හොඳයි ඔන්න එහෙනම් මමත් 24 කතාමාලා ව්‍යාපෘතියට මගේ දායකත්වය දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම බයිස්කෝප් සිංහලෙන් අඩවියේ මූලිකත්වයෙන් තොරව, එහි උපසිරැසි කරුවන් කිහිප දෙනෙක් මූලිකත්වය අරගෙන කරපු ප්‍රමාණයෙන් බැරෑරුම්ම ව්‍යාපෘතිය මේකයි කියලා කිව්වොත් මම හිතන්නෙ වඩා නිවැරදියි. මීට කලින් අපේ සමීර කරුණාරන්…

හොඳයි ඔන්න එහෙනම් මමත් 24 කතාමාලා ව්‍යාපෘතියට මගේ දායකත්වය දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම බයිස්කෝප් සිංහලෙන් අඩවියේ මූලිකත්වයෙන් තොරව, එහි උපසිරැසි කරුවන් කිහිප දෙනෙක් මූලිකත්වය අරගෙන කරපු ප්‍රමාණයෙන් බැරෑරුම්ම ව්‍යාපෘතිය මේකයි කියලා කිව්වොත් මම හිතන්නෙ වඩා නිවැරදියි. මීට කලින් අපේ සමීර කරුණාරන්ත සහෝ ජේම්ස් බොන්ඩ් වගේ ව්‍යාපෘති වලටත්, අඩවිය විසින් නිරන්තරයෙන් වෙනස් වෙන IMDB TOP වගේ ව්‍යාපෘති වලට අත ගැහුවත්, මේක ඊට වඩා සුවිශේෂ සෘජුව අඩවියේ දායකත්වයක් නැති වෙච්ච කොටස් 194 ක දැවැන්ත වැඩක්. ඉතින් මේ ව්‍යාපෘතියේ ගුණ දොස්, හොඳ නරක ගැන හොඳම තක්සේරුව දෙන්න පුළුවන්, මේක මෙතෙක් බලපු හා ඉදිරියට බලන ඔයාලටමයි. ඒ හින්දම ඒ ගැන මම කිසිත් කතා නොකර ඉන්නම්.
ඉතින් ඒ වෙනකොට උපසිරැසිකරණය ගැන කිසිම අත්දැකීමක් නැතුව මේ වැඩේ කරමු කියලා යෝජනා කරපු අසේල ඉශාන් සහෝටත්, මේ ව්‍යාපෘතිය වෙනුවෙන් දක්වන සහයෝගයක් වශයෙන් පළමු අදියරේ අඩු පේළි ගණනක එක් කොටසක් පමණක් කරලා දෙන්න කියලා පිළිතුරක් දෙනකම්ම ඇවටිලි කරපු, එහෙත් ඒ වෙනුවට පස් වෙනි අදියරේ මුල් කොටස් පහ ස්ථිර වශයෙනුත්, ඉතිරිවා නොනිල වශයෙනුත් බාරගත්තාට පසු කිසිම විටෙක වැඩේ වෙනවාද නැද්ද යන්නවත් මගෙන් නොඅසපු අංජන සහෝටත්, දැනට මේ කතාමාලාවේ බර කරට අරගෙන වෙහෙසවෙන ගයාන් රූකාන්ත සහෝටත් මම මුලින්ම ස්තූති කරන්න කැමතියි. 🙂 ඔන්න කොහොමින් කොහොම හරි මම ඔයාල වෙනුවෙන් මේ සුපිරි කතා මාලාවේ මුළු පස් වෙනි අදියරම මගෙන් ඔබට ලැබේවි.
