පෙර කොටසින් කලින් කොටස ගැන මතක් කරනවානම්, ඒකෙදී දැකගන්න ලැබුනා බ්‍රයිස්ගේ මරණය ගැන මුළු ලිබර්ටි උසස් පාසල ඇතුලෙ කතාවෙන්න පටන් අරන් තිබුණු හැටි. ඒවගේම ක්ලේ, ආනී දෙන්නාගේ විමර්ෂණ ගමනේ බ්‍රයිස්ගේ මරණේ ඊලග සැකකරුවා වුණේ ජෙසිකා. මොකද දෙවෙනි සීසන් එකේ නඩු සිද්ධීන් වලින් පස්සෙත් ජෙසිකා ඇවිල්ලා බ්‍රයිස්ව ම…

පෙර කොටසින්
කලින් කොටස ගැන මතක් කරනවානම්, ඒකෙදී දැකගන්න ලැබුනා බ්‍රයිස්ගේ මරණය ගැන මුළු ලිබර්ටි උසස් පාසල ඇතුලෙ කතාවෙන්න පටන් අරන් තිබුණු හැටි. ඒවගේම ක්ලේ, ආනී දෙන්නාගේ විමර්ෂණ ගමනේ බ්‍රයිස්ගේ මරණේ ඊලග සැකකරුවා වුණේ ජෙසිකා. මොකද දෙවෙනි සීසන් එකේ නඩු සිද්ධීන් වලින් පස්සෙත් ජෙසිකා ඇවිල්ලා බ්‍රයිස්ව මුණගැහිලා තියෙනවා. බ්‍රයිස් ජෙසිකාගෙන් සමාව ඉල්ලුවා. හැබැයි ඒක හැටි හොද විදිහේ සමාව ගැනිල්ලක් නම් වුණේ නැහැ. බ්‍රයිස්ගේ සමාව අයදිම පවා ජෙසිකා ප්‍රතික්ෂේප කරලා එයාට බැන්නා. ඇත්තට හො බොරුවට මේ වෙද්දී බ්‍රයිස් තේරුම් අරන් තියෙන්නෙ ජෙසිකාගෙන් පටන් ගත්ත මේ දේවල් හැනා වගේම අනික් ගෑනු ළමයි දක්වාම ගිය එක “ඕනෑවට වඩා දුර දිග ගියා” කියලා.
ඒවගේම ජෙසිකාගේ අලුත් පෙම්වතා, ඒ කිව්වේ ඇලෙක්ස් එක්ක තමන් ඒ හැටි ආදර සම්බන්ධයක් පවත්වන බවක් නොතේරුන ආනි ජෙසිකාට උදව් කලා උපදෙස් වලින් වගේම වෙනින් විදි වලින්. (මං ඉතින් අමුතුවෙන් ඒ අය ගත්හ ටෝයිස් ගැන කියන්න ඕන නැහැනේ :p) ඒ දේවල් වලින් ආරම්භයක් ගත්තත් ජෙසිකාට ඇලෙක්ස් ගැන ඒ හැටි කැමැත්තක් තිබුණේ නැහැ එදා රෑ පාටියෙදී එයා ජස්ටින්ව කිස් කරලා හැගීම් ඇවිස්සිලා හිටිය නිසා. මේ නිසාම ආයෙ වතාවක් ජෙසිකා ජස්ටින් එක්කලා එකතුවෙලා තියෙනවා. මේ හැමදෙයක් ගැනම ජෙසිකා, ජස්ටින් දෙන්නගේ පස්සෙන් මොටෙල් එකට ගිය ක්ලේට වගේම ආනිට දැනගන්න ලැබුණා. ඒ මදිවට ටයිලර් ලග තවත් එකම එක තුවක්කුවක් තිබිලා එයාට ඕන වෙනවා ඒක අයින් තනියෙන් අයින් කරන්න. හැබැයි ටෝනි මේකට ඉඩ නොදෙන නිසා ටෝනි වගේම ක්ලේ මේ ආයුධය පහුවදා අයින් කරන්න උදව් කරන්න ඉදිරිපත් වවෙන්නම් කියලා කිව්වා.
අද කොටසින්
ටයිලර්ගේ ආයුධය පහුවදා අයින් කරන්න ගියත් එදා උදේම අන්තර්ජාලය පුරාවටම අලුත්ම ආරංචි ලැබෙන්න ගන්නවා බ්‍රයිස්ට වෙඩි තියලා මරලා දාලා තියෙන්නෙ කියලා. දැන් ටයිලර්ගේ දෙවැනි ආයුධය, ඒ කිව්වේ තුවක්කුව ගැන දන්න හැමෝම සැක කරන්නෙ ටයිලර් ඒක කරන්න ඇති කියලා. එතකොට ටයිලර්ද බ්‍රයිස්ට වෙඩි තිබ්බේ? වෙඩි තිබ්බත් ඒ ආයුධය ක්ලේට වගේම ටෝනිට අයින් කරන්න ලැබෙයිද? බලලම ඉන්නකො එහෙනම් මොකද වෙන්නෙ කියලා.
මීලග කොටස අරගෙන වෙනත් උපසිරැසිකරුවෙක් ඔයාලව මුණගැහෙන්න ඒවි. ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
5,111 downloadsDownload 13-Reasons-Why-S03-E04.zip66 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
චාමර සම්පත්
Subtitles
10 comments
Induvara namal
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....madawaththa
ස්තූතියි සහෝ.. ඉතුරු ටිකටත් ඉක්මනටම sub එක දෙන්ඩෝ..
Hashan M. Priyadarshana
Bohoma sthuthi bro sub ekata.. :)
Jaya wewa.!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුSurangasampath
Tanx Machan.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සචින්ත කල්හාර බෙනට්
Awesome
igp max
serius ekatama sub karapu yaluwonta thanks ...
Pavith Wijesooriya
thanks අයියේ සබ් එකට...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanx