Watch Trailer

Narcos [S03 : E05] Sinhala Subtitles | වරදට දඩුවම [සිංහල උපසිරැසි] [18+]

කලින් කොටස තමයි Narcos තුන්වෙනි කතාසමයෙ හොදම සංදිස්ථානය වුනෙ. මොකද ප්‍රධාන කාටෙල් නායකයින් හතරදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත්තා. පොඩ්ඩක් මුල් කතාසමයන් දෙකේ ප්‍රධාන චරිතය වූ පැබ්ලෝ එස්කොබාර් ගැන මතක් කලොත් එයාව අලගන්න සම්පුර්ණ කොටස් විස්සක් පුරාවටම අපිට බලාගෙන ඉන්න වුනා. ඒත් කාලි කාටෙල් එකේ ප්‍රධා…

කලින් කොටස තමයි Narcos තුන්වෙනි කතාසමයෙ හොදම සංදිස්ථානය වුනෙ. මොකද ප්‍රධාන කාටෙල් නායකයින් හතරදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත්තා. පොඩ්ඩක් මුල් කතාසමයන් දෙකේ ප්‍රධාන චරිතය වූ පැබ්ලෝ එස්කොබාර් ගැන මතක් කලොත් එයාව අලගන්න සම්පුර්ණ කොටස් විස්සක් පුරාවටම අපිට බලාගෙන ඉන්න වුනා. ඒත් කාලි කාටෙල් එකේ ප්‍රධාන නායකයින්ගෙන් කෙනෙක් වෙච්චි ගිල්බර්ටෝ රොද්‍රිගෙස්ව අල්ලගන්න ගත වුනෙ කොටස් හතරක් විතරයි. වැඩේ තවත් පහසු වුනෙ බොහො දෙනෙකුගේ උදව් ලැබුන නිසයි.

කාලි කාටෙල් එකෙන් සල්ලි අරගෙන ක්‍රියාත්මක වෙන පොලිසියක් එහෙ තිබුනෙ. ප්‍රධානියා වෙච්ච කැල්ඩෙරෝන් ඇතුළුව සෙසු නිලධාරින් හැමෝම වගෙ කාටෙල් එකට හුගක් ලැදි අය විදිහට හදුනාගන්න ලැබුනෙ. පෙන්යා කැල්ඩෙරෝන් ඇතුළු තවත් පිරිසක් අරන් ගිහින් ගිල්බර්ටෝ රොද්‍රිගෙස්ව බොරු ලිපිනෙකට අදාල තැනක හොයද්දි මස් ට්‍රක් එකකින් පරණ සහයක කර්නල් මාර්ටිනෙස් වගේම තවත් පිරිසක් එක්ක ගිල්බර්ටෝ රොද්‍රිගෙස් හිටිය ඇත්තම තැනට ගිහින් සෝදිසි කෙරුවා. පෙන්යා ගිය තැන ගිල්බර්ටෝ හිටියෙ නැති නිසා එයා කට්ටියවත් අරං ඇත්තම ලිපිනය තියෙන තැනට ආවා. ඒ වෙද්දී කැල්ඩෙරෝන්ට වැඩේ තේරෙන්න අරන් තිබුනෙ. නමුත් එයාට විරුද්ධත්වයක් පෙන්නන්න කිසිම අවස්තාවක් ලැබෙන්නෙ නැහැ. ගිල්බර්ටෝ හොයන වැඩේට පෙන්යා එකතු වුනත් හරි එයාටම ගිල්බර්ටෝව හොයාගන්න ලැබෙනවා. මේ දේවල් සිද්දවෙන අතරේ කැල්ඩෙරෝන් මේ ගැන කට්ටියට දැනුම් දෙන්න කියලා හිතාගෙන වාහනේකින් එතනින් පැනලා ගියා. සෑහෙන ලොකු වෙහෙසක් දීලා ගිල්බර්ටෝ රොද්‍රිගෙස්ව අල්ලගෙන සිරබාරයට ගේනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නෙ නවක ජනාධිපති එර්නෙස්ටෝ සැම්පර් පත්වෙන්න කලින් කාලි කාටෙල් එකෙන් රජයත් එක්ක ගිවිසුමක් ගහලා තියෙනවා ලොකු හානියක් ඇති නොවෙන විදිහට.

ඔය කියන ගිවිසුම මොකක්ද, එතකොට ඕක ඇත්තටම කාලි කාටෙල් එකේ අයට ලබාගන්න වෙයිද කියන කාරණාව අද කොටසින් දැකගන්න ලැබෙනවා. කාලි කාටෙල් එකේ අය ඇති කරන ප්‍රචණ්ඩත්වය නිසාම ඒ පැත්තෙ කෙනෙක් තීරණය කරනවා DEA එකට උදව් කරන්නත්. මොකද වෙන්නෙ කියලා බලලම ඉන්නකො එහෙනම්.

ගිහින් එන්නම්. ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

9,794 downloadsDownload Narcos-S03-E05.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

9,794 downloadsDownload Subtitles32 KB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Pramukmili

    Thanx bro................

  3. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  4. Chandima Prasad

    Thanks.....

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Bimbisha Adithya

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  7. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...