24 කතා මාලාව මම මුලින්ම බැලුවේ සිරස රූපවාහිනී නාලිකාවේ යනකොටයි. මුල් අදියරේ ඉඳන්ම බොහොම ආශාවෙන් සතියකට සැරයක් මේකට වහ වැටිලා බලාගෙන හිටපු එක අකමැත්තෙන් නතර කරන්න සිද්ධ වුණේ එක පාරම මේ කතා මාලාව MTV නාලිකාවට ගෙනිච්චහමයි. අපි උන්නෙ එච්චරම වන්නියක නොවුණත් බට දෙකක් පුරුද්දලා හදල තිබ්බ අපේ V අකුරේ ඇන්ටනාවට (ඒ කාලේ ඉතින් අපි කිව්වෙ එහෙමයි) MTV පැහැදිලිව ඒ කාලේ පෙනුන් නෑ. ඉතින් මහරාජා සංවිධානයේ හත්මුතු පරම්පරාව මතක් කරමින් ඒ කාලේ ඒකට සමුදීලා ඒ හිඩැස පිරිමහ ගත්තෙ පස්සෙන් පහු අන්තර්ජාලයෙන් සම්පූර්ණ අදියර 8 ම බාගත කරගෙන DVD වලට ගහගෙනයි. 😛 කොහොමහරි මේ පස්වෙනි අදියර මතකයේ සෑහෙන හොඳින් සටහන් වෙච්ච එකක්. ඒකට හේතුව වුණේ මම බොහොම ආශාකරපු චරිත 2-3 ක් ම මේ කතාමාලාවෙදි අයින් කරලා දාන්න අධ්‍යක්ෂකවරුන් තීරණය කරපු නිසයි. ඒ ගැන ඉතින් අපි කතාව අතර මැද්ද ආපහු කතා කරමුකෝ. ඒ වගේම මේ කතා සමය හෙවත් පස්වැනි දිනය වඩාම පැසසුමට ලක්වෙච්ච කතා සමය ලෙස සැලකෙනවා. කතා මාලාවේ ඉහළම ශ්‍රේණීගත කිරීමක් ලබමින් එමි සම්මාන 12 කට නිර්දේශ වී ඉන් නාට්‍ය අංශයේ හොඳම කතා මාලාවට හිමි සම්මානය ඇතුළු සම්මාන පහක් දිනාගන්න එය සමත්වුණා. එහෙනම් වෙන කතා නවත්වලා දැන් හැරෙමු කතාව දිහාට..
අර කවුදෝ කියන්නා වගේ ජැක් බවර් කියන්නෙ අමුතු හාදයෙක්. ඇමරිකාවට එල්ල වෙන ඕනම තස්ත්‍රවාදී තර්ජනයක් හෝ තර්ජන මාලාවකින් ඇමරිකාව ගලවගන්න මිනිහට යන්නෙ හරියටම පැය 24 යි. හැබැයි නමවෙනි එකේදී නම් එංගලන්තෙ සිද්ධ වෙච්ච හින්දද මන්දා ගියේ පැය 12 යි. ඔය පැය 24 ඇතුලේ මිනිහා රට වෙනුවෙන් නොකරන ඉලව්වක් නෑ. මැරුම් කාලා හරි මිනිහා වැඩේ ගොඩ දානවා. සමහර වෙලාවට හොඳ කරන්න ගිහින් මෙයා රටේ සතුරෙක් වෙන වෙලාවලුත් තියෙනවා නොවැ. හැබැයි කොහොමින් කොහොම හරි අපිට නම් එතරම්ම මිනිහගේ ප්‍රශ්න කරන ක්‍රම නම් නුහුරු නෑ. මොකද අර අහවල් සාගරේ අහවල් අමුතු රටේ පොලිසියත් ඔයිට හපන් ක්‍රමලුනේ අනුගමනය කරන්නේ. ඊට පස්සෙ ඉතින් හැංගි මුත්තං වගේම පීනන්නත් උගන්නවනලුනේ. එහෙම ගත්තහම මේ හාදයා එච්චරම දරුණුත් නැද්ද මන්දා. ඉතින් අද ඉඳන් මම මිනිහට කියන්නෙ “දවසේ හාදයා” කියලයි ඔන්න. 😛 ඇමරිකාවට මේ වගේ බුවාලා තුන් දෙනෙක් උන්න නම් හෙම ඔන්න බලන්න තිබ්බා අර අර්බුද මේ අර්බුද විසඳන හැටි.
බයිස්කෝප් ඇරෝ කොලුවා ගෙනාව හතරවෙනි අදියරේදී මේ “දවසේ හාදයට” බොහොම ලොකු අපලකාරී තත්වයක් උදා වෙච්ච බව බලපු අය දන්නවනේ. අර චීන තානාපති කාර්යාලයේ නටපු නාඩගම අතේ පත්තු වෙලා චීන්නු දවසේ හාදයව එයාලට බාර දෙන්න කියලා තදින්ම ඉල්ලීම් කරනවා. ඉතින් ඒකෙදි වැඩ බලන ලොක්කා විදියට උන්න ලෝගන් එහෙම දෙන්නම තමා හදන්නේ. ඊටත් හපන් එයාගේ ආරක්ෂක ලොක්කා විදියට උන්න “කපටි කමින්ග්ස්” රහස් පිටවෙන එක වළක්වන්න දවසේ හාදයව චීන අත් අඩංගුවෙදි මරන්නත් ගැටේ ගහනවා. ඒත් මේ ඔක්කොම “මයික් ගොයියා” ගෙන් දැනගන්න හිතහොඳ පාමර් ලොක්කා” මේක “දවසේ හාදයට” කියලා සැලැස්මක් ගහනවා දවසේ හාදයගේ ජීවිතේ බේරගන්න. ඒකට අනුව දවසේ හාදය මැරුණ විදියට ගුලිය අඹරලා අලුත්ම ජීවිතයක් වහංවෙලා පටන් ගන්න “දවසේ හාදයා” පිටත් වෙනවා.
