Watch Trailer

Monsters: The Lyle and Erik Menendez Story (2024) [S02 : E06] Sinhala Subtitles | “සිහින නොදකින්න, එය අවසන්” [සිංහල උපසිරැසි සමඟ]

Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles හිතවතුනි, මේ පළවෙන්නේ Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාවේ හයවැනි කොටස. පසුගිය කොටසින් ඔබ දැක්කා හෝසේ මෙනෙන්ඩස් පවුලේ සිදුවුණු විවිධාකර අපචාර ක්‍රියාවන් සහ සහෝදරයන් දෙදෙනා ඒවායේ ගොදුරක් වුණු අන්දම එරික්ගේ දෘෂ්ටි කෝ…

Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles

හිතවතුනි, මේ පළවෙන්නේ Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාවේ හයවැනි කොටස. පසුගිය කොටසින් ඔබ දැක්කා හෝසේ මෙනෙන්ඩස් පවුලේ සිදුවුණු විවිධාකර අපචාර ක්‍රියාවන් සහ සහෝදරයන් දෙදෙනා ඒවායේ ගොදුරක් වුණු අන්දම එරික්ගේ දෘෂ්ටි කෝණයෙන්. මේ සංවාදයට සවන් දීමෙන් පස්සේ ලෙස්ලිට එරික් තුල සිටින සංවේදී මිනිසාව හඳුනා ගන්නට ලැබෙනවා. මේ කරුණු නඩුවේදී ඔවුන්ට වාසිදායක අන්දමින් ඉදිරිපත් කරගන්න හැකිවෙයිද?. මේ කතාව ඉදිරියට ගලාගෙන යන විධිය අද කොටසින් දකින්න පුළුවන්.

අද පළ වන කතාංගය ගැන:

හයවැනි කොටස – “Don’t Dream It’s Over”- “සිහින නොදකින්න, එය අවසන්”

අධ්‍යක්ෂණය – Max Winkler

තිර රචනය – Ian Brennan & David McMillan

මුල්වරට නිකුත් කෙරුණු දිනය – 19 සැප්තැම්බර් 2024

IMDb Ratings – 7.7/10

කිටී මෙනෙන්ඩස් 1962 “Miss Oak Lawn” තරඟයේදී (වමේ) එම චරිතය රඟන Belle Shouse (මැද වමේ), කිටී සහ හෝසේ මෙනෙන්ඩස් විවාහයේදී (මැද දකුණේ) එය Orlando Pineda හෝසේ ලෙස ටෙලිනාට්‍යයේ නිරූපණය කෙරුණු අන්දම (දකුණේ)

අද කොටසේ මොකද වෙන්නේ? මේ ඝාතන වල පසුබිම් කතාව හෝසේ සහ කිටී මෙනෙන්ඩස්ගේ දෘෂ්ටිකෝණයෙන් බලන විධියයි මේකේ තියෙන්නේ. මේක ආරම්භ වෙන්නේ හෝසේ කඩවසම් නවයොවුන් තරුණයෙක්ව සිටි අවදියේ සුරූපී යුවතියක් වුණු කිටී මෙනෙන්ඩස්ව හමුවන සුන්දර අතීත කතාවකින්. විදේශීය සම්භවයක් තිබුණු හෝසේට කිටීගේ මව කැමති වෙන්නේ නැහැ. එපමණක් නෙවෙයි අවුරුදු 19 වැනි ඉතා ලාබාල වයසේදී තවත් ලාබාල තරුණියක් සමඟ විවාහ වීමට හෝසේගේ මවත් විරෝධය පළ කරනවා. කෙසේ වෙතත් දෙමව්පියන්ගේ විරෝධය මැද ඔවුන් විවාහ වෙනවා. අනතුරුව ඡේදනය වෙන්නේ වසර විසි ගණනකට පසුව කිටී මෙනෙන්ඩස් යම් පුද්ගලයෙක් සමඟ කරන සංවාදයක් සමඟයි. එයට වස්තුවිෂය වන්නේ දරුවන් විසින් ඇයට එල්ල කර තිබෙන පීඩාව ගැනයි. ඒ සමඟින් සවිස්තරව ඔවුන්ගේ පවුලේ වුණු තවත් සිදුවීම් මේ කතාවේ විස්තර වෙනවා. ඇත්තෙන්ම ඔවුන් දරුවන් අපයෝජනය කළාද? නැතිනම් මුරණ්ඩු වුණු දරුවන් නිසා මෙනෙන්ඩස් යුවළ පීඩා වින්දාද? සිය අවාසනාවන්ත ඉරණම වෙනුවෙන් ඔවුන්ගේ ක්‍රියාවන් ඇත්තෙන්ම දායක වුණාද? මෙනෙන්ඩස් පවුලේ කතාන්දරය හෝසේ සහ කිටී මෙනෙන්ඩස් යුවළගේ ඇසින් මේ කොටසින් බලමු.

එසේ නම් යළිත් සිංහල උපසිරැසියකින් හමුවන තුරු ඔබට ආයුබෝවන්! 

මෙහි සිංහල උපසිරැසි සපයා ඇත්තේ, Monster.2022.S02E06.720p.NF.WEBRip.x264-Ga laxyTV [233 MB] පිටපතට වන අතර මෙම නමින් ගූගල් සෙවුමක් කර පිටපතේ ටොරන්ට් එකක් ඔබට සොයාගත හැකිවනු ඇති.

මෙහි සංවේදී දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.

තෙරුවන් සරණයි!

Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

498 downloadsDownload Monsters-The-Lyle-and-Erik-Menendez-Story-2024-S02-E06-Sinhala-Subtitles.zip39 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles  

Next BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

498 downloadsDownload Subtitles39 KB

0 comments

No comments yet.