හේ, මේ හැනා බේකර්. ලැස්ති වෙන්න. මොකද මං ඔයාලට මගෙ ජිවිත කතාව කියන්නයි ලෑස්ති වෙන්නෙ. විශේෂයෙන්ම මගෙ ජීවිතේ අවසන් වුණේ ඇයි කියලා. ඔයත් මේ හඩපට අහනවනම්, ඔයත් ඒ හේතු අතරට එකතු වෙනවා. මතක ඇති නේද මේ වාක්‍ය ටික? කොයි කවුරුත් ආසාවෙන් බලපු 13 Reasons Why කතාමාලාවේ හතරවන එහෙමත් නැත්තම් අවසන් කතාසමය එක්කයි…

හේ, මේ හැනා බේකර්. ලැස්ති වෙන්න.
මොකද මං ඔයාලට මගෙ ජිවිත කතාව කියන්නයි ලෑස්ති වෙන්නෙ.
විශේෂයෙන්ම මගෙ ජීවිතේ අවසන් වුණේ ඇයි කියලා.
ඔයත් මේ හඩපට අහනවනම්,
ඔයත් ඒ හේතු අතරට එකතු වෙනවා.
මතක ඇති නේද මේ වාක්‍ය ටික? කොයි කවුරුත් ආසාවෙන් බලපු 13 Reasons Why කතාමාලාවේ හතරවන එහෙමත් නැත්තම් අවසන් කතාසමය එක්කයි මේ මුණගැහෙන්නෙ. අවසානයට එන්න කලින් මෙතෙක් සිද්දුවුන දේවල් කෙටියෙන් මතක් කරගමු.
පළමු කතාසමය | හැනාගෙ වියෝව
හැනා බේකර් නම් තරුණියගෙ අතීත කතාවත්, වර්තමාන කතාවත් පාදක කරගෙන තමයි මුල් කතාසමය නිර්මාණය වෙලා තිබුනේ. විශේෂයෙන්ම එයාගෙ මරණය ගැන. හැනාගෙ මරණේ සිද්දවෙලා, එයා තියපු ටේප් ටික හැමෝම අහලා කතාව පටන් ගන්නෙ මේ ටේප් ටික ක්ලේ ලැබිලයි. හැනා කියපු විදිහට එයාගෙ ටේප් වල කවුරුහරි කෙනෙක් ගැන සදහන් වෙනවනම් ඒ කෙනත් එයාගෙ මරණෙට වගකිවයුත්තෙක්. එයාගෙ කතාවේ එක දෙයක් හරි. පන දෙන්න වගේ එයාට යාලුවො ලං වෙනවා. ආදරේ කරන්නම් කියලා කොල්ලො එයාගෙ පස්සෙන් එනවා. ඒත් ඒ කිසි කෙනෙක් හැනාට ලං වුනෙ ඕනෙම දෙකේදී ලගින් ඉන්න නෙවෙයි. බොහොමයක් යාලුවො පිටිපස්සෙන් ඇවිල්ලා පිහියෙන් ඇනලා ගිය ජාතියෙ අය. මේ අතරේ ටෝනි, වගේම ක්ලේ වගේ හොද අයත් හිටියෙ නැත්තෙම නැහැ. නමුත් හැනා මැරෙන්න කලින් හිස් ටේප් ටෝනිගෙන් ඉල්ලද්දී එයාට පොඩ්ඩක් හොයලා බලන්න බැරි වුනා. ක්ලේ හැනාට ලං වුනෙ යාලුවෙක් වගේම ආදර වන්තයෙක් විදිහට. ඒත් ක්ලේට ආදරේ කරන්න ලැබෙන්නෙ නැනාගෙ හිතෙ සටහන් වුන අමිහිරි මතකයන් නිසාම.
