Watch Trailer

3% [S02 : E01] Sinhala Subtitles | කෝස් එකද, ක්‍රියාවලියද? [සිංහල උපසිරසි සමඟ]

ලෝකය හරි පුදුමාකාර තැනක්. එක එක කාලෙට වෙනස් වෙනස් දේවල් වෙනවා. ඒක අපි හැමෝම දන්න දෙයක්. ඒත් කවදාවත් මිනිස්සු දෙපැත්තකට බෙදලා තිබිලා තියෙනවද? දැන් තියෙන ධනවාදී, නිර්ධන පන්ති නෙමෙයි මම මේ කියන්නේ. එහෙම දෙපැත්තකට බෙදුවොත් කොහොමද හිතාගන්න බැරි විදිහකට බෙදුනොත් පෝෂණීය ප්‍රදේශයක් හා පිටිසර පැත්තක් විදිහට…

3% (TV 2016)

ලෝකය හරි පුදුමාකාර තැනක්. එක එක කාලෙට වෙනස් වෙනස් දේවල් වෙනවා. ඒක අපි හැමෝම දන්න දෙයක්. ඒත් කවදාවත් මිනිස්සු දෙපැත්තකට බෙදලා තිබිලා තියෙනවද? දැන් තියෙන ධනවාදී, නිර්ධන පන්ති නෙමෙයි මම මේ කියන්නේ. එහෙම දෙපැත්තකට බෙදුවොත් කොහොමද හිතාගන්න බැරි විදිහකට බෙදුනොත් පෝෂණීය ප්‍රදේශයක් හා පිටිසර පැත්තක් විදිහට. ඒ වගේම ඒ පෝෂණීය පැත්තට යන්න පිටිසර පැත්තේ ඉන්න හැම කෙනෙක්ටම ජීවිතේ එක අවස්ථාවක් හම්බු වෙනවා නම් ඒක කොහොම තියේද? අපි තව මෙහෙම කිව්වොත් ඒ තෝරගන්න අය තෝරගන්නේ අවුරුද්දකට එක සැරයක් විශේෂ වූ ක්‍රියාවලියකින් සමත් වෙන අය විතරක් නම් ඒ අනුව ඒ අපේක්ෂකයින්ගෙන් 3% විතරක් නම් ඒ පෝෂණීය ප්‍රදේශයට යන්නේ කොහොම තියේද? ඒ ක්‍රියාවලියට අවුරුද්දක් පාසා අපේක්ෂකයින් විදිහට තෝරගන්නේ අවුරුදු 20ක් වෙන අය විතරයි නම්, කොහොම කොහොම දේවල් එතකොට වෙයිද? පිටිසර පැත්තේ දුක්ඛිත දිළිදු ජීවිත ගෙවන අයගේ එකම අභිප්‍රාය ආහාර, තාක්ෂණය, සැප පහසු කම් මේ හැම දෙයක්ම තියෙන පෝෂණීය පැත්තට යන්න නම් එතන මොනාද වෙන්න බැරිද? එතකොට මේ පෝෂණීය පැත්තට විරුද්ධව වැඩ කරන සංවිධානයක් තිබ්බොත් ඒක තවත් රසවත් වෙනව නේද? ඔවුන්ගේ එකම අර්මුණ මේ ක්‍රියාවලිය නවත්තලා සැමටම එක හා සමානව ජීවිත ගෙවන්න අවස්ථාව ලබා දෙන්න නම් ඔවුන් ඒකට ඕනම දෙයක් කරනවා නම් මේ ඔක්කම එකතු වුනාම මෙතන වෙනස්ම විදිහේ දේවල් වෙන්න පුළුවන්ද? 🤔

