Watch Trailer

Fringe [S04 : E12] Sinhala Subtitles | වෙස්ට්ෆීල්ඩ් වලට සාදරයෙන් පිලිගනිමු.. [සිංහල උපසිරසි සමඟ]

12 අරගෙනයි ආවේ. පසුගිය කොටසින් දකින්න ඇතිනේ දේව දූතයෙක් වෙන හැටි. දුක්ඛිත ඉරණමකට මුහුණු පාලා, සදාකාලිකව විඳවන්න වෙන මිනිස්සු හොයා හොයා එයාලට වේදනා රහිත, ක්ෂණික මරණයක් ලබා දෙන එක තමයි ඝාතකයාගේ අරමුණ වුනේ. ඔහුට තිබුන හැකියාවත් නිරීක්ෂකයන්ට තියන හැකියාව වගෙයි. එකම වෙලාවේ අතීතය, වර්තමානය සහ අනාගතය දකින…

12 අරගෙනයි ආවේ. පසුගිය කොටසින් දකින්න ඇතිනේ දේව දූතයෙක් වෙන හැටි. දුක්ඛිත ඉරණමකට මුහුණු පාලා, සදාකාලිකව විඳවන්න වෙන මිනිස්සු හොයා හොයා එයාලට වේදනා රහිත, ක්ෂණික මරණයක් ලබා දෙන එක තමයි ඝාතකයාගේ අරමුණ වුනේ. ඔහුට තිබුන හැකියාවත් නිරීක්ෂකයන්ට තියන හැකියාව වගෙයි. එකම වෙලාවේ අතීතය, වර්තමානය සහ අනාගතය දකින්න ඔහුටත් පුලුවන් වුනා. ඔහු මැරුනම ඔහු සතුව තිබුන අවිය නිරීක්ෂකයෝ ඇවිත් ගත්තා. එතනදි ඒක සැප්තැම්බර්ගෙ (නිරීක්ෂකයගේ නම) කියලා අඳුන ගත්තා. මේ කියන සැප්තැම්බර් තමයි මේ කාල රාමුවෙ පුංචි පීටර් විලේ ගිලුන වෙලාවෙ බේරන් නැත්තෙත්. පීටර් බිෂොප් ආයිත් ඇවිත් කියලා නිරීක්ෂකයෝ කතා වුනා. ඒ වගේම සැප්තැම්බර්, ඔලිවියාට කිව්වා එයාට මැරෙන්න වෙන බව. ඉස්සරහට මොනවා වෙයිද කියලා අනුමානයක් කරන්නවත් බැරි පාටක් පේන්නෙ.

ඒ අතරේ නීනායි, ජෝන්ස්නුයි කූට සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පැහැදිලියි. ඒත් ඒ මොකක්ද අපි තාම දන්නෙ නෑ. මොකක් නමුත් ඒකට ඔලිවියාව අවශ්‍ය වෙන බව නම් පැහැදිලියි.

අද කොටසෙදි බලාගන්න පුලුවන් වෝල්ටර් හිර වෙලා හිටපු පර්යේෂණාගාරෙන් එලියට ඇවිත් ගැටළුවක් විසඳන හැටි. ඒ වගේම ඔලිවියාගෙ ලොකු අමුත්තකුත් දකින්න ලැබේවි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,439 downloadsDownload Fringe-S04-E12.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,439 downloadsDownload Subtitles27 KB

9 comments

  1. Ishara Eranda

    thanks......

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Anonymous

    Thnks

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. Dushan Tharuka

    Thanks for sub

  6. Kavinu

    සබට තුති වේවා
    ❤️

  7. indika75

    thanks..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!