Watch Trailer

Fringe [S04 : E18] Sinhala Subtitles | ජෝන්ස්ගේ තවත් දස්කම් [සිංහල උපසිරසි සමඟ]

කැප්ටන් ලී මැරුනා නේද? ඒ වෙලාවේ නම් ඇත්තටම දුක හිතුනා. දැන් ඉතින් නියෝජිත ලී ට එයාගේ අසහාය හවුල්කාරයා රොබර්ට් නැති වුනා වගේම තමයි බොලිවියාට එයාගේ කල්‍යාණ මිත්‍ර හවුල්කාරයා කැප්ටන් ලී නැති වුන එකත්. මේ දෙන්නාම දැන් වේදනාවෙන් ඉන්නේ තමන්ගේ හවුල්කාරයෝ ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්ගේ ගොදුරු බවට පත් වුන එක ගැන.…

කැප්ටන් ලී මැරුනා නේද? ඒ වෙලාවේ නම් ඇත්තටම දුක හිතුනා. දැන් ඉතින් නියෝජිත ලී ට එයාගේ අසහාය හවුල්කාරයා රොබර්ට් නැති වුනා වගේම තමයි බොලිවියාට එයාගේ කල්‍යාණ මිත්‍ර හවුල්කාරයා කැප්ටන් ලී නැති වුන එකත්. මේ දෙන්නාම දැන් වේදනාවෙන් ඉන්නේ තමන්ගේ හවුල්කාරයෝ ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්ගේ ගොදුරු බවට පත් වුන එක ගැන.

ඉතින් කේනන් කියන්නේ මුහුණු මාරු කරන්නෙක් වුනත් හොඳ කෙනෙක්. එයාට ඕන වුනේ විශේෂ කෙනෙක් වෙන්න, වීරයෙක් වෙන්න. ඒකට ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්ගේ උදව් නොලැබෙන බව හොඳටම පැහැදිලි නිසා කේනන් වෝල්ටර් ගාවට ගියා. වෝල්ටර් හරි සතුටින් ඉන්නේ එයාට පණපිටින් ඉන්න මුහුණු මාරු කරන්නෙක් අධ්‍යයනය කරන්න ලැබෙන නිසා. ඔය අතරේ කේනන් මාර්ගෙන් මුහුණු මාරු කරන්නොන්ගේ ලුහු බැඳුම් පුවරුව හොයා ගන්න නියෝජිත ලින්කන්ට පුලුවන් වුනා. සේරටම කලින් කර්නල් බ්‍රොයිල්ස් අල්ල ගත්තේ නැති වුනොත් තවත් විනාසයක් වෙයි වගේ නේද? කැප්ටන් ලී මැරුන නිසාත්, මුහුණු මාරු කරන්නො ගැන තොරතුරු සමුදායක් හොයා ගත්ත නිසාත්, නියෝජිත ලී තීරණේ කරා ඒ පැත්තට වෙලා ටික කාලයක් බොලිවියාට උදව් කරන්න. කොහොමත් ඔලිවියා, පීටර් දෙන්නා ඉන්නකල් අනිත් පැත්තට ප්‍රශ්නයක් වෙන්නැති බව රහසක් නෙවේනේ. හැම වෙලාවෙම විශ්වයන් දෙක සමබර වුනේ එක පැත්තක ඔලිවියා-පීටර්, අනිත් පැත්තේ බොලිවියා-ලින්කන් ඉද්දී.

අද කොටසින් බලාගන්න පුලුවන් ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්ගේ තවත් දස්කම් කීපයක්. වැඩේ නම් එන්න එන්න නරක අතට හැරෙනවා. අපි බලමු මේ පාරත් විශ්වයන් දෙක බේරෙයිද කියලා.

නැවත හමුවෙමු. ආයුබෝවන්!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,626 downloadsDownload Fringe-S04-E18.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,626 downloadsDownload Subtitles25 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. indika75

    thanks..

  3. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  4. Anonymous

    Thanks

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!