ද්‍රෝහී වීම්, පාවා දීම්, මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බැරි වෙන අවස්තා මේකේ සුලභයි. නිකන් නෙමෙයි අති දක්ෂ රංගන ශීල්පීන්ගේ රංගන දායකත්වයක් මේකට ලැබිලා තියෙනවා. ඔවුන් ආධුනිකයින් වුනත් ඔවුන්ගේ රාජකාරිය නියමෙටම කරලා තියෙනව කියන්න පුළුවන්. මම ඒ කියපු පෝෂණීය ප්‍රදේශය තමා අක්වෙරළ, අක්වෙරළට එරෙහිව කුමන්ත්‍රණ කරන සංවිධානය තමා කෝස් සංවිධානය. ඔව් මම මේ කතා කලේ Netflix ආයතනය විසින් නිශ්පාදනය කරපු 3 Percent (3%) කියන පෘතුගීසී සිරීස් එක ගැන තමා. 😊 මුලින් මිනි සිරීස් එකක් විදිහට කළ එළි බැස්ස මේ සිරීස් එක එහි සාර්ථකත්වය නිසාම නිශ්පාදන කණ්ඩායම දෙවැනි කතා සමයට දීර්ඝ කලා. මේ සිරීස් එකේ පලවෙනි සීසන් එක විකාශය වුනේ 2016 ඒ වගේම අලුත්ම දෙවනි කතා සමය 2018.04.27 ලොව පුරා විහිදීම ආරම්භ කලා. IMDb මීටරයේ 7.5 ඉහළ අගයක් ලබාගෙන තියෙන්නේ නිකන් නම් නෙමෙයි, කුතුහලය ත්‍රාසය ආදරය හැම දෙයක්ම මේ සිරීස් එකේ තියෙනවා. පළවෙනි සීසන් එක බලපු අය දන්නවා මේකේ තියෙන විශේෂත්වය. ඒක මෙහෙම කියලා විස්තර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබයි කලින් සීසන් එකේ අවසානය වෙනකොට ඩවුන්ලෝඩ් 600 දක්වා පහළ බහින්න හේතුව නම් මට හිතාගන්න බෑ. මෙච්චර ලස්සන සිරීස් එකක් අත ඇරගන්න එපා කියලයි මම නම් කියන්නේ, දන්න විදිහට මේකේ තෙවන සීසන් එකකුත් එන බවක් තමා පේන්න තියෙන්නේ. නිකන් Netflix එකෙන් වැඩක් නැතිව එහෙම සිරීස් දික් ගස්සන්නේ නෑ කියලා දන්නව ඇතිනේ. අන්න ඒ හින්දම තමා කියන්නේ අත ඇරගන්න එපා. ඒක ඔබේ අවාසනාව. එහෙනම් මම හිතනව සිරීස් එක මුල තිබ්බ ජනතා කැමත්ත ආපහු මේකට ලැබෙයි කියලා. පෘතුගීසී එකක් හින්දා නම් මේ සිරීස් එක අත ඇරගන්නේ ඒක නම් කීයටවත් කරන්න එපා. ආයි කියන්න තියෙන්නේ එහෙම අත ඇරගත්තොත් ඒ ඔබේ අවාසනාව. 😕 මම ආපහු කියන්නේ යන්න දැන්ම ගිහින් පලවෙනි සීසන් එක බැලුවේ නැත්තම් ගිහින් බලලා එන්න, කොටස් අටයි තියෙන්නේ, පාවුවක් වෙන්නේ නෑ, ඒක බලලා දෙවනි සීසන් එකත් බලන්න, ඔබත් අක්වෙරළද පිටිසර පැත්තද තෝරගන්නේ කියලා හිතාගන්න බැරිව ලතවෙන්න ගනියි, ඒක ඇවිල්ලා වෙනම ආතල් එකක්.😜

