ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න මටත් දායක වෙන්න ලැබුණ නෙට්ෆ්ලික්ස් ආයතනයෙන් මුදා හැරපු තවත් සුපිරි වැඩක් එක්ක. ඒ තමයි 3%. මේකෙ පළවෙනි කතා සමය පවා සෑහෙන ඉහළ මට්ටමක තිබුණ වුණත් බලපු පිරිස නම් අතලොස්සක් වගේ තමයි පේන්න තිබුණෙ. කොහොම නමුත් ඉතිං ඔන්න දෙවනි කතා සමයටත් අපි උපසිරැසි ලබා දීල අවසාන කරන මට්ටමට ඇ…

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න මටත් දායක වෙන්න ලැබුණ නෙට්ෆ්ලික්ස් ආයතනයෙන් මුදා හැරපු තවත් සුපිරි වැඩක් එක්ක. ඒ තමයි 3%. මේකෙ පළවෙනි කතා සමය පවා සෑහෙන ඉහළ මට්ටමක තිබුණ වුණත් බලපු පිරිස නම් අතලොස්සක් වගේ තමයි පේන්න තිබුණෙ. කොහොම නමුත් ඉතිං ඔන්න දෙවනි කතා සමයටත් අපි උපසිරැසි ලබා දීල අවසාන කරන මට්ටමට ඇවිල්ල තියෙන්නෙ. ඉතිං මේ මට බාර වුණු අවසාන කතාංග දෙකෙන් එකක්. මට කලින් කොටස බලන්න වුණේ නැති නිසා ඇත්තටම ඒ කොටස ගැන විස්තරයක් කරන්න බැහැ. අනිත් කාරණාව තමයි මට මේ කතාංගයටත් ඉංග්‍රීසියෙන් හඬකවපු වීඩියෝ පිටපතක් හොයාගන්න බැරි වුණු නිසා පෘතුගීසි භාෂාවෙන් තිබුණු පිටපතක් එක්ක තමයි උපසිරැසිය කළේ. ඒ නිසා උපසිරැසියේ කොහේ හෝ නොගැලපීමක් ආවොත් සමාව ඉල්ලා සිටිනව. එහෙනම් අද කොටස ගැන බලමු…
කැරළිකරුවන් අක්වෙරළට විරුද්ධව නැගී හිටින්න යනව කියල තමයි අද කොටසින් පේන්න තියෙන්නෙ. මෙතනදි ආරම්භක යුගළයක් නෙවෙයි තුන්කට්ටුවක් ඉන්නව. ඉතිං මේ පිරිසට ලොකු බලපෑමක් එනව අක්වෙරළ ව්‍යාපෘතියට ආයෝජනය කරන අයගෙන්. ඔවුන්ට ඉතාම ඉක්මනින් සංක්‍රමණය ආරම්භ කරන්න ඕනෙ වෙලා තියෙන්නෙ. හැබැයි ආරම්භක තුන්කට්ටුව මේකට කැමති වෙන්නෙ නෑ. මොකද ව්‍යාපෘතිය සම්පූර්ණ නැති නිසා. ඒ වගේම ආයෝජකයන් කියනව අක්වෙරළ ව්‍යාපෘතියේ විද්‍යාඥයන් අක්වෙරළින් ඉවත් කරන්න කියල. මේකට තුන්කට්ටුව කැමති වෙන්නෙ නෑ. මෙතන ඉන්න ප්‍රධාන විද්‍යාඥවරිය “සමීරා” අක්වෙරළින් ඉවත් වෙන්න නම් කොන්දේසි කීපයක් ඉදිරිපත් කරනව. නමුත් අනිත් ආරම්භකයින් සමීරාගෙ යෝජනා වලට කැමති වෙන්නෙ නැහැ. ඊට පස්සෙ එතන ලොකු ඛේදවාචකයක් තමයි වෙන්නෙ. කොහොමහරි මේ ඔක්කොම අතරෙ කැරලිකරුවන් තමන්ගෙ සැළසුම ක්‍රියාත්මක කරනව. කැරළිකරුවන්ගේ මේ කතාබහ අහම්බෙන් වගේ “මිශෙලීට” අහන්න ලැබෙනව. මිශෙලී ඊට පස්සෙ මේ කැරැල්ල මැද හිටගන්නව. බලන්නකො මොකද්ද වෙන්නෙ කියල. එහෙනම් අවසාන කොටසින් අයෙත් හමුවෙමු. ජය වේවා..!
Due to copyright issues, we do not provide any torrent links.
WEB.X264-STRIFE
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,317 downloadsDownload 3.Percent.S02E09.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
8 comments
sachintha
Kulanjana Maduranga
subata thanks...
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි අයියේ කරන්න කවුරුත් නැති වෙලාවේ කරන්න භාර අරගෙන වැඩේ ලස්සනට කරල දුන්නට. සබට තුති. ජය වේවා...!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Mr.pamz
THANKS
priyan99
thanks bro sub ekakta
gihan
බොහෝම ස්තුති උපසිරසියට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![3% [S02 : E09] Sinhala Subtitles | මාලය. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/12/3-S02.2.jpg)




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය