Watch Trailer

13 Reasons Why [S03 : E09] Sinhala Subtitles | පැටළුම් අතරේ තවත් පැටළුම් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසෙදි පොලිසිය වගේම මුළු පාසලම හිතන්නේ බ්‍රයිස්ගේ මිනීමැරුම කලේ ක්ලේ කියලා, ක්ලේගේ අම්මලා ඒකට ක්‍රියාමාර්ග ගනිමින් හිටියත් එතරම් සාර්ථක වෙන්නේ නෑ. ආනි පවා සැක කරන්නේ ක්ලේ කලා කියලයි. ඔය අතරේ තමා ක්ලේගේ සැකය තවත් පෝටර් සහ මිසිස් වෝකර් දෙසට යොමු වෙන්නේ, නමුත් ඒක හොයාගෙන හොයාගෙන යනකොට දැනගන්නවා…

කලින් කොටසෙදි පොලිසිය වගේම මුළු පාසලම හිතන්නේ බ්‍රයිස්ගේ මිනීමැරුම කලේ ක්ලේ කියලා, ක්ලේගේ අම්මලා ඒකට ක්‍රියාමාර්ග ගනිමින් හිටියත් එතරම් සාර්ථක වෙන්නේ නෑ. ආනි පවා සැක කරන්නේ ක්ලේ කලා කියලයි. ඔය අතරේ තමා ක්ලේගේ සැකය තවත් පෝටර් සහ මිසිස් වෝකර් දෙසට යොමු වෙන්නේ, නමුත් ඒක හොයාගෙන හොයාගෙන යනකොට දැනගන්නවා මේ දෙන්නා බ්‍රයිස්ගෙ මරණයට සම්බන්ධ නෑ කියලත්, එයාල උත්සහ කරලා තියෙන්නෙ බ්‍රයිස්ව හරි පාරට ගන්නත් කියලා. මොන්ටිගෙන් කරදර වුන ටේලර් ගැනත් ක්ලේ මේ අතරේ හොයන්න ගිහිල්ලා මොන්ටිගෙන් නොහිතපු කරුනක් එළියට ආවා, ඒ තමා ජස්ටින් තාමත් මත්ද්‍රව්‍ය භාවිතා කරනවද කියන සැකය. මොකද එයාගේ බෑග් එකේ තිබිලා බ්‍රයිස්ට අයිති ඔක්සි බෝතලයක් හමුවෙනවා.

එතකොට කවුද ජස්ටින්ද බ්‍රයිස්ව මැරුවේ,
මොකද්ද මේ වෙන්නේ?
පොලිසිය තාමත් ක්ලේගෙ පස්සෙන් පන්නන්නේ ඇයි?
වෙන කවුද මේවට වග කියන්න ඕන?
ජස්ටින්ගෙන් ක්ලේ මොනවා දැනගනිද?
ක්ලේව දිගටම ආනි අවිශ්වාස කරයිද?
එතකොට සෙත් මොකද කරලා තියෙන්නේ?

මේ ඔක්කටම විසදුම් අද කොටසේ තියෙනවා. ඒත් අද කතාව අවසන් වෙන්නෙත් බ්‍රයිස්ගේ මිනීමරුවා තවදුරටත් රහසක් විදිහට තියලා, කුතුහලයේ උඩටම ගිහිල්ලා ඔබව අතෑරලා. එන්න එන්නම කුතුහලය වැඩි වෙනවා එක්කම කතාවේ චරිත අතර තියෙන සංකීර්ණත්වය තවත් වැඩි වෙනවා. ඒ වගේම අතීතාවර්ජන සහ වර්තමානය අතර අතරමං වෙලා කරුනු එකින් එක පෙලගස්ස ගන්න පුළුවන් නම් මම හිතනවා මිනීමරුවා කවුද කියලා හරියටම කියන්න පුළුවන් වෙයි කියලා, ඒත් මොකටද හදිස්සි වෙන්නේ, තව කොටස් හතරනේ, රැදිලා ඉන්න අපි සමගම. පුළුවන් එතකොට සිංහලෙන්ම බ්‍රයිස් වෝකර්ව මැරුවේ කවුද කියල දැනගන්න. ඒ ඇයි කියලත්. ඒ වගේම මේ පැටළුන නූල් බෝලේ ලෙහාගන්නත් එතකොට පූලුවන්.

ඇත්තටම කවුද බ්‍රයිස් වෝකර්ව මැරුවේ? ඔයාලට හිතෙන විදිහට කවුරු වෙන්න පුළුවන්ද? නිරීක්ෂණ වලින් නිගමනය කරලා කියන්න ඉඩ තියෙනවා ඕන නම් පහල කොමෙන්ට් තීරුවේ. ඒකටත් ඔයාලට අවස්තාව තියෙනවා. එහෙනම් 13 Reasons Why මේ කතා සමයේ මගේ වැඩ කටයුතු අහවරයි. ඉතුරු කොටස් හතරත් ඉක්මනින ඔයාලට හම්බුවෙයි. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා. ජය වේවා…!!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

4,498 downloadsDownload 13-Reasons-Why-S03-E09.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

4,498 downloadsDownload Subtitles35 KB

6 comments

  1. Induvara namal

    Ela bro thanx

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Pavith Wijesooriya

    ස්තූතියි අයියේ සබ් එකට...