Watch Trailer

3% [S03 : E01] Sinhala Subtitles | නව ආරම්භයක්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මඟ නැවතිලා තිබ්බ තවත් කතා මාලාවක තුන්වෙනි සීසන් එකේ ආරම්භක කතාංගය. නෙට්ෆ්ලික්ස් කියන්නේ කවදත් අත්හදා බැලීම් කරන සමාගමකනේ. ඉතින් එහෙම කරපු පරීක්ෂණයක් තමා මේ කතා මාලාවත්. බ්‍රසීලයේ නිර්මාණය කරපු නෙට්ෆ්ලිස්ක් පලවෙනි කතාව තමා මේක. මේ වෙනකොට කතා සමයන් දෙකක් අපි උපසිරසි දීලා ති…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මඟ නැවතිලා තිබ්බ තවත් කතා මාලාවක තුන්වෙනි සීසන් එකේ ආරම්භක කතාංගය. නෙට්ෆ්ලික්ස් කියන්නේ කවදත් අත්හදා බැලීම් කරන සමාගමකනේ. ඉතින් එහෙම කරපු පරීක්ෂණයක් තමා මේ කතා මාලාවත්. බ්‍රසීලයේ නිර්මාණය කරපු නෙට්ෆ්ලිස්ක් පලවෙනි කතාව තමා මේක. මේ වෙනකොට කතා සමයන් දෙකක් අපි උපසිරසි දීලා තියෙනවා. මේ තමා තුන්වෙනි කතා සමය. සෑහෙන කාලයක් වෙනව මේක ඇවිල්ලා නම්, තුන්වෙනි කතා සමය ආවේ 2019 ජූනි මාසේ. ඒත් ඉතින් කරන්න උනේ නෑ. මේ සිරීස් එකට ලොකු හයිප් එකක් තිබ්බෙ නැති නිසා කලින් කතා සමයට ඩවුන්ලෝඩ් පන්සීයක්වත් තිබ්බේ නෑ, ඒත් ඉතින් චාමර අයියා කට්ටියව ආයේ එකතු කරලා මේක ඉවරයක් කරලා දාමු කිව්ව නිසා ඔන්න වැඩේ ගෙනාවා. එහෙනම් බලමු කතාව ගැන.

කලින් සීසන් එක ගැන මට කියන්න විදිහක් නෑ, මොකද මම බැලුවේ නැති නිසා. මම මේ කොටස ගැන කෙටියෙන් කියන්නම්. දැණ් දන්නවනේ ඉස්සෙල්ලා තිබ්බේ පැති දෙකයි කියල, අක් වෙරල සහ පිටිසර පැත්ත. නමුත් පස්සේ මිශෙල් හදනවා ෂෙල් කියලා අලුත්ම පැත්තක්. ඒ ෂෙල් එක වටා තමා අද කොටස ගෙවෙන්නේ. අද ෂෙල් එකට ලොකු වැලි කුණාටුවකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම ෂෙල් එකට ජොඅනා එනවා, එන්නේ මොකටද කියලා බලාගන්නකො. ෂෙල් එක වැලි කුණාටුවෙන් බේරේවිද? අක්වෙරළේ අය මොනව කරයිද මේ අතරේ? ඒ ඔක්කම බලන්න ඔන්න එහෙනම් අරගන්න.

එහෙනම් මම ගිහින් එන්නම්, ඊලග කොටස් ටිකත් ඉක්මනින් ඔයාලට දිගටම ලැබේවි. තවත් උපසිරසියකින් හැකි කාලෙක හම්බුවෙන්නම්. එතෙක් ජය වේවා..!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,303 downloadsDownload 3-S03-E01.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

2,303 downloadsDownload Subtitles25 KB

9 comments

  1. UI

    Dhigatama sub dhanna ayye wellawa thiyena vidhiyata .
    Kawadhahari kauruharibalaine!

  2. Hashan M. Priyadarshana

    හිතුවෙ මේකෙ 3වෙනි සීසන් එකට සබ් දෙන එකක් නෑ කියල :) ලොකු දෙයක් සබ් දෙන්න තීරණය කරපු එක downloads ප්‍රමාණෙ අඩු උනාට මට නම් අල්ලල ගිපු කතාවක්.. බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ..
    ජය වේවා.!

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    හැකි නම් The Blacklist සීසන් 7 උපසිරැසි ලබා දෙමු
    ජය

  4. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…..
    මග නැවතිච්ච කතා ටික ඉවර කරන එකනම් සුපිරි වැඩක්...

  5. Kasun Malinga077

    ඒක පට්ට. මට දුක ඇයි කට්ටිය මේ වගේ ඒවා බලන්නේ නැත්තේ කියලා.

    ගුරුත්වාකර්ෂණයට විරුද්ධව යන film නං කටයි පුපයි ඇරන් බලන් ඉදී.

  6. harshahjk

    බොහෝම ස්තූතියි කවිශල්. අපූරු කතාමාලාවක් මුල් සීසන් 2නම් හිතට අල්ලලා ගියා බලමු මේකත් එහෙමද කියල. ස්තුතියි ජයවේවා

  7. චින්තක

    මේකට සබ් කරන්න හිතපු එකටම ගොඩක් ස්තූතියි මචෝ. ආසාවෙන් සීසන් දෙකක් බැලුව. සබ් නැතුව හිටියෙ. රැල්ලට ගිහින් ගොඩක් අයට මගහැරැන එකක් තමයි මේක. තෑන්ක්ස් බං. දිගටම කරගෙන යමු. බුදුසරණයි!!!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Kasun Malinga077

    Tx bro මේක එනකන් හිටියේ ❤️