Watch Trailer

The Protector [S01 : E02] Sinhala Subtitles | තරුණ ආරක්ෂකයාගේ ආගමනය…! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අරගෙන ආව ඉතා ඉක්මනින් The Protector කතා මලාවෙ දෙවැනි කොටස. වැඩි කතා නැතුව බහිමු කතාව පැත්තට… පෙර කොටසින්… කලින් කොටස බලලා කට්ටිය ෆුල් හොල්මන් වෙලා ඇත්තේ නේද? දැක්කනේ ආරක්ෂකයා කියන්නේ කවුද කියලා. හකන් කියන්නේ ගොඩක් රස්සා කරන්න ගිහින් වැඩ අණාගත්ත තරුණ කොල්ලෙක්. එයාගේ යාළුවත් එක්ක තවත් වැඩ…

ඔන්න එහෙනම් අරගෙන ආව ඉතා ඉක්මනින් The Protector කතා මලාවෙ දෙවැනි කොටස. වැඩි කතා නැතුව බහිමු කතාව පැත්තට…

පෙර කොටසින්…
කලින් කොටස බලලා කට්ටිය ෆුල් හොල්මන් වෙලා ඇත්තේ නේද? දැක්කනේ ආරක්ෂකයා කියන්නේ කවුද කියලා. හකන් කියන්නේ ගොඩක් රස්සා කරන්න ගිහින් වැඩ අණාගත්ත තරුණ කොල්ලෙක්. එයාගේ යාළුවත් එක්ක තවත් වැඩකට අත ගහන්න හදනකොට සල්ලි මදි වෙනවා. ඉතින් එහෙම ඉන්නකොට හකන්ගේ තාත්තගේ ඇන්ටික් බඩු කඩේට ගෑනු කෙනෙක් එනවා කමිසයක් හොයාගෙන ඒ කමිසේ හොයලා දන්න කියලා ඕන ගානක් දෙන්නම් කියලත් එයා කියනවා, හකන්ගේ තාත්තා නෙසෙට් මෙහෙම එකක් නෑ කියලා කිව්වත් හකන් මේක කලින් දැකලා තියෙන නිසා පොඩ්ඩක් අර ගෑනු කෙනාට ඒ කමිසය දෙන්න හදනවා. ඒත් නෙසෙට් ඒ වැඩේ නවත්තලා කොහොමහරි එතනින් ගැලවෙනවා. එහෙම යනකොට හකන් යනවා ඒ කාලේ ඉස්තාන්බූල්වල ධනවතා වෙන ෆෙයිසල් එර්ඩම්ගේ ගොඩනැගිල්ලේ ජොබ් එකක් ගන්න, ඒත් වැඩේ හරියන්නේ නෑ. හකන්ට ඕන වෙලා තියෙන්නේ කවදහරි ෆෙයිසල් එර්ඩම් වගේ වෙන්න, ඒත් ඒකට් එයාට සල්ලි නෑ. කොහොමහරි හකන් එයාගේ යාළුවා මෙමෝ එක්ක අර කමිසය නෙසෙට්ගෙන් අරගෙන කලින් ඒ කමිසය හෙව්ව ගැනු කෙනාට විකුණන්න හදනකොටම නෙසෙට් එතනට එනවා. ඇවිත් ඒ වැඩේ නවත්තනවා. ඒත් එක්කම එතනට ආයුධ සන්නද්ධ සෙට් එකක් ඇවිත් හතරවටේටම වෙඩි තියනවා, ඒ වෙඩිල්ලක් නෙසෙට්ට වැදෙනවා. මෙමෝව ඒ ආපු උන් පැහරගෙන අරගෙන යනවා. ඊට පස්සේ නෙසෙට්ව හකන් රෝහලකට අරගෙන යන්න හැහදුවත් නෙසෙට් කියනවා එයාව පාර්මසියකට අරගෙන යන්න කියලා, එතනට කොහොමින් හරි හකන් එයාව අරගෙන යනවා, එතනදි තමයි නෙසෙට් මැරෙන්නේ. එයාගේ අවසාන වචන ටික වුනේ….

“කවදාවත් ඔයාගේ බලය ගැන සැකයක් තියාගන්න එපා….
ඔයාගේ බලය තමයි ඔයාගේ දෛවය….”

එහෙම තමයි එයා කිව්වේ. ඉතින් හකන්ව නෙසෙට් අරගෙන ගිහින් තියෙන්නේ පක්ෂපාතීන් කියන ආරක්ෂකයාගේ සේවයට ඉන්න කට්ටියක් ගාවට. එතන හිටපු ඒ සීනෙප් සහ එයාගේ තාත්තා ඊට පස්සේ හකන්ට තත්වය පහදල දුන්නා දකින්න ඇතිනේ. කමිසය අන්දලා ඊට පස්සේ මොකද්ද වුනේ කියලත් දකින්න ඇති නේ. ඒක තමා ඒ කොටසේ හොදම කොටස. ඇගේ මයිල් කෙලින් නොවුනා නම් වැඩක් නෑ.

අද කොටසින්….
අද කොටස මුලින්ම ආරක්ෂකයාගේ ආයුධ සහ එයාගේ අනන්‍යතාව ගැන කියනවා. ඊට පස්සේ හකන් මෙමෝව හොයන්න සීනෙප් සහ එයාගේ තාත්තට හොරෙන්ම යනවා. මෙමෝව අරගෙන ගියපු කට්ටිය එයාට මොකද්ද කරන්නේ කියලා ඔයාලට මේ කොටසින් බලාගන්න පුළුවම්. ඊට පස්සේ මේ ආරක්ෂකයා පස්සේ පන්නන්නේ කවුද එයා කවුද කියලත් ඔයාලට බලාගන්න පුළුවන්. මසාර් තමයි ඔක්කම මෙහෙයවන්නේ. එතකොට මෙමෝව බේරගන්න ගිහින් සීනෙප් සහ හකන්ට වෙන අකරතැබ්බයකුත් ඔයාලට බලාගන්න පුළුවන්. එහෙනම් වැඩෛ කතා ඕන නෑ. කට්ටිය අරගෙන ම බලන්නකෝ.

එහෙනම් මම ගිහින් එන්නම්.. ඊළග කොටස් ටික අපෙ අනිත් සෙට් එක අරගෙන එයි. මම අපහු 9වැනි කොටසින් එන්නම්. ජය වේවා!

අද කතාවේ නම – Episode #1.2
අධ්‍යක්ෂණය – Can Evrenol
කතාව රචනය – N. Ipek Gökdel, Binnur Karaevli
රංගන ශිල්පීන් – Çagatay Ulusoy, Ayça Aysin Turan, Hazar Ergüçlü
මේ කොටසට IMDb අගය – 8.0
විකාශනය – 2018 දෙසැම්බර් 14
ඊලග කොටස – Episode #1.3

” Never Doubt Your POWER.
POWER is Your Destiny……. “

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,901 downloadsDownload The.Protector.2018.S01E02.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

5,901 downloadsDownload Subtitles19 KB

30 comments

  1. neo513

    thnq brother

  2. dsdkavishka

    Thenks bro, meka denakan balan idiye fatta

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi bro subekata....

  5. thilina radika

    Thanks sub slats

  6. thilina radika

    Thanks sub akata

  7. Bomilapiyumal

    මේක සුපිරි

  8. wasanthamax

    සබ් එකට බොහොම ස්තුතියි
    දිගටම සබ් කරන්න.

  9. Ayesh Prashan

    Thank You

  10. Kulanjana Maduranga

    subata thanks saho....

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  13. dulakshitha

    patta series ekk thanx for sub

  14. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    පට්ට කතා මාලාවක්...
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....

  15. dilanwimalasiri9

    thanks bro

  16. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro ...

  17. luon95

    Thank you!!

  18. doyya

    thank you

  19. danumadu

    ela thankz bro

  20. Viraj_chathuranga

    Supiri wage me series eka digatama sub denna...
    ජයවේවා ...!

  21. suranuwan

    thanks bro....

  22. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  23. Nilush Angana

    Sub ekata thanx

  24. Uvindu Dilshan

    Sub ekata thankx bro

  25. priyan99

    thanks bro sub ekata

  26. vishwanathmadhushanka

    Thanks bro

  27. Eranda Malith 2.0

    සබ් එකට ස්තූතියි

  28. Buddi

    Thanks.........

  29. Kanchaka

    Thanks bro

  30. melinda

    thank you..