Watch Trailer

13 Reasons Why [S04 : E04] Sinhala Subtitles | කඳවුරු ජරමර! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 13 RW හතරවන වගේම අවසන් කතා සමයෙ 4 වෙනි කතාංගයෙ සිංහල උපසිරැසිය අරගෙන ආවා. ඇත්තටම මට කලින් කතා සමයත් බලන්න උනේ නැහැ ඉතිං ලොකු විස්තරයක් දෙන්න විදිහක් නැහැ මට, ඒ වගේම මෙවර කතා මාලාවෙත් එපිසෝඩ් එකක් කරන්නෙ චාමර මාව මේකට ඇදලා ගත්ත නිසා. එහෙනම් මම මේ කොටසෙ සිද්දවෙන දේ ගැන පොඩ්ඩක් කියලා ලිපිය…

ඔන්න එහෙනම් 13 RW හතරවන වගේම අවසන් කතා සමයෙ 4 වෙනි කතාංගයෙ සිංහල උපසිරැසිය අරගෙන ආවා. ඇත්තටම මට කලින් කතා සමයත් බලන්න උනේ නැහැ ඉතිං ලොකු විස්තරයක් දෙන්න විදිහක් නැහැ මට, ඒ වගේම මෙවර කතා මාලාවෙත් එපිසෝඩ් එකක් කරන්නෙ චාමර මාව මේකට ඇදලා ගත්ත නිසා. එහෙනම් මම මේ කොටසෙ සිද්දවෙන දේ ගැන පොඩ්ඩක් කියලා ලිපිය අවසන් කරන්නම්.

මේ වෙනකොට බ්‍රයිස් මැරුන කාරණේ හැමෝම දන්න දෙයක්නෙ ඒ වගේම තමා මොන්ටිගෙ සිද්දියත් හැමෝම දන්නවා. ඉතිං තාම බ්‍රයිස්ව මැරුවෙ කවුද කියන එක අභිරහසක් මම හිතන විදිහට. මේ වෙනකොට ලීබර්ටි උසස් පාසලෙ හැමෝගෙම ජීවිත විවිධ අයුරින් වෙනස් වෙලා තියනවා. ජෙසිකා, ක්ලේ, ජස්ටින් ඇතුලු හැමෝම මොකක් හෝ දෙයක් නිසා හිත යටින් විදවන තත්ත්වයට පත්වෙලා තියනවා. විශේෂයෙන්ම ක්ලේ. ඒ වගේම මේ කොටස වෙන් වෙලා තියෙන්නෙ සීනියර් කෑම්පින් ට්‍රිප් එකකට. හැබැයි මේ ට්‍රිප් එකේදි ක්ලේට වගේම ගොඩක් දෙනෙක්ට අත්භූත දෙයක් සිද්දවෙනවා. මොකක්ද නැත්නම් කවුද මෙහෙම කරන්නෙ කියන්න හිතාගන්න බැරුව යනවා. ඒ වගේම තමා නොහිතපු විදිහට ඊමේල් එකක් ලැබෙනවා හැමෝටම පාපෝච්චාරණයක් සම්බන්ධව කියලා. එහෙනම් මේ හැමදෙයකටම වගකිව යුත්තා සොයා යන්න මේ කොටසත් නරඹන්න ආරාධනා කරන ගමන් මම සමු ගන්නවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.

ජය වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

5,351 downloadsDownload 13-Reasons-Why-S04-E04.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

5,351 downloadsDownload Subtitles37 KB

6 comments

  1. Anonymous

    ✌❤️

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Pasindu Madumal

    සබට තුති සහෝ ❤️

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. MAALNATH

    Thanks ................good luck .............