ප්‍රධානම කාරණාව තමයි සාදයක් වේලාවකදී ජෙසිකාගෙ පෙම්වතා වෙච්චි ජස්ටින්ව කාමරෙන් එලියට තල්ලු කරලා දාලා බ්‍රයිස් වෝකර් ජෙසිකව දුෂණයට ලක් කලා. මේ ගැන ජෙසිකා කට්ටියට කියන්න පසුබට වෙනවා. හැනා මැරෙන දවසේ උදේ එයාගෙ දෙමව්පියන්ගෙ හිත් රිදවීමක් වගේම බ්‍රයිස් වෝකර්ගෙ අතින් දුෂණයට ලක් වෙනවා. කතාව බලපු අය හැනාට නොසෑහෙන ටැග් ගහන්න එකතු වුනා. එක එක්කෙනා චරිතෙ දිහා බැලුවේ වෙනස්ම විදිහට. කතාව අවසන් වුණේ ජෙසිකා තමන්ට වෙච්ච දේ එයාගෙ තාත්තට කියලා වගේම ඇලෙක්ස් ස්ටෑන්ඩෝල් වෙඩි තියාගත්තා කියලා ආරංචියත් එක්ක. ඒවගේම මෙච්චර කාලයක් තිස්සෙ උසස් පාසලේ ළමයි අතරේ අතින් අතට ගිය ටේප් ටික ටෝනි ගිහිල්ලා හැනාගෙ අම්මටයි තාත්තටයි බාර දීමත් එක්ක.
දෙවැනි කතාසමය | ඉටු නොවන යුක්තිය
හැනාගෙ අම්මයි තාත්තයි ටේප් ටික අහලා සෑහෙන දුක් වෙනවා. දෙවැනි කතාසමය වෙන් වෙන්නෙ හැනාට වගේම ජෙසිකට වෙච්ච දේට සාධාරණය ඉෂ්ට කරන්න උසාවියෙ නඩු අහන්න යන සිදුවීම් එක්කයි. ලිබර්ටි උසස් පාසලේ ඉන්න ළමයින්ව නඩු වාර වලට ගෙන්නලා කට උත්තර ලබා ගැනීමක් සිදුවෙනවා. මේ දෙන්නට මෙහෙම වෙද්දී බ්‍රයිස් ලිබර්ටි හයිවල එක මඩුවක් වගේ තැනක් අටවගෙන එතනට කෙල්ලොන්ව අරන් ගිහින් එයත් එක්ක ගත කරපු අය විදිහට පින්තුර අරන් තිබුනා. මේ අයව මත් කරලා එයාලගෙ අනිසි ප්‍රයෝජන අරගෙන තියෙනවා. සමහර වෙලාවට මේ වැඩ වලට බ්‍රයිස්ගෙ යාලුවො ගොඩකුත් එකතුවෙලා තියෙනවා. සෑහෙන ලොකු උත්සහයක් දීලා ක්ලේ එයාගෙ යාලුවො එක්ක එකතු වෙලා බ්‍රයිස්ගෙ මේ පින්තුර පෙට්ටිය හොයාගන්නවා. බ්‍රයිස් මේක ඇතුලට එක්කගෙන ගිය සෑහෙන දෙනෙක් ගැන ක්ලෝයි, ජස්ටින්, ටෝනි මේ හැමෝටම දැනගන්න ලැබෙනවා.
කොටින්ම ඒ කාලෙ තමන්ගෙ පෙම්වතිය වෙලා හිටිය ක්ලෝයිගෙ පවා. බහුතරය බ්‍රයිස්ට විරුද්ධව කතා කරද්දී ක්ලෝයි බ්‍රයිස්ට විරුද්ධ වුණේ නැහැ. නඩුවාරය අවසානයෙදි මේ වෙච්ච දේවල් වලට බ්‍රයිස් වැරදිකරු නෙවේ කියලා ජූරියෙ තීන්දුවත් එක්ක එයාට ලැබෙන්නෙ මාස තුනක පරිවාසයට ලක් වීමක් විතරයි. මේ අතරේ ක්ලේ එයාගෙ යාලුවො එක්ක එකතු වෙලා හොයාගත්ත පින්තුර ටික වෙනින් කෙනෙක් හොයාගෙන පුච්චලා දානවා.
මේ දේවල් වෙද්දී සාධාරණය ඉෂ්ට නොවුන බහුතරයට ඕන වෙන්නෙ බ්‍රයිස්ව මරලා දාන්න. ක්ලේ පවා තුවක්කුවක් අරගෙන බ්‍රයිස්ගෙ ගෙදරට යනවා. මේ අතරේ ටයිලර් වගේම සයිරස් දුශකයො කියලා බ්‍රයිස් වගේම එයාගෙ අයව හංවඩු ගහලා මේක නොසිතු විදිහට දුරදිග යනවා. අවසානය වෙන්නෙ බ්‍රයිස් එපා කියද්දී මොන්ටි තවත් කට්ටියක්ව එකතු කැරගෙන ගිහින් ටයිලර්ට පහර දීලා ලිංගික අඩම්තේට්ටම් වලට ලක් කිරීමකින්. මේකට පලිගන්න කියලා හිතාගෙන ලිබර්ටි හයි එකේ තිබුණු පාටියකට ටයිලර් සෑහෙන ආයුධ ගොඩකුත් අරගෙන එනවා තමන්ව වධ හිංසාවට ලක් කරපු අයගෙන් පලිගන්න හිතාගෙන. ඇතුලට එන්න නොදී ක්ලේ එයාගෙ ආයුධේ අරගෙන ටයිලර්ව ටෝනි එක්ක පිටත් කරලා යවනවා. ඒවගේම මේ වෙද්දී ජෙසිකට දැනගන්න ලැබෙනවා බ්‍රයිස් නිසා ක්ලෝයි ගැබ් අරගෙන ඉන්නෙ කියලා. මේ විදිහට තමයි දෙවැනි කතාසමය අවසන් වුණේ.
තුන්වන කතාසමය | බ්‍රයිස් වෝකර්ව මැරුවේ කවුද?
කතාවේ ආරම්භය වගේම වැඩි අවධානයක් ලැබෙන්නෙ බ්‍රයිස් වෝකර්ගෙ අභිරස් මරණය ගැන. මුල් කතාසමයන් දෙක පුරාවටම බ්‍රයිස් වෝකර් කියන්නෙ ඇත්තටම නපුරු චරිතයක් කියලා පෙන්වලා දීලා එක පාරටම තුන්වැනි කතාසමය ඔස්සෙ පෙන්නනෙ වෙච්ච වැරදි හදාගන්න උත්සහ කරන කෙනෙක් වගේම පසුතැවිලි වෙන කෙනෙක් විදිහට. නමුත් බ්‍රයිස්ගෙන් ලැබෙන්න ගිය ලමයව ශල්‍යකර්මයකට ලක් කරලා ක්ලෝයි නැති කරගන්නවා. මේකට උදව් ලැබෙන්නෙ සැක්ගෙන්. ඉතිං මේ දේවල් දැනගත්තම බ්‍රයිස්ට තරහ ගිහින් මේ අය සෙල්ලම් කරන වෙලාවක බ්‍රයිස් සැක්ගේ කකුල කඩලා දානවා. කතාව අවසන් වෙද්දී දැනගන්න ලැබෙනවා බ්‍රයිස්ගෙ මරණෙට මුලින්ම වගකියන්න ඕන සැක් කියලා. සැක්ට පහර දීලා එයාගෙ කකුල කැඩුවට පලිගැනීමක් විදිහට බ්‍රයිස්ව වරාය ලගදි මුණගැහෙන සැක් බ්‍රයිස්ටත් ඒ දේම කරලා එතන දාලා යනවා. මේ අතරෙම ඇලෙක්ස් වගේම ජෙසිකා එතනට එනවා. හිතාමතා හො නැතුව ඇලෙක්ස් ඒ වෙලාවේ බ්‍රයිස්ව එතනින් වතුරට තල්ලු කරනවා. කකුල් දෙක කැඩිලා හිටිය නිසා බ්‍රයිස් ගිලිලා මැරෙනවා. මේ කාලෙ වෙද්දී කතාවට බ්‍රයිස්ගෙ ගෙදර වැඩ කරපු කෙනාගෙ දුව ආනි කියන එපාම කරපු චරිතෙත් එකතු වෙනවා.
