කොහොමද යාළුවනේ, ඔන්න බයිස්කෝප් එකේ සියළුදෙනාම වගේ එකතු වෙලා කරන මේ දැවන්ත වැඩේට මමත් පුංචි දායකත්වයක් දෙන්න හිතුවා. 24 ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මම පුංචි කාලේ ඉදන්ම බලපු සුපිරිම කතා මාලාවක් තමයි මේක. ඔයාලා හැමෝම 24 ගැන ඕනාවටත් වඩා දන්නවනේ. මේක කතා මාලා 9ක් තිබුනත් ඒ නමයම කිසිම කම්මැලි…
කොහොමද යාළුවනේ,
ඔන්න බයිස්කෝප් එකේ සියළුදෙනාම වගේ එකතු වෙලා කරන මේ දැවන්ත වැඩේට මමත් පුංචි දායකත්වයක් දෙන්න හිතුවා. 24 ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මම පුංචි කාලේ ඉදන්ම බලපු සුපිරිම කතා මාලාවක් තමයි මේක. ඔයාලා හැමෝම 24 ගැන ඕනාවටත් වඩා දන්නවනේ. මේක කතා මාලා 9ක් තිබුනත් ඒ නමයම කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන්. එක එපියක් ඉවර උණාම අනිත් එපිය බලනකන් ඉන්න බැහැ. ඒ තරමටම කුතුහලයෙන් පිරිලා තියෙන්නේ. මම නම් මේක දිවා රෑ නැතිව බලලා තමයි ඉවර කලේ. ඉතිං ඒ වගේ සුපිරි කතා මාලාවකට පුංචි හරි දායකත්වයක් ලබා දෙන්න පුළුවන් වීම ගන මම ගොඩක් සතුටු වෙනවා.
එහෙනම් දෙවනි දවසේ ප.ව.6.00ත් 7.00 ත් සිදුවීම් පෙල තමයි මේ එපියෙන් විස්තර වෙන්නේ. හැමෝටම මතක ඇති පසුගිය කතාවේදී නීනා මයර්ස්, ජැක් බවර්ව අල්ලගෙන ජනාධිපතිතුමාගේ සමාව ගන්න හැදුවා. එයා කරපු වැරදි වලට සහ කරන්න යන වැරදි වලට. ඒත් ඉතිං ජැක් කොහොම හරි ඒකෙනුත් බේරුණානේ. ඒ වගේම ජනාධිපති පාමර් දැනගත්තා එයාගේ කාර්යමණ්ඩලය ඇතුලේම මේ සිද්ධියට සම්බන්ධ කුමන්ත්‍රණකාරයෙක් ඉන්නවා කියලා. ඒ තමයි NSA ඒකේ ලොක්කා. දැන් ජනාධිපති පාමර් හදන්නේ NSA ඒකේ ලොක්කා රොජර් ස්ටැන්ටන්ව අත්අඩංගුවට ගන්න. ඒ වගේම සයීඩ් අලි කේට් වෝනර්ව අල්ලගෙන ගිහිල්ලා එයාට වද දීලා එයාගෙන් ප්‍රෂ්ණ කරනවනේ. වාසනාවට වගේ කේට්ව මරන්න හදනකොටම වගේ ජැක් ඇතුළු පිරිස ඇවිත් එයාව බේරගන්නවනේ.
අද කතාව පැත්තට හැරෙමු එහෙනම්. අද කතාවේ කේට් වෝනර් ලොකු දායකත්වයක් ලබාදෙනවා ජැක්ගේ සයීඩ් අලීව අල්ලගන්න යන මෙහෙයුමට. ඒ වගේ රෝජර් ස්ටැන්ටන් අත් අඩංගුවට ගැනීමත් එයාගෙන් ප්‍රෂ්ණ කිරීමත් සිදු වෙනවා. එහෙනම් බලන්නකෝ ජැක්ට සයීඩ් අලී අල්ලගන්න පුළුවන් වෙයිද කියලා.
එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
ec69ff95e26083a0c48c9efa06668739b4006e45124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,601 downloadsDownload 24.S02E11.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Sureni-Athurugiri.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
20 comments
SRK
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)නලින්
ස්තුතියි සුරේනි අක්කා!
ජය වේවා!
parasa
සුරේනී ස්තූතියි සහෝදරිය.
ජය වේවා.
12 ඉක්මනටම බලමූ.............Sisira Hegoda
Thanks.
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
sajeevi
thanks
වරුණ රංගජිත් (වරූ)
thanks
dedunu- yatalamatta
සුරේනී ස්තූතියි,
ජය වේවා.Nishshanka Ruwan
ස්තූතියි :)
ඉසු ඩිපි (Isu DP)
නියමයි සහෝ.. :-D
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) ;-)ඉසු ඩිපි (Isu DP)
සහොදරි විය යුතුයි.
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න මමත් සබ ගත්තා
සුරේනි අක්කේ සබට තුති ජය.!!“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය…………..Tharindu Perera
elazzz ahhh...
thanks machan sub ekatahhh.....kesiri
thanks for subbbbbbb
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි :P ජය
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Anonymous
East or west Sureni is the Best.
හාල්පරුවන්ගේ සබ් එක්ක බලලා එපා වෙලා හිටියේ කලින් එපි ටික. ගොඩක් පින් සුරේනි අක්කා. :*
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S02: E11] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/24-s2-3.jpg)
නියමයි මේක එනකම් තමයි බලන් හිටියෙ.සබට තුති