එහෙනම් බලමු කතා සමයේ දිහා පොඩ්ඩක් හැරිලා කට්ටිය දකින්න ඇති ක්‍රියාවලිය සිදු වුන ආකාරය. ක්‍රියාවලිය වෙනකොට ඒකේ ප්‍රධානීන්ට ඕන නැ ඒ පරීක්ෂන නිවැරදිවම වෙනවා දකින්න, හොදින් හරි නරකින් හරි පරීක්ෂණය සමත් වෙනව නම් එච්චරයි. එහෙම හොදින් හරි නරකින් හරි සමත් වෙච්ච අපේ ප්‍රධාන කට්ටිය තමා මිශෙල්, රෆායෙල්, ජොඅනා, ප්‍රනාන්දු කියන අය රෆායෙල් කියන්නේ හොර කරලම ඔක්කම වගේ කරගත්ත කෙනෙක්, මිශෙල්ගේ අරමුන වුනේ මේ අක්වෙරලට ගිහින් සැපවිදින්න නෙමෙයි, ඇය හිතන් හිටියේ ඇගේ සහෝදරයා ක්‍රියාවලියේ අය මැරුවා කියල. ඉතින් ඒකේ පලිය ගන්න තමා ඇය අක්වෙරලට යන්නේ. ඒ අතරමගදි ඇය නිසා මැරුම් කෑව අයත් දකින්න ඇතිනේ, එතකොට ජොඅනා සහ ප්‍රනාන්දු අක්වෙරලට යන්න අවසාන අඩියට ගිහින් ආපහු පිටිසර පැත්තට යන්න තීරණය කරනවා ඒ මොකද අක්වෙරළේ කිසිම කෙනෙක්ට පිටිසරේ ඉන්න කිසිම කෙනෙක් ගැන උවමනාවක් කැක්කුමක් නැති හින්දා. අවසාන මොහොතේ ඔවුන්ට බොත්තමක් ඔබලා පිටිසරේ කෙනෙක්ට කරන්න කිව්ව දේ දකින්න ඇතිනේ. ඒ හින්දා ඔවුන් යනවා මේ ක්‍රියාවලිය නවත්තන්න ඕන කියලා හිතලා ආපහු පිටිසරට. කට්ටිය දකින්න ඇති රෆායෙල් වගේම මිශෙලුත් වැඩ කරන්නේ කෝස් එකට කියලා. ඒක ලොකු රහසක් වෙලා තිබ්බා අවසානය වෙනකම්, ඉතින් මිශෙල්ව අවසානයේ වද දෙනවත් දකින්න ඇති, සම්පූර්න වගකීම ඇය ගැන තිබ්බේ එසිකියෙල්ට, ඒ ඇයගේ තිබ්බ ප්‍රශ්න නිසාමයි, ඔහොම තමා පලවෙනි කතාසමය අවසන් වුනේ.

අපි බලමු එහෙනම් දෙවනි කතා සමයේ පලවෙනි කොටසේ මොනාද වෙන්නේ කියල. මේ කොටසෙදි අපිට බලාගන්න පුළුවන් මිශෙල්ට මොකද්ද වෙන්නේ කියලා. ඇයගේ සහෝදරයා ගැනත් අපිට දැනගන්න පුළුවන්. ඔහුව බේරගන්න මිශෙල්ට කෝස් එකද, නැත්තම් අක්වෙරලද කියලා තෝරගන්න වෙනවා. මේ අතර ජොඅනා දිගින් දිගටම කෝස් එකට බැදෙන්න ක්‍රමයක් හොයමින් ඉන්නව. ක්‍රියාවලිය නවත්තන්න ප්‍රනාන්දුගෙන් උදව් ඉල්ලුවත් නොලැබෙන තැන ඇය තනියෙම කෝස් එකට යාගන්න ක්‍රමයක් හොයාගන්නව, ඒ මොකද්ද, ඇයට ඒකට යන්න මොනවා කරන්න වෙයිද කියලා ඔයලම බලන්නකෝ. එසිකියෙල්ගේ ක්‍රමයන් හා යෝජනා සියල්ල මාර්සෙලා අභියෝගයට ලක් කරනවා, ඒ අතරම 105 වැනි ක්‍රියාවලියට එන්න එන්නම දින ලං වෙනකොට අක්වෙරලෙන් කට්ටියක් පිටිසරයට යවනවා. ඒ ඇයි කියලත් බලන්නකෝ. මිශෙල්ට ඒකේ කරන්න තියෙන්නේ මොකද්ද කියලත් එහෙනම් ඔයලාම බලන්න.

හරි එහෙනම් තව දෙයක් කියන්න ඕන ඒ තමයි මේ කතා මාලාවේ පලවෙනි සීසන් එකට සම්පූර්ණයෙන්ම උපසිරසි දුන්න රඛිත රණතුංග සොයුරාව මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම මේ සීරිස් එක කරලා දෙන්න කියලා ඇගේ ගහපු අපේ ශාන් විමුක්ති නොහොත් විමා අයියවත් මතක් කරනව අපිව පොඩ්ඩක් දිරිගැන්වුවට. ඈ මොකද්ද මේ මෙතන අපි කියලා කිව්වේ. 😛 ඔව් ඔව් මේක මම තනියෙන් කරන වැඩක් නෙමෙයි අපේ සහෝදරයෝ 5දෙනෙක් එකතු වෙලා තමා කතාංග 10 ඔබ වෙත අරන් එන්නේ. ඒකට අපේ උදයංග අයියා, මලිත් අයියා, ඒ වගේම මට වඩා බාල වුන් දෙන්නෙක්ට ඉන්න කවිනූ වීරක්කොඩි මලයයි, බේනුක නිම්හාන් මලයයි, මායි තමා මේ කොටස් ටික අරගෙන එන්නේ, ඒ වගේම ආඩම්බරයෙන් කියන්න ඕන මේ සීසන් එකත් දුන්නට පස්සේ අපේ සයිට් එකෙ අතර මැද නැවතිලා තිබ්බ සියලුම Netflix කතාමාලා සියල්ල අවසන්, 🙃 එහෙනම් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා කොමෙන්ට් එකකින් අප්ව දිරිගන්වන්න කියලත්. එහෙනම් දෙවැනි කොටසින් නැවත ඉක්මනින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ජය ශ්‍රී….👌

