Watch Trailer

3% [S02 : E06] Sinhala Subtitles | බලාපොරොත්තු සියල්ල සුන් වූ කල. [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් සියලු දෙනාටම,ඔන්න එහෙනම් තවත් සීරීස් එකකට සබක් කරන්න සෙට් වුණා කවිෂල් අයියගේ මැදිහත්වීමෙන්. ඔක්කොටම කලින් උන්දැට ස්තූති කරලා ඉන්නම් මාවත් ඈදලා වැඩේට හවුල් කරගත්තට කතාව මොකද්ද ? 3% ටිකක් අමුතු තාලේ කතාවක් නේ. ප්‍ෘතුගීසි සීරීස් එකක් නේ. කම්මැලි වගේ නේ! අප්පිරියයි වගේද? එහෙනම් අහගන්න, කවිෂල්…

3% (TV 2016)

සුබ දවසක් සියලු දෙනාටම,ඔන්න එහෙනම් තවත් සීරීස් එකකට සබක් කරන්න සෙට් වුණා කවිෂල් අයියගේ මැදිහත්වීමෙන්. ඔක්කොටම කලින් උන්දැට ස්තූති කරලා ඉන්නම් මාවත් ඈදලා වැඩේට හවුල් කරගත්තට

කතාව මොකද්ද ? 3% ටිකක් අමුතු තාලේ කතාවක් නේ. ප්‍ෘතුගීසි සීරීස් එකක් නේ. කම්මැලි වගේ නේ! අප්පිරියයි වගේද? එහෙනම් අහගන්න, කවිෂල් අයියා කිව්වා වගේම මිස් කරගන්නේ හොදම සීරීස් එකක්. කතාව හදුන්වන එක කවිෂල් අයියා කරපු නිසා කතාව ගැන වැඩි විස්තරයක් නොකර අද කතාව ගැන විතරක් කතා කරමු..

දැන් දන්නවා ඇතිනේ සයිලස් ක්‍රියාවලිය නවතන අදහසින් බෝම්බයක් හදලයි තියෙන්නේ .එයා ඒක හංගපු තැන කවුරුත් දන්නේ නෑ. ඉතින් ජොආනා මිශෙල් එක්ක එකතු වෙලා මේ බෝම්බය හොයනවා. ඒත් ජොආනා නොදැන හිටියට මිශෙල්ට නම් තියෙන්නේ සැගවුණු අරමුණක්. ඒ අස්සෙන් තවත් වැඩක්. ග්ලෝරියා තමන්ගේ ක්‍රියාවලියට සූදානම් වෙනවා.ඒක එයා බොහොම බලාපොරොත්තු තියාගෙන හිටිය අවස්ථාවක් .එයාට ඕන එයාගේ අම්මා කියන කතා බොරු බව ඔප්පු කරන්න. අක් වෙරළට ගිහින් හොද පවුල් ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ග්ලෝරියාට ප්‍රනාන්දුගෙන් දැනගන්න ලැබෙනවා අක් වෙරළේ අය සිදු කරන වඳ කිරීමේ ක්‍රියාවලිය. තවදුරටත් ප්‍රනාන්දු පෙරහැර වෙලාවෙදි මුළු මහත් පිටිසරයේ වැසියන්ටම ඇහෙන්න මේක කියනවා. ඉතින් මේක නිසා ප්‍රනාන්දු ලොකු කරදරයක පැටලෙනවා. අද කතාවේ අන්තිමට කෝස් එකට තව සාමාජිකයෙක් එකතු වෙනවා. ඉතින් කවුද ඒ ? ප්‍රනාන්දුට මොකද වෙන්නේ ? ග්ලෝරීයාගේ ගමන ප්‍රනාන්දු නිසා නැවතේවිද? ක්‍රියාවලිය නවත්වන්න මීට කලින් කරපු ප්‍රයත්නය අසාර්ථක වුණා. මෙදා පාර මොනවා වෙයිද? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න අද කතාව බලන්න කියලා ආරාධනා කරනවා..

ඉතින් මේ කතාමාලාව අපේ සහෝදරයන් පස්දෙ නෙක් එකතු වෙලානේ ගේන්නේ. එයාලවත් මතක් කරන්නම්කෝ. කවිෂල් අයියා, මලිත් වීරමුණි අයියා, කවිනුවා, වගේ උදයංග අයියා ,නොකිව්වට මාත් ඉන්නවා. 😂 එහෙනම් හත් වන කතාංගය කවිනු වීරක්කොඩි සහෝදරයා අරගෙන එයි. එහෙනම් අට වන කතාංගයෙන් හමු වෙනකම් සමු ගන්නම්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

WEB.X264-STRIFE

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,440 downloadsDownload 3.Percent.S02E06.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

බේනුක නිම්හාන් සේනාධීර

Subtitles

2,440 downloadsDownload Subtitles20 KB

10 comments

  1. කවිශල් රසින්ත (කවී)

    වැඩේ කරමු කියලා නෑ, බෑ කියන්නේ නැතුව වැඩේට සෙට් වෙලා කොහොමහරි ගොඩ දාල දුන්නට ස්තූතියි මලේ. එහෙනම් සබට තුති... ජය වේවා...!!!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Kulanjana Maduranga

    subata thanks...

  4. tharusha99

    7 weni eke sub ko?

  5. Lalani Maduwanthi

    Sarkar 2018 movie eka dennako,,,,please

  6. Thonduwa

    7th ikmanata dennoooo

  7. බොබී

    සබ් එක හැදුවට පුංචි ඛේනුක මල්ලිටත් ස්තූතියි. ඊළඟ එක කවුද දෙන්නේ?

  8. Mr.pamz

    THANKS

  9. priyan99

    thanks bro sub ekata

  10. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ season 03ටත් සබ් දෙන්න බ්‍රෝ :(
    ජය වේවා.!