හැබැයි මේ රහස දන්නෙ, “හිතහොඳ පාමර් ලොක්කයි”, “කෙසඟ ටෝනියි”, “මිෂෙල් කෙලීයි”, “වලියට බර ක්ලෝවියි” විතරයි. දැන් ඕක වෙලා මාස දහ අටක් නැත්තම් අවුරුදු එකහමාරකට පස්සෙ ඉඳන් තමා අද කතාව පටන් ගන්නේ. එහෙනම් බලන්නකෝ මෙදාපාර “දවසේ හාදයට” ආපහු වැඩ පෙන්වන්න වෙන්නෙ මොකක් හින්දද කියලා. එහෙනම් හෙට දිහා ආපහු හම්බවෙමු…. මතු සම්බන්ධයි හොඳේ….341
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,760 downloadsDownload 24.S05E01.baiscopelk.zip133 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
20 comments
Chathura
ගයාන් රූකාන්ත
එල එල සබට බොහොම තුති රොයිලි අයියේ.
දැන්මම නම් මේ සීසන් එක බලන්න වෙන්නේ නැ
සබ් ටික ඔක්කොම එකතු උනහම එකටම බලලා දානවා
ජය!! :P :Pතිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Chanaka
සබ් එකට බොහොම ස්තුතියි
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!Sisira Hegoda
Thanks.
Asel
Niyami Roily Aiyee
Supiri Lipiyak
Jaya Wewa !!!තාරක
රොයිලි ගේ වැඩක් නම් ඉතින් එකේ ආයේ හොදක් මිසක් නරකක් නෑනේ.
බොහොම ස්තුතියි!sajeevi
තෑන්ක්ස් සබට.
අපොයි රොයිලි, tv එකේ 24 බලපු මටත් උනේ ඕක තමා.
MTV නිසා මාත් 24 අතෑරියා.
මුල් සීසන් 4 බලලා තිබුණ නිසා සබ් ගත්තා විතරයි.
දැන් ඉතින් සීසන් 5 ඉදලා ඩවුන්ලෝඩ් කරන්න ඕන.Kulanjana Maduranga
niayamai…thanks ROILY saho..sub ekata..Digatama sub demu.jaya wewa……
R.D
Kattiya set wela kohomahari wade goda dagani wage ......
me season eka eka digatama deela iwara karanda puluwan wenda oneeeeee........
Good Lucktikiri
අර කියන්නත් වගේ ලිපිය රසවත් ඔක්කොටොම වඩා.....ලිපිය මෙහෙම නම් උපසිරසි කොහොමට ඇත්ද ...හොද හොද වචන දාල ඇති ...නියමයි ලොක්ක ජය වේවා ....
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මමත් පුංචි සන්ධියේ කතාව උඩින් පල්ලෙන් බැළුවා නම් තමයි.
ඒ කාලේ අපිට තිබුණේ කලුසුදු TV එකක්.
මම කිරිසප්පයා වුනත් මට නම් කතාව අල්ලලා ගියා.අන්තිමේදී කොහොමින් හරි කතාව බලන්නම බැරුව ගියා.
දැන් තමා ඒක බලන්න කාලේ උදා වෙලා තියෙන්නේ.
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.නලින්
ස්තුතියි රොයිලි අයියේ.. ජය වේවා!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
“චූටී මල්ලි”
මේ සීසන් එකගැනනම්
කට්ටිය කවුරුත් බයවෙන්නකාරුයක් නෑ
ඕන්
රජාගෙ වැඩක්නෙ
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මමනම් කියන්නෙ රොයිලියෝ
ඔයා බ්‍රෙකින්ග් බෑඩ් එක ගැනත් පොඩ්ඩක්
අවධානය යොමුකරන්න කියලා
මෙතෙක් ආපු හොද කතාවක් නොවැ
සබට තුති
ඔබට ජය.............Bobby
Thanks guys.
Randika
දිගටම මේ වගේ හොද නිර්මාණ අරගෙන එමු,
සබ් එකට ගොඩක් ස්තූතියි,
ජයවේවා!asklanka
අැත්තටම ජැක් අමුතු හාදයෙක් නෙමෙයි. ජැක් පැය 24න් ෙගාඩ දානවා නෙමෙයි. ත්‍රස්තාවාදියෝ හරි ඉක්මනට වැඩේ ඉවර ෙවන්න පැය 24කින් ඉවර ෙවන්න ප්ලෑන් කරන නිසා ජැක්ට පැය 24ක් අැතුලතම වැඩේ ෙගාඩ දාන්න ෙවනවා ෙන්.. ස්තුතියි.. උපසිරැසි වලට.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ලිපිය නම් කියල වැඩක් නැ. මල් 7 යි. බාගෙන බලාගෙන හිටියෙ සබ දෙනකන්. එල එල