>අද කතාවේ නම : Espelho
අධ්‍යක්ෂණය : Philippe Barcinski
රචනය : Pedro Aguilera, Denis Nielsen
IMDb අගය මෙම කොටසට : 7.4
විකාශය කලේ : 27 April 2018
ධාවන කාලය : 49min
ඊලග කොටස : Torradeira

……Destiny Is All….
……දෛවය තමා සියල්ලම….

ප.ලි.
මේ සිරීස් එක කලින් කිව්වා වගේම පෘතුගීසී සිරීස් එකක් ඒ හින්දා කරුණාවෙන් කියන්නේ ඒ හින්දා විඩියෝ කොපිය ගන්නකොට සබ් දීලා තියෙන අදාල පෘතුගීසී භාෂාවෙන් තියෙන කොපිය ගන්න. ඉන්ටර්නෙට් එකේ ඉංග්‍රීසි හඩකවපු කොපි තමා හුගක්ම තිබ්බේ, ඉතින් ඒවට මේ සබ් එක ගැලපෙන්නේ නෑ වගේම අදහසුත් එකිනෙකෙට වෙනස්. ඒ හින්දා පෘතුගීසී ඔරිජිනල් සිරීස් එකම Baiscopedownloads වෙබ් අඩවියෙන් හෝ ප්‍රමිතියෙන් යුත් තැනකින් ගන්න කියලා ඉල්ලා සිටිනවා, එහෙම නැතුව ඊටපස්සේ මෙතන කෑ කෝ ගහන්න ගන්නේ නැතුව, සුළුතරයක් ඉන්නවනේ එහෙම.


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

WEB.X264-STRIFE

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,360 downloadsDownload 3.Percent.S02E01.1080p.WEB_.x264-STRIFE.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

3,360 downloadsDownload Subtitles24 KB

20 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata. Netflix nm supirima thama.

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Kulanjana Maduranga

    subata thanks saho

  4. විමා

    සබට තුති කොල්ලනේ
    වැඩේ ලෙසටම කළා
    නැවතිලා තිබ්බ පට්ට කතාවක් මේ විදියට ඉවර කලේ එකතු වෙලා
    සැලකිල්ලට සැලකිල්ල ලැබෙනවා බ්‍රෝ :D

    1. උදයංග සම්පත් හතරසිංහ

      අප්පලයං යන්න නරක ඇඩ්මින්වරයා.. උපසිරැසිකරුවන් මුරුංගා ගස් යැවීමේ පියා = විමා.. :D

    2. Kasun Malinga077

      S03 subtitles දෙන්නේ නැද්ද බං ?

    3. කවිශල් රසින්ත (කවී)

      උදයංග අයියේ අම්මෝ ඒක....

  5. Imalka Pathirana

    fatta machan.hithuwe na season 02 ei kiyala..niyamai.thanx bro

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  8. chiro

    thnx for sub

  9. බොබී

    ඔහෙ පලයන්. තව සීසන් එකක් ඇවිල්ලද? එහෙනම් අද ඉඳලා බලන්න කතාවක් තියෙනවා. පස් දෙනාටම බොහෝම ස්තූතියි හොඳේ.

  10. upps

    S01 aka download karaganna link akak kiyannako

  11. zeal

    Thanks

  12. Thilina K dilruksha

    good job... bs!

  13. Mr.pamz

    THANKS

  14. priyan99

    thanks bro sub ekata

  15. Dula95

    thanks bro

  16. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ season 03ටත් සබ් දෙන්න බ්‍රෝ :(
    ජය වේවා.!

  17. athukoralage dhammika priyadarshana

    How to download this tv series. help me