බ්‍රයිස් වගේම ක්ලේගෙත් කාලයක් යනකල් ආදරවන්තිය වෙන්නෙ ආනි චරිතය. මුලින් හැමෝම හිතන්නෙ එයා අනික් හැමෝටම වඩා හොද, හොදට හිතලා බලලා කටයුතු කරන කෙනෙක් කියලා. ඒත් පස්සෙ තමයි හැමෝටම දැනගන්න ලැබෙන්නෙ ආනි කියන්නෙ මොන තරම් ගුප්ත චරිතයක්ද කියලා. බ්‍රයිස්ගෙ මරණේ සිද්ද කරලා මේ කතාවේ එකට කල්ලි ගැහුණු හැමෝම පොලිසියට බොරු කියනවා. හැමොගෙන්ම මේ කතා හංගනවා. ටයිලර්ට ලිංගිකව අඩම්තේට්ටම් වලට ලක් කරපු නිසාත්, කට්ටියගෙ බොරු සාක්ශි මත බ්‍රයිස්ගෙ මරණෙට වගකිව යුත්තා මොන්ටි හිරේ යනවා. හිරේදී තවත් රැදවියෙක් මොන්ටිව මරලා දානවා. මේ අතරේ කතාවේ අවසානය වෙන්නෙ දෙවැනි කතාසමය අවසන් වෙද්දී ටයිලර් අරන් ආව ආයුධ මල්ලම මාළු බාන්න ආව කෙනෙකුට ගග ඇතුලෙදි හම්බෙනවා.
සිව්වන (අවසන්) කතාසමය
එහෙනම් ඔන්න 2017 වසරේදී ආරම්භ වුන තවත් කතාමාලාවක අවසාන කතාසමය ආරම්භ වෙනවා. පසුගිය ජුනි 05 වැනිදා තමයි නිකුත් වෙන්නෙ. වෙනදා කොටස් 13 න් සමන්විත වුනත් මේ වතාවේදී අවසන් කතාසමය කොටස් 10ට සීමා වෙලා තියෙනවා. සම්පුර්ණ කතාසමයන් තුනක් මතක් කරපු එකේ මේ වතාවේ වෙන්නෙ මොකක්ද කියනවට වඩා බලලම හිටියා නම් තමයි හොද.
විශේෂයෙන්ම කියන්න ඕන උපසිරැසි කරලා එවන විදිහටයි අපි ලබා දෙන්නෙ. මේ කොටස දුන්නා කියන්නෙ අනිවාර්යෙන්ම ඉතුරු කොටස් නවයත් ඔයාලට ඉදිරියේදී ලබා දෙනවා. ඒ නිසා කලබල නොකර ඉවසීමෙන් රැදිලා ඉන්න කියලා මහක් කරමින් සමුගන්නවා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
5,081 downloadsDownload 13-Reasons-Why-S04-E01.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
15 comments
sachintha
Dilshan
උණු උණුවෙම දිලා ☝☝☝
Induvara
Thank you
Jeewantha
බොහොම ස්තුතියි.
Kavinu
තෑන්ක්ස් මචං සබ් එකට :) චාමර සම්පත් ඔයා නේද the exorcist සීරිස් එකට සබ් කලේ ඒකෙ දෙවනි සීසන් එකට සබ් දෙන්නැද්ද :)
Pathum Winchester
අම්මෝ එනකම් බලන් හිටියේ. උපසිරසට ස්තුතියි
Achala
Thnx bro
Anonymous
සුපිරී සුපිරී❤️
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...Pathum Winchester
උපසිරසට ස්තුතියි, එනකම් බලාගෙන හිටියේ
Pasindu Madumal
මෙදා සැරේ මොකක්ද දන්නේ නෑ වෙන්න යන්නේ..!
සබට තුති චාමර අයියා ❤️රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති මචං උපසිරසට... ඩවුන්ලෝඩ්ස් ගාන දැක්කාම සෑහෙන්න අවුල් ගියා. මෙච්චර හොද සීරිස් එකක් බලන්නේ කීයෙන් කී දෙනාද කියලා. ඒකට අර CW ජරාව. මැරීගෙන ඉල්ලන්නේ ඒවා...කතා කරලා වැඩක් නෑ ලංකාවේ ෆෑන්ස්ලා ගැනනම්... මෙච්චර අඩුවෙන් බලන එකකට උනත් සබ දෙන එකට බොහොම ස්තූති මචං. මං ආසම සීරිස් වලින් එකක් මේ...ජය වේවා..බුදුසරණයි..!
Anonymous
Thnx sub ekta...
MAALNATH
Thanks ...............good luck .................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි