Watch Trailer

Bard of Blood S01E01 Sinhala Subtitles | සැඟවුණු රණශූරයා! [සිංහල උපසිරැසි සමඟ]

2001 දී ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ලවෙච්ච ප්‍රහාරය ගැන මතකද? ගොඩක් මන්ත්‍රීවරු මැරෙන්න තිබ්බා ඒ වෙලාවෙ. මීඩියා වලින් කිව්වා, දිල්ලි පොලීසියෙන් විශිෂ්ඨ සේවයක් කලා කියලා ඒ වෙලාවෙ මන්ත්‍රීවරු බේරගන්න. ඒත්, ඇත්ත දැනගෙන හිටියෙ කීපදෙනෙක් විතරයි. පොලීසිය එන්නත් කලින් එක්තරා පුද්ගලයෙක් එතනට ගියා. ත්‍රස්තවාදී…

2001 දී ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ලවෙච්ච ප්‍රහාරය ගැන මතකද?
ගොඩක් මන්ත්‍රීවරු මැරෙන්න තිබ්බා ඒ වෙලාවෙ.
මීඩියා වලින් කිව්වා, දිල්ලි පොලීසියෙන් විශිෂ්ඨ සේවයක් කලා කියලා
ඒ වෙලාවෙ මන්ත්‍රීවරු බේරගන්න.
ඒත්, ඇත්ත දැනගෙන හිටියෙ කීපදෙනෙක් විතරයි.
පොලීසිය එන්නත් කලින් එක්තරා පුද්ගලයෙක් එතනට ගියා.
ත්‍රස්තවාදීන් විසින් වටකරලා තිබ්බ පාර්ලිමේන්තු සංකීර්ණයට තනියෙන් ගිහිල්ලා,
කිසිම උපද්‍රවයකින් තොරව මන්ත්‍රීවරු සියලු දෙනාවම මුදවා ගත්තා.
ඔහු තනි පුද්ගලයෙක්!
නමුත්, විශිෂ්ඨ ගණයේ හමුදාවක් හා ඔහු සමයි!
ඔහු පුහුණුකරලා තියෙන්නෙ අනිත් සෙබළුන් වගේම තමයි!
නමුත්, ඔහු විශේෂයි!
ඉන්දීය රහස් ඔත්තු සේවය සතුවූ…
ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම සම්බ්න්ධ,
අති විශිෂ්ඨතම විශේෂඥ හමුදා සෙබළා ඔහුයි!
ඔහු රහස් නියෝජිතයෙක්!
ඔහු සැඟව සිටින්නෙක්!
ඇඩෝනිස්!
මේ අනන්‍යතාවයෙන් තමයි ඔහු ගැන දන්න සීමිත පිරිස ඔහුව දන්නෙ.
නමුත්, එය නොවෙයි ඔහුගේ සැබෑ අනන්‍යතාවය!
දරුණුම අවශ්‍යතාවයකදි පමණයි ඇඩෝනිස් කරලියට සම්ප්‍රාප්ත වෙන්නෙ.
අනිත් වෙලාවට ඔහු කින්ද, මන්ද, මොකද කරන්නෙ, කොහෙද ඉන්නෙ කියලා…
කිසි කෙනෙක් දන්නෙ නැහැ!
මේත් ඒ වගේ දරුණුම හදිසි අවස්ථාවක්…
අතිශය වැදගත් තොරතුරු සහිත ඉන්දීය ඔත්තුකරුවන් සිව් දෙනෙක්…
බලුකිස්තානයේදී තලේබාන් ග්‍රහණයට හසු වෙනවා!
ඔවුන් ජීවග්‍රහණයෙන් නැවත රැගෙන ඒමට තරම් සමතෙක් ඉන්දියානු රහස් ඔත්තු සේවය සතු වූයේ නැහැ…
ඇඩෝනිස් හැරෙන්නට!
නමුත්…
ඇඩෝනිස්ට අගෞරව කොට රැකියාවෙන් නෙරපා දමා මේ වෙද්දි අවුරුදු පහක් වෙනවා.
එතකොට ප්‍රාණ ඇපකරුවන් බේරගන්න ඉන්නෙ කවුද?
කවුද මේ ඇඩෝනිස්?

