාටහරි කියන්න… ඔයා ඒ ගැන මොනවද හිතන්නේ ඔයාට කොහොමද ඒක දැනෙන්නෙ. ඔයාට තේරුනොත් ඔයාට උදව් ඕන කියල, විශ්වාස-දායක වැඩිහිටියෙක්ට කියන්න. පාසල් උපදේශක. නැත්නම් ප්‍රදේශයේ උපකාරක අංකයට කෝල් කරන්න නැත්නම් අපේ වෙබ් අඩවියට පිවිසෙන්න https:/13reasonswhy.info ඔයා ඒ ගැන කතා කලාම, හොඳ අතට හැරේවි. කතාව රස විඳින්න. සතුටින් අල්ලාප-සල්ලාපයේ යෙදෙන්න.. එකිනෙකාව බලාගන්න.”

ඉතිං ඔයාලත් වෙබ් අඩවියට පිවිසිලා බලන්න. හැබැයි ඉතිං ලංකාවට නම් එයාලගේ සේවය ලැබෙන්නේ නැහැ. ලෝකේ සියදිවි නසාගැනීම් වැඩිම රටක් විදියට මෙවැනි දේවල් ගැන අපි තව අවධානය යොමු කරන්න ඕනා. නිතරම තමන්ගේ යාළුවා හෝ පවුලේ කෙනෙක් ඉන්න මානසික තත්වය ගැනත් සැලකිල්ලෙන් හිටියොත් සියදිවි නසාගැනීම් සෑහෙන දුරකට අඩු කරගන්න පුළුවන් වෙයි. 2011 සැප්තැම්බර් මස, ජාතික මානසික සෞඛ්‍ය පර්යේෂණායතනය (NIMH) හි ප්‍රධානී අාචාර්ය නීල් ප්‍රනාන්දු විසින් සම්මේලනයක දී ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව, සෑම වසරක ම ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 4,000 පමණ පිරිසක් සියදිවි නසාගැනීමෙන් මිය යනව. ඒ විදියට නැතිවෙන හැම ජීවිතයක්ම ඉතාම වටින ජිවිත. ලිපිය ටිකක් දීර්ඝ උනාට කියවගෙන යන්න දිගටම. කවදාහරි දවසක මේ දේවල් ඔයාටත් වැදගත් වෙන්න පුළුවන්. ඒත් එක්කම මතක් කරන්න ඕන, පහුගිය සැප්තැම්බර් 10 වෙනිදා තමයි, ජාත්‍යන්තර සියදිවි නිවාරණ දිනය තිබ්බෙත්. ඉතිං ඒ සම්බන්ධව කතා කරන්න අවස්ථාවක් කරගන්නම් මේක මම.

සියදිවි නසාගැනීම් වළක්වා ගත හැකිද?
සියදිවි නසාගැනීම හා ඒ සඳහා තැත්කිරීම පිළිබඳව සලකා බැලීමේදී සරල හා පැහැදිලි නිශ්චිත හේතු දැක්වීමට අපහසු වුවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය රනිල් අබේසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් සියදිවි නසාගැනීම් සම්බන්ධව සිදුකළ සමීක්ෂණයකදී අනාවරණය වූ ප්‍රධාන කරුණු කීපයකි.

• සියදිවි නසාගත් කණ්ඩායමෙන් 1/3ක් පමණ ප්‍රමාණයක් විශාදය (Depression) රෝගයෙන් පෙළෙමින් සිටියහ.
• සියදිවි නසාගත් පිරිමින්ගෙන් 2/3ක් පමණ ප්‍රමාණයක් මත්පැන් පානයට ඇබ්බැහිවී හෝ මත්පැන් බිම නිසා ගැටලුවලට පත්ව සිටියහ.
• සියදිවි නසාගත් කණ්ඩයාමෙන් 1/3ක් පමණ යම් කිසි විටක තමන් සියදිවි නසාගන්නා බවට අනතුරු ඇඟවීමක් කර තිබිණි..

ඒ අනුව මතුවන්නේ “අප සමාජය තමා අවට සිටින පුද්ගලයා හා මානසික සෞඛ්‍ය පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු කරන්නේ ද” යන ප්‍රශ්නයයි.

මානසික සෞඛ්‍ය යන වචනය ඇසූ පමණින් බොහෝ දෙනෙකු උමතු බව හා ඇතිවිය හැකි මානසික රෝග පිළිබඳව පටලවා ගනී. උමතු භාවයට පත් නොවූ එහෙත් යම් සුළු මානසික රෝගී තත්වයන්ගෙන් පෙළෙන පිරිසක් අප ජීවත් වන සමාජය තුළ, අප සමගම ජීවත්වේ. සමහරවිට මේ ඔබේ මව, පියා, දුව,පුතා, මිතුරා, පෙම්වතිය, පෙම්වතා, අසල්වැසියා, විය හැකිය. නමුත් ගැටලුව වන්නේ අප ඒ පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු කරනවාද යන්නයි.

ඉහත සොයා ගැනීම්වලට අනුව පැහැදිලි වන කරුණ වන්නේ විශාදය (Depression) හා ගැටලු සහගත ලෙස මත්පැන්බිම (Alcohol Abuse) කලින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීමේ වැදගත්කමයි. එමෙන් ම අපගේ යම් හිතෛෂියකු තමන්ට සියදිවි නසාගැනීමට සිතෙන බව පවසන්නේ නම් එය සැහැල්ලුවෙන් සිතා බැහැර නොකොට ඔහු හෝ ඇය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ වැදගත්කමයි. මෙයින් පැහැදිලි වන්නේ බොහෝ සියදිවි නසාගැනීම් අප හට වළක්වා ගත හැකි ඒවා වන බවය.!

සියදිවි නසාගැනීමක අනතුරුදායී ලක්ෂණ

• යමෙකු සියදිවි නසාගැනීම ගැන නිතර සිතීම හා ඒ පිළිබඳව නිරන්තරයෙන් කථා කිරීම.

• බලාපොරොත්තු රහිත ස්වභාවය.

• පවුලේ අයගෙන්, හිතමිතුරන්ගෙන්, සහෝදර සේවකයන් ගෙන් පාසැලෙන්, ක්‍රියාකාරී කටයුතු වලින්, විනෝදාංශ වලින් වෙන් වී හුදකලාව ජීවත් වීමට පටන් ගැනීම.

• වෙනදාට වඩා මත් වතුර/ මත්ද්‍රව්‍ය වෙනදාටත් වඩා වැඩිපුර භාවිතය හා සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා භාවිතා කිරීම

• අධික ලෙස හා ඉක්මනින් කේන්ති යාම අධික හා ක්ෂණික කෝපය

• අධික කලබල ස්වභාවය, නොරුස්සන ගතිය.

• අවදානම්කාරී හැසිරීම් රටා.

• හැදිසියේම හදිසියේ ම ප්‍රීතිමත් හා නිවුණු ස්වභාවයක් දැකිය හැකිවීම.

• කිසිදු දෙයක් ගැන විමසීමක්, ඇල්මක් නොදැක්වීම.

ඔබගේ හිතෛෂියෙක් මෙවන් හැසිරීම් රටාවක් නිරූපණය කරන්නේ නම් සැලකිළිමත් විය යුතු අතර වහා ම මනෝ වෛද්‍යවරයකුගේ උපදේශනය කරා යොමු කල යුතු ය. කිමෙක් ද යත් සමහර විටෙක මෙම වෙනස දකිනා එක ම පුද්ගලයා ඔබ විය හැකි බැවින්, ඔහු හෝ ඇයව උපකාර සඳහා යොමු කල හැක්කේ ඔබට පමණක් විය හැකි නිසා ය. සමහරවිට මේ වෙනස දකින එකම කෙනා ඔබ විය හැක, එනම් ඔහුට /ඇයව උපකාර කරා යොමු කළ හැක්කේද ඔබටය.

සියදිවි නසාගැනීමේ අවදානම් සාධක හා ඒවා හඳුනා ගන්නා අකාරය පිළිබඳ දැනුම්වත් කිරීම , ඒ ගැන පිළිබඳ අධ්‍යාපනයක් ලබාදීම හා ප්‍රතිකාර කිරීම සියදිවි නසාගැනීම් වැළැක්වීමේ මූලික පියවරයන්ය. ඒ සඳහා පහත වැඩසටහන් ක්‍රියාත්මක වේ.

• ගෘහස්ථ හා සමාජීය හිංසනය, මත්ද්‍රව්‍ය/ මත්වතුර භාවිතය අඩු කිරීම හා තුරන් කිරීම.

• සියදිවි නසාගැනීමට උපකාර කර ගත හැකි දෑ පහසුවෙන් ලබා ගැනීමට හැකි ඉඩකඩ අඩු කිරීම.

• පාසල්වල හා වෙනත් අධ්‍යාපන මධ්‍යස්ථාන වල උපදේශන සේවා ස්ථාන පවත්වාගෙන යාම.

• අධීක්ෂණය යටතේ ඖෂධ ලබා දීම මනෝ වෛද්‍ය සායන (සෑම රෝහලකම පාහේ විශාදයට, මත්පැන් භාවිතයට ප්‍රතිකාර ගත හැකි මනෝ වෛද්‍ය සායන ඇත. )

• මීට අමතරව රෝහල්වල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, සමාජ සේවා ආයතනවල උපදේශන සේවාවන් ඇත.

• ඇතැම් රාජ්‍ය නොවන ආයතනද උපදේශන සේවා ලබා දෙයි.

උදා: සුමිත්‍රයෝ

උපකාර ලබාගත හැකි දුරකථන අංක සහ ආයතන

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ- උපදේශන සේවාව,
“Say Yes To Life” +94 112 682 535

ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම 1333
උපදේශන සේවාව :1333 , +94 112 692 909

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමා අපචාර සහ හිංසනය පිලිබඳ තොරතුරු ලබා ගැනීම හා දුරකථනය ඔස්සේ උපදේශනය සැපයීම. 1929 , +94 112 778 911-4

” මම අද කතාව ගැන මොකුත් නොකියා ඔයාලට නැවුම්ව පටන් ගන්න ඉඩ හරින්නම්. දීර්ඝ ලිපියකට පස්සේ වෙහෙසකාරී බවකුත් ඇතිනේ ඔයාලට. මේ උත්සාහය සියදිවි නසාගැනීමක් සිදුවූ පසු වගකිවයුත්තා සෙවීමට නොව, එය ඇතිවීමට පෙරම මුලිනුපුටා දැමීමටයි. ළඟම කෙනෙක් සියදිවි නසාගැනීමේ උත්සහයක් දරපු වෙලාවේ ඒ අමාරු අවස්ථාවට මුහුණ දීපු කෙනෙක් හැටියට පෞද්ගලිකවම ඒ සම්බන්ධ සංවේදී-භාවයක් මට තියෙනව, ඒ නිසාවෙන්ම තවත් එක් අයෙක් හෝ එවැනි තත්වයකට පත් නොවී බේරගන්න අවස්ථාවක් ලැබීමේ උදෙසා හිතාමතාම විස්තරය දීර්ඝ කලාට සමාවෙන්න.. එහෙනම් ඊළඟ කොටසින් අද හවස 6.30ට නැවත හමුවෙමු අපි. “

කරුණු උපුටා ගැනීම : අන්තර්ජාලයෙන්!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

5,629 downloadsDownload 13.Reasons.Why_.S03E01.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

5,629 downloadsDownload Subtitles37 KB

21 comments

  1. සනිඳු ලක්ඛිත

    ස්තූති නෙමේ විමා පිංසිද්ද වෙනවා සබ් එක දුන්නට..මං වැඩිපුරම ඉල්ලන්න ඇත්තේ මෙකේ සබ් එක. කමෙන්ට් කීයක්නම් දැම්මද. ලිපිය කියවන්නත් කලින් කමෙන්ට් එකක් දාන්න ආවේ. බොක්කෙන්ම ස්තූති විමෝ. දිගටම කරමු..ලිපියටත් ගොඩ ස්තූති. එපිය බලල ඇවිත් අනිවා කියවන්නම්! ජය වේවා! බුදුසරණයි..!

  2. supunpriyadarshana

    Thank bro godak vadagath lipiyak

  3. සචින් කෙවින්

    පෙස්බුක් එකේ වස්සැප්ස් එකේ වැන්දෙ නැති එක විතරයි
    අම්බොව් අන්තිම බඩු ඇවිත් ❤️❤️
    බැලිල්ලක්. පිං ඕයි විමා ❤️❤️❤️

  4. cho-sang

    Ammooo godak thank you ....................

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි ශාන් සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට... ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක ගේමු.. :)
    ජය වේවා.!

  7. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  8. KaSun Chathuranga

    Thanks bro (Y)

  9. sujithj

    Thanks machn. Enakam Angili gana gana hitiye.. :D :D

  10. Pavi

    උපසිරැසියට සහ විස්තරයට බොහෝම ස්තූතියි

  11. madawaththa

    බොහොම ස්තූතියි සහෝ..

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. kavintha

    thanks a lot !!!!

  14. nirmal de davin

    thanks sub karapu okkotoma

    1. Akrprabath

      Thank you bro.

  15. MAALnath

    thanks ...............good luck ...........
    Can you keep a secret 2019
    Isn't it romantic 2019
    Last christmas 2019
    Five feet apart 2019
    Falling inn love 2019
    What men want 2019
    Me film valatath sub denna .............

  16. Anuradha lakshan

    ගොඩක් ස්තුතියි සහෝ...
    දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා,
    Good luck....

  17. සචින්ත කල්හාර බෙනට්

    Man aasawenma balana web series ekak. thanks bro.

  18. kasun@rko

    Thanks broo

  19. dananjaya chathuranga

    ela bm

  20. Pavith Wijesooriya

    ගොඩක් ස්තූතියි අයියේ සබ් එකට...
    ලිපියත් සෑහෙන්න වටිනවා...
    ස්තූතියි ❤️