ඔන්න එහෙනම් නෙට්ෆ්ලික්ස් රසිකයෝ මග බලාගෙන ඉඳපු අලුත්ම නෙට්ෆ්ලික්ස් හින්දි වෙබ් සීරීස් එක පටන් ගන්නයි මේ හදන්නෙ. මේ නෙට්ෆ්ලික්ස් එක වැඩේට අතගහන්නෙ එසේ මෙසේ පුද්ගලයෙක් එක්ක නෙමෙයි. බොලිවුඩ් සිනමාවෙ සක්විති, එහෙමත් නැත්නම් “කිං ඛාන්” හෙවත් ශාරුක් ඛන් එක්ක තමයි මේ වතාවෙ ගිවිසුම් ගහන්නෙ. හැබැයි, රඟපාන්න නම් නෙමෙයි. ශාරුක් ඛාන් සම හිමිකාරීත්වය දරණ රෙඩ් චිලීස් ආයතනයෙන් තමයි මේ කතා මාලාව නිශ්පාදනය කෙරෙන්නෙ.

Action, Adventure, Thriller, War යන කාණ්ඩ යටතේ වර්ගීකරණයට ලක්වෙන මෙම කත මාලාව, කතාංග 7කින් සමන්විත වන තරම, මේ වන විට Imdb දර්ශකය තුල 7.1 ක අගයක් හිමිකරගෙන තිබෙනවා. කතා මාලාවෙ ප්‍රධාන චරිතය හොඹවන Emraan Hashmi ගැන මං ඔබට අමුතුවෙන් කියන්න උවමනා නෑ කියලා හිතනවා. Murder (2004), Gangster (2006), Awarapan (2007), Jannat: In Search of Heaven… (2008), Raaz: The Mystery Continues (2009), Tum Mile (2009), Once Upon a Time in Mumbai (2010), The Dirty Picture (2011)… මේ ආකාරයෙන් නිදසුන් ඕනෑ තරම් පැවසිය හැකියි ඔහුගේ විශිෂ්ඨ රංගන කෞශල්‍ය විදහාපෑමට. Serial Kisser කියන ප්‍රේමාන්විත නාමයෙන් බොලිවුඩයේ ප්‍රසිද්ධියට පත්වූ මේ රංගන තාරකාව, නෙට්ෆ්ලික්ස් සමගින් එක්ව වෙනස්ම ආරක අත්දැකීමක් නිසැකවම මෙම කතා මාලාවෙන් ඔබට ලබාදේවි.

එහෙනම්, රැඳී සිටින්න අපත් සමගින්ම. කතාංග හතක් පුරාවට විහිදී යන මෙම කත මාලාව සමගින් අපත් සමගින් අත්වැල් බැඳගන්න. කොහොමත්, නෙට්ෆ්ලික්ස් රස දන්න උදවිය අනිවාර්‍යයෙන්ම මේ කතා මාළාව මගහැර ගන්න එකක් නැහැ. එහෙනම්, හැමෝටම ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

4,662 downloadsDownload Bard-of-Blood-S01E01.zip22 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

4,662 downloadsDownload Subtitles22 KB

30 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  2. LaHIRU MV

    ස්තූතියි..පුලුවන් නම් the family man එකටත් සබ් දෙමු

  3. cho-sang

    Thank you bro , the family men tvseries ekatath subdenooo

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    පට්ට වගේ....ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....

  5. nihalpujitha

    SUPER broo

  6. Ayesh Prashan

    Thank You

  7. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .සිසිල සහෝ.

  8. gayan4

    බොහොම ස්තූතියි සිසිල ප්‍රසාද් සහෝ... ජය.

  9. iduminda

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
    තව තවත් උපසිරැසි කිරීමට
    කාලය, ශක්තිය, ධෛර්ය ලැබේවා.
    ජය වේවා!
    තෙරුවන් සරණයි!

  10. Suranjan

    Thanks machan......jayawewa.....!

  11. kodagoda

    tnx sahoo denaan hitiye meka

  12. LC Nanayakkara

    thanks for sub

  13. M.W. Dilhani

    Imran Hashmi + Netflix කොහොම මගාරින්නද අනිවාරෙන් බලනවා. සින්හල උපසිරසියට බොහොම ස්තූතියි.

  14. ranga11112

    THANKS SAHO......BS

  15. Achi

    Thank bro

  16. BASURU BANDARA

    thanks bro

  17. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...ඩවුන්ලෝඩ් කරන් බලන් හිටියේ සබ වැටෙනකම්...ජය වේවා๬

  18. Asanjana_Lahiru

    tnq saho good luck

  19. harris

    Thanks bro sub ekata

  20. Kanchaka

    Thanks bro

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Thilesh De Silva

    Thank you very much for the subtitle

  23. mindika

    Thanks !!!!!!!!

  24. D.Chamara

    bohoma sthuthi sahoo

  25. nishannw

    ස්තුතීයි

  26. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  27. melinda

    thank you

  28. Tharindu07

    Thank you machoo....!!! Supiri wedak...!!! Jayaweva....!!!

  29. Pramukmili

    Thanxx bro.

  30. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